කොරෝනා රෝගය හේතුවෙන් මියයන පිරිස් භූමදානය නොකර අදහන කිරීමේ තීරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා තුල ද විවිධාකාරයේ පක්ෂ මෙන්ම විපක්ෂ සටහන් රැසක් දැකගන්නට ලැබුණි. විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාව විසින් මෙම තීරණය දිගින් දිගටම ප්‍රශ්න කර තිබූ බැවින් ඔවුන් ඉලක්ක කරගනිමින් විවිධාකාරයේ වෛරී සටහන් පෙළක් ද පළ වී තිබෙනු නිරීක්ෂණය විය
මෙවැනි පසුබිමක “මැරුනාම පුච්චන්න හොද නෑ. පනපිටින් වලදාල ගල් ගහලා මරන්න හොදයි ..”යන තේමාව යටතේ Pnu Hakmana නම් අයෙකු විසින් මුස්ලිම් පාලනයක් සහිත ඉරානයේ කාන්තාවකට ගල් ගසා මරා දමන්නට සැරසෙන අයුරු පෙන්වන ඡායාරූපයක් හුවමාරු කරගෙන තිබුණි. “ඉරානයේ කාන්තාවකට ගල් ගසා මරා දමන්නට පෙර අවසන් වතුර උගුර පොවා නිම කරන අයුරු: ආගම තිබිය යුත්තේ මිනිසුන් මැරීමට නොව මිනිසුන්ගේ ජීවිත ශක්තිමත් කිරීමටයි” යන වදන් පෙළද සටහන්වී තිබු එම ඡායාරුපය මේ වනවිට ගැන නව දාහකට ආසන්න ප්‍රමාණයක් අතර හුවමාරු වී තිබුනේ මෙලෙසිනි.

Link | Archived |
මීට පෙරද මෙම සටහනම ශරියා ආගමේ අඳුරු පැතිකඩක් පෙන්වා දීමට ඇතුළු තේමාවන් රැසක් ඔස්සේ විවිධ අර්ථකතනයන් යටතේ පළවූ අතර මේ එසේ පසුගිය ජනවාරි මාසයේ පළවූ සටහනකි.

Link | Archived |
මෙම ෆේස්බුක් සටහන බොහෝ පරිශීලිකයන් අතරේ හුවමාරු වී තිබූ අතරම බහුතරයක් පිරිස මේ පුවතෙහි සත්‍යතාවය නොදැනුවත් බව නිසා ඉස්ලාම් ආගම පහත්කොට මෙන්ම එම ආගමෙහි පිළිවෙත් හෙලා දැක තිබිණි. මේ පිළිබඳ කරුණු විමර්ශනයක් සිදුකිරීමට අපගේ අවධානය යොමු විය.
Fact Checking (සත්‍ය කරුනු විමර්ශනය)
මෙම පුවත පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීම සඳහා ඡායාරූපය google reverse image සෙවුමක් සඳහා යොමු කිරීමේදී අපට දැනගන්නට ලැබුණේ මෙය ලොව විවිධ ප්‍රදේශවල මීට පෙර විවිධ අර්ථකතන යටතේ මෙන්ම උපහාසාත්මක ආකාරයේ සටහන් හරහාද පළ වී තිබූ අතර ඒ සඳහා කරුණු විමර්ශන රැසක් ද සිදුවී තිබූ බවයි
ඡායාරූපය පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීමේ දී අපට පෙනී ගියේ මෙම ඡායාරූපයෙන් දැක්වෙන කාන්තාව ඇත්ත වශයෙන්ම අවුරුදු 66ක් වයසැති කොළොම්බියානු ජාතික මාරියා රුයිස් (Maria Gabriela Riuz) වන අතර, ඇය මෙම ඡායාරූපයේ දැක්වෙන අයුරින් තවත් කිහිපදෙනෙකු සමඟ සිටින්නේ දීර්ඝ උපවාසයක නියැලෙන නිසාවෙන් බවත්ය. ඇය උපවාසයක නියැලී සිටින්නේ 150ක් අවතැන් වූ පිරිස් යළි පදිංචි නොකිරීම සම්බන්ධයෙනි. තව දුරටත් කරුණු විමසීමේදී හෙළි වූයේ මෙය 2003 ජූලි මස 4 වැනි දින එරට රජයට එරෙහිව සිදු කල උපවාසයක් බවත්ය.
එම අවස්ථාව සහිත ඡායාරුප පෙළක් පලවී තිබෙනුද මෙසේ දැකගන්නට ලැබුණි.
Adobe Stock | Getty Images | Reuters



ප්‍රසිද්ධියේ ගල් ගැසීම මගින් දඬුවම් දීම ඉරානය ඇතුළු මැද පෙරදිග මෙන්ම මුස්ලිම් රාජ්‍යයන් කිහිපයකම අදටත් සිදු වුවද ඉහත සිද්ධියෙන් පිළිබඳව ඉරානයෙන් වාර්තා වන්නේ නැති බව Snopes කරුණු විමර්ශනය වෙබ් අඩවි මඟින් ද පෙන්වා දී තිබුණි. ගල් ගසා මරා දැමීම බලවත් හිංසන පටිපායක් වන අතර පහත වාර්තාව 2013 වසරේ දී මෙසේ ගල් ගැසීම මගින් මරණ දණ්ඩනය නියම කරන ලද රටවල් පිළිබඳව “FACTBOX: Stoning – where does it happen?” යන තේමාව යටතේ වාර්තාවක් පලවී තිබුණි.


අප ආයතනයේම මලයාලම් බසින් හා ලොව නොයෙකුත් රටවල මෙම සටහන පිලිබඳ මෙම නිගමනය යටතේම පළව තිබු විමර්ශන කිහිපයක් මෙසේය.
Snopes | AFP | Altnews |
Check Your Fact | PolitiFact | Africa Check |
Conclusion (අවසාන නිගමනය)
කරුණු විමසීමේදී තහවුරු වූයේ “මැරුනාම පුච්චන්න හොද නෑ. පනපිටින් වලදාල ගල් ගහලා මරන්න හොදයි” යන තේමාව යටතේ පලවී ඇති ඉරානයේ කාන්තාවක් ගල්ගසා මරාදැමීමේ සිද්ධියක් යැයි පෙන්වන ඡායාරුපය ඇත්ත වශයෙන්ම 2003 වසරේදී අවතැන් වූවන් නැවත පදිංචි නොකිරීමට එරෙහිව විරෝධය දක්වන කොළොම්බියානු ජාතික කාන්තාවකගේ ඡායාරුපකි. කෙසේවෙතත් ප්‍රසිද්ධියේ ගල් ගසා මරණ දණ්ඩනය නියම කිරීම ඉරානයේ අදටත් ක්‍රියාත්මක වන දඬුවම් ක්රමයකි.
.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
FACT CHECKING – Very good work, thank you people !!!