දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
වීථි සුනඛයින් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදු කළ බව කියන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබඳ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතිකාවක් නිර්මාණය වී තිබෙනු දැකගත හැකියි. ඒ අනුව එම සටහන පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කිරිමට අප මෙලෙස පියවර ගත්තේ ය.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
වීදි සුනඛයින් අපනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවට හඟවමින් සුනඛ මස් වෙළඳාමේ යෙදෙන රටවල් පමණක් වීදි බල්ලන් මිලදී ගැනීමට නියමිත බවට දක්වමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් සටහනක් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

වීදි සුනඛයින් රටින් තුරන් කිරීම සඳහා රුපියල් මිලියන 100ක් – සෞඛ්‍ය අමාත්‍ය නලින් ද ජයතිස්ස දැඩි තීරණයක යනුවෙන් සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ඡායාරූපයක් ද සහිතව තව ත් සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබුණා. මෙහිදී තුරන් කිරීම ඝාතනයට ලක් කරන බවට ඇතැම් පිරිස් නොමග ගොස් තිබුණා.

වීථි සුනඛයින් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යවරයා සිදු කළ බව කියන මෙම සටහන Instagram ඔස්සේ ද මෙලෙස පළකර තිබෙනු දැකගත හැකිවිය. Archived Link
වීදි සුනඛයින් රටින් තුරන් කිරීම සඳහා රුපියල් මිලියන 100ක් – සෞඛ්‍ය අමාත්‍ය නලින් ද ජයතිස්ස දැඩි තීරණයක යන සටහන කෙටි වීඩියෝවක් ආකාරයෙන් යූටියුබ් ඔස්සේ ද මෙලෙස පළ කර තිබුණා.
මේ අතර
ඒ අනුව සමාජ මාධ්‍යවේදිකා කිහිපයකම පළවී ඇති මෙම සටහන් වල නිර්වද්‍යතාව විමසා බැලීමට අප මෙලෙස පියවර ගත්තේ ය.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
සුනඛයින් සම්බන්ධ ඉහත සඳහන් ආකාරයේ කැබිනට් තීරණයක් නැහැ
එක් සුනඛයෙකුට හෝ හිංසනයක් වන ආකාරයේ සිදුවීමක් වාර්තා වුවහොත් මෙරට මාධ්‍ය නාලිකා එවැනි සංවේදී ප්‍රවෘත්ති සඳහා සිය ප්‍රවෘත්ති ප්‍රකාශවල ලබා දෙන්නේ, ප්‍රමුඛ ස්ථානයකි. ඒ අනුව වීදි සුනඛයින් මස් සඳහා අපනයනය කිරීමේ තීරණයක් හෝ වීදි සුනඛයින් රටින් තුරන් කිරීම සඳහා රුපියල් මිලියන 100ක් බවට වන ප්‍රකාශයක් හෝ අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබුවේ නම්, එවැනි ප්‍රවෘත්තියක් මාධ්‍ය නාලිකා ඔස්සේ ප්‍රචාරය කර තිබිය යුතු බැවින් අප මෑත කාලීනව පිළිගත් මාධ්‍ය නාලිකා මෙවැනි පුවතක් වාර්තා කර තිබුණේ දැයි පරීක්ෂා කර බැලුව ද කිසිදු ප්‍රවෘත්ති නාලිකාවක් අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදු කළ බවට වාර්තා කර තිබෙනු නිරීක්ෂණය නොවී ය. අමාත්‍යවරයා විසින් කැබිනට් තීරණ දැනුම් දීමකදී හෝ මෙවැනි තීරණ සම්බන්ධයෙන් අදහස් පළ කර නොමැති බව දැක ගන්නට ලැබෙනවා.
එමෙන්ම ඉහත සටහන PRIME NEWS ආකෘතියට සමානව සංසරණය වන බැවින් අප මෙවැනි පුවතක් PRIME NEWS ෆේස්බුක් පිටුවේ පළ කර තිබේදැයි පරීක්ෂා කර බැලූ අතර එහෙත් මෑතකාලීනව සුනඛයින් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරය එවැනි ප්‍රකාශයක් හෝ මීට ආසන්නව අදහසක් පළවන ප්‍රකාශයක් සිදුකර ඇති බව තහවුරු වන කිසිදු සටහනක් දැකගත නොහැකි විය.
වීදි සුනඛයින් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වූ කතාබහ
තවදුරටත් සිදු කළ කරුණු පරීක්ෂාවේදී පසුගිය පෙබරවාරි 20 වැනිදා සෞඛ්‍ය අමාත්‍යවරයා සුනඛ සපාකෑම් ඇතුළුව දත්ත සහිතව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකර ඇති බව නිරීක්ෂණය විය. මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එහිදී අමාත්‍යවරයා පවසන්නේ, 2024 වසරේ ජනවාරි 1 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ පුද්ගලයින් 184,926 ක් පමණ සුනඛ සපාකෑම් සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් සුනඛ සපා කෑම් සඳහා ප්‍රතිකාර සඳහා (එන්නත්) රජය රුපියල් මිලියන 850 ත් 1,000 අතර වියදම් කර ඇති බවත් ය. තව ද අමාත්‍යවරයා දත්ත සහිතව පසුගිය වසරේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම සුනඛ සපාකෑම් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි. මේ අතර ගැටලුව විසඳීම සඳහා ඒ වනවිටත් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් පළ කළ ද වීථී සුනඛයින් රටින් තුරන් කිරීමට හෝ ඔවුන් අපනයනය කිරීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කළ බවට වන ප්‍රකාශයක එහිදී හෝ අමාත්‍යවරයා සිදු නොකරයි. අමාත්‍යවරයා එහිදී පවසන්නේ, සුනඛ සපාකෑම් ගැටලුවක් ලෙස හඳුනාගෙන ඒ සඳහා අමාත්‍යංශය විශේෂ මැදිහත්වීමක් සිදු කරමින් සිටින බවත් ඒ යටතේ සුනඛ වනද්‍යකරණය, එන්නත්කරණය, සපාකෑමට ලක්වන පුද්ගලයින්ට ජලභීතිකා එන්නත ලබාදීම ඇතුළු විශේෂ වැඩපිළිවෙළක් මාර්තු මාසයේ සිට දියත් කිරීමට අපේක්ෂා කරන බවයි.
අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය පුවත් වෙබ් අඩවි කිහිපයක් පළ කර තිබූ ආකාරය මෙතැනින් සහ මෙතැනින්.
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්
මේ අතර වීථි සුනඛයින් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සම්බන්ධව අප සෞඛ්‍ය අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතාගේ මාධ්‍ය ලේකම්වරයාගන් විමසා සිටි අතර ඔහු පැවසුවේ, අමාත්‍යවරයා කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති අතර සුනඛයින් රට පටවන බවට කැබිනට් තීරණයක් හෝ ගෙන නොමැති බවයි. මෙය සමාජය නොමග යැවීමේ අරමුණින් සකසා පළ කරන ලද ව්‍යාජ සටහනක් බව ද ඔහු සඳහන් කළේ ය.

මේ අතර අප වීථී සුනඛයින් සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වන සටහන සම්බන්ධව සත්ත්ව සුබසාධනය වෙනුවෙන් කැප වූ ස්වේච්ඡා සංවිධානවල අදහස් විමසීමට ද අප පියවර ගත්තේ ය.
පශු වෛද්‍ය චමිත් නානායක්කාර – මානුෂික ක්‍රම මගින් සත්ත්ව ගහණ කළමනාකරණය කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුව
වීදි සුනඛයින් රටින් තුරන් කිරීම සඳහා රුපියල් මිලියන 100ක් යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සිදුකළ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන පිළිබඳව මානුෂික ක්‍රම මගින් සත්ත්ව ගහණ කළමනාකරණය කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුවේ නිර්මාතෘ පශු වෛද්‍ය චමිත් නානායක්කාර මහතාගෙන් අප විමසා සිටියේ ය. එහිදී පශු වෛද්‍ය නානායක්කාර මහතා සඳහන් කළේ, වීථි සුනඛයින් සහ අමාත්‍යවරයා සම්බන්ධ සමාජ මාධ්‍යයේ සංසරණය වන එම සටහන් අසත්‍යක් බවයි. තවද සත්ත්ව ගහණ කළමනාකරණයට ජාතික ප්‍රතිපත්තියක් සකසන ලෙස තමන් ඇතුළු සත්ත්ව සුබසාධන සංවිධාන මීට පෙර රජයෙන් ඉල්ලා සිටි බවත් මේ වනතෙක් එවැනි ප්‍රතිපත්තියක් සකස් කිරීමට පියවර ගෙන නොමැති බව සඳහන් කළ පශු වෛද්‍යවරයා කියා සිටියේ එවැනි වටපිටාවක් තුළ ඇතැමුන් රජයට විරුද්ධව, රජය සතුන් ඝාතනය කිරීමට සූදානම් වනවා වැනි ප්‍රචාරණයන් සිදු කරමින් යන බවත් රට තුළ සත්ත්ව ගහණ කළමනාකරණය පිළිබඳ නිසි ප්‍රතිපත්තියක් නොමැතිවීම තුළ ඇතැමුන් මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කරන බවත් ය. මේ අතර සත්ත්ව ගහණ කළමනාකරණය සඳහා වෙන් කර ඇති මුදල් සම්බන්ධයෙන් ද පශු වෛද්‍ය නානයක්කාර මහතා මෙලෙස අදහස් පළ කළේ ය.
“සත්ත්ව ගහණ කළමනාකරණයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සල්ලි පාස්වෙලා තියෙනවා. මිලියන 200ක්. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්ම තවම වඳ සැත්කම් කරලා ඉවර නෑ. මේක දේශපාලනඥයින්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. නිලධාරීන්ගෙ ප්‍රශ්නයක්”
ඒ අනුව සියලු පාර්ශවවල සහය ලබාගෙන සත්ත්ව ගහණ කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරිමේ අවශ්‍යතාව අවධාරණය කළ පශු වෛද්‍ය නානායක්කාර මහතා කියා සිටියේ, ජාතික ප්‍රතිපත්තියක් සකසා එය ක්‍රියාත්මක කරන ආකරය පිළිබඳ රටේ ජනතාව දැනුවත් කරන්නේ නම්, මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදු නොවන බවයි.
වීථි සුනඛයින් ගහණය වැඩි විම තුළ අනතුරු වැඩිවීම, ජලභීතිකා රෝගීන් වැඩිවීම සිදුවන බව සිය සංවිධානය ද පිළිගන්නා කරුණක් බවත් ඒ සඳහා ස්ථීර විසඳුම් අවශ්‍ය කරන බවත් පශු වෛද්‍යවරයා අවධාරණය කළේ ය.
මානුෂික ක්‍රම මගින් සත්ත්ව ගහණ කළමනාකරණය කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුව සතුන් වෙනුවනේ නිරන්තරව පෙනී සිටින බවත් රජය සතුන් වෙනුවෙන් ගනු ලබන යහපත් තීරණ වෙනුවෙන් සිය සංවිධානය සහය ලබා දෙන බවත් සඳහන් කළ පශු වෛද්‍ය නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේ, සත්ත්ව ගහණ කළමනාකරණය සම්බන්ධව ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සඳහා සිය සංවිධානය රජයට උපරිම සහය ලබා දීමට සූදානම් බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරණු විමර්ශනය අනුව අනාවරණය වන්නේ, වීදි සුනඛයින් රටින් තුරන් කිරීම සඳහා රුපියල් මිලියන 100ක් යන ප්‍රකාශයක් හෝ සුනඛයින් මස් සඳහා අපනයනය කරන බවට සෞඛ්‍ය අමාත්‍ය නලින් ද ජයතිස්ස දැඩි තීරණයක පසුවන බවට වන සමාජ මාධ්‍ය සටහන අසත්‍යයක් බවයි. අමාත්‍යවරයා කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති අතර මෙය පුවත් වෙබ් අඩවියක ෆේස්බුක් සටහන් ආකෘතියක් ව්‍යාජව යොදා ගනිමින් සකසන ලද සමාජය නොමග යවන සුළු ආකාරයේ සමාජ මාධ්‍ය සටහනකි.
Title:වීථී සුනඛයින් මස් සඳහා රට පටවන බවට කැබිනට් තීරණයක්?
Fact Check By: Sagarika ChathumaliResult: False


