දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ජනාධිපති අනුර කුමාර මහතා ලෝක බැංකුව සමඟ හවුල්කාරිත්වයෙන් ශ්‍රී ලාංකිකයින්ට රුපියල් 10000 ක මුදල් ත්‍යාගයක් අනුමත කර ඇති බවට දක්වමින් ඒ සඳහා අයදුම් කිරීමට සබැඳියක් ද, දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා. මෙලෙසින් සත්‍ය වශයෙන් ම සියලු පුරවැසියන් ට මුදල් ත්‍යාග ලබා දෙනවාද? අප මේ ගැන සොයා බැලීමක් සිදු කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“ජනාධිපති අනුර කුමාර මහතා ලෝක බැංකුව සමඟ හවුල්කාරිත්වයෙන් රු.10000 ක මුදල් ත්‍යාගයක් අනුමත කරයි” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.
මේ සටහන් වල නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මෙම ෆේස්බුක් සටහනේ දක්වා ඇති සටහන් වල දක්වා ඇති සබැඳිය ඔස්සේ පරීක්ෂා කිරීමේදී මෙහි දෙරණ පුවත් හි පළ වී ඇති පුවතක් ලෙස ද, දක්වා තිබුණා.
“ජනාධිපති අනුර කුමාර මහතා ලෝක බැංකුව සමඟ හවුල්කාරිත්වයෙන් රු.10000 ක මුදල් ත්‍යාගයක් අනුමත කරයි. දුප්පත් ශ්‍රී ලාංකික පුරවැසියන්ට ප්‍රදානයක්. මේ අවුරුද්දේ සියලුම ශ්‍රී ලාංකිකයින්ට රුපියල් 10000 ක මුදල් ප්‍රදානයක් අතපසු කරන්න එපා..
හිමිකම් පෑමට පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.රු. 10000 ක මුදල් ත්‍යාගයක්” යනුවෙන් මෙහි වැඩිදුරටත් සඳහන් වේ.
කෙසේ වෙතත් මෙවැනි පුවතක් දෙරණ පුවත් වල හෝ කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක වාර්තා නොවූ බැවින් අප මෙවැනි ව්‍යාපෘතියක් සිදු කරනවාද යන්න ජනාධිපති මාධ්‍ය අංශය හරහා විමසනු ලැබුවා.
ඔවුන් තහවුරු කරේ මෙය ව්‍යාජ පුවතක් බව ත්, ජනාධිපති විසින් හෝ ලෝක බැංකුව සමගින් හෝ මෙවැනි වැඩපිළිවෙළක් සිදු නොවන බවයි.
මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය විසින් ද, නිවේදනයක් පළ කර තිබුණේ මෙලෙසින්.
ඒ අනුව මෙම සබැඳි සත්‍ය අවස්ථා නොව තතුබෑම් වංචාවක්(phishing scam) බවට තහවුරු වේ.
Phishing Attack යනු කුමක්ද?
තතුබෑම් ප්‍රහාර යනු අනිෂ්ට මෘදුකාංග බාගත කිරීම, සංවේදී තොරතුරු හෝ පුද්ගලික දත්ත (උදා., සමාජ ආරක්ෂණ සහ ක්‍රෙඩිට් කාඩ් අංක, බැංකු ගිණුම් අංක, පිවිසුම් අක්තපත්‍ර) හෝ වෙනත් ක්‍රියාමාර්ග ගැනීම සඳහා පරිශීලකයන් රැවටීමට සැලසුම් කර ඇති වංචනික ඊමේල්, කෙටි පණිවිඩ, දුරකථන ඇමතුම් හෝ වෙබ් අඩවි වේ.
මෙම පණිවිඩ සමග ලබා දෙන බවට කියන ත්‍යාග/ප්‍රදාන පිළිබඳ හෝ විස්තර පිළිබඳ තොරතුරු ඇතුළත් බවට පවසමින් දක්වන සබැඳි(Web links)ඔස්සේ ඒවා ක්ලික් කිරීමෙන් ඇතැම් විට ඔබ නොදැනුවත්වම ඇතැම් සේවාවන් සක්‍රීය වී ඔබගේ ජංගම දුරකතනයේ ඇති ක්‍රෙඩිට් කපා ගැනීම පවා සිදු විය හැක, (උදා: ජංගම දුරකථන Games වැනි විවිධ Apps).
එමෙන්ම මේ හරහා ඔබගේ වටිනා දත්ත ඉල්ලා සිටින අතර, එම සබැඳිවලිට පිවිස අයදුම්පත් පිරිවීම මඟින්, ඔබගේ විද්‍යුත් තැපැල් ලිපින (Email Addresses) , දුරකතන අංක, ඔබගේ රුචි අරුචිකම් ඇතුළු විවිධ තොරතුරු ලබාගෙන ඒවා Digital Marketing වැනි දත්ත ප්‍රවර්ධන සිදුකරන ආයතන ආදියට විකිණීම සිදුවිය හැකි අතර ඊටත් වඩා භයානක දේ පවා සිදුවිය හැකියි.
එසේම ඇතැම් වෙබ් අඩවිවලට ඇතුළුවන පරිශීලකයන් වැඩි කර ගැනීම මගින් මුදල් උපයාගැනීම(Click Baits) ආදී කටයුතුත් මේ මේ හරහා සිදුවෙනවා.
මෙහි ඇති වඩාත්ම බරපතල තත්ත්වයක් වන්නේ නම් මෙම ලින්ක්ස් හරහා විවිධ වෙබ් අඩවිවලට ඇතුල්වීමේදී පරිගණක වෛරස වලට නිරාවරණය වීම ඔස්සේ, ඔබගේ උපාංග සතු දත්ත දත්ත සොරා ගැනීම ආදියද සිදුවීමට ඇති හැකියාවයි.
මේ නිසා කලයුතු වඩාත්ම සුදුසුම දෙය නම් නොදන්නා, තහවුරු නොකළ ලින්ක්ස් හරහා තෑගි/ප්‍රදාන ලබාදෙන බවට පවසන විවිධ වෙබ් අඩවිවලට පිවිසීමෙන් වැළකි සිටීමයි.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජනාධිපති අනුර කුමාර මහතා ලෝක බැංකුව සමඟ හවුල්කාරිත්වයෙන් ශ්‍රී ලාංකිකයින්ට රුපියල් 10000 ක මුදල් ත්‍යාගයක් අනුමත කරයි යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන තරඟය ව්‍යාජ බවයි. එම තරඟයට ජනාධිපති හෝ ලෝක බැංකුවේ කිසිදු සබඳකමක් නොමැති අතර එය තතුබෑම් වංචාවක් වේ.

Title:ජනාධිපති ලෝක බැංකුව සමඟ හවුල්කාරිත්වයෙන් ශ්‍රී ලාංකිකයින්ට රු.10000 ක මුදල් ත්‍යාගයක් අනුමත කරලද?
Fact Check By: Pavithra SandamaliResult: False
