ඇල්ලේ සිදුවූ අනතුරට හේතුව රාජපක්ෂවරුන් යැයි ‍ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසිංහ මහතා ප්‍රකාශ කරාද? 

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

පසුගිය දා ඇල්ල ප්‍රදේශයේ වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සමාජයේ බොහෝ දෙනා අදහස් පළ කරද්දී, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසිංහ මහතා විසින් සිදු කළ බව කියන ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. සත්‍ය වශයෙන් ම අමාත්‍යවරයා විසින් එවැනි ප්‍රකාශයක් කළා ද යන්න පිළිබදව අප සිදු කළ විශ්ලේශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ඉකුත් බ්‍රහස්පතින්දා (04) දින ඇල්ල ප්‍රදේශයේ සිදු වූ බස් අනතුර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා විවිධ අදහස් හුවමාරු විය. මේ අතර, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ප්‍රසන්න ගුණසිංහ මහතා ‘රාජපක්ෂලා මුදල් ගසා කන්නේ නැතිව නිසි පරිදි මාර්ග හැදුවා නම් ඇල්ල බස් අනතුර සිදුවෙන්නෙ නෑ’ යනුවෙන් ප්‍රකාශයක් කළ බවට සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගියේය.

Facebook 

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති විය. සමහර පුද්ගලයින් මෙම ප්‍රකාශය නිවැරදි යැයි විශ්වාස කළ අතර, තවත් පිරිසක් එය අසත්‍ය ප්‍රකාශයක් බවට චෝදනා කළහ. 

Facebook

මෙහි නිර්වද්‍යතාව සෙවීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම):

පසුගිය 04 වන දා ඇල්ල වැල්ලවාය මාර්ගයේ සිදුවූ අනතුරට හේතුව සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් “රාජපක්ෂ මුදල් ගසා කන්නේ නැතිව නිසි පරිදි මාර්ගය හැදුවනම් ඇල්ල බස් අනතුර සිදුවෙන්නේ නෑ” යනුවෙන් ප්‍රකාශයක් කළ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් වාර්තා කර ඇත්ද, යන්න පිළිබඳව අප පරීක්ෂා කරනු ලැබුවා.

නමුත් අපට ඒ මහතා විසින් ඒ අයුරින් ප්‍රකාශයක් කළ බව ට ප්‍රධාන මාධ්‍ය වාර්තා කර ඇති බව ට දැක ගන්නට නොලැබුණි. එමෙන් ම අමාත්‍යවරයා විසින් මෙම අනතුරෙන් පසුව කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ද, අප අවදානය යොමු කළ අතර ඔහු විසින් ඒ අයුරින් ප්‍රකාශයක් කළ බවට දැක්වෙන කිසිදු වීඩියෝවක් අමාත්‍යවරයාගේ සමාජ මාධ්‍යවල ද, පරීක්ෂා කළ ත් දැක ගන්නට නොලැබුණි.

ඇල්ලේදී අනතුරට පත්වූ බස් රථය ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී නොමැති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අනතුරින් පසුව මාධ්‍ය වෙතට අදහස් දක්වා තිබූ නමුත් ඉහත සඳහන් සටහනේ දැක්වෙන ලෙස ප්‍රකාශයක් රැගත් මාධ්‍ය වර්තාවක්, විඩියෝවක් සටහනක් දැක ගන්නට නොලැබුණි.

නියෝජ්‍ය ඇමති ප්‍රසන්නගේ සම්බන්ධීකාරක ලේකම්

අප මේ පිළිබඳව තව දුරටත් තව දුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා නියෝජ්‍ය අමාත්‍යතුමාගේ සම්බන්ධීකාරක ලේකම්වරයාගෙන් විමසීමක් කළ අතර ඔහු පැවසුවේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් අසත්‍ය බව ත්,  නියෝජ්‍ය අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් හෝ මීට ආසන්න ප්‍රකාශයක්දු කර නොමැති බවයි.

මෙම සටහන සමාජගත කරන ලද බවට දැක්වෙන newshub.lk නමැති වෙබ් පිටුව සහ ෆේස්බුක් ගිණුම අප විසින් පරීක්ෂාවට ලක් කළ අතර ඔවුන් සටහනක් පළ කරමින් ප්‍රසන්න නියෝජ්‍ය අමතාත්‍යවරයා සම්බන්ධ කර ගනිමන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන එම වෙබ් අඩවිය විසින් හෝ ඔවුන්ගේ ෆේස්බුක් පිටුවෙන් හෝ පළ කළ පුවතක් නොවන බව ට දක්වා තිබුණා.

Facebook 

Website Link

ඇල්ල වැල්ලවාය මාර්ගයේ සිදුවූ අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද මිය ගොස් ඇත. (04) රාත්‍රීයේ මෙම අනතුර සිදුවී තිබුණි.මෙම අනතුරින් 15 දෙනෙකු මියගිය අතර පොලීසිය සඳහන් කර ඇත්තේ අනතුරින් මිය ගිය සෙසු පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු සහ බස් රථයේ රියදුරු ද සිටින බවය. අනතුරින් තුවාල ලැබූ 18 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විනෝද චාරිකාවක් සඳහා පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී තිබුණි. ඒ සම්බන්ධ පුවත් මෙතනින්,මෙතැනින්

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Also Read : ඇල්ල බස් රථ අනතුරේ මුදවා ගැනීමේ මෙහෙයුමේ යෙදුණු හමුදා සෙබ‍ලෙකු මිය ගිය බවට පළ වන පුවත අසත්‍යයි!

Conclusion (අවසාන නිගමනය) :

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ප්‍රසන්න ගුණසිංහ මහතා ‘රාජපක්ෂලා මුදල් ගසා කන්නේ නැතිව නිසි පරිදි මාර්ග හැදුවා නම් ඇල්ල බස් අනතුර සිදුවෙන්නෙ නෑ’ යනුවෙන් ප්‍රකාශයක් කර නොමැති අතර එය සාවද්‍ය ප්‍රකාශයක් දක්වමින් පළ කර ඇති ව්‍යාජ සටහනකි. එමෙන්ම newshub.lk විසින් මෙවැනි  ආකාරයේ පුවතක් පළකර නොමැති බව එම කණ්ඩායම සඳහන් කරයි.

Avatar

Title:ඇල්ලේ සිදුවූ අනතුරට හේතුව රාජපක්ෂවරුන් යැයි ‍ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසිංහ මහතා විසින් ප්‍රකාශ කරාද?

Fact Check By: Lakshan 

Result: False


Leave a Reply