දෙහිඕවිට ළමුන් පැහැර ගැනීමේ සිදුවීමක් වාර්තා වුණාද? අවයව ජාවාරම් කරුවන් බවට සැකයක්?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර ළමුන් පැහැර ගැනීම් සිදු වීම් වන බවට තොරතුරු වාර්තා වනවා. නමුත් බොහෝ අවස්ථාවල මෙම තොරතුරු අසත්‍ය වන අතර සමාජයේ අනවශ්‍ය බියක් ඇති කිරීම මෙමගින් සිදු වනවා. එලෙසින් පළ වූ හඬ පටයක නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

දෙහිඕවිට 7 වසරේ පිරිවෙන් අධ්‍යාපනය ලබන ළමයි දෙදෙනෙකු විසින් නාදුනන පුද්ගලයින් විසින් පැහැරගෙන යෑමට උත්සහ කිරීමේදී  පොලීසියේ සහය ඇතිව අපරාධකරුවන් ඔවුන් කොටු කර දරුවන් බේරා ගෙන ඇති බව ත්, එම දරුවන්ව අවයව ජාවාරම්කරුවන් විසින් ගෙන යන බවට අපරාධකරුවන් එම දරුවන් ට පැවසූ බව ත් දක්වමින් WhatsApp ඔස්සේ හඬ පටයක් බහුලව සංසරණය වී තිබුණා. එම හඬ පටයේ වැඩි දුරටත් දැක්වුණේ, මේ පිළිබඳව සමාජය දැනුවත් කරමින් මෙම පණිවිඩය හුවමාරු කර ගන්නා ලෙසත්, මේ දිනවල අවයව විකුණන ජාවාරම්කරුවන් ඇති බවට ආරංචි වී ඇති හෙයින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි.

එම පණිඩියම ළමයෙකු විසින් ද, ප්‍රකාශ කරමින් සංසරණ වූයේ මෙලෙසින්. 

තව ත් හඞ පටයකින් ද, කියවුනේ ගම්පොළ ප්‍රදේශයේ අටබාගයේ තම දරුවන් ව පැහැර ගැනීමට ලක් කිරීමට තැත් කළ බව කියන මවකගේ ප්‍රකාශයකි.

මෙම හඞපට වල දැක්වෙන අයුරින් සත්‍ය වශයෙන් ම ළමුන් පැහැර ගැනීම් වලට ලක් කිරීමේ සිද්ධීන් වී තිබෙනවා ද, අවයව ජාවාරම් කරුවන් සම්බන්ධයෙන් වාර්තා වී ඇත්දැයි යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

මේ දිනවල ළමුන් පැහැර ගැනීම් සිදුවන බවට හෝ අවයව ජාවාරම් කල්ලි ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබෙනවා ද යන්න අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කරනු ලැබුවා. එලෙසින් කිසිදු පුවතක් මේ දිනවල වාර්තා වී නොතිබුණි.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය

අප මේ පිළිබඳ ව තහවුරු කර ගැනීම සඳහා පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් විමසීමක් කළා ඔවුන් තහවුරු කළේ, මේ දිනවල ළමුන් පැහැර ගැනීම් සම්බන්ධයෙන් සිදුවීම් හෝ අවයව ජාවාරම් සම්බන්ධයෙන් හෝ සිදුවීමක් වාර්තා වී නොමැති බවයි. 

ඉහත පණිවිඩයේ පෙන්වා දී තිබුණේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රදේශයේ බැවින් අප මෙවැනි සිදුවීමක් එම ප්‍රදේශයේ සිදුවී ඇත්ද යන්න විමසා බැලීමට දෙහිඕවිට පොලිස් ස්ථානයෙන් විමසීමක් කළා.

දෙහිඕවිට පොලිස් ස්ථානය

දෙහිඕවිට පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පැවසුවේ, මෙය අසත්‍ය තොරතුරක් බවයි. එම පොලිස් ස්ථානයේ ඉහළ නිලධාරියෙකු පැවසුවේ, මෙම සිදුවීම මීට වසර ගණනාවක පිරිවෙනක ළමුන් පැහැර ගැනීමක් පිළිබඳ වාර්තා වී ඇති අතර ඒ පිළිබඳ සිදු කළ විමර්ශනයේදී අනාවරණය වූයේ එම දරුවන්  දෙමාපියන්ට බොරුවක් පවසා ඇති බවයි. කෙසේ වෙතත් මෙම WhatsApp පණිවිඩයේ දැක්වෙන ලෙස දෙහිඕවිට ප්‍රදේශයේ ළමුන් පැහැර ගැනීමට යාමේදී පිරිවනේ හාමුදුරුවෝ සහ පොලීසිය මැදිහත් වී දරුවන් බේරා ගත් බව හෝ අපරාධකරුවන් අසු කර ගත් බව යන කාරණා අසත්‍ය බව ත්, තහවුරු කරනු ලැබුවා. කෙසේ වෙතත් මෑතකදී හෝ එම ප්‍රදේශයේ දරුවන් පැහැර ගත් බවට හෝ පැමිණිල්ලක් නොලැබුණු බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

එමෙන් ම එම ප්‍රදේශයේ ප්‍රාදේශීය වාර්තාකරුවන් ද, තහවුරු කරනු ලැබුවේ, මෙහි දැක්වෙන්නේ පැරණි සිදුවීමක් බව ත්, එය ද, සත්‍ය සිදුවීමක් නොවන බව ත් ය. එමෙන් ම මෑතකදී එවැනි පැහැර ගැනීමක් හෝ ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් සිදුවීමක් ද, වාර්තා නොවූ බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

ගම්පොළ, අටබාගේ ප්‍රදේශය

ගම්පොළ, අටබාග ප්‍රදේශයේ මෙවැනි පැහැර ගැනීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වනවා ද, යන්න පිළිබඳ විමර්ශනය සිදු කරන බව ට ගම්පොළ පොලීසිය විසින් සිදු කරනු ලබයි.

මේ පිළිබඳ අප එම ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් පැවසුවේ, එම ප්‍රදේශයේ ළමුන් පැහැර ගැනීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් වාර්තා වූ බවට දැන ගැනීමට නොහැකි වූ බව ත්, මෙම පණිවිඩය බොහෝ කලක සිට හුවමාරු වන බව ත් ය.

කෙසේ වෙතත් ගම්පොළ, අටබාගේ ප්‍රදේශයේ ළමුන් පැහැර ගැනීමට තැත් කිරීමේ සිදුවීමක් වී තිබෙනවාද නැද්ද යන්න පිළිබඳ නිසි තොරතුරු තහවුරු කර ගැනීමෙන් අනතුරුව මෙම ලිපිය යාවත් කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

Read more :

මෙරට පැහැර ගත් ළමුන්ව ගනුදෙනු සිදුකරන අයුරු බවට දැක්වෙන වීඩියෝවේ ඇත්ත, නැත්ත!!

ගාල්ල අක්මීමන පාසල් ළමුන් පැහැර ගැනීමක් සිදුව ඇති බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි!

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:දෙහිඕවිට ළමුන් පැහැර ගැනීමේ සිදුවීමක් වාර්තා වුණාද? අවයව ජාවාරම් කරුවන් බවට සැකයක්?

Written By: Pavithra Sandamali  

Result: Misleading


Leave a Reply