දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සිරිලිය ගිණුම සම්බන්ධයෙන් බොහෝ කලක සිට සමාජයේ දැඩි ලෙස කතාබහට ලක් වූ මාතෘකාවක් වුණා. කෙසේ වෙතත් මෙම ගිණුම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට පත් වන බවට නියමිත බවට සමාජයේ කතා බහක් මතුව ඇති අතර මෙම අත්අඩංගුවට ගැනීම වළක්වාලීමට සහය පතා මහින්ද රාජපක්ෂ මහතා විසින් මල්වතු මහානායක හිමියන්ගේ ඉල්ලීමක් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් අසත්‍ය බව අපට තහවුරු වුණා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මල්වතු මහ නායක හිමියන්ගෙන් ඉල්ලීමක් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වුණා.
|
මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මල්වතු මහාවිහාරය
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට නොගන්නා ලෙස වත්මන් ජනාධිපතිට බලපෑම් කරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා මල්වතු මහානායක හිමිගෙන් ඉල්ලීමක් නොකළ බවට සඳහන් කරමින් මල්වතු පාර්ශවය විසින් නිවේදනයක් නිකුත් කර තිබුණා.
එහි වැඩිදුරටත් සඳහන් වූයේ, සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය වන මෙම පුවත් සාවද්‍ය හා පදනම් විරහිත පුවත් බව ත්, මහින්ද රාජපක්ෂ මහතා හා එවැනි හමුවක් හෝ දුරකථන සංවාදයක් සිදුව නොමැති බව ත්, මෙවැනි සාවද්‍ය පුවත් නිර්මාණය කරමින් හා ප්‍රචාරය කරමින් අනවශ්‍ය ජන කැළඹීක් ඇති කිරීමට උත්සහ දරන පුද්ගලයන් හා සංවිධාන සම්බන්ධයෙන් ඉදිරියේ දී නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ය.
අප මේ පිළිබඳව වැඩිදුරටත් මල්වතු විහාරයේ, උපලේඛනාධිකාරි මහවෙල රතනපාල හිමියන්ගෙන් ද, විමසීමක් කළ අතර උන්වහන්සේ තහවුරු කළේද, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් අසත්‍ය බවයි.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ
මේ සම්බන්ධයෙන් සිය X ගිණුමේ පණිවිඩයක් පළ කරමින් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ, ඉහ සමාජ මාධ්‍ය සටහන අසත්‍ය වන අතර මෙය හිටපු ජනාධිපතිවරයාට එල්ල කරන ලද ප්‍රහාරයක් පමණක් නොව, අපගේ වඩාත්ම ගෞරවනීය ආගමික නායකයින් දේශපාලන මඩ ගැසීම්වලට ඇද දැමීමට දරන නින්දිත උත්සාහයක් බව ත්, එම ක්‍රියා දැඩි ලෙස හෙළා දකින බවයි.
එමෙන් ම සිය පවුලේ සාමාජිකයන් ව්‍යාජ ලෙස පටලවා ගැනීම සඳහා රජය පොලිසිය සහ අධිකරණය පවා දේශපාලනීකරණය කිරීමට උත්සාහ කරන ආකාරය පැහැදිලිව දක්නට ලැබෙන බව ත්, සිය පවුලේ සාමාජිකයින් දේශපාලනික වශයෙන් පවත්වන පරීක්ෂණවලට නොබියව මුහුණ දී ඇති අතර, විශේෂ සැලකිල්ලක් හෝ අනුග්‍රහයක් අපේක්ෂා නොකර රටේ අධිකරණ පද්ධතිය කෙරෙහි ඔවුන්ගේ පූර්ණ විශ්වාසය තබා ඇති බව ත් ඉන් වැඩි දුරටත් දන්වා තිබේ.
The government, which has failed to deliver on the promises it made in its first year, is now desperately attempting to cover up its failures. In an effort to cover up, it has resorted to spreading false claims that former President Mahinda Rajapaksa is seeking the help of the… pic.twitter.com/azCqtl6hw9
— Namal Rajapaksa (@RajapaksaNamal) June 29, 2025
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතාගෙන් ද, අප මේ පිළිබඳව විමසීමක් කළ අතර ඔහු පවසා සිටියේද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉහත සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දෙන පරිදි මල්වතු මහාවිහාරයේ මාහිමිපාණන් වහන්සේගෙන් ඉල්ලීමක් සිදු නොකර ඇති බවයි.
සිරිලිය සවිය
මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසූවේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් සිරිලිය සවිය නමින් පවත්වාගෙන ගිය ව්‍යාජ ගිණුම සම්බන්ධයෙන් යළි විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි. එම වීඩියෝව මෙතනින්.
2015 වසරේ සිට සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් කතා බහට ලක් වූ අතර ඒ එම ගිනුම හරහා සිද්ධ වී තිබුණු බව කියන මුදල් ගණුදෙනු මෙන් ම, සිරිලිය සවිය පදනම වෙනුවෙන් මහජන බැංකු, ඩාර්ලි පාර ශාකාවේ විවෘත කර තිබෙන ගිනුමට, එම ගිනුමේ හිමිකාරිය වශයෙන් ශිරන්ති රාජපක්ෂ ලබා දී තිබුණු දෙකේ ඉලක්කම් රැසකින් යුතු ඇගේ ජාතික හැදුනුම්පත් අංකය යන කරුණු හේතුවෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයන් සිදු කෙරුණු අතර රාජපක්ෂ මහත්මියද, මේ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ වරින් වර කටඋත්තර ද, ලබා දී තිබුණා.
පොලිස් මුල්‍ය විමර්ශන ඒකකය විසින් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සම්බන්ධයෙන් එම කාලවකවාණුවේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ, මෙම සංවිධානය දේශීය හා විදේශීය මූල්‍ය හා ද්‍රව්‍යමය පරිත්‍යාග මත කටයුතු කරන බව ත්, මෙහි කටයුතු සඳහා රජයේ මුදල් හෝ දේපළ කිසිවක් භාවිතා වී නැති බවත්ය. කාල්ටන් සුව උදාන වැඩසටහන සිරිලිය සවිය යටතේම පැවති අතර එහි පරමාර්ථය වූයේ ළමුන් බලාගන්නා මව්වරුන්ට නේවාසික පහසුකම් ද සහිතව නව ළමා රෝහලක් ඉදි කිරීම බව ද, ඇය සඳහන් කර තිබුණා.
සිරිලිය සවිය වෙනුවෙන් චෙක්පත් අත්සන් කිරිමට බලය ලත් රාජපක්ෂ මහත්මිය ඇතුළු පුද්ගලයින් තිදෙනා මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවට ව්‍යාජ ජාතික හැදුනුම්පත් අංක සපයා තිබුණු බට චෝදනා එල්ල වී ඇති අතර එම සංවිධානයේ නිලධාරීන් විසින් මේ බැංකු ගිණුම ආරම්භ කරන අවස්ථාවේදී බැංකුවට ශිරන්ති රාජපක්ෂගේ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් සපයනු ලැබූ අතර සෙසු බලධාරීන් දෙදෙනා වන කේ.එච්.ඒ.එන්. ජීවනී කුමාරි, එස්.කේ. කේ. දිසානායක යන අය තම ජාතික හැදුනුම් පත් වල පිටපත් බැංකුවට සපයා ඇති බව ත්, අදාළ පුද්ගලයින් තිදෙනාගේ නම් සහ ලිපිනයන් නිවැරදිව සඳහන් වුනත් බැංකුවේ පරිගණක පද්ධතියට ජාතික හැදුනුම්පත් අංක ඇතුළත් කිරිමේදී යම් කිසි අතපසු වීමක් සිදුවී ඇති බව ත්, එහි වැඩිදුරටත් සඳහන් වේ.
එමෙන් ම 2017 වසරේ දී ද, ශිරන්ති රාජපක්ෂ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණු අතර ඒ රතුකුරුස ආයතනය විසින් ඇයගේ ‘සිරිලිය සවිය‘ සංවිධානය වෙත සපයන ලද ඩිෆෙන්ඩර් ජීප් රථයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. ඒ සම්බන්ධයෙන් පළ වූ පුවත් වාර්තාවක් මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පවසන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මල්වතු මහ නායක හිමියන්ගෙන් ඉල්ලීමක් කළ බවට දක්වමින් පළ වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බව ට මල්වතු පාර්ශවය මෙන් ම මහින්ද රාජපක්ෂ මහතා ද, සඳහන් කරන බවයි. මල්වතු මහානායක හිමියන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මහින්ද රාජපක්ෂ මහතා විසින් එවැනි ඉල්ලීමක් සිදු නොකළ බවයි. එමෙන් ම මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්යරයා ද, ඒ පිළිබඳව තහවුරු කරනු ලබනවා.