ඇමති හඳුන්නෙත්ති විද්‍යාලයක ඩෙස් සහ පුටු අලුත් වැඩියා කර දී විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගි වූ අවස්ථාවක් ද?

False Social

 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ජාතික ජන බලවේගේ මැති ඇමතිවරු විසින් සිදු කරන ක්‍රියාවන් පිළිබඳ සමාජය මේ වන විට දැඩි අවදානයෙන් පසු වනවා. එමෙන් ම විවේචන වලට ද, දැඩි වශයෙන් හසුවනවා. මේ අතර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති විසින් පාසලක විවෘත කිරීමට සහභාගි වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් මේ වනවිට වෛරල් වී ඇති අතර එහි සත්‍ය සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් කරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මාතර රෝහණ විද්‍යාලයේ පන්තිකාමරයකට ඩෙස් සහ පුටු අලුත් වැඩියා කර දී  හඳුන් සහොදරයගේ සහභාගිත්වයෙන් අද දින සිසුන්ගෙ අයිතියට පවරා දෙන ලදීයනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් පළ වී තිබුණා.

Facebook | Archived Link

තවත් යෝධ සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස උපහාසාත්මක කෝණයෙන් අදහස් පළ කරමින් ද, මෙම ඡායාරූප මේ අයුරින්.

Facebook | Archived Link

තව ත්, සටහන් බහුලව හුවමාරු කර ගෙන තිබුණේ

මෙහි නිර්වද්‍යතාව සෙවීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

සත්‍ය වශයෙන් ම කර්මාන්ත  අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඉහත ඡායාරූපයේ පෙන්වා දෙන පරිදි පාසලක මේස, පුටු අලුත් වැඩියා කිරීමක් සිදු කර සිසුන් අතට පත් කිරීමේ අවස්ථාවක් පිළිබඳ එම අමාත්‍යාංශය විසින් කිසිදු නිවේදනයක් පළ කර නොමැති බව දැක ගන්නට ලැබුණි.

එමෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරාවක් විසින් හෝ අද(2) දිනයේ හෝ මෑතකදී සුනිල් හඳුන්නෙත්ති මහතා මෙවන් වැඩසටහනකට සහභාගී වූ බවට දැක ගන්නට නොලැබුණි.

පාසල් දේශපාලන කටයුතු සඳහා යොදා නොගත යුතු බවට වන රජයේ ස්ථාවරය පවතිද්දී මේ අයුරින් සුළු ව්‍යාපෘතියක් සඳහා අමාත්‍යවරයා සහභාගිවූවා දැයි පරීක්ෂා කිරීමට අප මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

ඒ අනුව මෙම ඡායාරූප මෑතකදී ලබා ගත් ඡායාරූපයක් හෝ ජාතික ජන බලවේග රජය පත්වීමෙන් පසු අවස්ථාවක් නොවන බවත්, ඉහත සඳහන් ලෙස මාතර රෝහණ විද්‍යාලයේ පන්තිකාමරයකට මේස, පුටු ලබා දීමේ අවස්ථාවක් නොවන බවට දැක ගන්නට ලැබුණා.

මෙම අවස්ථාව 2019 වසරේ කැටියපේ – කිරිවැල්දෙනිය ගම්මාන යා කරන පාලම එවකට ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ව සිටි සුනිල් හඳුන්නෙත්ති මහතා අතින් විවෘත කළ අවස්ථාවකි. 

Archived Link

මෙම විවෘත කිරීමේ ඡායාරූපයක් අවභාවිත කරමින් මෙම අවස්ථාව අද(2) දිනයේ මාතර රෝහණ විද්‍යාලයේ පන්තිකාමරයකට මේස සහ පුටු අලුත් වැඩියා කර භාර දුන් අවස්ථාවක් ලෙස දක්වා තිබුණා.

අප මේ පිළිබඳ තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා මාතර රෝහණ මහා විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිනියගෙන් ද, විමසීමක් කළ අද දිනයේ හෝ මෑතකදී, අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැමිණ ඇත්දැයි යන්නයි.

එම පාසලේ වැඩබලන විදුහල්පතිනි ජී.ජී. රණතුංග මහත්මිය සඳහන් කළේ, එය අසත්‍ය තොරතුරක් බව ත්, අමාත්‍යවරයා අද දිනයේ හෝ මෑතකදී හෝ මෙම පාසලට පැමිණ නොමැති බව ත්, මෙවැනි ව්‍යාපෘතියක උත්සවාකාරයෙන් විවෘත කිරීමක් එම පාසලේ ද, සිදු නොවූ බවයි.

අප අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් ද, මේ පිළිබඳ විමසා සිටි අතර ඔහු සඳහන් කළේ ද, මෙම පුවත අසාත්‍ය බව ත්, අමාත්‍යවරයා 2019 වසරේ සහභාගී වූ රුපියල් ලක්ෂ 250කට අධික මුදලක් වැය කර ඉදිකරන ලද කැටියපේ, කිරිවැල්දෙනිය ගම්මාන යා කරන පාලමක් විවෘත කරන අවස්ථාක ඡායාරූපයක් අවභාවිත කරමින් මෙලෙසින් පාසලක විවෘත කිරීමට ගිය බවට අසත්‍ය තොරතුරක් පළ කර ඇති බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මාතර රෝහණ විද්‍යාලයේ පන්තිකාමරයකට ඩෙස් සහ පුටු අලුත් වැඩියා කර දී  හඳුන් සහොදරයගේ සහභාගිත්වයෙන් අද දින සිසුන්ගෙ අයිතියට පවරා දෙන ලදීයනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ඡායාරූපය අද (02) දිනයේ අවස්ථාවක් නොව 2019 වසරේ කැටියපේ – කිරිවැල්දෙනිය ගම්මාන යා කරන පාලම එවකට ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ව සිටි සුනිල් හඳුන්නෙත්ති මහතා අතින් විවෘත කළ අවස්ථාවක ඡායාරූපයක් බවයි.

Avatar

Title:ඇමති හඳුන්නෙත්ති විද්‍යාලයක ඩෙස් සහ පුටු අලුත් වැඩියා කර දී විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගි වූ අවස්ථාවක් ද?

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply