දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Mr.Bean ලෙස ලොව පුරා ජනාදරයට පත් ප්‍රහසන රංගන ශිල්පියෙක් වන රෝවන් ඇට්කින්සන්ගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
හද කම්පා කරවන සුළු මිස්ටර් බීන් චරිතය නිසා ආදරය කරන ගෝලීය නිරූපකයෙකු වන රෝවන් ඇට්කින්සන්, (Mr Bean) ලොව පුරා රසිකයන් කම්පනයට පත් කර ඇති භයානක සෞඛ්‍ය තත්ත්වයක් මත ජනප්‍රිය විකට නළුවා නැවත කවදා හෝ තිරය මත දැකගැනීමට අවස්ථාවක් නොමැති බව ඔහු මිය ගිය බවට හඟවමින් සමාජ මාධ්‍ය තුළින් සංසරණය වූ සටහනක් අපට හමුවිය.
මේ සම්බන්ධව ඉංග්‍රීසි මාධ්‍යයෙන් වාර්තා වූ සටහන් අපට හමු විය.
Fact Check (කරුණු විමර්ශනය කිරීම)
Mr. Bean ලෙස බොහෝ දෙනා හඳුනන, රෝවන් ඇට්කින්සන් මෙලෙසින් රෝගාතුරු ව අසනීප තත්ත්වයෙන් ඇති බව ට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්දැයි යන්න අප පරීක්ෂා කළා. නමුත් එලෙසින් සඳහන් වූ කිසිදු මාධ්‍ය වාර්තාවක් දැක ගන්නට නොලැබුණි.
මේ හේතුවෙන් රෝවන් ඇට්කින්සන් සටහන තුළ සඳහන් ඡායාරූප තත්ත්වයේ බවට දක්වා තිබූ ඡායාරූපය අප reverse Image සෙවුමක් වෙත යොමු කළා.
ඒ අනුව මෙම යෙදුමෙන් තුළින් අපට තහවුයේ ඡායාරූපයන් කෘතිම බුද්ධිය භාවිතා කරමින් නිර්මාණය කරන ලද ව්‍යාජ සහගත ඡායාරූපයන් බවත් හුදෙක් පරිශීලක ජනතාව නොමඟ යැවීම උදෙසා කරන ලද ක්‍රියාවක් බවට පැහැදිලි විය. මේ සම්බන්ධව අප විසින් ගවේෂණය කරගෙන යාමේදී පෙර අවස්ථා කිහිපයකදීම Mr. Bean අසනීප තත්ත්වයෙන් සහ මියගිය බවට සමාජ මාධ්‍ය සටහන් තුළින් ප්‍රචලිත කිරීමට උත්සාහ ගත් අවස්ථා අපට දැක ගැනීමට හැකි විය.
අපි මේ සම්බන්ධව තවදුරටත් පුළුල්ව අධ්‍යයනය කිරීම සඳහා රෝවන් ඇට්කින්සන් මහතාගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් සහ ඔහු මෑතකාලීනව සහභාගි වූ කුමන හෝ වැඩසටහන් තිබේද යන්න පිළිබඳව අධ්‍යයනය කළ නමුත් එතුමාගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් මෑත කාලීනව යාවත්කාලීන කර නොමැති නමුත් Mr.Bean යන අනුවර්තනාමය සහිත සමාජ මාධ්‍ය ගිණුම ඔහු රූගත කළ පැරැණි හාස්‍ය වීඩියෝ වලින් යාවත්කාලීන වී ඇති බවට අපට හඳුනාගත හැකි විය. Facebook
මේ සම්බන්ධ ඔහුගේ Instagram සමාජ මාධ්‍ය ඔස්සේද පළ කර ඇති අන්දම අපිට දැක ගත හැකි හැකි විය.Instagram
රෝවන් ඇට්කින්සන් Mr.Bean අසනීප තත්ත්වයෙන් හෝ මිය ගියා බවට සඳහන් කරමින් කිසිදු ප්‍රධාන මාධ්‍යයක මේ සම්බන්ධව වාර්තා වීමක් සිදු නොවී ඇති බවට බවට අප සිදුකළ විමර්ශනය අනුව පැහැදිලි විය.
මීට පෙර ද අවස්ථා කිහිපයක දී ම Mr. Bean මිය ගිය බවට ව්‍යාජ පුවත් ලොව පුරා හුවමාරු වී තිබෙන අතර, 2021 වසරේදී සහ 2024 වසරේද අප Factcrescendo කණ්ඩායම ඒ පිළිබඳව සිදුකළ කරුණු විමසුමක් මෙතනින්, මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, Mr. Bean නැතහොත් රෝවන් ඇට්කින්සන් නමැති රංගන ශිල්පියාගේ වර්තමාන තත්ත්වය ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපය ඔහුගේ ඡායාරූපයක් නොවන අතර එම ඡායාරූපයන් කෘතිම බුද්ධිය (AI) භාවිතයෙන් නිර්මාණය කරන ලද ඡායාරූප බවට හඳුනාගන්නා ලදී.
