ආපදාවෙන් පීඩාවට පත් දරුවන්ට නාමල්ගේ රුව සහිත පාසල් බෑග් බෙදා හැරියා ද? 

Misleading Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ඇතැමුන් වසර ගණනාවකට ඉහත සිදුවීම් මාධ්‍ය ජාලා වෙත යළි මුදා හරිමින්,  ඒවා මෑත කාලීන සිදූවීම් ලෙස හුවා දක්වමින්, නොමඟ යවන සුළු සමාජ කතිකාවත් නිර්මාණය කිරීමට දරණ උත්සාහයන් අපට විටින් විට දැකගන්නට ලැබෙනවා. මේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ සම්බන්ධව එලෙස නොමග යන සුළු ආකාරයෙන් පළ කර ඇති සටහනක් පිළිබඳව අප සිදු කළ විමසා බැලීමක්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

‘2029 ජනපතිගේ’ යන තේමාවෙන් පසුගිය දෙසැම්බර් 18 වැනිදා පළ කර ඇති මෙම සටහන මගින් පෙන්වා දෙන්නේ මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ රුව සහිත බෑගයක්, කුඩා දරුවෙකු කරේ එල්ලා ගෙන සිටින ආකාරයක්. 

රටට බලපෑ ආපදා තත්ත්වය හමුවේ නාමල් රාජපක්ෂ විසින් ආපදාවට පත් පවුල්වල දරුවන්ට සිය රුව සහිත පාසල් බෑග් ලබා දීමක් සිදුකර ඇති බවත් එය ‘තුච්ච දේශපාලනයක්’ ලෙස මෙමගින් හඟවා ඇති බවක් නිර්ක්ෂණය වෙනවා.

Facebook | Archived Link

සත්‍ය ලෙසම නාමල් රාජපක්ෂ විසින් මෙවැන්නක් සිදු කර ඇතැයි සිතා ඇතැමුන් මෙලෙස අදහස් පළ කර තිබුණා. 

මැතිවරණයක් පිළිබඳ ඉඟියක් හෝ නොමැති අවස්ථාවක මෙවන් ක්‍රියාවක් සිදු කිරීමේ ඇති ප්‍රශ්න සහගත බව නිසා ම අප මෙහි නිර්වද්‍යතාව විමසා බැලීමට පියවර ගත්තා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම):

රට මුහුණදුන් අතිශය ව්‍යසනකාරී තත්වය හමුවේ අවතැන් වූ සහ පීඩාවට පත් පිරිස් වෙනුවෙන් දසතින්ම ආධාරය ගලා ආ අතර පෞද්ගලික මට්ටමින් සහ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වශයෙන් ද පීඩාවට පත් ජනතාව වෙනුවෙන් හැකි පමණින්  ආධාර උපකාර කිරීමට බොහෝ දෙනා පෙළ ගැසුණු ආකාරයක් දැක ගත හැකි වුණා. 

මේ අනුව මුලින්ම පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ආපදාවට ලක්වූ පාර්ශව වෙත සැලසුම් කර ඇති වැඩසටහන් අප පරික්ෂා කළ අතර එහිදී ළමුන්ට පාසල් උපකරණ ලබාදීමට ‘ආදරය’ නමින් නව වැඩසටහනක් දියක්කර තිබුනේ මෙලෙසින්. නමුත් ඒ හා සම්බන්ධ වැඩසටහන්වල දී ද ඔහුගේ රුව සහිත පාසල් බෑග් පිරිනැමීමක් දැකගනන්ට ලැබුනේ නැහැ. එවැනි අවස්ථා කිහිපයක් මෙතනින් සහ මෙතනින්.

ඔහු එවැනි දේශපාලන හෝ වෙනත් ප්‍රචාරණ කටයුත්තතක් සඳහා මෙම ආපදාව පාවිච්චි කිරීමේ උත්සාහයක නිරත වූවේ නම්, එය සමාජයේ කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත් වේ. එහෙත් කිසිදු මාධ්‍යක් නාමල් රාජපක්ෂ මහතා ආධාර ප්‍රදානය හරහා දේශපාලන ප්‍රචාරණයක් සිදු කළ බවට වාර්තා කර නොතිබිණ.  

වසර 7 ක් පැරණි ඡායාරුපයක්!

නාමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශයේ නිල ෆේස්බුක් පිටුවේ දැක්වුණේ, සමාජ මාධ්‍යජාල වල සංසරණය ඡායාරූපය මන්ත්‍රී නාමල් රාජපක්ෂ කෙරෙහි අප්‍රසාදය ඇති කිරීමේ අරමුණින්, සංස්කරණය කර පළ කරන ලද්දක් බවයි. 

Facebook | Archived Link

එහි සඳහන් පරිදි මෙය සත්‍ය ලෙසම සංස්කරණය කරන ලද ඡායාරූපයක් ද යන්න තහවුරු කරගැනීම සඳහා අප මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් වෙත යෙමු කිරීමට පියවර ගත්තා. 

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නාමල් රාජපක්ෂගේ රුව සහිත බෑගයක් එල්ලා ගෙන සිටින දරුවාගේ ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක් නොව, 2018 වසරේදී ඔහු විසින් දරුවන්ට ලබාදී ඇති සිය රුව සහිත පාසල් බෑගයක් බව අපට අනාවරණය විය.

2018 දෙසැම්බර් මස ඉහත ඡායාරූපය ෆේස්බුක්හි පළ කර තිබු අවස්ථා පහතින්.  

FacebookArchived

තවදුරටත් සිදු කළ කරුණු පරීක්ෂාවේදී  2018  වසරේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල දරුවන්ට සිය රුව මුද්‍රණය කරන ලද පාසල් බෑග් බෙදාහැරි බවක් සමාජ ජාලාවල  පළ කර ඇති බව තවදුරටත් තහවුරු විය. එහිදී බෙදා දුන් බෑග්වල නාමල් රාජපක්ෂගේ රුව මුද්‍රණය කර තිබෙන අයුරු ද මෙලෙස දැකගත හැකි විය. 

මේ අතර එවක තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිව සිටි ලාලිත වනිගසේකර ද 2018 ජුලි 02 වැනිදා සිය නෙටොල්පිටිය කොට්ඨාසයේ පෙරපාසල් ළමයින්ට පාසැල් බෑග් ලබාදීම ගරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා සමගින් යනුවෙන් සඳහන් කරමින් නාමල් රාජපක්ෂ පාසල් පොත් බෑග් බෙදා දෙන  අවස්ථාවේ ඡායාරූප මෙලෙස Archived පළ කර තිබුණා. 

මේ අතර මෙම ඡායාරූප අවභාවිත කරමින් මීට පෙර ද සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක්  හුවමාරු වී තිබූ අතර Factcrescendo අප ඒ සම්බන්ධයෙන් මීට වසර දෙකකට පෙර සිදු කළ කරුණු පරීක්ෂාව පහතින් .

නාමල් වෙනුවට අනුරගේ රුව යෙදු පාසල් බෑග් ඡායාරුප සංස්කරණයක් !

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනය අනුව තහවුරු වන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නාමල් රාජපක්ෂ මහතාගේ රුව සහිත පාසල් බෑගයක් එල්ලා ගෙන සිටින දරුවකුගේ ඡායාරූපය මෑතකාලීන අපදා තත්ත්වය හමුවේ දරුවෙකුට ලබා දුන් බෑගයක ඡායාරූපයක් හෝ සංස්කරණය කරන ලද ඡායාරුපයක් නොව, එය මීට වසර 7 කට පෙර එනම් 2018 වසරේ දී නාමල් රාජපක්ෂගේ රුව සහිතව දරුවන්ට බෙදා දුන් බෑගයක් එල්ලා ගෙන සිටින දරුවෙකු දැක්වෙන ඡායාරූපයක් බවයි. 

Avatar

Title:ආපදාවෙන් පීඩාවට පත් දරුවන්ට නාමල්ගේ රුව සහිත පාසල් බෑග් බෙදා හැරියා ද?

Fact Check By: Sagarika Chathumali 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *