ඇල්ල බස් රථ අනතුරේ මුදවා ගැනීමේ මෙහෙයුමේ යෙදුණු හමුදා සෙබ‍ලෙකු මිය ගිය බවට පළ වන පුවත අසත්‍යයි!

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ඇල්ල- වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේදී සිදු වූ බිහිසුණු බස් රථ අනතුර මෙරට සියලු දෙනා පාහේ හද සලිත කල සිදුවීමක් වූවා. 15 දෙනෙකුට මරු කැඳවමින් ප්‍රපාතයට ඇද වැටුණු මෙම බස් රථයේ සිටි පිරිසගේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම ඊයේ(04) රාත්‍රියේ සිට පාන්දර වන තෙක් නිදි නොනිදා මුළු ගමක් ම අවදිව තිබුණා. මේ අතර දිවි ගලවා ගැනීමේ ක්‍රියාන්විතයේ යෙදී දිටි රණවිරුවෙක් ට ජීවිතය අහිමි වූ පුවතක් ද, වාර්තා වූවත්, මෙම පුවත අසත්‍ය බවට කරුණු වාර්තා වූයේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරේ, දිවි ගලවා ගැනීමේ මෙහෙයුමේ යෙදී සිටියදී පුද්ගලයෙක් ද, ජීවිතක්ෂයට පත් වූ බවට සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට අප කටයුතු කළේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

තංගල්ල නගර සභාවේ සේවකයන් පිරිසක් රැගත් බස් රථයක් ඇල්ල- වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේ දී ඊයේ (4) රාත්‍රියේ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ජීප් රථයකද ගැටී මාර්ගයෙන් ඉවතට පැන අඩි දහසක පමණ වන රාවණා ඇල්ල ප්‍රපාතයට පෙරලී 15 දෙනෙකුට මරු කැදවමින් 18 කට තුවාල සිදු කර තිබුණා. මේ සම්බන්ධයෙන් පළ වූ වාර්තානක් මෙතනින්.

විනෝද චාරිකාවක යෙදී සිටි මෙම පිරිස බිහිසුණු අනතුරට මුහුණ පෑමෙන් පසු ඔවුන් මුදවා ගැනීමේ මෙහෙයුමට පොලීසිය, හමුදා නිලධාරීන්, වෛද්‍යවරුන් ඇතුළු ගම් වාසින් යුහුසුළුව කටයුතු කරනු ලැබුවා. මෙලෙසින් ගලවා ගැනීමේ මෙහෙයුමේ යෙදී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ බවට සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ, කඹයක් ආධාරයෙන් ප්‍රපාතයට වැටුණු බස් රථයේ සිටි පිරිස ගොඩ ගැනීමට ගිය අවස්ථාවේ එම කඹය ගල් වල කැපීමෙන් කඹය කැඩීම නිසා එම පුද්ගලයා ද, ප්‍රපාතයට වැටී මිය ගිය බවයි.

මේ පිළිබඳ ව තොරතුරු තහවුරු කර ගැනීම සඳහා බදුල්ල රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කළ වෛද්‍යවරයා සඳහන් කළේ, කඹයක් කැඩී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් නොවූ බවයි. එමෙන් ම මෙම අනතුරෙන් දිවි ගලවා ගැනීමේ මෙහයුමට සහභාගී වූ කිසිදු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් නොවූ බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ලෙස හමුදාවේ සිට නිවාඩුවට පැමිණි හමුදා සෙබලා මිය නොගිය අතර ඔහු  තුවාල කරුවෙකු රැගෙන උඩට පැමිණෙමින් සිටියදී ගලක් වැදී නළල තුවාල වූ බව ත්, තව ත් දිවි ගලවා ගැනීමේ කර්තවයට එක් වූ වෙනත් පුද්ගලයෙක් කඹයක් කැඩී වැටුණු බව ත්, ඔහු මිය ගොස් නැමති බව ත්, බදුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නා බව ත්, ඒ මහතා සඳහන් කළා.

එමෙන් ම මේ පිළිබඳ ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරුවන් කිහිප දෙනෙකු ද, අප කළ විමසීමේදී තහවුරු කළේ, ගලවා ගැනීමේ මෙහෙයුමේ යෙදී සිටි කිසිවෙකු මිය ගොස් නොමැති බව ත්, බස් රථ අනතුරින් 15 දෙනෙකු පමණක් මිය ගොස් ඇති බව ත්, ඔවුන් තහවුරු කළා.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම රණවිරුවා

තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි තංගල්ල නගර සභාවේ සේවකයින් ඇතුළු දරුවන් 08 දෙනෙකු රැගත් බස් රථයක් මෙම ඛේදවාචකයට මුහුණ දුන් අතර බස් රථයේ අධික වේගය හේතුවෙන් එය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවී ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කර ඇති බව ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේවෙතත් අනතුර සිදුවීමට පෙර බස් රථයේ රියදුරු විසින් තිරිංගවල යම්කිසි දෝෂයක් පවතින බවට ප්‍රකාශ කර ඇති බවට අනතුරින් දිවි බේරාගත් එම බස් රථයේ රියැදුරු ආසනය අසල සිටි තරුණයේ අනතුර සම්බන්ධයෙන් පවසා තිබුණා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

ඇල්ල බස් රථ අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් දිවි ගලවා ගැනීමේ මෙහෙයුමේ යෙදී සිටි යුද හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් අසත්‍ය වන අතර ගලවා ගැනීමේ මෙහෙයුමේ සිටි කිසිවෙකු ජීවිතක්ෂයට පත් වී නොමැත.මෙම සෙබලා තුවාල කරුවෙකු රැගෙන උඩට පැමිණෙමින් සිටියදී ගලක් වැදී නළල තුවාල වී ඇති අතර තව ත් දිවි ගලවා ගැනීමේ කර්තවයට එක් වූ වෙනත් පුද්ගලයෙක් කඹයක් කැඩී වැටී ඇති මුත්, ඔහු මිය ගොස් නැමති අතර, ඔහු මේ වන විට බදුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි.


Leave a Reply