“Go Home Anura” පාඨය සමඟ නත්තල් දින රාත්‍රියේ පැවැත්වූ මහජන විරෝධතාවක වීඩියෝවක්ද?

Misleading Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Go Home Anura”සටන් පාඨය පවසමින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව මහජන විරෝධතාවයක් නත්තල් දින රාත්‍රියේ පැවැත්වූ බවට වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතී. ඒ අනුව මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප කටයුතු කළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“සමාරම්භය Go Home අනුර” යනුවෙන් සඳහන් කරමින් #GohomeAnura යන හෑෂ්ටැග් එක ද සමඟ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය තුළ පල කර තිබුණා.

Facebook | Archived Link

අදාළ වීඩියෝවේ ඇතුළත් සිදුවීම ඊයේ (දෙසැම්බර් 25) නත්තල් දින රාත්‍රියේ ඇති වූ විරෝධතාවයක් ලෙසයි සමාජ මාධ්‍ය තුළ බහුලව සංසරණය වී තිබුණේ.

Facebook

මෙම වීඩියෝ දමිළ බසින් ද හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

සත්‍ය ලෙසම මෙම වීඩියෝව ජනතාව විසින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව වෙත ඊයේ දිනයේ විරෝධය පළ කරන ලද අවස්ථාවක වීඩියෝවක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

වීඩියෝවේ හඬ පටය විරෝධතාවයක ස්වරූපයක් ගත්තත්, එහි රූප රාමු ඊට සමාන වන්නේ නැහැ. රාමු වල දැක්වෙන්නේ වාහන තදබදයක දර්ශනයි. එම නොගැලපීමද සැලකිල්ලට ගනිමින් අප ඉහත වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. ඒ අනුව අපට දැකගන්නට ලැබුණේ එම වීඩියෝව ඊයේ (25) නත්තල් දිනයේ කොළඹ නගරයේ ඇති වූ වාහන තදබදයේදී ලබාගත් වීඩියෝවක් බවයි. 

නත්තල් දින රාත්‍රියේ ලබාගත් මුල් වීඩියෝවේ ‘ගෝ හෝම් අනුර’ හඬක් ඇසෙන්නේ නැහැ!

එම වීඩියෝව “මේ මොහොතේ Marine Drive එකේ තත්වය” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ පල වී තිබුණේ මෙලෙසින්. නමුත් එහි පසුබිම් හඬ තුළින් Go Home Anura ලෙස හඬක් ඇසෙන්නේ නැහැ.

ඊයේ (25) නත්තල් දිනය වූ බැවින් කොළඹ පුරා නත්තල් සැමරුම් දැකගන්නට හැකි වුණා. නත්තල් අසිරිය නැරඹීම සඳහා විශාල ජනකායක් කොළඹ නගරයට ඇදී ඒම හේතුවෙන් අධික වාහන තදබදයක් ද ඇති වී තිබුණා. 

එසේම එම වාහන තදබදය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්. මේ කිසිඳු වර්තාවක හෝ වෙනත් මාධ්‍ය හරහා හෝ ජනපතිට විරුද්ධව, ඊයේ (25) දිනයේ  ඉහත දක්වා ඇති ආකාරයේ විරෝධතාවයක් දැක්වෙන අයුරු වාර්තා කර නැහැ.

පසුගිය අගෝස්තුවේ හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගත් අවස්ථාවේ විරෝධතාවක හඬ පටයක්!

එසේම වයිරල් වීඩියෝව සඳහා යොදා ගෙන ඇති හඬ පටය ගැන අප සිදුකළ පරික්ෂාවේ දී ද දැක ගන්නට ලැබුනේ, මීට මාස 4 කට පෙර, එනම් 2025 අගෝස්තු මස 26 වනදා, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධය පල කරමින්, Go Home Anura’ ලෙස හඟ නගමින්, පවත්වන ලද විරෝධතාවයක හඬ පටයක් බවයි. එම අවස්එථාව මෙතනින්. එම විරෝධතාවය මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

පසුබිම් හඬ සංස්කරණය කරමින් වයිරල් වූ වීඩියෝව, ‘Go Home Anura’ පසුබිම් හඬක් නැති නත්තල් දින රාත්‍රියේ ලබාගත් මුල් වීඩියෝව සහ පසුබිම් හඬ ලබාගෙන තිබු, මාස 4කට පෙර, හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගත් අවස්ථාවේ විරෝධතාවයක දැක්වෙන වීඩියෝ කොටස් හි පෙළගැස්මක් තුළින් මෙය වඩාත් හොඳින් මෙලෙස පෙන්වා දිය හැක.

ජනාධිපති මාධ්‍ය අංශය

අප විසින් හුවමාරු වන වීඩියෝව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසීමක් කළා. එහිදී ඔවුන් සඳහන් කර සිටියේ මෙවැනි විරෝධතාවක් ඊයේ (25) දිනයේ සිදු වී නොමැති බවත්, හුවමාරු වන වීඩියෝව ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද වීඩියෝවක් වන බවත් ය.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, Go Home Anura යනුවෙන් ඊයේ (දෙසැම්බර් 25) දිනයේ ඇතිවූ විරෝධතාවක වීඩියෝවක් ලෙසින් හුවමාරු වන වීඩියෝ පටය, පැරණි සිදුවීමක පසුබිම් හඬක් එකතු කරමින්, නොමඟ යවන සුළු ලෙස සංස්කරණය කරන ලද වීඩියෝ පටයක් බවයි. 

වීඩියෝ පටයේ දර්ශන ඊයේ (25) දිනයේ කොළඹ නගරයේ ඇති වූ වාහන තදබදයක දර්ශන වන අතර, එම දර්ශන සඳහා ඇතුලත් කර ඇති හඬ පටය 2025 අගෝස්තු මස වන දින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පැවති විරෝධතාවයේ හඬ පටයකි. ජනාධිපති මාධ්‍ය අංශය විසින් ද මේ බව තහවුරු කළා.

Avatar

Title:“Go Home Anura” සටන් පාඨය සමඟ මෑතක දී පැවැත් වූ මහජන විරෝධතාවක් ද ?

Fact Check By: Pavithra Hansani 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *