FACT CHECK: මෙරට එන්නත්කරණයේ දී කොටසකට වතුර එන්නත් කරන බවක් බැසිල් කිව්වා ද?

Update: 2021-08-30 05:03 GMT

ලංකාව පුරා එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් දියත් වුව ද ඒ හා සමාන ලෙසින්ම කොවිඩ් ව්‍යාප්තියේ ද සීඝ්‍ර වැඩිවීමක් පසුගිය මාසයේ දී විශේෂයෙන්ම පෙන්නුම් කර තිබෙන අතර නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 06 දක්වා දීර්ඝ කිරීමට ද රජය විසින් තීරණය කරනු ලැබුවා.

මෙරට ලබාගෙන එන්නත් සහ ඒවායේ සාර්ථකත්වය ගැන ද විවිධ පාර්ශව ප්‍රශ්න නඟා තිබුණ ද වෛද්‍ය ක්ෂේත්‍රයේ මතය වන්නේ ලැබෙන කිනම් හෝ එන්නතක් නොපමාව ලබාගන්නා ලෙසයි. එසේම බැසිල් රාජපක්ෂ මහතා එන්නත්කරණය පිළිබඳ සිදුකළ අදහස් දැක්වීමක් ලෙස දක්වමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් උපහාසාත්මක කෝණයකින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. ඒ පිළිබඳ අපගේ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

Dtown ලංකා නම් ෆේස්බුක් පිටුවක පළවී තිබු සටහනක තේමාවේ දක්වා තිබුණේ “අපි විස්සකට බෙහත් ගහනවා! 😳😳😳 විස්සකට වතුර ගහනවා! මේක අපි කාටවත් කියන්නෑ! 😳😳😳😳😳යනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා එන්නත්කරණය පිළිබඳ කරුණු දක්වන බව හඟවන ආකාරයේ රුපවහිනී නාලිකාවක සාකච්ඡාවක් අතරතුර දී ලබාගත් වීඩියෝව කොටසක් පළකර තිබුණි.

Full View

Facebook | Archived

මෙහි දක්වා තිබෙන වීඩියෝ කොටසේ දී මාධ්‍යවේදීයා බැසිල් රාජපක්ෂ මහතාගෙන් විමසන්නේ “එතකොට මේ උල්ලංඝණය කරන්නේ දැනුවත්ව ද” යනුවෙනි.

එයට පිළිතුරු ලෙස බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටින්නේ “සමහරවිට..එ්ක කියන්නේ නෑ..අපි කොවිඩ්.. බෙහෙත්.. කරන කොට 40ක් අරගන්නවා නම් , 40න් විස්සකට වතුර ගහනවා..තව විස්සකට බෙහෙත් ගහනවා..හැබැයි කාටවක්වත් කියන්නේ නැහැ මේකේ වතුර ගහනවා යයි කියල..එතකොට තමයි ඒක ටෙස්ට් එකක් වෙන්නේ..” යනුවෙනි

කෙසේවෙතත් මෙම කෙටි වීඩියෝ පටය අතරතුර දී කිහිප වරක් වීඩියෝවේ පැනීම්(jumps) තිබෙන බව ද පැහැදිලිව පෙනෙනවා. ඒ අනුව වීඩියෝ කොටස් කිහිපයක් එකතු කර සිදුකළ සංස්කරණයක් බව බොහෝ දුරට හැඟී යනවා.

මේ අදහස දෙන වීඩියෝ පට කිහිපයක් ම ෆේස්බුක් ඔස්සේ පළවී තිබෙනු අපට මෙසේ දැක ගන්නට ද ලැබුණා.

එසේම මේ සම්බන්ධයෙන් පළවී තිබූ ඡායරූප සටහනක් පහතින්.

Facebook | Archived

එම සටහන මඟින් ද අදහස් කර තිබුණේ එන්නත්කරණය අභ්‍යාසයක් බවත් එහිදී 40 දෙනෙකුගෙන් 20 දෙනෙකුට එන්නත ද 20 දෙනෙකුට වතුර ද ගහන බවක් බැසිල් රාජපක්ෂ මහතා පවසූ බවකි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම සටහන් සියල්ල සඳහා මුල්වී තිබූ බව දක්වා තිබුණේ හිරු රුපවාහිනී නාලිකාවේ පළවී තිබූ වීඩියෝවක් බැවින් එහි මුල් වීඩියෝ සොයා අදාළ සකච්ඡාව ඇතුළත් කොටස අප පරීක්ෂා කරනු ලැබුවා. එම වීඩියෝව 2021 ජනවාරි මස 04 වන දා විකාශය වී තිබූ “හිරු සලකුණ” වැඩසටහන හා සම්බන්ධ බව අපට ඉන්පසු දින පළකර තිබූ වීඩියෝවක් හරහා අපට අනාවරණය වුණා.

යුක්‍රේන ජාතිකයින් එම අවධියේ දී ලංකාවට පැමිණීම හරහා මෙරට සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ නිරෝධාන නීතී නිසි ලෙස ක්‍රියාත්මක වුනේ ද යන්න පිළිබඳව ඇතිවී තිබූ ප්‍රශ්නගත කරුණු සම්බන්ධයෙන් එවකට ජනපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර තිබෙනු අපට දැක ගන්නට ලැබුණා. ඒ සඳහා ලබාදුන් පිළිතුරු පහතින් (30 වන විනාඩියේ සිට)

https://youtu.be/7APfq2owvMM?t=1755

මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටින්නේ, යුක්‍රේන ජාතිකයින්ගෙන් මෙරට වැසියන්ට සහ මෙරට වැසියන්ගෙන් එම විදේශිකයින්ට කොවිඩ් ආසාදනය වීම වැළක්වීම ප්‍රධාන අරමුණ වූ අතර එහිදී යම් ආකාරයේ අත්හදා බැලීම් ද සිදුවිය හැකිව තිබූ බවයි. ඒ බව පෙන්වා දීම සඳහා එන්නත්කරණය සම්බන්ධ උදාහරණයක් ඔහු ලබාදී තිබූ බව අපට දැකගන්නට ලැබුණා. එහිදී, බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ 40 දෙනෙකු මුල්කරගනිමින් කොව්ඩ් ටෙස්ට් එකක් (පරීක්ෂාවක්) සිදු කරන්නේ නම් 20 දෙනෙකුට නියම එන්නත ලබාදෙන බවත් තවත් 20 දෙනෙකුට වතුර ලබාදෙන බවත්, ඒ අනුව එය පරීක්ෂණයක් වන බවත්ය. මෙය උවමනාවෙන්ම කරන දෙයක් බව තමා කියන්නේ නැති වුනත් මෙවැනි දේවල්වල අඩුපාඩු සොයාගන්නට ලැබෙන්නේ ද මෙවැනි ක්‍රම මඟින් බවද ඒ මහතා පවසා තිබුණා.

එම අවධියේ පළවූ වෙබ් අඩවි වාර්තා කිහිපයක ද මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය බොහෝ සෙයින් කතාබහට ලක්වූ අතර එවැනි එක් වර්තාවක ද ඉහත ප්‍රකාශය දක්වා තිබුණේ මෙලෙසින්.

News19 | Archived

මේ අනුව එම මුල් වීඩියෝවේ දී බැසිල් රාජපක්ෂ මහතා පවසන “ අපි කොවිඩ් ටෙස්ට් එකක් කරනකොට යම් 40ක් අරගන්නවනම් 20කට වතුර ගහනවා....” යනාදී වශයෙන් ඇති කොටස සූක්ෂම ලෙස “අපි කොවිඩ්.. බෙහෙත්... කරනකොට යම් 40ක් අරගන්නවනම් 20කට වතුර ගහනවා....” යනාදී වශයෙන් සංස්කරණ කරමින් “ටෙස්ට් එකක්” යන කොටස වෙනුවට “බෙහෙත්” යන කොටස යෙදීම තුළින් මෙහිදී ඇත්ත වශයෙන්ම එන්නත්කරණයක් පිළිබඳව බැසිල් රාජපක්ෂ මහතා අදහස් දැක්වූ බව හඟවා තිබෙන බව ද පැහැදිලි වෙනවා.

කෙසේවෙතත් ඉහත බැසිල් රාජපක්ෂ මහතාගේ මුල් ප්‍රකාශය විවේචනයට ලක්කරමින්, මේ ආකාරයට නියමු ව්‍යාපෘතියක් ඔස්සේ යුක්‍රේන සංචාරකයන්ගෙන් කොවිඩ් වෛරසය ශ්‍රී ලාංකිකයන්ට ආසාදනය වන්නේ දැයි අත්හදා බැලීම් සිදුකළ බවට වෙබ් පුවත් හා සමාජ මාධ්‍ය සටහන් රැසක් අපට පසුගිය කාලය පුරාවටම විටින් විට ද දැක ගන්නට ලැබුණා. එවැනි වාර්තාවක් මෙතනින්.

බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වූ මෙම රූපවාහිනී සාකච්ඡාව සිදුවෙන අවධියේ (ජනවාරි 04) ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ වී නොතිබුණ අතර ඊට දින කිහිපහයකට පසුව එනම් 2021 ජනවාරි මස 29 වනදා මුල් වරට ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ වී තිබුණේ මෙලෙසින්. එසේම බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය වශයෙන් දිවුරුම් දෙන්නේ ජුලි මස 08 වැනිදා යි.

ප්ලැසීබෝ යනු කුමක්ද ? එන්නත අත්හදා බැලීම් වලදී එය භාවිතා කරන්නේ ඇයි?

බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉහත වීඩියෝවේ දී වතුර එන්නතකරණය යනුවෙන් සඳහන් කළ කාරණයේ දී ඇත්ත වශෙයන් ම සිදුවන්නේ ප්ලැසීබෝ (Placebo) ආචරණය කිරීමකි. එනම් සායනික අත්හදා බැලීම්වලදී, සේලයින් හෝ උදාසීන/ අක්‍රීය ද්‍රව්‍යක් අඩංගු ද්‍රවණයක් සහිත එන්නතක් මෙම පරීක්ෂණය සඳහා ස්වේච්ඡාවෙන් සහභාගිවන එක් පිරිසකටත්, තවත් පිරිසකට නියම එන්නතත් ලබාදීමක් සිදුවනවා. මෙහිදී ප්ලැසීබෝ එන්නත ලබාදෙන්නේ කාහට ද යන්න මුලින් දන්වා සිටින්නේ නැහැ. ලොව පුරා සිදුවන කොවිඩ් එන්නත් අත්හදා බැලීම් වලදී මෙන්ම මීට පෙර එනනත් අත්හදා බැලීම් වලදී ද මෙම ක්‍රමය භාවිතා කර තිබෙනවා. ප්ලැසිබෝ අත්හදා බැලීම් පිළිබඳ ඉංග්‍රීසි බසින් පළවූ ලිපියක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ කරුණු විමර්ශනයේදී පැහැදිලි වන්නේ බැසිල් රාජපක්ෂ මහතා විසින් එන්නත එක් පිරිසකටත් තවත් පිරිසකට වතුර අඩංගු එන්නතක් ද ලෙස ලබාදෙන බවත්, හඟවමින් උපහාසාත්මක කෝණයක් ද මුසුකරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ නොමඟ යවන සුළු ආකාරයෙන් සංස්කරණය කරන ලද වීඩියෝ කොටසක් සහිත සටහන් පෙළක් බවයි.

මෙම ප්‍රකාශ සඳහා මුල් වූ සාකච්ඡාව මෑතක දී සිදු වුවක් නොවන අතර මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ වීමටත් සති කිහිපයකට පෙර, එනම් 2021 වසරේ ජනවාරි මස මුල සිදුවූවක්.

යුක්‍රේන සංචාරකයින් 2021 වසර මුල මෙරටට පැමිණි අවස්ථාව සම්බන්ධයෙන් පැනනැගී තිබූ ප්‍රශ්නගත කරුණු සඳහා පිළිතුරු ලබාදීම අතරතුර, බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබූණේ, එහිදී යම්කිහි අත්හදා බැලීම් ද සිදුවිය හැකිව තිබූ බවයි. ඒ සඳහා උදාහරණයක් වශයෙන් එන්නත්කරණ අත්හදා බැලීම් වලදී ද නියම එන්නත කොටසකටත් අනෙක් කොටසට වතුරත් ලබාදෙන බවත් බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබුණා.

Also Read:

FACT CHECK: නව මුදල් ඇමති විසින් ආහාර කිහිපයක් සඳහා නව බදු පැනවුවා ද?

FACT CHECK: කතරගම දේවාලයේ ගිනිපෑගීමේ චාරිත්‍රයට ඇමති බැසිල් සහභාගිවූ අවස්ථාවක්ද?

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මෙරට එන්නත්කරණයේ දී කොටසකට වතුර එන්නත් කරන බවක් බැසිල් කිව්වා ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News