ලංකාවේ ජනගහනයෙන් මිලියන 6කටත් අධික සංඛ්‍යාවක් ෆේස්බුක් පරිශීලනය කරනවා. කලින් කලට ඇතිවන ෆේස්බුක් හි වෙනස් කම් වලට බොහෝ පිරිසක් අනුගත වෙමින් ෆේස්බුක් ආයතනය මගින් හඳුන්වාදෙන නව අංග භාවිතා කරන අයුරු අපට දැකගන්නට පුලුවන්.ෆේස්බුක් මගින් හඳුන්වාදෙන මෙම අලුත් ගුනාංග අතර එහි සුරක්ෂිතභාවය සොයාගත හැකි යයි දැක්වෙන සටහන් පෙළක් පසුගියදා හුවමාරු වී තිබෙනු දැකගන්නට ලැබුණි.
කැපිටල් අකුරෙන් BBF ලෙස ටයිප් කර කමෙන්ට් කරන ලෙසත් එසේ ටයිප් කල පසු එම අකුරු කොල පැහැයෙන් දැක්වේ නම් මුහුනු පොත ආරක්ශිත බවද පැවසෙන තොරතුරක් මෙලෙසින් හුවමාරු වී තිබුනා.
“ඔබේ ෆේස්බුක් ගිණුම ආරක්ෂිතද ? BBF ලෙස කැපිටල් අකුරින් කමෙන්ට් කරන්න. ආරක්‍ෂිත නම් කොළ පාටින් පෙන්නුම් කරයි” යනුවෙන් මුලින්ම පෙබරවාරි මස පළවූ සටහනක් මෙසේය.

FB Post | Archived Post | Original Post | Archived Post | Original Post | Archived Post |
එවැනි සටහන් පෙළක් පසුගිය දින කිහිපයේම හුවමාරු වී තිබුනේ මෙසේය.

මෙම උපදෙස් පිළිපදිමින් බොහොමයක් දෙනා මේ පිලිබඳව සොයා බැලීමට එම පෝස්ට් වල කමෙන්ට් කිරීමට පෙළඹෙන බවක් අපට දැකගන්න ලැබුණි. එසේම BFF ලෙසින් සටහන් කිරීම මඟින් ෆේස්බුක් ගිණුමේ ආරක්ෂිතභාවය නිර්ණය කල හැකි බව දැක්වෙන සටහන් රැසක් 2018 වසරේද හුවමාරු වී තිබුණි.

FB Link | Archived | FB Link 2 | Archived 2 |
මෙලෙසින් BBF හෝ BFF ලෙසින් කොමෙන්ට් කිරීම සම්බන්ධව බොහෝ දෙනා සත්‍ය කරුණු විමර්ශනය කරන ලෙස විමසා සිටි බැවින් සහ මේ පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමට අදහස් කළෙමු.
Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය)
අපගේ විමර්ශනයන්ට අනුව මෙලෙස BBF හෝ BFF ලෙස කැපිටල් අකුරෙන් සටහන් කිරීම මගින් මුහුනුපොතේ ආරක්ශිත බව දැනගැනීමට නිර්නායකයක් ලෙස හඳුන්වාදී නෑහැ. 2017 වසරේදී ෆේස්බුක් මගින් හඳුන්වාදුන් විශේෂ සජීවීකරන අංගයක් ලෙසින් මෙම අංගය හඳුන්වාදී ඇති අතර මෙහි තේරුම BFF (Best Friends Forever) නොහොත් සදාකාලික මිතුදම ලෙස දක්වා ඇත.එලෙස සටහන් කල විටෙක කොල සහ රතු පැහැයෙන් අත් දෙකක් සජීවීකරනය වෙන ලෙසට එය දිස්වේ.නමුත් එය සිදු නොවේ නම් එයින් කිසි විටෙකත් ඔබගේ ෆේස්බුක් ගිනුම අනාරක්ශිත යැයි තීරනය කල නොහැක.
අන්තර්ජාලය හා සම්බන්ධ මිත්‍යා මත පිලිබඳව කරුනු සොයා බලන Snopes වෙබ් අඩවිය ඇතුළු විමර්ෂණ කණ්ඩායම් කිහිපයක් මඟින්ම මෙලෙසින් අනුව BFF යනුවෙන් සටහන් කිරීමේදී කොල පැහැය දැක්වීම ආරක්ශිත නිර්නායකයක් නොවන බව සටහන් කර තිබෙනවා.
එහි වැඩි දුරටත් දක්වා ඇත්තේ “BFF” මෙන්ම congratulations යනාදී වචන කිහිපයක්ම මෙලෙසින් ෆේස්බුක් ආයතනය විසින් පරිශීලකයින් වෙත හඳුන්වාදී ඇති බවත් ඒවා සටහන් කල පසුවද එලෙස සජීවීකරනයන් පෙනෙන පරිදි ෆේස්බුක් මගින් නිරූපනය කරන ලෙස සකස් කර ඇති බවත්ය.
එමෙන්ම තාක්ශනික කරුනු වල නිරවද්‍යතාව පිලිබඳව සොයා බලන Technave වෙබ් අඩවියද මෙම කරුනේ අසත්‍යතාවය පිලිබඳව සවිස්තරාත්මක සටහන් කර තිබෙනවා
අප කලින් දැක්වූ පරිදි සදාකාලික මිතුරන් ලෙස අදහස් කිරීමට ෆේස්බුක් වෙබ් අඩවිය හඳුන්වාදෙන කෙටි යෙදුමක් ලෙසින් මේ කාරනය අපට තහවුරු කල හැකියි. එම යෙදුම හා එවැනිම ෆේස්බුක් ආයතනය විසින් හඳුන්වා දී ඇති වෙනත් යෙදුම් පිළිබඳව පළවූ සටහනක් සහ පරිශීලකයකු සකස් කරන ලද වීඩියෝවක් මෙසේය.

2018 වසරේ දී ලෝක කුසලාන තරගාවලියට සමගාමීව ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ට උද්‍යෝගය බෙදා ගැනීම සඳහා GOOOOOOOOOOALLL! යනුවෙන් මෙවැනිම වූ නව සජීවීකරණ අංගයක් හඳුන්වාදෙමින් ෆේස්බුක් ආයතනය පවසා සිටියේ 2017 වසරේදී මුලින්ම හඳුන්වා දුන් මෙවැනි වචන සජීවිකරණ පිළිබඳව නිල දැනුම්දීම් ලබා දෙනවාට වඩා මෙවෑනි විනෝදජනක යෙදුම් භාවිතයේ දී සජීවිකරණ ලැබීම තුළින් පාඨකයා සතුටට පත් කිරීම තම අරමුණ බවයි.

මුහුනුපොතේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී එහි මුරපදය අනෙක් අයට අනුමාන කල නොහැකි වන පරිද්දෙන් භාවිතය සහ ෆේස්බුක් හි හඳුන්වා දෙන ආරක්ශිත උපක්‍රම භාවිතය (2 factor authentication වැනි ක්‍රම) ,ෆේස්බුක් භාවිතය සඳහා යොදාගන්නා මොබයිල් ඇප්ස් යනාදිය නිසි පරිදි යාවත්කාලීන කර තිබීම වැනි කරුනු අපට මූලිකව යොදා ගත හැක. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු පහත ලින්ක් වෙත පිවිසීමෙන් ද ලබාගත හැක.
Keeping Your Account Safe | Keeping Passwords Secure
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනය අනුව ඔබ මුහුනු පොතේ කමෙන්ට් එකක BFF හෝ BBF ලෙස සටහන් කල විට එය කොල පැහැයෙන් දැක්වීම තුලින් එම ගිනුම ආරක්ශිත බව තීරණය කල නොහැක.එලෙස පලවන සටහන් අසත්‍ය වේ.
.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Title:BBF / BFF ලෙසින් කමෙන්ට් කිරීමෙන් ඔබේ ෆේස්බුක් ගිනුම ආරක්ශිත බව තහවුරු කල නොහැක!
Fact Check By: Sahan PereraResult: False
