දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
මහත් ආන්දෝලනයකට ලක් ව තිබූ ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හා ඊට උපකාර කළ අය සොයා විමර්ශන ද, මේ දිනවල සමාජයේ දැඩිව කතා බහට ලක්වන කරුණක්. මේ අතර නීතිඥවරියක් ද, මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඒ හා අසත්‍ය තොරතුරු ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූවා. මේ අප ඒ පිළිබඳ සිදු කරන කරුණු පරීක්ෂාවක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
සංජීව මරන්න සෙව්වන්දිට දණ්ඩනීති සංග්‍රහය පොත් 2ක් නීතිඥ ටයිපටි දෙකක් ව්‍යාජ හැදුනුම් පතක්, වාහන පාස් එකක් ලබා දී අත්අඩංගුවට පත් මාලිමාවේ මන්ත්‍රී බිරිඳ ලෙස සඳහන් කළ සමාජ මාධ්‍ය සටහනක් වූයේ ඡායාරූපයක් ද, සමගයි.

ඒ තේමාවෙන්ම හුවමාරු වූ තවත් සටහනක් පහතින්.

මෙහි නිරවද්‍යතාව සොයා බලන ලෙස අප වෙත ලැබුණු පාඨක ඉල්ලීම් ද, මුල් කරගනිමින් අප මේ පිළිබඳව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේදී ඉෂාරා සෙව්වන්දිට පිස්තෝලය සඟවා ගෙන ඒම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දීම සම්බන්ධයෙන් සැකපිට ගම්පහ ප්‍රදේශයේ නීතිඥවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ සම්බන්ධයෙන් පළ වන පුවත් වාර්තා මෙතනින් සහ මෙතනින්.
කෙසේ වෙතත් මෙලෙසින් අත්අඩංගුවට පත් වූ නීතිඥවරිය කවුරුන්ද යන්න හෝ ඇය ගම්පහ ප්‍රදේශයේ මාලිමාවේ මන්ත්‍රීවරයෙකුගේ බිරිඳ බවට ප්‍රධාන මාධ්‍ය සඳහන් කර නොතිබුණි.
නමුත් ඇතැම් වෙබි අඩවි මෙන් ම සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දී තිබුණේ, අත්අඩංගුවට පත් වී තිබුණේ, තමරා අබයරත්න නම් නීතිඥවරියක් බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ ජාතික ජන බලවේගයේ නීතිඥ තරංග වීරසිංහගේ බිරිඳ තමරා අබේරත්න බවට සඳහන් කර තිබූ ඉහත ඡායාරූපය පිළිබඳව අප පරීක්ෂා කළ අතර එහිදී දැක ගන්නට ලැබුණේ එම ඡායාරූපය 2019 වසරේ දෙසැම්බර් 21 වනදා පළ වී තිබූ 2018 වසරේ ගම්පහ නීතිඥවරුන්‌ගේ පැදුරු පාටිය යනුවෙන් සඳහන් කළ ඡායාරූප ගොනුවකින් ලබා ගත් ඡායාරූපයක් බවයි.

එමෙන් ම එම ඡායාරූපයේ තමරා අබේරත්න නීතිඥවරිය විසින්, මීට වසර පහකට පෙර එක් කරන ලද කමෙන්ටුවක ද සඳහන් කර තිබුණේ, තමා සහ තරංග වීරසිංහ යනු, එකට අධ්‍යාපනය ලැබූ එකම කණ්ඩායමේ සහෘදයෙකු (batchmate) බවයි.

නීතිඥ තරංග වීරසිංහ
අප මේ පිළිබඳව ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී නීතිඥ තරංග වීරසිංහ මහතාගෙන් දුරකතන මාර්ගයෙන් විමසීමක් කරනු ලැබුවා.
ඔහු තහවුරු කළේ, ඉහත ඡායාරූපයේ සිටින්නේ තමන්ගේ බිරිඳ නොවන බව ත්, තමරා අබේරත්න තමන්ගේ විශ්ව විද්‍යාලයීය මිතුරියක් බවයි.
එමෙන් ම තමන්ගේ බිරිඳ නිවසේ සිට ව්‍යාපාරයක් කරගෙන යන කාන්තාවක් බවත්, ඇයගේ නම මංගලා ලක්මිනි බව ත්, ඇය නීතිඥවරියක් ද, නොවන බව ඔහු පැහැදිලි කළා.
අපගේ ඉල්ලීම මත නීතිඥ තරංග වීරසිංහ අප වෙත ඔහුගේ පවුලේ ඡායාරූපයක් යොමු කළ කරනු ලැබීය.

එසේම තමාව ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වී තිබු මඩ අවලාද සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ ද නාගරික මන්ත්‍රීවරයා සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක
අප මේ පිළිබඳව තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතාගෙන් විමසා සිටි අතර ඔහු සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් නීතිඥවරිය ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු හෝ වෙනත් මන්ත්‍රීවරයෙකුගේ හෝ බිරිඳක් ලෙසට තොරතුරු වාර්තා නොවුණු බවයි.
ගම්පහ නීතිඥවරුන්
ගම්පහ නීතිඥවරුන් කිහිප දෙනෙකුගෙන් ද, අප සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් විමසා සිටි අතර ඔවුන් තහවුරු කළේ ද, නීතිඥ තරංග වීරසිංහගේ බිරිඳ , අත්අඩංගුවට පත්වූ තමරා අබේරත්න නොවන බවයි.
ජාතික ජනබලවේගයේ මාධ්‍ය අංශය
ජාතික ජන බලවේගයේ මාධ්‍ය සඳහන් කළේ, සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවත්, මේ සඳහා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරනු ලබන්නේ, ගම්පහ නාගරික මන්ත්‍රීවරියකගේ බිරිඳක් නොවන බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ගනේමුල්ල සංජීව ඝාතනයට උපකාර කළ බවට අත්අඩංගුවට ගෙන ඇති තමරා අබේරත්න නමැති නීතිඥවරිය ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරයෙකු වන නීතිඥ තරංග වීරසිංහ මහතාගේ බිරිඳ බවට පළ වන සටහන් අසත්‍ය බවයි.
එම ඡායාරූපයේ සිටින, අත්අඩංගුවට පත් නීතිඥවරිය, තරංග මහතා සමඟ එකට අධ්‍යාපනය ලද ඔහුගේ විශ්ව විද්‍යාල මිතුරියකි.
 
					  Title:සංජීව ඝාතනයේදී සෙව්වන්දිට සහය දීම හේතුවෙන් සැකපිට අත්අඩංගුවට පත්වූ නීතිඥවරිය, NPP මන්ත්‍රීවරයෙකුගේ බිරිඳක් ද?
Fact Check By: Pavithra SandamaliResult: False



 
	 
						 
						