දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ඉන් ආරක්ෂා වීමට එම අවට ප්‍රදේශ වලින් ඉවත් වීමට ජනතාව දැනුවත් කර තිබුණා. මේ අතර කැලණි ගඟේ ආරක්ෂණ වේල්ල පුපුරා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ වූ අතර එහි සත්‍ය සොයා අප සිදු කරන ලද කරුණු පරීක්ෂාවයි මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“කැලණි ගඟේ බන්ට් එක පුපුරන්න පටන් අරන් වතුර ලීක් එකක්. පහත් බිම් වල අය වඩාත් විමසිල්ලෙන් කටයුතු කරන්න” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා.
තව ත් වීඩියෝවක් මෙතනින්.
මෙහි නිරවද්‍යතාව සොයා බලන ලෙස අපට ලැබුණු පාඨක ඉල්ලීම්ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ විමසා බැලීමට අප පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
වාරිමාර්ග අධ්‍යක්ෂ, වාරිමාර්ග දෙපාර්තමේන්තුව
වාරිමාර්ග අධ්‍යක්ෂ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ මහත්මියගෙන් අප කැලණි ගගේ ආරක්ෂණ වේල්ල පුපුරා ඇති බවට සඳහන් වන වීඩියෝව සම්බන්ධයෙන් විමසීමක් කළා. ඇය සඳහන් කළේ, එම පුවත අසත්‍ය බවයි. ආරක්ෂණ වේල්ලට හානි වී නොමැති බව ත්, කැලණිය රජමහා විහාරය භූමියට ඇතුල්වෙන ප්‍රවේශ මාර්ගයට යාබදව තිබෙන ආරක්ෂණ වේල්ල යටින් ජල කාන්දු වීමක් තිබෙන නමුත් එය ආරක්ෂණ වේල්ලට අඩි 30 ක් පමණ ඈතින් තිබෙන බවයි සඳහන් කළේ. එමෙන් ම කැලණි ග ආරක්ෂණ වේල්ලට කිසිදු අවදානමක් නොමැති බව ත්, එය ද නිලධාරීන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව වෙනත් ස්ථානයක ඇති වී ඇති කාන්දුවට ද, පිළියම් යොදා ඇති බව ත් සඳහන් කළා. මේ හේතුවෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
කැලණි රජමහා විහාරයේ එම සිදුවීම වූ ස්ථානයේ සිට සමාජ මාධ්‍ය පරිශීලකයෙකු විසින් කැලණි ගඟේ ආරක්ෂණ වේල්ලට කිසිදු අනතුරක් නොමැති බවට හා සමාජ මාධ්‍ය සටහන් වල පැතිරුණු අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් Facebook live වීඩියෝවක් පළ කර තිබුණේ මෙලෙසින්.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවවිසින් ඊයේ නිකුත් කළ අනතුරු ඇඟවීම
කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ඒ අනුව ඉදිරි පැය 48ක කාලය තුළ ඇහැලියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කැලණිය, වත්තල හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෙලෙස මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කැලණි ගංගා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වනවිට අධික වැසි ඇදහැලෙමින් ඇති බවය.
එම වර්ෂා තත්ත්වය ද, කැලණි ගඟ ඉහළ ද්‍රෝණියේ පිහිටි ජලාශවලින් පිටකරනු ලබන ජල ප්‍රමාණය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කැලණි ගංගා ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මේ තත්ත්වයෙන් ජීවිත හා දේපළ ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් හා මගීන්ගෙන් ඉල්ලා සිටියි.
අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශවලින් ඉල්ලීමක් කරයි.මේ සම්බන්ධයෙන් පළ වූ පුවතක් මෙතනින්.
සැ.යු.
සමාජයේ වගකිව යුතු පුරවැසියන් ලෙස මෙවන් ව්‍යසනකාරී තත්ත්වයන් උඩදී මහ ජනතාවට අනිසි බියක් ඇති කරමින් අසත්‍ය පුවත් නොපතුරුවන ලෙස Factcrescendo අප කණ්ඩායම කාරුණිකව ඔබෙන් ඉල්ලමු.
නිතරම තහවුරු වූ තොරතුරු පමණක් හුවමාරුකර ගන්නා ලෙස අප ඔබට යළි මතක් කරන්නෙමු.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
කැලණි ගඟේ ආරක්ෂණ වේල්ල පුපුරා ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
Title:කැලණි බැම්ම පුපුරා ඇති බවට පළ වන සටහන් අසත්‍යයි – වාරිමාර්ග දෙපාර්තමේන්තුව
Fact Check By: Pavithra SandamaliResult: False


