දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මෑතකදී සිදු වූ බස් රථ අනතුරු බවට අවදානය යොමු කරමින් සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමග යවන ආකාරයේ සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ අතර මෙහි සත්‍යාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කරනු ලැබුවේ මේ අයුරින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“වන්දනා චාරිකාවක් පිටත් වූ පාසල් ළමුන් රැගත් බස් රථයක් ප්‍රපාතයට” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

එමෙන් ම මෙරට නොයෙකුත් ප්‍රදේශ වල මෑතකදී සිදු වූ අනතුරු බවට දක්වමින් තවත් ඡායාරූප සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්






මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මෑතකදී මෙරට සිදු වූ අනතුරු ලෙස දක්වා තිබුණු මෙම සටහන් පිළිබඳ පරීක්ෂා කිරීමට අප ප්‍රධාන මාධ්‍ය වාර්තා වලට අවදානය යොමු කළ අතර ඉහත සඳහන් ආකාරයේ අනතුරු වාර්තා නොවූ බව දැක ගන්නට ලැබුණා.
පසුව එම අනතුරු සඳහා දක්වා ඇති ඡායාරූප පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.
ඉහත කහ පැහැති බස් රථය සම්බන්ධ අනතුර මෙරට අනතුරක් නොව 2018 වසරේ අප්‍රේල් මස දී ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේදී පාසල් බස් රථයක් අනතුරට ලක් වී පාසල් සිසුන් 27 දෙනෙකු මිය ගොස් තිබූ අවස්ථාවක් බවයි. එම අවස්ථාවේ පුවත් වාර්තා කර තිබුණු අයුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

එමෙන් ම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මෑතකදී සිදුවූ බස් රථ අනතුරක් ලෙස පෙන්වා දී තිබුණේ, 2023 වසරේ කළුතර, නාගොඩ, ගල්ලස්ස හන්දිය අසල අද සිදුවූ බස් රථ අනතුරකි.

කොළඹ අනුරාධපුර මාර්ගයේ මෑතකදී සිදුවූ බස් රථ අනතරක වීඩියෝවත් බවට දක්වා තිබුණේ, 2017 වසරේ නිට්ටඹුවේ වූ බස් රථ අනතුරකි. ඒ සම්බන්ධයෙන් තොරතුරු මෙතනින්.
මෙම සටහන් වලින් මෙම අනතුරු වල වීඩියෝ නැරඹීමට සබැඳි(links) දක්වා තිබුණා. ඒවා ක්ලික් කළ විට එම සබැඳි අදාළ වීඩියෝවන්ට නොව ඇතැම් වෙබ් අඩවිවලට ඇතුළුවන පරිශීලකයන් වැඩි කර ගැනීම මගින් මුදල් උපයාගැනීම(Click Baits) ආදී කටයුත්තක් බව දැක ගන්නට ලැබෙනවා.
මෙහි ඇති වඩාත්ම බරපතල තත්ත්වයක් වන්නේ නම් මෙම ලින්ක්ස් හරහා විවිධ වෙබ් අඩවිවලට ඇතුල්වීමේදී පරිගණක වෛරස වලට නිරාවරණය වීම ඔස්සේ, ඔබගේ උපාංග සතු දත්ත දත්ත සොරා ගැනීම ආදියද සිදුවීමට ඇති හැකියාවයි.
එමෙන්ම මෙමගින් පරිශීලකයින්ගේ පුද්ගලික තොරතුරු, එනම් මුරපද, ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු, බැංකු ගිණුම් අංක වැනි දෑ සොරකම් කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ සිදු කරන වංචනික ක්‍රියාවන්ට ද, හසු වීමේ හැකියාව පවතිනවා.
මෙවැනි සටහන් වල දක්වා ඇති ව්‍යාජ සබැඳි වලින් ආරක්ෂා වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග
- අනාරක්ෂිත සබැඳි (Links) ක්ලික් නොකරන්න: සැක සහිත පණිවිඩයක හෝ වෙබ් අඩවියක ඇති සබැඳි ක්ලික් කිරීමෙන් වළකින්න. සබැඳිය මත මවුස් කර්සරය (mouse cursor) තබා එහි සැබෑ ගමනාන්තය පරීක්ෂා කර බැලීමෙන් එහි සත්‍යතාව තහවුරු කර ගත හැකියි.
- පුද්ගලික තොරතුරු ලබා නොදෙන්න: දුරකථනයෙන්, විද්‍යුත් තැපෑලෙන් හෝ කෙටි පණිවිඩ මගින් ඔබේ මුරපද, බැංකු ගිණුම් අංක, හෝ ක්‍රෙඩිට් කාඩ්පත් අංක වැනි සංවේදී තොරතුරු කිසිවිටෙක ලබා නොදෙන්න. කිසිදු විශ්වාසනීය ආයතනයක් මේ ආකාරයට ඔබේ පුද්ගලික තොරතුරු ඉල්ලන්නේ නැහැ.
- වෙබ් අඩවි වල ලිපිනයන් පරීක්ෂා කරන්න: වෙබ් අඩවියක ඔබගේ තොරතුරු ඇතුළත් කිරීමට පෙර එහි ලිපිනය (URL) https:// ලෙස ආරම්භ වන බව සහ අගුළු නිරූපකය (lock icon) ඇති බව තහවුරු කරගන්න. මෙමගින් එම වෙබ් අඩවිය ආරක්ෂිත බවට යම් තරමක විශ්වාසයක් තබා ගත හැකියි.
- මුරපද කළමනාකරණය: ශක්තිමත් සහ සංකීර්ණ මුරපද භාවිතා කරන්න. හැකි සෑම විටම මුරපද කළමනාකරණ මෘදුකාංගයක් (password manager) භාවිතා කරන්න. එකම මුරපදය විවිධ ගිණුම් සඳහා භාවිතා කිරීමෙන් වළකින්න.
- ද්වි–සාධක සත්‍යාපනය (Two-Factor Authentication – 2FA) භාවිතා කරන්න: ඔබට හැකි සෑම ගිණුමක් සඳහාම 2FA සක්‍රිය කරන්න. මෙහිදී මුරපදයට අමතරව ඔබගේ දුරකථනයට හෝ විද්‍යුත් තැපෑලට එන කෙටි කේතයක්ද ඇතුළත් කළ යුතු බැවින්, ප්‍රහාරකයන්ට ඔබගේ ගිණුමට ඇතුළු වීමට ඇති අවස්ථාව බෙහෙවින් අඩු වේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok| Youtube

Title:මෑතකදී වූ බස් රථ අනතුරු වල වීඩියෝ නරඹන්න ගිහින් මේ වගේ ව්‍යාජ සබැඳි වලට ඔබත් අසුවුණා ද?
Fact Check By: Pavithra SandamaliResult: False
