දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සමාජ මාධ්‍ය ඔස්සේ සමාජ මාධ්‍ය පරිශීලකයින් ට වරින් වර ඇදැහිය නොහැකි විස්මිත ප්‍රතිලාභ ලැබෙන ආයෝජන ක්‍රම ගැන ජනප්‍රිය චරිත හරහා දැක ගන්නට ලැබෙනවා. සැබවින්ම මේවා සත්‍ය ප්‍රතිලාභ ලැබෙන අයෝජන ක්‍රමද ? Factcrescendo අප මේ සම්බන්ධයෙන් සිදු කළ කරුණු හෙළි කිරීම් රැසක එකතුවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
රුපියල් හැත්තෑ පන්දහසක්(රු.75,000) ආයෝජනය කර ඉන් මසකට රුපියල් හත් ලක්ෂ පනස් දහසක්(රු.750,000) දක්වා පොලියන් ලබා ගැනීමට ශ්‍රී ලංකා පුරවැසියන් ට අවස්ථාවක් ලැබෙන බව ත්, මෙය ශ්‍රී ලංකා රජය විසින් දියත් කරන වැඩසටහනක් බවට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වැඩසටහනකදී ප්‍රකාශ කරන බවට දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා.
එමෙන් ම මේ සඳහා ලියාපදිංචි වීමට සබැඳියක් ද, දක්වා තිබුණේ මේ අයුරින්.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රවර්ධනය කෙරෙන තව ත් ආයෝජන ක්‍රමයක් ලෙස දක්වමින් පළ වූ වීඩියෝවක් පහතින්.
රු.75,000ක ආයෝජනයක් සිදු කර දිනකින් රු.300,000 ක ප්‍රතිලාභ ලබා ගත හැකි ආයෝජන ක්‍රමයක් සම්බන්ධයෙන් ‘WildBook’ හි චරිත් විසින් වැඩසටහනකදී කරන ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.
එමෙන් ම ඔටාරා ගුණවර්ධන සම්බන්ධ කර ගනිමින් මේ ආකාරයෙන් ම සමාජ මාධ්‍ය සටහන් රැසක් පළ වී තිබුණේ මේ අයුරින්.
ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා ජීවිත කාලය සඳහා ම රු.750,000ක් ලබාගත හැකි බවටත් ඒ සඳහා NetherexPro නම් වෙබ් අඩවියක ලියාපදිංචි විය යුතු බවත්, එහි 75,000ක් ආයෝජනය කරනු ලබන අයට මෙලෙස ජීවිත කාලයට ම මෙම මුදල ලබාගත හැකි බවටත්, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සිරස News 1st මඟින් සිදුකරන Face to Face නම් දේශපාලන වැඩසටහනකදී පැවසූ බවට දීර්ඝ විස්තරයක් සහිත ලිපියක් පළ වී තිබුණේ මේ අයුරින්.

ෆේස්බුක් හි සංසරණය වන වීඩියෝවක දැක්වෙන්නේ කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මූල්‍ය ආයෝජන වේදිකාවක් ප්‍රවර්ධනය කරන බවයි. රු. 75,000 ක මූලික ආයෝජනයක් සතියක් තුළ රු. 150,000 දක්වා දෙගුණ කළ හැකි බව ශීර්ෂ පාඨයේ සඳහන් වේ.
ලංකාදීප පුවත් පත විසින් මෙහෙයවන “දනුට කියන්න” වැඩසටහනේ සජීවී සම්මුඛ සාකච්ඡාවකදී ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා විසින් ඉතා පහසුවෙන් ලාභදායී ආදායම් මාර්ගයක් හෙළි කිරීම නිසා ඇය නීතිමය ගැටළු වලට මුහුණ දී ඇති බව ත්, මෙම වාසිදායක ආයෝජනය හේතුවෙන් ආර්ථික බලපෑම පිළිබඳව මතභේද ඇති වී ඇති බව ත්, දක්වමින් ඉංග්‍රීසි බසින් සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ජනාධිපති අනුර සම්බන්ධ කර ගනිමින් සිදු කරන වංචාවක්
ඇදැහිය නොහැකි ප්‍රතිලාභ ලබා දෙන රජයේ ආයෝජනයක් ගැන ප්‍රධාන මාධ්‍ය වාර්තා නැහැ
ඇදැහිය නොහැකි ප්‍රතිලාභ ලබා දෙන මෙවැනි ආයෝජනයක් සම්බන්ධයෙන් ජනාධිපති ප්‍රකාශ කළ බව ට හෝ මේ ආකාරයෙන් ශ්‍රී ලංකා රජය විසින් වැඩසටහනක් දියත් කරන්නේ නම් ඒ පිළිබඳව ප්‍රධාන මාධ්‍ය වාර්තා කළ යුතුව ඇති අතර එවැනි ආයෝජනයක් සම්බන්ධයෙන් කිසිදු ප්‍රධාන මාධ්‍යයක් වාර්තා කර ඇති බවට අපට දැක ගන්නට නොලැබුණි.මුදල් අමාත්‍යාංශය හෝ ජනාධිපති මාධ්‍ය අංශය විසින් රජයේ ආයෝජනයක් ගැන දන්වා නැහැ.
මේ සම්බන්ධයෙන් අප සිදු කළ සම්පූර්ණ කරුණු පරීක්ෂා වාර්තාව පහතින්.
ජනාධිපති අනුර විසින් විස්මිත ප්‍රතිලාභ ලැබෙන රජයේ ආයෝජන අවස්ථාවක් පිළිබඳ හෙළි කළා ද?
WildBook’ හි චරිත් සම්බන්ධ කර ගනිමින් සිදු කරන වංචාවක්
චරිත් එන්. සිල්වා Hari Tv, යූටියුබ් නාලිකාවේ සත්‍ය වශයෙන් සහභාගි වූ වැඩසටහන නැරඹීමේදී එම කතා බහ සිදු කරනු ලබන්නේ, සිංහල බසින් බව ත්, එම සම්පූර්ණ වැඩසටහන තුළ කිසිදු අයෝජනයක් සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ නැති බව ත්, පැහැදිලිවම දැක ගන්නට ලැබෙනවා. එම සම්පූර්ණ වැඩසටහන මෙතනින්.
මේ සම්බන්ධයෙන් අප සිදු කළ සම්පූර්ණ කරුණු පරීක්ෂා වාර්තාව පහතින්.
ඔටාරා ගුණවර්ධන සම්බන්ධ කර ගනිමින් සිදු කරන වංචාවක්
හිටපු ක්‍රිකට් ක්‍රීඩක සංගක්කාර විසින් මෙවැනි අයෝජනයක් කළ බවට දැක්වීමට අද දෙරණ වෙබ්අඩවියේ පළ වූ පුවතක දක්වා ඇති බවට නිර්මාණය කර තිබූ ව්‍යාජ පුවත් ලිපිය මෙතනින්.
එම ලිපිනයේ ම සංගක්කාර සම්බන්ධයෙන් පළ වූ ව්‍යාජ ලිපිනය ඉවත් කොට මේ වන විට පළ කර ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ඔටාරා ගුණවර්ධන සම්බන්ධ කර ගනිමින් මෙම ව්‍යාජ අයෝජනය සිදු කර ඇති බවට දක්වන තව ත් ව්‍යාජ පුවත් ලිපියක් මෙතනින්.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සම්බන්ධ කර ගනිමින් සිදු කරන වංචාවක්
අගමැතිණිය ආයෝජන ක්‍රමයක් සම්බන්ධයෙන් සහ මුදල් ලබාදිය හැකි බවට සඳහන් කළ බවට පළ කර ඇති ලිපියේ සඳහන් වන්නේ, එම ප්‍රකාශය අගමැතිණිය වීමෙන් අනතුරුව හරිනි අමරසූරිය මහත්මිය මෙම News First හි Face to Face වැඩසටහනේදී පැවසූ බවටයි
විශේෂයෙන් ම ඩේලි මිරර් වෙබ් අඩවියේ පළ කළ බවට ඇඟවෙන අයුරින් පළ කර ඇති සටහනේ සඳහන් ආකාරයේ කිසිඳු ම ආයෝජන ක්‍රමයක් සම්බන්ධයෙන් මෙම වැඩසටහනේදී කිසිඳු සඳහනක් නොකරයි. මෙම වැඩසටහන පුරාවට කතා කරනුයේ ජනාධිපතිවරණය ඉලක්ක කරගත් ඔවුන්ගේ රැළි සහ බලයට පත්වීමෙන් අනතුරුව සිදුකිරීමට බලාපොරොත්තුවන ක්‍රියාපටිපාටියන් ය. එම වැඩටහන මෙතනින්.
මෙම ලිපියේ වැඩසටහනේ නිවේදකයාගේ නම සඳහන් වන්නේ, ජනක කාරියවසම් ලෙසයි. නමුත් එම නිවේදකයාගෙ සත්‍ය නම වන්නේ, ෂාර්ලන් කෙවින් බෙනඩික් වේ.
මේ සම්බන්ධයෙන් අප සිදු කළ සම්පූර්ණ කරුණු පරීක්ෂා වාර්තාව පහතින්.
මෙරට සෑම පුද්ගලයෙක්ට ම මාසයකට රු.750,000ක් ලබාගත හැකි ක්‍රමවේදයක් ගැන අගමැති හරිනි පැවසුවා ද?
ධම්මික පෙරේරා සම්බන්ධ කර ගනිමින් සිදු කරන වංචාවක්
ධම්මික පෙරේරා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති අතර ඔහු විසින් මේ ආකාරයේ ප්‍රවර්ධනයක් සිදු කර නැහැ.
මේ සම්බන්ධයෙන් අප සිදු කළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදු කළ කරුණු විමර්ශන වාර්තාව මෙතනින්.
යොහානි ද සිල්වා සම්බන්ධ කර ගනිමින් සිදු කරන වංචාවක්
ධනු ඉන්නසිතම්බි විසින් මෙහෙය වූ ‘ධනූට කියන්න’ වැඩසටහනින් ගායන ශිල්පී යොහානි ද සිල්වා සමගින් කළ සම්මුඛ සාකච්ඡාවක් ඇත්දැයි යන්න පරීක්ෂා කළ අතර ඉහත Daily Mirror පුවත් ලිපියක් බවට පෙන්වා දී තිබූ වාර්තාවේ යොහානි සහ ධනුගේ ඡායාරූප පසුබිම දැක්වෙන වැඩසටහනක් දැක ගන්නට ලැබුණා.
ඒ අනුව 2024 වසරේ පෙබරවාරි 09 වන දා Youtube ඔස්සේ පළ කර ඇති එම සම්පූර්ණ වැඩසටහන පරීක්ෂා කළ ත්, එවැනි කතා බහක් ඇති වූ බවට හෝ ආදායම් මාර්ග සම්බන්ධයෙන් හෝ ප්‍රශ්නයක් ධනු විසින් යොමු නොකරන අතර යොහානි විසින් ද, පිළිතුරු ලබා දීමක් හෝ තමන් ක්‍රිප්ටෝ වැනි ආයෝජනයක් සිදු කරන බවට හෝ ප්‍රකාශ නොකරයි.
මේ සම්බන්ධයෙන් අප සිදු කළ සම්පූර්ණ කරුණු පරීක්ෂා වාර්තාව පහතින්.
යොහානි ‘ධනුට කියන්න’ වැඩසටහනේදී විශ්මයජනක ප්‍රතිලාභ හිමි වන ආදායම් මාර්ගයක් ගැන හෙළි කරයි?
සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයන් විසින් ඉතා කෙටි කලකදී වැඩි ප්‍රතිලාබ ලබා දෙන අයෝජන හඳුන්වා දුන් බව ට දක්වමින් මෙවැනි ව්‍යාජ අයෝජන ක්‍රම පිළිබඳ වරින් වර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු ලබනවා.
මෙම ආයෝජන ක්‍රම ප්‍රසිද්ධ මාධ්‍යකදී, නිවේදකයින්, මාධ්‍යවෙදීන් ඉදිරියේදී ජනප්‍රිය පුද්ලයින් විසින් හෙළි කරන හෙළි කරන බව දැක්වීම ද, මෙම ව්‍යාජ අයෝජනය ප්‍රවර්ධනය කිරීමට සාදන ලද වීඩියෝවල දක්නට ලැබේ.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් (SLCERT) අප කළ විමසීමේදී සඳහන් කළේ, මෙය වංචාවක් බවයි. එවැනි වංචනික මාර්ගගත යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාවට ප්‍රවේශම් වන ලෙස ද, ඔවුන් අනතුරු අඟවනවා.
සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර
සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර මහතා සඳහන් කළේ, මෙම නොමඟ යවන සබැඳි මත ක්ලික් කිරීමෙන් පරිශීලකයින් ෆේස්බුක් ඇතුළු පුද්ගලික තොරතුරු පාවා ලබා දීමට පෙළඹවන අයුරින් නිර්මාණය කර ඇති බව ත්, එවැනි පළ කිරීම් විශ්වාසදායක ලෙස පෙනෙන පරිදි සකස් කර ඇති නමුත් අවසානයේ සංවේදී තොරතුරු හෙළි කිරීමට හෝ වංචනික යෝජනා ක්‍රමවල ආයෝජනය කිරීමට පුද්ගලයින් රවටා ගැනීම සිදු කරනු ලබන බවයි.
මෙවැනි වංචාවන් වින්දිතයින් ආකර්ෂණය කර ගැනීමට සමාජයේ ජනප්‍රිය පුද්ගලයින් විසන් මේවා හි ආයෝජනය සිදු කර ඇති බවට හඟවමින් මෙම වංචා බොහෝ විට ආයෝජන සඳහා පහසු, ඉහළ ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වී පරිශීලකයින්ට මූල්‍යමය වචයෙන් වංචාවන්ට හසු කර ගැනීම සිදු කරනු ලබයි.
මෙවැනි වංචා හඳුනා ගන්නේ කෙසේ ද?
අදැහිය නොහැකි මුදල් ප්‍රතිලාභ : මහ ජනයා ආකර්ෂණය වන අදැහිය නොහැකි මුදල් ප්‍රතිලාභ ලබා දෙන බවට දැක්වීම. ආයෝජනයට වඩා මසක් ඇතුළත ප්‍රතිලාභ තුන්ගුණයටත් වඩා ලැබෙන බවට පෙන්වීම.
ව්‍යාජ පුවත් ලිපි: වංචාකරුවන් බොහෝ විට මෙම වංචා නීත්‍යානුකූල බව පෙන්වීමට ව්‍යාජ පුවත්පත් කොටස් නිර්මාණය කරයි.
බාහිර සබැඳි: සැක සහිත සබැඳි මත ක්ලික් කිරීමෙන් ගිණුම් සඳහා ලොග් විය හැකි මුරපද හෝ පුද්ගලික තොරතුරු සොරකම් කරන තතුබෑම් වෙබ් අඩවි වල යොමු විය හැකි අවදානම.
පෙළඹවීම: වංචාකරුවන් බොහෝ විට “සීමිත දීමනාව” හෝ “අදම ලියාපදිංචි වන්න” වැනි වචන භාවිතා කරමින් මේ පිළිබඳ පරීක්ෂා කර තහවුරු කර ගැනීමට පෙර සත්‍යාපනයකින් තොරව ක්‍රියා කිරීමට පුද්ගලයින් යොමු කරවයි.
මෙම ආයෝජන ව්‍යාජ අයෝජන බව ත්, ව්‍යාජ ප්‍රවර්ධනයන් බව ත්, එමෙන් ම මෙම වංචාවන් සිදු කරනු ලබන්නේ එකම ක්‍රමවේදයට බව ත්, මෙම ව්‍යාජ ආයෝජන සම්බන්ධ කරුණු විමර්ශන වාර්තා කියවීමෙන් ද, පාඨක ඔබට දැක ගැනීමට හැක. ඒ අනුව මෙවැනි ඇදහිය නොහැකි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසන ව්‍යාජ ආයෝජන වලට නොරැවටෙන ලෙස ඔබ මෙන් ම ඔබේ සමීපතයින්ව මේ පිළිබඳ දැනුවත් කරන්න!
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok| Youtube

Title:සමාජයේ ජනප්‍රිය පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් ප්‍රවර්ධනය කෙරෙන ව්‍යාජ අයෝජන ක්‍රමවලය නොරැවටෙන්න!
Fact Check By: Pavithra SandamaliResult: False
