2019 සහ 2024 කැබිනට් මණ්ඩල ඡායරූප සංසන්දනයේ ඇත්ත කතාව!

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඇති බහුතරයක් ලබාගත් ජාතික ජන බලවේගයේ කැබ්නට් අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ කටයුතු ඊයේ (නොවැම්බර් 18) දින සිදුවුණා. ජනාධිපතිගේ අමාත්‍ය ධුරවලට අමතරව, මෙවර කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දෙනු ලැබුවේ අමාත්‍යවරුන් 21ක් වන අතර, එම අවස්ථාවේ දී ලබාගත් නව කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ ඡායාරූපයක් සහ 2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපති ජයග්‍රහණයෙන් පසුව පිහිටුවාගත් කැබිනට් මණ්ඩලය යැයි සඳහන් කරමින් සංසන්දනාත්මක ඡායාරූප සටහනක් බොහෝදෙනා සමාජ මාධ්‍ය තුළ පළ කරන ආකාරය අපට නිරීක්ෂණය වුණා. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):  

එදා සහ අද යනුවෙන් සඳහන් කරමින් 2019 සහ 2024 වසරේ කැබිනට් මණ්ඩලවල බවට දක්වමින් ඡායාරූප සංසන්දනයක් සිදුකර තිබුණේ මේ අයුරිනි.

Fb| Archive

2019 කැබිනට් මණ්ඩලය ලෙස සඳහන් කරමින් හුවමාරුවන ඡායාරූපය 2019 කැබිනට් මණ්ඩලය ද? අපි මේ පිළිබඳව පරීක්ෂා කර බැලුවේ මේ අයුරිනි.

Fact Checked (කරුණු විමර්ශණය):

2024 මහ මැතිවරණය සහ නව කැබිනට් මණ්ඩලය

2024 නොවැම්බර් 14 වන දින 10 වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීමේ මහ මැතිවරණය පැවැත්වුණා. මෙය මෙරට දේශපාලනික ඉතිහාසයේ තනි සන්ධානයක් ලෙස තරග වැදුණු පක්ෂයක් විසින් තුනෙන් දෙකකට වැඩි බහුතර බලයක් හිමි කරගත් පළමු අවස්ථාව ද මෙය වනවා. පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ මනාප වාර්තා ද අලුත් කල මෙම මැතිවරණය ගැන විශේෂ තතු ඇතුලත් ලිපියක් පහතින්.

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය හා විශේෂිත සිදුවීම්!

මෙම විශේෂත්වයන් ද සමඟ මෙවර නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීම පිළිබඳව බොහෝදෙනාගේ අවදානය යොමුව තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 18 දින නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් 21ක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම්දෙනු ලැබුවා. ජනාධිපතිවරයා ද ඇතුළුව ඒ අනුව නව කැබිනට් මණ්ඩලය 22ක් වනවා.

ඒ අනුව අද දිනයේ දිවුරුම්දුන් අමාත්‍ය මණ්ඩලය මෙසේය.

අමාත්‍යවරයාදිවුරුම් දුන් අමාත්‍යංශය
1.අනුර කුමාර දිසානායකආරක්ෂක අමාත්‍යමුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යඩිජිටල් ආර්ථික අමාත්‍ය
2.ආචාර්ය හරිනි අමරසූරියඅග්‍රාමාත්‍යඅධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
3.විජිත හේරත්විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක අමාත්‍ය
4.මහාචාර්ය චන්දන අබේරත්නරාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
5.නීතිඥ හර්ෂණ නානායක්කාරඅධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
6.සරෝජා පෝල්රාජ්සරෝජා පෝල්රාජ්
7.කේ.ඩී. ලාල්කාන්තකෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය
8.අනුර කරුණාතිලකනාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍
9.රාමලිංගම් චන්ද්‍රසේකර්ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය
10.ආචාර්ය උපාලි පන්නිලගේග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය
11.සුනිල් හඳුන්නෙත්තිකර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍
12.ආනන්ද විජේපාලමහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍
13.බිමල් රත්නායකප්‍රවාහන, මහාමාර්ග, සිවිල් ගුවන් සේවා අමාත්‍ය
14.මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවිබුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
15.වෛද්‍ය නලින්ද ජයතිස්සසෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
16.සමන්ත විද්‍යාරත්නවැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
17.සුනිල් කුමාර ගමගේතරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
18.වසන්ත සමරසිංහවෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
19.මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේනවිද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
20.මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුකම්කරු අමාත්‍ය
21.පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩිබලශක්ති අමාත්‍ය
22.වෛද්‍ය ධම්මික පටබැඳිපරිසර අමාත්‍ය

10 වැනි පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලය

2019 ජනාධිපතිවරණය සහ කැබිනට් මණ්ඩලය

2019 නොවැම්බර් 16 වන  දින මෙරට 7වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ජනාධිපතිවරණය පැවැත්වුණු අතර ප්‍රකාශිත ඡන්දවලින් 52.2%ක් ලබාගනිමින් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරනු ලැබුවා. අනතුරුව 2019 නොවබ්මබ්ර් 27 වන දින නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති කාර්‍යාලයේදී සිදු වූ අතර  එහිදී කැබිනට් අමාත්‍යවරුන් 16ක්, රාජ්‍ය අමාත්‍යවරුන් 35ක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙක් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබුවා. ඒ අනුව ගැන වාර්තාවක් මෙතනින්

එම කැබිනට් අමාත්‍ය මණ්ඩලය මෙසේ ය. 

අමාත්‍යවරයාඅමාත්‍යංශ
1.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂඅග්‍රාමාත්‍ය, මුදල්, ආර්ථික, බෞද්ධ හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස සංවර්ධන අමාත්‍ය
2.නිමල් සිරිපාල ද සිල්වාඅධිකරණ, මානව හිමිකම් සහ නිති ප්‍රතිසංස්කරණ අමාත්‍ය
3.ආරුමුගම් තොණ්ඩමන්ප්‍රජා සවිබල ගැන්විම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය
4.දිනේෂ් ගුණවර්ධනවිදේශ කටයුතු, නිපුණතා සහ රැකිරක්ෂා අමාත්‍ය
5.ඩග්ලස් දේවානන්දධීවර හා ජලජ සම්පත් අමාත්‍ය
6.පවිත්‍රා වන්නිආරච්ච්කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය
7.බන්දුල ගුණවර්ධනතොරතුරු හා සන්නිවේදන හා උසස් අධ්‍යාපන හා තාක්ෂණ නව උත්පාදන අමාත්‍ය
8.ජනක බණ්ඩාර තෙන්නකොන්රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
9.චමල් රාජපක්ෂමහවැලි, කෘෂි කටයුතු සංවර්ධන හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය
10.ඩලස් අලහප්පෙරුමඅධ්‍යාපන හා ක්‍රීඩා තරුණ කටයුතු අමාත්‍ය
11.ජොන්ස්ටන් ප්‍රනාන්දු මාර්ග, මහා මාර්ග, වරාය සහ නාවික කටයුතු අමාත්‍ය
12.විමල් වීරවංශකුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමණාකාරණ
13.මහින්ද අමරවීරවිදුලිබල හා බල ශක්ති සහ මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය
14.එස් එම් චන්ද්‍රසේනපරිසර සහ වනජීවී සම්පත් සහ ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍ය
15.රමේෂ් පතිරණවැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම
16.ප්‍රසන්න රණතුංගසංචාරක සහ ගුවන් සේවා/කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය
Parliamentary polls soon - President | Daily News

2019 අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යංශ විෂයන් ඇතුළත් ගැසට් නිවේනදය මෙතනින්. මෙහිදී ආරක්ෂක අමාත්‍ය ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර නොතිබීම ගැන ද කතිකාවක නිර්මාණය වී තිබු නමුත් 2020 පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණයෙන් පසු පිහිටවූ ආම්ති මණ්ඩලයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍ය ලෙස සඳහන් වෙනවා.

ඒ අනුව දැන් ඔබට පැහැදිලි ඇති 2024 නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 22ක් සහ 2019 කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 16ක් සිටි බව. එබැවින් නව කැබිනට් මණ්ඩලයට සාපේක්ෂව කැබිනට් අමාත්‍යවරුන් 6 දෙනෙක් 2019 කැබිනට් මණ්ඩයේ අඩු බව පැහැදිලි වනවා.

කෙසේනමුත් ඉහත අප පෙන්වා දුන් පරිදි 2019 දී කැබිනට් අමාත්‍යවරුන්ට (16) අමතරව වෙනත් රාජ්‍ය (35) සහ නියෝජ්‍ය අමාත්‍යධුර (3) සමඟ ගත් කල සම්පුර්ණ ඇමති මණ්ඩලය 54ක් විය. 

ජාතික ජන බලවේග ආණ්ඩුවේ මෙතෙක් පත්කර තිබෙන්නේ ජනපති ඇතුළුකැබිනට් අමාත්‍යධුර 22ක් වන අතර එම අගය 25 ට සීමා කරන බව ඔවුන්ගේ මැතිවරණයේ තේමාවක් ද විය.

2024 කැබිනට් මණ්ඩලය සමඟ සංසන්දනය කරමින් පළවන ඡායාරූපයේ කැබිනට් මණ්ඩලය කුමන වසරේ එකක් ද?

2019 කැබිනට් මණ්ඩලය සහ 2024 කැබිනට් මණ්ඩලය සංසන්දනය කරමින් හුවමාරුවන ඡායාරූපයේ ඇත්තේ 2019 වසරෙ කැබිනට් මණ්ඩලය නොවන බව පැහැදිලියි. එසේනම් එම ඡායාරූපය කුමන වසරේ එකක් ද?

අප එම ඡායාරුපය Reverse Image සෙවුමක් හරහා සිදුකළ සොයා බැලීමේදී පැහැදිලි වුණේ, එය 2010 වසරේ කැබිනට් මණ්ඩලය වන බවයි. 2010 ජනාධිපති මහින්ද රාජපක්ෂ වූ අතර එම නව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු 9ක් ඇතුළුව කැබිනට් අමාත්‍යවරුන් 60ක්, පත්කර තිබෙනවා. 2010 ඇමති මණ්ඩලය පිළිබඳ වැඩිදුර විස්තර මෙතනින්  සහ මෙතනින්

A group of people posing for a photo

Description automatically generated

ඒ අනුව 2010 , 2019 සහ 2024 අමාත්‍ය මණ්ඩල වල අමාත්‍ය මණ්ඩල සංසන්දනය කරමින් සැකසු ඡායාරුපයක් පහතින්.

2020 ඇමති මණ්ඩලයේ විස්තර

මේ අතර 2019 ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයෙන් පසුව පිහිටවු රජය, ඉන්පසුව 2020 අගෝස්තු මස මහ මැතිවරණ ජයග්‍රණයෙන් පසුව පිහිටවූ රජයේ සිටි අමාත්‍ය මණ්ඩලය ගැන ද සඳහන් කරමින් ඡායාරුප සංසන්දන රැසක් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. 

2020 කැබිනට් මණ්ඩලයේ ජනපති, අගමැති ඇතුළුව කැබිනට් අමාත්‍යවරු 26 දෙනෙකුගෙන් සමන්විත වුණා. එසේම ඊට අමතරව එම ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරු 39 දෙනෙකු ද පත් කර තිබුණා. 

A group of people in white robes with Temple of the Tooth in the background

Description automatically generated

ඒ පිලිබඳ විස්තර මෙතනින්. Archived

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

නිගමනය (Conclusion) :

ඒ අනුව 2019 කැබිනට් මණ්ඩලය බව සඳහන් කරමින් 2024 කැබිනට් මණ්ඩලය සමඟ සන්සන්දනය කරන ඡායාරූපය 2019 කැබිනට් මණ්ඩලයේ ඡායාරූපයක් නොවන අතර එය 2010 වසරේ කැබිනට් මණ්ඩලයේ ඡායාරූපය බව පැහැදිලිවනවා. 2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත් කළ කැබිනට් මණ්ඩලය 16ක් වූ අතර කැබිනට් අමාත්‍ය ධුර ගණන මෙවර 2024 වසරේ කැබිනට් මණ්ඩලයට සාපේක්ෂව අඩු සංඛ්‍යාවකි. කෙසේවෙතත් 2019 දී මෙන්ම 2020 දී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පිහිටවූ රජයන්හි කැබිනට් අමත්‍යධුරවලට අමතරව සැලකිය යුතු විශාල රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යවක නියෝජනයක් තිබුණා.

Avatar

Title:2019 සහ 2024 කැබිනට් මණ්ඩල ඡායරූප සංසන්දනයේ ඇත්ත කතාව!

Fact Check By: Fact Crescendo Team 

Result: False


Leave a Reply