දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ලොවක් ආදරය දිනූ ඉන්දීය සුපරි නළු ශාරුක් ඛාන් ලබන මස ලංකාවට පැමිණීමට නියමිතයි. මෙම පුවතේ ඔහුගේ මෙරට රසික රසිකාවියන්ට සුබ ආරංචියක් වුණා. කෙසේ වෙතත් ශාරුක් ලංකාවට පැමිණෙන්නේ දෙවන වතාවටයි. මීට පෙර පැමිණි අවස්ථාවේ ඔහුට විඳින්න වුණේ අමිහිරි අත්දැකීමක් ඒ මෙරට ආගමික නායකයෙකුගේ අභාවය හමුවේ ශාරුක් ඛාන් පැමිණි ප්‍රසංගයකයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන්.
කෙසේ වෙතත් අවුරුදු ගණනකට පසුව ලංකාවට ශාරුක්ගේ මේ පැමිණීම හේතුවෙන් ඔහුගේ රසිකයන්ට ඔහුව දකින්න ලැබෙන අවස්ථාවක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ටිකට් පත ඇත්තක් ද යන්න අප පරීක්ෂා කළා. ඒ අනුව තහවුරු වුණේ මෙය ව්‍යාජ ටිකට් පතක් බවයි.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ඉන්දීය සුපිරි රංගන ශිල්පී ශාරුක් ඛාන් City of Dreams Sri Lanka හෝටල් ව්‍යාපෘතියෙහි සමාරම්භක උත්සවය සඳහා සහභාගී වීම හේතුකොටගෙන ඔහුව නැරඹීම සඳහා රු.20,000 ක ටිකට්පතක් නිකුත් කර ඇති බවට හැඟවීමට ත්, එලෙසින් ලබා ගත් ටිකට් පතක් ඡායාරූපයක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
මෙම ඡායාරූපයම සංසරණය වූ තව ත් අවස්ථා කිහිපයක් පහතින්.
සත්‍ය වශයෙන් ම මෙවැනි ටිකට් පතක් නිකුත් කරලද යන්න පිළිබඳ අප සොයා බැලීමට පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ නිවාඩු නිකේතනය වන City of Dreams Sri Lanka, 2025 අගෝස්තු 2 වන දින නිල වශයෙන් දියත් කිරීම සිදු වන බව ත්, එහි සමාරම්භක උත්සවය සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස ශාරුක් ඛාන් පැමිණෙන බව ත්, City of Dreams Sri Lanka නිල ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණා.
එමෙන් ම එම අවස්ථාව සඳහා ආරාධිතයන්ට පමණක් පැමිණිය හැකි බවට දක්වා තිබීම ද, පැහැදිලිව දැක ගන්නට ලැබෙනවා.
කෙසේ වෙතත් සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ඉහත ටිකට් පතේ ඡායාරූපය හොඳින් පරීක්ෂා කිරීමේදී , එම ටිකට්පතේ ශාරුක් කාන්ගේ නමෙහි ද, ඉංග්‍රීසි අකුරු නිවැරදි නොවන බව ට ද, දැක ගන්නට ලැබෙනවා. එමෙන් ම, ශාරුක් කාන්ගේ ඡායාරූපයේ ද, ඔහුගේ පැහැදිලි ඡායාරූපයක් නොව AI ඔස්සේ ඡායාරූප ජනනය කරන විට ලැබෙන ආකාරයේ අපහැදිලිකම් ද, අපට දැක ගන්නට ලැබෙනවා.
මේ ආකාරයෙන් දැවැන්ත අවස්ථාවක් සඳහා නිල වශයෙන් මෙවැනි ටිකට් පතක් නිර්මාණය කෙරෙනවා නම් එය මෙවැනි අඩුපාඩු සහිත ව ගුණාත්මක තත්ත්වයෙන් අඩු ටිකට් පත් නිකුත් කිරීමට නොහැකි බැවින් අප මේ පිළිබඳව City of Dreams Sri Lanka කළමනාකරුවෙකුගෙන් විමසීමක් කළා.
ඔහු සඳහන් කළේ, ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් පැමිණෙන මෙම නිකේතනයේ සමාරම්භක අවස්ථාව සඳහා ටිකට් පතක් අලෙවි නොකරන අතර සීමිත ආරාධිතයින් පමණක් මෙම අවස්ථාව සඳහා සහභාගී වන බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ටිකට්පත අසත්‍ය බව ත්, ඔහු සඳහන් කළා.
ඉහත ටිකට්පතක ඡායාරූපය සම්බන්ධයෙන් එහි නිල ෆේස්බුක් පිටුවෙන් ද, නිවේදනයක් නිකුත් කරමින් තිබුණේ, ඉහත ටිකට්පත සත්‍ය නොවන බව ත්, මෙම අවස්ථාව සඳහා ආරධනා කර ඇත්තේ සීමිත පිරිසකට පමණක් බව ත් ය.
ඒ අනුව ඉහත ඡායාරූපය ශාරුක් ඛාන් ඊඩන් ගාර්ඩන්ස් හි පැවති IPL 2025 සමාරම්භක උත්සවයට සහභාගී වූ අවස්ථාවේ ඡායාරූපයක් භාවිත කරමින් ඉහත ටිකට් පත නිර්මාණය කර ඇති බවට දැක ගන්නට ලැබේ.
එමෙන් ම මෙම ව්‍යාජ ටිකට් පත නිර්මාණය කළ අයුරු බවට ද, සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වී තිබුණේ මේ අයුරින්.
සිනමන් ලයිෆ් නැවත විවෘත කිරීමක් ?
කෙසේ වෙතත් කොළඹ සිනමන් ලයිෆ් පසුගිය වසරේ විවෘත කිරීම සිදු කර තිබූ නිසා ලබන අගෝස්තු 2වන දාට සිදුවන්නේ නැවත විවෘත කිරීමක් ද යන්න පිළිබඳ අප එම කළමණාකරුගෙන් විමසා සිටියා.
ඔහු සඳහන් කළේ, සිනමන් ලයිෆ් “නැවත විවෘත කිරීමක් නොව” එය අදියර කිහිපයකින් විවෘත කරන ලද අතර, හෝටලය සහ ඇතැම් භෝජන/උත්සව අවකාශයන් පසුගිය වසරේ විවෘත කළ බවයි. සාප්පු සංකීර්ණය, විනෝදාස්වාද ප්‍රදේශ සහ අධි සුඛෝපභෝගී “නුවා” හෝටලය ඇතුළුව ඉතිරි අදියර ලබන මස දී විවෘත කරන බැවින් එය නැවත විවෘත කිරීමක් නොව, City of Dreams Sri Lanka සංකීර්ණයේ සම්පූර්ණ වශයෙන් ම විවෘත කිරීමක් බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, City of Dreams Sri Lanka හෝටල් ව්‍යාපෘතියෙහි සමාරම්භක උත්සවය සඳහා ඉන්දීය සුපිරි රංගන ශිල්පී ශාරුක් ඛාන් සහභාගී වීම හේතුකොටගෙන ඔහුව නැරඹීම සඳහා රු.20,000 ක ටිකට්පතක් නිකුත් කර ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ටිකට්පත ව්‍යාජ ලෙස සකසා ඇති ටිකට් පතක් බවයි. 2025 අගෝස්තු 2 වන දින නිල වශයෙන් දියත් කිරීම සිදු වන මෙම සමාරම්භක අවස්ථාව සඳහා විශේෂිත ආරාධිත අමුත්තෙකු විදියට ශාරුක් ඛාන් පැමිණෙන අතර මෙම අවස්ථාව සඳහා ආරධනා ලැබී ඇත්තේ සීමිත පිරිසතට බව ත්, මෙහි හෝටල් කළමණාකාරීත්වය සඳහන් කරනවා.

Title:City of Dreams Sri Lanka විවෘත කිරීමේදී ශාරුක් ඛාන් බලන්න රු.20,000ක ටිකට් පතක්?
Fact Check By: Pavithra SandamaliResult: False
