ජනපති විසින් සහ රජයේ ප්‍රදාන, රජයේ මුදල් ආධාර දෙන බවට පළවන ව්‍යාජ සටහන් පෙළක්!

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

රජය විසින් සිදු කරන ලබන ආධාර සහ ප්‍රදාන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ සටහන් හුවමාරු වනු ලබයි. එවැනි සටහන් කිහිපයක් පිළිබඳ Facatcrescendo අප සිදු කරන කරුණු විමර්ශනයන් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Claim 1:

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලුම දිළිඳු පවුල් සඳහා රු. 50,000 ක නත්තල් උත්සව ප්‍රදානයක් අනුමත කර ඇති බව දක්වමින් ඒ සඳහා සබැඳියක් දක්වමින් ඒ ඔස්සේ ලැබෙන ෆෝරමය දක්වා ඇති ගැටලු සඳහා පිළිතුරු ලබා දීම මගින්  රු. 50,000 ක් ලැබෙනු ඇති බවට සමාජ මාධ්‍ය සටහනක් සංසණය වී තිබුණා.

Facebook 

එම පණිවිඩය WhatsApp ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

Fact-Check:

මෙම පණිවිඩ වල දක්වා ඇති සබැඳියේ ලිපිනය නිල නොවන සැක සහිත සබැඳියක් බවට දැක ගන්නට ලැබෙන බැවින් අප මෙවැනි වැඩසටහනක් නත්තල උදෙසා ජනාධිපති අනුර කුමාර විසින් දියත් කරන බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇත්දැයි යන්න පරීක්ෂා කරනු ලැබුවා. නමුත් අපට එවැනි පුවතක් දැක ගන්නට නොලැබුණි.

අප මේ හේතුවෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් මෙ වැඩසටහන සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ, දිළිඳු පවුල් සඳහා රු. 50,000 ක නත්තල් උත්සව ප්‍රදානයක් අනුමතකර ඇති බවට පළ වන සටහන් අසත්‍ය බවත්, එවැනි වැසටහනක් ක්‍රියාත්මක නොවන බව ත්ය.

Claim 2:

ජනාධිපති අනුර කුමාර මහතා ලෝක බැංකුව සමඟ හවුල්කාරිත්වයෙන් රු.10000 ක මුදල් ත්‍යාගයක් අනුමත කරයියනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

Fact-Check:

මෙවැනි පුවතක් දෙරණ පුවත් වල හෝ කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක වාර්තා නොවූ බැවින් අප මෙවැනි ව්‍යාපෘතියක් සිදු කරනවාද යන්න ජනාධිපති මාධ්‍ය අංශය හරහා විමසනු ලැබුවා.

ඔවුන් තහවුරු කරේ මෙය ව්‍යාජ පුවතක් බව ත්, ජනාධිපති විසින් හෝ ලෝක බැංකුව සමගින් හෝ මෙවැනි වැඩපිළිවෙළක් සිදු නොවන බවයි.

මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය විසින් ද, නිවේදනයක් පළ කර තිබුණේ මෙලෙසින්.

Facebook

ඒ අනුව මෙම සබැඳි සත්‍ය අවස්ථා නොව තතුබෑම් වංචාවක්(phishing scam) බවට තහවුරු වේ.

Claim 3:

ශ්රී ලංකාවේ අර්බුදයකට මුහුණ දී සිටින පවුල් සහ තරුණයින් සඳහා ජාතික ආධාර අරමුදලක් ලෙස රු. 50,000 සහන ප්රදාන මුදලක් ශ්රී ලංකා රජය විසින් අනුමත කර ඇති අතර සඳහා අයදුම් කරන ලෙස සඳහන් කර ගනිමින් සමාජ මාධ් තුළ සටහන් හුවමාරු විය.  

Website Link

එමෙන්ම මේ සම්බන්ධව whatsapp සමාජ මාධ් ඔස්සේද තොරතුරු හුවමාරු වී ඇති අන්දමින් අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.

Fact-Check 

ශ්‍රී ලංකාවේ අර්බුදයකට මුහුණ දී සිටින පවුල් සහ තරුණයින් සඳහා ජාතික ආධාර අරමුදලක් ලෙස රු. 50,000 ක සහන ප්‍රදාන මුදලක් ශ්‍රී ලංකා රජය විසින් අනුමත කර ඇති ද යන්න පිළිබඳව අප ප්‍රථමයෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂාවක් සිදු කළා. නමුත් රජය විසින් එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව ට කිසිදු පුවතක් වාර්තා වී තිබුණේ නැහැ.

ඉහත වැඩසටහන් සඳහා ලියාපදිංචි වන ලෙස දක්වා ඇති සබැඳි පරීක්ෂා කිරීමේදී ද, එය එවැනි වැඩසටහනක් සඳහා යොමු කරන ලිපිනයක් නොව ව්‍යාජ සබැඳියක් බව දක්නට ලැබුණි. මෙම සබඳියට පසුව අප පරීක්ෂා කිරීමේ දී එය ඉවත් කළ ඇති ආකාරයද අපට දැක ගැනීමට හැකියාවක් ලැබිණ.

මේ හේතුවෙන් අප මේ පිළිබඳ තව දුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ, ඉහත සමාජ මාධ්‍ය සටහන ව්‍යාජ සටහන් බව ත්, රජය විසින් ශ්‍රී ලංකාවේ අර්බුදයකට මුහුණ දී සිටින පවුල් සහ තරුණයින් සඳහා රු. 50,000 ක සහන ප්‍රදාන මුදලක් ශ්‍රී ලංකා රජය විසින් අනුමත කරන ලද ව්‍යාපෘතියක් මෙන් ම, සෑම නිවසකට ලබා දෙන ප්‍රදානයක් සම්බන්ධයෙන් ව්‍යාපෘති, ක්‍රියාත්මක නොවන බව ත් ය. 

Claim 4:

වයස අවුරුදු 18ට වැඩි සෑම පුරවැසියෙකුමට රුපියල් 100,000 ක රාජ්‍ය ආධාර ලබා  ගැනීමට දැන්ම ලියාපදිංචි වන්න ලෙස සඳහන් කරමින් සටහනක් සමාජ මාධ‍්‍ය ඔස්සේ සංසරණය වූයේ ‍‍මෙලෙසින්.

Facebook | Archived Link Facebook | Archived Link 

Fact-Check :

වයස අවුරුදු 18 ට වැඩි සෑම පුද්ගලයෙකුටම මෙලෙසින් මුදල් ආධාර ලබා දීමේ වැඩපිළිවෙළක් සිදු වෙනවා ද යන්න අප ප්‍රථමයෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂාවක් සිදු කළා.

නමුත් රජය විසින් එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව ට කිසිදු පුවතක් වාර්තා වී තිබුණේ නැහැ.

ඉහත වැඩසටහන සඳහා ලියාපදිංචි වන ලෙස දක්වා ඇති සබැඳිය පරීක්ෂා කිරීමේදී ද, එය එවැනි වැඩසටහනක් සඳහා යොමු කරන ලිපිනයක් නොව ව්‍යාජ සබැඳියක් බව දක්නට ලැබුණි.

මේ හේතුවෙන් අප මේ පිළිබඳ තව දුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ, ඉහත සමාජ මාධ්‍ය සටහන ව්‍යාජ සටහනක් බව ත්, රජය විසින් වයස අවුරුදු 18 ට වැඩි සෑම පුද්ගලයෙකුටම රුපියල් ලක්ෂයක මුදල් ආධාර ලබා දීමේ ව්‍යාපෘතියක් ද, ක්‍රියාත්මක නොවන බව ත් ය.

Phishing Attack යනු කුමක්ද?

තතුබෑම් ප්රහාර යනු පරිශීලකයින්ගේ පුද්ගලික තොරතුරු, එනම් මුරපද, ක්රෙඩිට් කාඩ්පත් තොරතුරු, බැංකු ගිණුම් අංක වැනි දෑ සොරකම් කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ සිදු කරන වංචනික ක්රියාවකි. මෙහිදී ප්රහාරකයන් විශ්වාසනීය ආයතනයක් (උදා: බැංකුවක්, සමාජ මාධ් ජාලයක්, රජයේ ආයතනයක්) ලෙස වෙස්වලා ගනිමින් විද්යුත් තැපෑල, කෙටි පණිවිඩ හෝ වෙබ් අඩවි හරහා ඔබව රවටා තොරතුරු ලබා ගැනීමට උත්සාහ කරයි.

සරලවම කිවහොත්, මෙය මසුන් ඇල්ලීමට සමානයි. මසුන් ඇල්ලීමට බිලී කොක්කක් භාවිතා කරන්නා සේම, තතුබෑම් ප්රහාරකයාද ව්යාජ විද්යුත් තැපෑලක් හෝ වෙබ් අඩවියක් භාවිත කර ඔබේ පුද්ගලික තොරතුරුඅල්ලා ගැනීමටඋත්සාහ කරයි.

තතුබෑම් ප්රහාරවලින් ආරක්ෂා වීම සඳහා ගත හැකි ක්රියාමාර්ග

තතුබෑම් ප්රහාරවලින් ආරක්ෂා වීම සඳහා ගත හැකි වැදගත්ම ක්රියාමාර්ග කිහිපයක් මෙන්න:

  • පණිවිඩවල සත්යතාව පරීක්ෂා කරන්න: ඔබට ලැබෙන විද්යුත් තැපෑලක් හෝ කෙටි පණිවිඩයක් සැක සහිත නම්, එහි ඇති අක්ෂර වින්යාස දෝෂ, ව්යාකරණ දෝෂ, සහ පණිවිඩය එවූ විද්යුත් තැපැල් ලිපිනය හොඳින් පරීක්ෂා කරන්න. නිවැරදි ලිපිනයක් වෙනුවට අමුතු අකුරු සහ සංකේත ඇතුළත් ලිපිනයක් තිබේ නම් එය වංචනික විය හැකියි.
  • අනාරක්ෂිත සබැඳි (Links) ක්ලික් නොකරන්න: සැක සහිත පණිවිඩයක හෝ වෙබ් අඩවියක ඇති සබැඳි ක්ලික් කිරීමෙන් වළකින්න. සබැඳිය මත මවුස් කර්සරය (mouse cursor) තබා එහි සැබෑ ගමනාන්තය පරීක්ෂා කර බැලීමෙන් එහි සත්යතාව තහවුරු කර ගත හැකියි.
  • පුද්ගලික තොරතුරු ලබා නොදෙන්න: දුරකථනයෙන්, විද්යුත් තැපෑලෙන් හෝ කෙටි පණිවිඩ මගින් ඔබේ මුරපද, බැංකු ගිණුම් අංක, හෝ ක්රෙඩිට් කාඩ්පත් අංක වැනි සංවේදී තොරතුරු කිසිවිටෙක ලබා නොදෙන්න. කිසිදු විශ්වාසනීය ආයතනයක් මේ ආකාරයට ඔබේ පුද්ගලික තොරතුරු ඉල්ලන්නේ නැහැ.
  • වෙබ් අඩවි වල ලිපිනයන් පරීක්ෂා කරන්න: වෙබ් අඩවියක ඔබගේ තොරතුරු ඇතුළත් කිරීමට පෙර එහි ලිපිනය (URL) https:// ලෙස ආරම්භ වන බව සහ අගුළු නිරූපකය (lock icon) ඇති බව තහවුරු කරගන්න. මෙමගින් එම වෙබ් අඩවිය ආරක්ෂිත බවට යම් තරමක විශ්වාසයක් තබා ගත හැකියි.
  • මුරපද කළමනාකරණය: ශක්තිමත් සහ සංකීර්ණ මුරපද භාවිතා කරන්න. හැකි සෑම විටම මුරපද කළමනාකරණ මෘදුකාංගයක් (password manager) භාවිතා කරන්න. එකම මුරපදය විවිධ ගිණුම් සඳහා භාවිතා කිරීමෙන් වළකින්න.
  • ද්විසාධක සත්යාපනය (Two-Factor Authentication – 2FA) භාවිතා කරන්න: ඔබට හැකි සෑම ගිණුමක් සඳහාම 2FA සක්රිය කරන්න. මෙහිදී මුරපදයට අමතරව ඔබගේ දුරකථනයට හෝ විද්යුත් තැපෑලට එන කෙටි කේතයක්ද ඇතුළත් කළ යුතු බැවින්, ප්රහාරකයන්ට ඔබගේ ගිණුමට ඇතුළු වීමට ඇති අවස්ථාව බෙහෙවින් අඩු වේ.
  • මෘදුකාංග යාවත්කාලීන කරන්න: ඔබගේ පරිගණකයේ, ජංගම දුරකථනයේ සහ අනෙකුත් උපාංගවල මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග නිතිපතා යාවත්කාලීන කරන්න. මෙම යාවත්කාලීන කිරීම් මගින් ආරක්ෂක දුර්වලතා වළක්වා ගත හැකිය.

මෙම ක්රියාමාර්ග අනුගමනය කිරීමෙන් ඔබට තතුබෑම් ප්රහාරවලින් ආරක්ෂා වී, ඔබේ පුද්ගලික තොරතුරු සුරක්ෂිතව තබා ගත හැකියි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Avatar

Title:ජනපති විසින් සහ රජයේ ප්‍රදාන, රජයේ මුදල් ආධාර දෙන බවට පළවන ව්‍යාජ සටහන් පෙළක්!

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *