මේ ඊශ්‍රාල – ඉරාන යුද්ධය දැක්වෙන වීඩියෝවක් හා ඡායාරූපයක් ද? 

International Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

පසුගිය දින කිහිපය පුරාවටම සමාජ මාධ්‍ය පරිශීලකයින් ඇතුළු සමස්ත ලෝක ප්‍රජාවගේම අවධානය යොමු වී තිබුණේ, ඊශ්‍රායල – ඉරාන යුද්ධය දෙසටයි. ඒ අනුව  යුද්ධය ආරම්භ වූ දා සිට තවමත් යුද ගැටුමේ අවස්ථා බව කියමින් විවිධ වීඩියෝ දර්ශන සහ ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වනු දැක ගත හැකියි. එලෙස සංසරණය වන සමාජ මාධ්‍ය සටහන් කිහිපයක සත්‍ය අසත්‍යතාව මෙලෙස විමසා බැලිණ.  

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Claim 1: 

ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් මුදා හරින ලද ඡායාරූපයක් බව කියන මෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ, ඊශ්‍රායලයට අයත් තවත් F-35 ප්‍රහාරක ජෙට් යානයක් ඉරාන ගුවන් ප්‍රහාරවලින් බිම හෙළූ  බවයි.  

Facebook 

Claim 2: 

ඊශ්‍රායල – ඉරාන යුද්ධයට අදාළව ප්‍රහාරක ජෙට් යානයක් පහර දී බිම හෙළන බව හැඟවෙන පරිදි මෙම වීඩියෝව පළ කර ඇත්තේ “Is not movie but is real” යනුවෙන් ද සඳහන් කරමිනි. විනාඩියකුත් තතත්පර 23ක කාලයක් සහිත මෙම වීඩියෝවට අනුව කිසියම් ප්‍රහාරක යානයක් යම් භූමියකට ඉතා වේගයෙන් බෝම්බ හෙළමින් යන ආකාරයත්, යම් වේලාවකින් පසු අදාළ ප්‍රහාරක යානය ඉලක්ක කර භූමියේ සිට ප්‍රහාර එල්ල කරන අකාරයත් අවසානයේ අදාළ ප්‍රහාරක යානය බිමට පතිත වන ආකාරයත් දැකගත හැකියි. 

Facebook

ඒ අනුව සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙන මෙම ඡායාරූපය සහ වීඩියෝව සත්‍ය ලෙසම ඊශ්‍රායල – ඉරාන යුද්ධයට අදාළ ඡායාරූපයක් සහ දර්ශනයක් දැයි අප සොයා බැලුවා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

Claim 1: 

ඒ අනුව යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා ඊශ්‍රායලයට අයත්  මෙවැනි F-35 ප්‍රහාරක ජෙට් යානයක් ඉරාන ගුවන් ප්‍රහාරවලින් මෙලෙස බිම හෙළූ බවට වන පුවතක් ඉරාන ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ විකාශය කර තිබේදැයි අප සොයා බැලුවා.  ඒ අනුව පිළිගත් ජාත්‍යන්තර මාධ්‍ය ඊශ්‍රායලයේ F-35 ප්‍රහාරක යානා ඉරානය විසින් පහරදී බිම හෙළූ බවට වාර්තා කර තිබුණේ නැහැ. එහෙත් ඉරාන බලධාරීන් උපුටා දක්වමින් ඉරාන මාධ්‍ය වාර්තා කර තිබුණේ, වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් නගරයට ඉහළින් ඊශ්‍රායල F-35 ප්‍රහාරක ජෙට් යානයක් වෙඩි තබා බිම හෙළා ඇති බවයි. කෙසේ වෙතත් ඔවුන් බිම හළෙන ලද යානයේ ඡායාරූප පළ කර තිබෙනු දැකගත නොහැකි විය. මේ පිළිබඳ වැඩි විස්තර මෙතැනින් සහ මෙතැනින් 

ඉරාන ඇතැම් මාධ්‍ය විසින් ඒකපාර්ශවීය ආකාරයෙන් වාර්තා කර තිබීම යම් සැකයක් මතු කරයි. එමෙන්ම ඡායාරූපයට අනුව යානයේ ප්‍රමාණය අනුව වැටුණු ස්ථානය බිම මීට වඩා ගැඔුරට හැරීමක් සහ අවට පරිසරයේ වැලි අවට විශාල ප්‍රමාණයකට විසිරී ගොස් තිබිය යුතුය. එහෙත් මෙම ඡායාරූපයට අනුව අවට වැලි සහිත බිමේ එවන්නක් දැකගත නොහැක. තවද ඡායාරූපයෙන් පෙන්වන පුද්ගලයින් ජෙට් යානයේ ප්‍රමාණයට සාපේක්ෂව පෙන්නුම් කරන්නදෙ යම් අසාමාන්‍යොවකි. 

ඒ අනුව මෙම ඡායාරූපය පිළිබඳ තවදුරටත් කරුණු සොයා බැලීමේ අරමුණින් අප මෙය Reverse Image සෙවුමක් වෙත යොමු කළේ ය. එහිදී ෆේස්බුක් පමණක් නොව තවත් සමාජ මාධ්‍ය වේදිකාවල ද මෙම ඡායාරූපය සහ ඊට සමාන තවත් ඡායාරූප රැසක් පළ කර තිබෙනු දැකගත හැකි වුණා. කෙසේ වෙතත් මෙම ඡායාරූපය ඉහත පවසන ආකාරයෙන් ඉරානයේදී ඊශ්‍රායල F-35 ප්‍රහාරක ජෙට් යානයක් පහරදී බිම හෙළූ ඡායාරූපයක් බවට පිළිගත හැකි මූලාශ්‍ර කිසිවක් එහි නොවී ය.  

මේ අතර මෙම ඡායාරූපය පිළිබඳ කතාව ලොව බෙහෝ පිරිසකගේ අවධානයට ලක්ව තිබූ අතර  මෙය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවල පළ වී තිබුණා.  

Instagram 

මේ අතර තවදුරටත් කරුණු තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව මත මෙම ඡායාරූපය AI හඳුනාගැනීමේ මෙවලමකට යොමු කරනු ලැබුවා. ඉන් තහවුරු වූයේ මෙය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවයි.  

claim 2 :

ඊශ්‍රායල – ඉරාන යුද්ධයට අදාළව හෝ ඉරාන ගුවන් කාලපයේදී ප්‍රහාර සඳහා පැමිණි F-35 ප්‍රහාරක ජෙට් යානයක්  හෝ මෙලෙස බිම හෙළූ සත්‍ය වීඩියෝ දර්ශනයක් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ දැයි අප විමර්ශනයට ලක් කළේ ය. එහෙත් කිසිදු පිළිගත හැකි මාධ්‍යක් විසින් එවැන්නක් වාර්තා කර තිබෙනු දැකගත නොහැකි විය. 

ඒ අනුව අප මෙම වීඩියෝවේ රූපරාමු Reverse Image සෙවුමක් වෙත යොමු කළ අතර එහිදී ඉහත වීඩියෝවේ දර්ශනවලට සමාන දර්ශන සහිත  Arma 3 නම් හමුදා පරිගණක ක්‍රීඩාවක වීඩියෝ දැකගත හැකිවුණා. 

තවත් වීඩියෝ කිහිපයක් මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින් 

ඉරාන – ඊශ්‍රායල යුද්ධයට මොක ද වුණේ? 

පසුගිය 13 වෙනිදා රටවල් 2කින් ඇරඹුණු යුද ගැටුම අමෙරිකා, කාටාර්, ඉරාක රටවල් දක්වා දුරදිග යන බවට ඉඟි පළ වුවත් මේ වනවිට යුද්ධයේ ගිනිදැල් නිවී ගොස් ඇති බවක් පෙනෙන්නට තිබේ. ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීම මත එළැඹි සටන් විරාමයත් සමගයි. අමෙරිකානු ජනාධිපතිවරයා ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවත් දෙරට ප්‍රහාර එල්ලකර ගැනීමේ සූදානමක පසුවීම මත ජනාධිපතිවරයා පරුෂ වචන භාවිත කරමින්  ඉරානය සහ ඊශ්‍රායලයට යුද්ධය නතර කරන ලෙසට දැඩිව ප්‍රකාශ කර තිබූ ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ. 

මේ අතර විදෙස් මාධ වාර්තා කරන්නේ, එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ බැඳීම්වලින් ඉවත්වීමට ඉරාන පාර්ලිමේන්තුව පනතක් සම්මත කරගෙන ඇති බවයි. එමගින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ ගෝලීය නිරීක්ෂණයන්හි පරතරයක් ඇතිවිය හැකි බවට විදෙස් වාර්තාවල සඳහන් ය. 

තව ද ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට දැඩිව හානි වී ඇති බව CIA අධ්‍යක්ෂවරයා පවසා තිබේ. ඔහුගේ මෙම ප්‍රකාශය පැමිණෙන්නේ අමෙරිකාව විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ නොවූ බවට හෙළිදරව් කළ බුද්ධි අංශ වාර්තාව පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කිරීමෙන් පසුවයි. 

මේ අතර, ජනාධිපති ට්‍රම්ප් ද පසුගියදා අවධාරණයෙන් යුතුව කියා සිටියේ, අමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන සම්පුර්ණයෙන්ම  විනාශ වී ඇති බවයි. වැඩි විස්තර මෙතැනින්

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Avatar

Title:මේ ඊශ්‍රාල – ඉරාන යුද්ධය දැක්වෙන වීඩියෝවක් හා ඡායාරූපයක් ද?

Fact Check By: Fact Crescendo Team 

Result: Misleading


Leave a Reply