ජපානයේ ෂින්මොඩේක් ගිනි කන්ද සක්‍රීය වී ඇති අයුරු දැක්වෙන ඡායාරූපයක් ද? 

AI False International

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය වේදිකා සත්‍යවාදී තොරතුරු බෙදාහැරීමේ වේදිකාවක් ලෙස  ඇතැමුන් අසත්‍ය පුවත්, දර්ශන, ඡායාරූප ප්‍රචාරණය සඳහා ද යොදා ගන්නා අකාරය බහුලව දැකගත හැකියි. බොහෝ විට ඒවා පිළිබඳව ගැඹුරින් විමර්ශනය නොකෙරන තවත් සමාජ මාධ්‍ය පරිශීලකයින් ඒවා සත්‍ය යැයි සිතා සිය ගිණුම් ඔස්සේ පළ කර ගැනීමට පෙළඹේ.  මේ එලෙස සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වන ඡායාරූපයක් පිළිබඳව සිදු කළ සොයා බැලීමක්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මේ වනවිට සක්‍රිය වී ඇති ජපානයේ ෂින්මොඩේක් ගිනි කන්ද යනුවෙන් සඳහන් කරමින් ගිනි කන්දක් පුපුරා යන අයුරු දැක්වෙන ඡායාරූපයක්  මෙම සමාජ මාධ්‍ය සටහනින් පළ කර තිබේ. අදාළ ඡායාරූපයට අනුව ගිනි කන්දේ විශාල ආවාටයක් දැකගත හැකි අතර බැලූ බැල්මට මෙය ගිනි කන්දේ සුළු විදාරණයක් නොව විශාල දුම් වළාවක් සහිත විදාරණය වීමක් බව පෙනී යයි.  තව ද එම අවස්ථාවේ අකුණු සැර වදින ආකාරයක් මෙන්ම ඈත මාර්ගයක සිට පිරිසක් මෙම සිදුවීම නරඹමින් සිටින ආකාරයක් ද දැකගත හැකියි. 

Facebook | Archived Link

මෙම ඡායාරූපය ම විවිධ සමාජ මාධ්‍ය වේදිකාවල සුළු සුළු වෙනසකම් සහිතව පළ කර තිබුණේ මෙලෙසින්. 

ඒ අනුව සත්‍ය ලෙසම මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ, මෑතකදී ජපානයේ ෂින්මොඩේක් ගිනි කන්ද විදාරණය වූ අවස්ථාවක ඡායාරූපයක් ද යන්න පිළිබඳව අප සොයා බැලුවා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන් ජපානයේ, ෂින්මොඩේක් ගිනි කන්ද විදාරණය වී ඇත්දැයි යන්න පිළිබඳ ජපානයේ මාධ්‍ය ධාරා වාර්තා හරහා පරීක්ෂා කළා. 

ඒ අනුව, පසුගිය ජූලි 02 වන දා ජපානයේ කියුෂු දූපතේ පිහිටි කිරිෂිමායාමා ගිනි කඳු සමූහයේ කොටසක් වන ෂින්මොඩේක් ගිනි කන්ද විදාරණයක් වී තිබුණා. එම අවස්ථාවේ වීඩයෝ එරට X පරිශීලකයින් විසින් සංසරණය කර ගෙන තිබුණේ මෙලෙසින්.

ෂින්මොඩේක් කන්ද ජූලි 2 වන බදාදා ජපානයේ වේලාවෙන් සවස 3:30 ට පමණ පුපුරා ගියේය. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) පවසා ඇත්තේ මෙමගින් බලවත් අළු දුමාරයක් වාර්තා කළ අතර ගිනිකඳු අනතුරු ඇඟවීමේ මට්ටම 3 දක්වා ඉහළ නංවා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ. එවැනි වාර්තාවක් මෙතනින් සහ මෙතනින්.

කෙසේ වෙතත් එරට මාධ්‍ය වාර්තා මෙන් ම සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් එම අවස්ථාව සම්බන්දයෙන් පළ කරන ලද ඡායාරූප සහ වීඩියෝ අතර ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන ඡායාරූපයේ අවස්ථාවක් දැක ගන්නට නොලැබේ.

මේ හේතුවෙන් අප ඉහත ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇත්දැයි යන්න පරීක්ෂා කිරීම සඳහා AI හඳුනාගැනීමේ මෙවලම් කිහිපයකට යොමු කරනු ලැබුවා. ඉන් තහවුරු වූයේ මෙය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවයි.  

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියේ යාවාත්කාලීන කිරීම්වලට අනුව ද  ෂින්මොඩේක් පවතින්නේ 3 වන වට්ටම වන ගිනි කන්දට ළං අනතුරු ඇඟවීම් මට්ටමේ ය. තව ද ආවාටය වටා පිහිටි නගර වෙත ප්‍රවේසමෙන් සිටින ලෙස උපදෙස් නිකුත් කර තිබුණා. එම යාවත්කාලීන කිරීම සිදු කර ඇත්තේ, පසුගිය ජුනි 23 වැනිදායි. 

නිවේදනය මෙතැනින් 

ජපානයේ ෂින්මොඩේක් ගිනි කන්ද 

පසුගිය ජූලි 2 වන දින ජපාන රජයේ ගිනි කඳු පර්යේෂණ කමිටු රැස්වීමකදී, විශේෂඥයින් විසින් ෂින්මොඩේක්හි ගිනි කඳු වායු විශාල විමෝචනයක් සහ භූගත ඉදිමීමේ සලකුණු වාර්තා කළ නමුත් නව මැග්මා පිපිරීමක් පිළිබඳ කිසිදු සාක්ෂියක් සොයා ගත නොහැකි බව පවසනවා. එම කමිටුවේ ප්‍රධානී ෂිමිසු හිරෝෂි ප්‍රකාශ කළේ වත්මන් ක්‍රියාකාරකම් මැග්මා පිපිරීමක් නොවන නමුත් මෙම තත්ත්වය බැහැර කළ නොහැකි බවත් තවදුරටත් වර්ධනයන් තක්සේරු කිරීම සඳහා  නිරීක්ෂණය කිරීම අවශ්‍ය බවත්ය.

පසුගිය ජුනි 22 වැනිදා ජපානයේ කියුෂු දිවයිනේ පිහිටි  කිරිෂිමායාමා ගිනි කඳු සමූහයේ කොටසක් වන ෂින්මොඩේක් කන්දේ කිසියම් විදාරණයක් සිදු වී තිබුණා. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය වාර්තා කර තිබුණේ,  මීටර් 500 පමණ උසකට  අළු දුමාරයක් විහිදී ගිය බවයි.  කෙසේ වෙතත් එය විශාල ආකාරයේ විදාරණයක් නොවේ. ඒ් අනුව ගිනිකන්ද වටා  කිලෝමීටර 2 ක් පමණ ප්‍රදේශයකට 2 වැනි මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට එරට කාලගුණ බලධාරීන් පියවර ගෙන තිබූ අතර 23 වනදා වනවිට එය 3 වන මට්ටමේ අනතුරු ඇඟවීමක් දක්වා යාවත්කාලීන කර තිබුණා. කෙසේ වෙතත් මෙම විදාරණයවීමෙන් සාමාන්‍ය ජන ජීවිතයට හෝ ගුවන් ගමන් වැනි කටයුතු සඳහා හෝ බලපෑමක් සිදුවන ආකාරයේ විදාරණයක් නොවූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණා. 

ජපානයේ පිහිටා ඇති  ගිනි කඳු අතරින් වඩාත් සක්‍රිය ගිනි කන්දක් ලෙස සැලකෙන මෙම ගිනිකන්ද මෙම මෙලසෙ යළිත් සක්‍රිය වී ඇත්තේ, 2018 වසරෙන් පසුවයි. විස්තර මෙතැනින්  2018 වසරේ ගිනි කන්ද විදාරණය වීමට අදාළ විස්තර මෙතැනින්

ඓතිහාසික වාර්තාවලින් පෙනී යන්නේ මෙම පිපිරීම පෙර සිදුවීම් හා සසඳන විට මධ්‍යස්ථ බවයි. 2011 දී ෂින්මොඩේක් පුපුරා යාමෙන් කිලෝමීටර 9 (අඩි 29 500) දක්වා අළු විහිදී ගිය අතර එමඟින් ගුවන් ගමන් සඳහා බාධා ද, ඇති වූ බවයි. 

Read in English : Viral Image of Shinmoedake Eruption is AI-Generated, Though Volcano Did Erupt

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනය අනුව පෙනී යන්නේ, මෑතක සිට ජපානයේ ෂින්මොඩේක් ගිනි කන්දේ කිසියම් ක්‍රියාකාරීත්වයක් පෙන්වන බව කියන පුවත්  සත්‍ය බවයි. කෙසේ වෙතත් ෂින්මොඩේක් ගිනි කන්ද විදරණය වන ආකාරය බව කියමින් සාමාජ මාධ්‍යයේ පළ කර ඇති සහ හුවමාරු වන ඉහත ඡායාරූපය සැබෑ ලෙසම ගිනි කන්ද විදාරණය වන අවස්ථාවේ ඡායාරූපයක් නොව එය AI (කෘත්‍රිම බුද්ධිය) ඔස්සෙ නිර්මාණය කරන ලද ඡායාරූපයක් බව තහවුරු වේ. 

Avatar

Title:ජපානයේ ෂින්මොඩේක් ගිනි කන්ද විදාරණය වන ඡායාරූපයක් ද?

Fact Check By: Fact Crescendo Team 

Result: False


Leave a Reply