රන් උගුඩුවා නිවසකට පණින අවස්ථාවක CCTV වීඩියෝවක්?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

සමාජය නොමග යවන අරමුණින් කෘතිම බුද්ධිය භාවිත කරමින් වීඩියෝ නිර්මාණය වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. ඒ අයුරින් පළ වූ නොමග යන තොරතුරු රැගත් වීඩියෝවක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ් සටහන් (Social Media Posts) :

“මෙරටට පමණක් ආවේණිකවූ පැණිකලවැද්දා නොහොත් රන් උගුඩුවා නමැති සත්ත්වයා මහනුවර, හාරිස්පත්තුව, හාරිස්පත්තුව, මැදවල ගම්මනායේදී ප්රදේශවාසින්ට දැක ගැනිමට හැකිවී තිබෙනවායනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් හුවමාරු වී තිබුණා. පැණිකලවැද්දා නමැති සත්ත්වයා නිවසකට පැමිණි අවස්ථාවක් CCTV හි පටිගත වී ඇති අයුරු බවට එම වීඩියෝවෙන් හඟවා තිබුණා.

Facebook

මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

රන්වන්, තද දුඹුරු පැහැයෙන් යුක්ත වන Golden palm civet නැත්නම් පැනි උගුඩුවන්/පැණි කලවැද්දා යනු ශ්‍රී ලංකාවට ආවේණික සිවට් වල උප විශේෂයකි. මෙම සිවට් වල ලොම් වල මී පැණි වර්ණය නිසා ප්‍රදේශවාසීන් පැනි උගුඩුවා ලෙස මොවුන් හඳුන්වනු ලබනවා. ස්වභාවයෙන්ම ගස්වල වාසය කරන සතුන් වුවද, ඔවුන් කෘමීන්, ගෙම්බන් සහ කටුස්සන් ආහාරයට ගන්නා අතර වනාන්තර බිම්වල සැරිසරති. ඔවුන්ගේ ආහාර වේලෙහි බෙරි සහ අනෙකුත් විශාල පළතුරු ද අඩංගු වෙනවා.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ පැණි උගුඩුවන් ලෙස පෙන්වා ඇති සත්ත්වයා සත්‍ය පැණි උගුඩුවන්ට වඩා සම්පූර්ණයෙන් ම වෙනස් බව දැක ගන්නට ලැබෙනවා.

සත්‍ය පැණි උගුඩුවෙකුගේ ඡායාරූප පහතින්.

Website Link

ඉහත සමාජ මාධ්‍ය වීඩියෝවේ දක්නට ලැබෙන අස්වභාවික ස්වභාවය මත විශේෂයෙන් ම, එහි සිටින සතාගේ වලිගය සතාගේ ශරීරයේ මැදි කොටසින් සවි වී තිබීම මෙන් ම, එම අවස්ථාවේ බිය වන පුද්ගලයා සත්ත්වයා සිටින ප්‍රදේශය නොව වෙනත් ස්ථානයක් දෙස බලා බිය වන බවක් දැක ගන්නට ලැබෙනවා.

මේ  හේතුවෙන් අප ඉහත වීඩියෝව AI ඔස්සේ ජනනය කරන ලද වීඩියෝවක් ද, යන්න පරීක්ෂා කරනු ලැබුවා. එහිදී තහවුරු වූයේ මෙම වීඩියෝව AI ඔස්සේ ජනනය කර ඇති බවයි.

එමෙන් ම එම වීඩියෝවේ පසුබිමින් පැණි උගුඩුවෙකු හමුවූ බවට පැවසෙන පුවත සම්බන්ධයෙන් පරීක්ෂා කළ අතර එය මේ වසරේ මාර්තු මසදී ‘හිරු පුවත්’ ඔස්සේ විකාශය වූ පුවතකින් ගෙන ඇති හඬ පටයක් බවට දක්නට ලැබේ. එම පුවත පහතින්. ඒ සම්බන්ධයෙන් පළ වූ වෙබ් ලිපිය මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෙරටට පමණක් ආවේණිකවූ පැණිකලවැද්දා නොහොත් රන් උගුඩුවා නමැති සත්ත්වයා නිවසකට පැමිණි අවස්ථාවක් බවට පෙන්වීමට යොදා ගෙන ඇත්තේ, AI ඔස්සේ ජනනය කරන ලද වීඩියෝවක් බවයි. එමෙන් ම අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ, පැණි උගුඩුවා නමැති සත්ත්වයාට හාත්පසින් වෙනත් සත්ත්වයෙක් වේ.

Avatar

Title:රන් උගුඩුවා නිවසකට පණින අවස්ථාවක CCTV වීඩියෝවක්?

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *