දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
රට තුළ දේශපාලනික වශයෙන් වැදගත් වන කාලීන සිදුවීම් බොහෝ අවස්ථාවල සමාජ මාධ්‍යයේ ද ප්‍රධාන මාතෘකා බවට පත්වේ. බලයට පත්වීමට පෙර ජාතික ජන බලවේගයේ ප්‍රධානතම මැතිවරණ පොරොන්දුවක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාවට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වන සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජමාධ්‍යසටහන්(Social Media Posts) :
මන්ත්‍රී විශ්‍රාම වැටුපත් අහෝසියි යනුවෙන් සඳහන් කරමින් පළ කර ඇති මෙම සටහනේ දැක්වෙන්නේ, මෙම මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි වීම මෙවර පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වූ ජාතික ජන බලවේගයේ 159 දෙනාට අදාළ නොවන බවත් එය අදාළ වන්නේ, ඊළඟ පාර්ලිමේන්තුවේ සිට බවත් ය.


මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට අදාළව සංසරණය වන මෙම සටහන සත්‍ය යැයි සිතා බෙහෝ පිරිසක් අදාළ ඡායාරූප සටහන් සිය ෆේස්බුක් ගිණුම් හරහා ද මෙලෙස හුවමාරු කර ගෙන තිබුණා.






බොහෝ පිරිසක් අතරේ හුවාමරු වී ඇති මෙම සටහනට අනුව සත්‍ය ලෙසම මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි වන්නේ, ඊළඟ පාර්ලිමේන්තු වාරයේ සිට ද යන්න පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප පියවර ගත්තා.
Fact Check (කරුණුවිමර්ශනයකිරීම) :
ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත පසුගිය දෙසැම්බර් 26 වැනිදා රජය විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත්කරීමෙන් පසු ඉකුත් ජනවාරි 07 වැනිදා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසිවීම බලපැවැත්වෙන්නේ, ඊළඟ පාර්ලිමේන්තුවේ සිට බවටත්, වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට එය අදාළ නොවන බවටත් වන සමාජ මාධ්‍ය සටහන් පළ වන්නේ එවන් පසුබිමකදී වීම විශේෂත්වයකි.
කෙසේ වෙතත් මේ සම්බන්ධව පළ වී ඇති කිසිදු මාධ්‍ය වාර්තාවක, ඊළඟ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මෙම කරුණු අදාළ වන බවට හෝ වත්මන් මන්ත්‍රීවරුන්ට එවැනි කරුණක් අදාළ නොවන බවට අන්තර්ගතව නොමැත. පුවත් වාර්තා මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි වීම වත්මන් පාර්ලිමේන්තුවට අදාළ නැද්ද?
පසුගිය 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පතේ පැහැදිලිව සඳහන් වන්නේ, “මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයට පෙරාතුව, ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනතේ විධිවිධාන ප්‍රකාර, 1982 අංක 1 දරන පනතේ 9 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර හෝ 1990 අංක 47 දරන පනතේ 9 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම ඇති සහ ඉහත සඳහන් විධි විධාන යටතේ විශ්‍රාම වැටුපක් ලබන යම් තැනැත්තකුට මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ එම දිනයට පසුව එම විශ්‍රාම වැටුප ලැබීම නතර විය යුතු බවටයි.”

ඒ අනුව පැහැදිලි වන්නේ මෙම පනත සම්මත වන දින සිට, වර්තමාන මන්ත්‍රීවරුන් පමණක් නොව, මීට පෙර පාර්ලිමේන්තු යටතේ විශ්‍රාම වැටුපට හිමිකම් කියූ මන්ත්‍රීවරුන්ගේ ද අදාළ විශ්‍රාම වැටුප් අහෝසි වන බවයි.
කෙසේ වෙතත් මෙම පනත් කෙටුම්පත තවමත් පාර්ලිමේන්තුවේ සම්මත වී නොමැති අතර පසුගිය ජනවාරි 7 වැනිදා සිදුවූයේ, එය පළමු වර කිවීමයි. පනත බලාත්මක වන්නේ, දෙවැනි සහ තුන්වැනි වර කියවීමෙන් පසු කතානායකවරයාගේ අනුමැතිය ලැබීමෙන් අනතුරුවයි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ ප්‍රකාශය
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රකාශයක් සිදු කරමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළේ, අදාළ පනක් කෙටුම්පත, ඉදිරියේදී දෙවැනි සහ තුන්වැනි වර කියවීම්වලට ගැනීමෙන් පසු, සම්මත කිරීමට කටයුතු කරන බවයි.
කිසියම් හෝ පාර්ශවකයට මෙහිදී ඇතිවිය හැකි අපහසුතා පිලිබඳව වෙනම ඉල්ලීමක් සිදුකළ හැකි බවත්, ඒ ගැන වෙනම සලකා බැලිය හැකි බවත්, නමුත් මෙම පනත සම්මත වීමෙන් පසු, එතැන් සිට, වරප්‍රසාදයක් ලෙස, කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප හිමි නොවන බව අමාත්‍යවරයා පැහැදිලි කරනවා.
එසේම, පනත සම්මත වීමට පෙර ලබාගත් විශ්‍රාම වැටුප් සඳහා මින් කිසිඳු අගතියක් සිදුනොවන බවත්, ඒවා නැවත ගෙවිමේ අවශ්‍යතාවක් ඇති නොවන බවයි.
වසර 5ක සේවයෙන් පමණක් විශ්‍රාම වැටුපකට හිමිකම් කියන, මෙම ජනතා විරෝධී විශ්‍රාම වැටුප් ගෙවීම අහෝසි කිරීමට, ජාතික ජන බලවේගය දුන් පොරොන්දුව ද පෙරදැරිව මේ ක්‍රියාමාර්ගයට එළඹී බව ද අමාත්‍ය හර්ෂණ පවසනවා. අමාත්‍යවරයාගේ සම්පුර්ණ ප්‍රකාශය පහතින්.
පාර්ලිමේන්තු වැඩ බලන අධ්‍යක්ෂ (සන්නිවේදන)
මේ අතර මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන්වල ඇති කරුණු සම්බන්ධව අප පාර්ලිමේන්තු වැඩ බලන අධ්‍යක්ෂ (සන්නිවේදන)වරයාගෙන් විමසීමක් සිදු කළා.
අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ, පසුගිය 7 වැනිදා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහාවූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත්, නව පනත සම්මත වීමෙන් පසු සියලු දෙනාගේ විශ්‍රාම වැටුප් අහෝසි වන බවටත් අදාළ පනතේ පැහැදිලිවම සඳහන්ව ඇති බවයි.
ඒ අනුව පළමුවර කියවීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාම සඳහා සමාන්‍ය පුරවැසියන්ට දින 14ක් කාලයක් හිමිවන බවත්, යම් හෙයකින් නඩු ගොනු වීමක් සිදුවුවහොත්, එතැන් සිට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා සති 3ක කාලයක් හිමිවන බවත්, අධ්‍යක්ෂවරයා සඳහන් කළා. පසුව තීන්දුව පැමිණි පසු කතානායකවරයා විසින් එය සභාවට නිවේදනය කරන බවත්, සංශෝධන තිබේ නම්, එකී සංශෝධන සිදු කිරීමෙන් පසු, පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය සඳහා යොමු කරන අතර ඉන්පසුව ඇතිවන ඡන්ද ප්‍රකාශ කිරීමෙන් පසුව අදාළ පනත සම්මත වීම / නොවීම සිදුවන බව වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් ඔහු කියා සිටියා.
පනත සම්මත වුවහොත්, ඉන් පසු කතානායකවරයා සහතිකය යෙදීම සිදු කරන බවත් එලෙස සහතිකය යොදන අවස්ථාවේ සිට එකී පනත නීතියක් බවට පත්වන බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියා.
මේ ක්‍රියාපටිපාටිය යටතේ ම පසුගිය වසරේ සම්මත වූ, කතාබහට ලක්වූ පනතක්
එසේම හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ද එය සම්මත වීමට පෙර නොයකුත් නොමඟ යවන සුළු සටහන්, පාර්ලිමේන්තු පනත් කෙටුම්පත සම්මත වීම ඇතුළත කාලසීමාව අතර ඉදිරිපත් වී තිබු අතර අප ඒ ගැන එම අවධියේ දී සිදුකළ කරුණු අනාවරණයක් මෙතනින්. පාර්ලිමේන්තු කෙටුම්පත් ක්‍රියාදාමය ඔස්සේ ද යමින් එම ජනපති වරප්‍රසාද අහෝසි කිරීමේ පනත, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මාස දෙකකටත් පෙර සම්මත කෙරුණු අතර ඒ ඔස්සේ හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ට හිමිව තිබූ ඇතැම් හිමිකම් අහිමි විය.
මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා
මෙම විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත සම්බන්ධව නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා අදහස් දක්වමින් ද කරුණු පැහැදිලි කිරීමක් සිදුකරන්නේ දැනට 335කට වඩා වැඩි පිරිසකුත්, 189ක් වැනි වැන්දඹු භාර්යාවන් හා දරු පිරිසකුත් මෙම විශ්‍රාම වැටුපට හිමිකම් කියන බවත්, අවුරුදු 5ක සේවා කාලයක සිට මෙම විශ්‍රාම වැටුපට හිමිකම් ලැබීම ගැන සමාජයේ විරෝධතාවයක් පැනනැගුණු බවත්, එම විශ්‍රාම වැටුප අහෝසි කිරීමට වත්මන් රජය පනත් කෙටුපත ඉදිරිපත් කර ඇති බවයි. ඒ ඔස්සේ මීට පෙර විශ්‍රාම ලබන පිරිසට ද එය අහිමි වන බවද පැහැදිලි කරමින්, ඔහුගේ අදහස් දැක්වීම මෙලෙසින්.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳව මීට පෙරද සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කතාබහ ඇතිව තිබූ අතර ඊට අදාළව පනත් කෙටුම්පත් හි විස්තර ද දක්වමින් අප මීට මාස කිහිපයකට පෙර සිදු කළ කරුණු විමසා බැලීමක් මෙතනින්.
එසේම මන්ත්‍රී විශ්‍රාම වැටුප් ගෙවීම සහ මන්ත්‍රීවරුන් වාහන සඳහා මුදල් වෙන්කිරීම සම්බන්ධයෙන් කතිකාවත ද සමඟ ඉහත සටහන් සමඟ හුවමාරු වී තිබු අතර, ඒ පිළිබඳව අප මීට පෙර සිදුකළ කරුණු විමර්ෂණයක් පහතින්.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කැබ් දෙන්න මිලියන 12,500ක් අයවැයෙන් වෙන් කරලද?
කෙසේනමුත් මීට පෙර අවස්ථාවලදී ද මෙම විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ තීරණය නැවත සලකා බලන ලෙස විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය ඉල්ලීම් සිදුකර තිබු අතර, මේ ගැන සිය අදහස් දක්වමින්, හිටපු පා.ම. අලි සබ්‍රි මහතා ද සඳහන් කර තිබුනේ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම ප්‍රතිසංස්කරණයක් නොව, එමගින් දේශපාලනට අවතීරණ වීමේ අවකාශය පටු කිරීමේ අවදානමක් ඇති කරන බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය):
අපගේ කරුණු විමර්ශනය අනුව පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය සටහනේ සඳහන් පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි වීම වත්මන් පාර්ලිමේන්තුවට අදාළ නොවන බවටත් එය ක්‍රියාත්මක වන්නේ ඊළඟ පාර්ලිමේන්තු සිට බවටත් සඳහන් කරමින් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය සහ නොමඟ යවන සුළු බවයි.
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර පනත් කෙටුම්පත නීතියක් බවට පත්වන්නේ, දෙවැනි, තුන්වැනි වර කියවීම්වලින් පසු සිදුවන ඡන්දයකින් පසුව කතානායකවරයාගේ ද අනුමැතිය හිමිවීමෙන් පසුවයි.
පනතේ පැහැදිලිවම දක්වා ඇති ආකාරයට, මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ එම දිනයට පසුව එම විශ්‍රාම වැටුප හිමිකම, මීට පෙර පාර්ලෙමේන්තු යටතේ එම හිමිකම අයත් අය ද ඇතුළු සියලු මන්ත්‍රීන්ට අහෝසි වනු ඇති.
Title:මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසිවීම අදාළ වන්නේ ඊළඟ පාර්ලිමේන්තුවේ සිටද?
Fact Check By: Sagarika ChathumaliResult: False


