දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පුද්ගල චරිතවලට අපහාස, හානි වන ආකාරයෙන් අසත්‍ය කරුණු සහ මතවාද ප්‍රචාරණයන් සිදු කිරීම සඳහා ද ඇතැම් පාර්ශව සමාජ මාධ්‍ය වේදිකාවක් කරගන්නවා. මේ එලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ජීවිතය හා සම්බන්ධව සමාජය නොමග යවන සුළු ආකාරයෙන් පළ කරන ලද සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ ජනාධිපතිවරයාගේ මවගේ ඡායාරූප සහ මුස්ලිම් ජාතිකයෙකු බව හැඟෙවෙන පුද්ගලයෙකුගේ ඡායාරූපයක් ද සහිත මෙම සටහන පළ කර ඇත්තේ, අපහාසාත්මක සඳහනක් ද සහිතවයි. මෙම ෆේස්බුක් සටහන මගින් ඒත්තු ගැන්වීමට උත්සාහ දරා ඇත්තේ, ජනාධිපතිවරයාගේ පියා මුස්ලිම් ජාතිකයෙකු බවයි.

එම මුස්ලිම් ජාතික පුද්ගලයාගේ ඡායාරූපයම භාවිත කරමින් පළකර ලද තවත් ෆේස්බුක් සටහනක ඔහු ඉමිතියාස් නානා ලෙස හඳුන්වා ඇති අතර එහි දැක්වෙන්නේ, ‘ඉමිතියාස් නානගේ පුතාට තඹුත්තේගම රන්බණ්ඩාගේ පුතා කියලත් කිව්වා’යනුවෙනි.

බොහෝ පිරිසක් විවිධාකාරයේ අදහස් පළ කර ඇති අතර තවත් සැලකිය යුතු පිරිසක් අතරේ මෙම සටහන හුවමාරු වී ඇති ආකාරයක් ද දැකගත හැකියි.
ඒ අනුව මෙම ෆේස්බුක් සටහන්වල නිර්වද්‍යතාව විමසා බැලීමට අප පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම):
අප මූලිකවම ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පිළිබඳ නිල තොරතුරු ඇතුළත්ව ඇති ජනාධිපති කාර්යාලයයේ නිල වෙබ් අඩවිය පරීක්ෂාවට ලක් කළා. නිල වෙබ් අඩවියේ ජනාධිපතිවරයාගේ සම්පූර්ණ නම දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක ලෙසත් ඔහුගේ පියා මිනින්දෝරු සහකාරවරයෙකු වූ දිසානායක මුදියන්සේලාගේ රණ්බණ්ඩා බවත්, මව දිසානායක මුදියන්සේලාගේ සීලවති වන බවත් පහත පරිදි පැහැදිලිව සඳහන් කර තිබේ. presidentsoffice.gov.lk

මේ අතර තවදුරටත් කරුණු පරීක්ෂා කිරීමේ අරමුණින් අප ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කුඩා කාලය ඇතුළු පෞද්ගලික ජීවිතයේ තොරුතුරු වාර්තා කරන ලද මාධ්‍ය වාර්තා කිහිපයක් ද පරීක්ෂාවට ලක් කළේ ය. 2024 වසරේ සැප්තැම්බර් 29 වනදා පළ කරන ලද Sunday times වාර්තාවක ජනාධිපතිවරයාගේ මව සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරිය වන ශ්‍රියාලතා දිසානායක ද සමග සිදුකරන ලද සම්මුඛ සාකච්ඡාවක් අනුසාරයෙන් සකසන ලද එම වාර්තාවේ ජනාධිපතිවරයාගේ පියා පිළිබඳව ද තොරතුරු ඇතුළත්ව තිබිණ. අදාළ වාර්තාවේ ජනාධිපතිවරයාගේ මව උපුටා දක්වමින් සඳහන් කර තිබුණේ, ජනාධිපතිවරයාගේ පියා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කළ බවත් 1992 වසරේදී ඔහු ජීවිතක්ෂයට පත්වූ බවත් ය.
ජනාධිපති අපේක්ෂක අනුර ගැන ගම්මු කියන කතා යන තේමාවෙන් ලංකාදීප පුවත්පතේ පළ කරන ලද වාර්තාවක ද ජනාධිපතිවරයගේ කුඩා කාලයේ ජීවිතය ගැන තොරතුරු ඇතුළත් අතර එහි ද සඳහන් වන්නේ, ජනාධිපතිවරයාගේ පියා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කළ අයෙකු බවයි.
ජනාධිපති මාධ්‍ය අංශය
මේ අතර මුස්ලිම් ජාතික පුද්ගලයෙකුගේ ඡායාරූපයක් යොදා ගනිමින් බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් පිළිබඳව අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද අප විමසා සිටි අතර එම අංශය කියා සිටියේ, ඒවා සම්පූර්ණයෙන් ම අසත්‍ය සටහන් බවත්, දිසානායක මුදියන්සේලාගේ රණ්බණ්ඩා වන අනුර කුමාර ජනපතිගේ පියා දැනට ජීවතුන් අතර නැති බවත්, බවත් ඔහු බෞද්ධයෙකු වූ බවයි.
ෆේස්බුක් සටහන්වල සිටින පුද්ගලයා කවුද?
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පියා බව කියමින් ෆේස්බුක් සටහන්වල දැක්වෙන පුද්ගලයා කවුරුන් ද යන්න තහවුරු කර දැනගැනීම සඳහා අප එම ඡායාරූපය Google Reverse Image සෙවුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට කටයුතු කළා. එහිදී අදාළ පුද්ගලයා ඉන්දීය මුස්ලිම් ජාතිකයෙකු බව දක්වමින් මීට වසර 12කට පෙර Flickr නම් ඡායාරූප උඩුගත කළ හැකි වෙබ් අඩවියේ පළකර, එය pinterest හි මෙලෙස සඳහන්ව තිබු බවයි.

මේ අනුව පැහැදිලි වන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පියා බව පවසමින් සකසන ලද සමාජ මාධ්‍ය සටහන්, ඉන්දීය මුස්ලිම් ජාතිකයෙකුගේ ඡායාරූපයක් යොදාගෙන සකසා ඇති බවයි.
මීට පෙර ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පියා බව පවසමින් ව්‍යාජ සටහන් හුවමාරු වී තිබෙනවා.“තම පුතු අනුර කුමාර දිසානායක ජනාධිපති මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ප්‍රවෘත්තිය තාත්තා ඇසූවිට ඔහුට ඇති වූ සතුට” යන තේමාවෙන්, නොමඟ යවන සුළු වීඩියෝවක් 2024 වසරේ අනුර කුමාර මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව, විශේෂයෙන්ම දමිළ පාඨකයින් අතරේ හුවමාරු වුණා. ඒ ගැන අප Fact Crescendo කණ්ඩායම දමිළ බසින් සිදු කළ කරුණු පරීක්ෂාව මෙතනින්.
Also Read: ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වෙන අති උතුම් දළදා වහන්සේ ප්‍රදර්ශනය වැඳපුදා ගැනීමට පැමිණි ජනාධිපති මව?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනය අනුව පෙන්වා දෙන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පියා මුස්ලිම් ජාතිකයෙකු බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් අසත්‍ය බවයි.
දැනට ජීවතුන් අතර නැති ජනපතිගේ පියා බෞද්ධයෙකු වූ අතර ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදා ඇත්තේ ඉන්දීය මුස්ලිම් ජාතිකයෙකුගේ ඡායාරූපයකි.
Title:ජනාධිපතිවරයාගේ පියා මුස්ලිම් ජාතිකයෙකු බව පවසමින් අසත්‍ය සටහන් පෙළක්!
Fact Check By: Sagarika ChathumaliResult: False


