FACT CHECK: එළැඹෙන මැතිවරණයේදී ඡන්දය ජවිපෙට ලබා දෙන ලෙසට ශිහාන් මිහිරංගගෙන් ඉල්ලීමක් ?

Update: 2021-11-15 10:46 GMT

රියැලටි තරඟ ඉතිහාසයේ බිහිවූ අතිශය ජනප්‍රිය චරිතයක් වූ ගායක ශිහාන් මිහිරංග පිළබඳව මෑතකදී ජනතාවගේ අවධානය යොමු වූයේ මෙරට පාලකයින් විසින් මෙරටට සිදු කළ විනාශය පිළිබඳ කළ විවේචනයත් සමගයි. එ්ත් සමගම ඔහු විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට එළැඹෙන මැතිවරණයේදී ඡන්දය ලබා දෙන ලෙස කළ ඉල්ලීමක් සහිත ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ෆේස්බුක් ඔස්සේ සංසරණය වූ සටහනක සඳහන් කර තිබුණේ, “කලාවෙන් ශිහාන් ගොඩනැගුවා වගේ දේශපාලනිකව ගොඩනැගිය යුතු චරිතයක් ඉන්නවා. ඔහු ඔබේ සහෝදරයෙක්. ඔබගේ ඡන්දයෙන් ඔහු ගොඩ නැගූ දිනට මේ රටේ ශාපය දුරුවී ශ්‍රී ලංකාවත් ජීවත් වෙන්න පුලුවන් ලස්සන රටක් වේවි. ඔහු මගේ සහෝදරයෙක්, ඔහු ඔබේ සහෝදරයෙක්, ඔහු අනුර කුමාර දිසානායක. එක්වරක් හෝ ඔහු විශ්වාස කර බලමු. මම ඔබෙන් ඉල්ලා සිටිනවා ඊළඟ මැතිවරණයකදී අපි එක්වරක් හෝ ජවිපෙට දීලා බලමු.” යනුවෙන් ගායන ශිල්පී ශිහාන් මිහිරංග පවසා ඇති බවටයි.

Facebook | Archived Link

මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්

ගායන ශිල්පී ශිහාන් මිහිරංග විසින් මෙලෙස පැවසූ බවට බොහෝ පිරිසක් උපකල්පනය කර ඇති බවට මෙම සටහන් සඳහා දක්වා ඇති ප්‍රතිචාර වලින් පෙනී යයි.

මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ජනප්‍රිය ගායන ශිල්පී ශිහාන් මිහිරංග විසින් ජවිපෙ නායක අනුර කුමාර සම්බන්ධයෙන් මෙවන් ප්‍රකාශයක් සිදු කළාද යන්න පිළිබඳ විමර්ශනය කිරීමේදී ඔහු විසින් එවන් ප්‍රකාශයක් කිසිදු ප්‍රසිද්ධ වේදිකාව හෝ කිසිදු මාධ්‍ය සාකච්ඡාවක හෝ සිදු නොකළ බවට නිරීක්ෂණය විය.

පසුගිය සැප්තැම්බර් 31 වන දා හිරු TV නාලිකාවේ හිරු Star Season 03 සංගීතමය වැඩසටහනේදී එහි විනිශ්චය මණ්ඩලයේ සිටින ගායන ශිල්පී ශිහාන් මිහිරංග විසින් මෙරට අතීතයේ සිට පාලනය වෙන දේශපාලන තත්ත්වය හේතුවෙන් ජනතාවට මුහුණ දී තිබෙන අපහසුතාවය සම්බන්ධයෙන් රටේ පාලකයින් විවේචනය කරන අතර එහිදීද කිසිදු පක්ෂයක දේශාපාලන පක්ෂයකට හෝ කිසිදු දේශපාලනඥයෙකුට ඡන්දය භාවිතා කරන ලෙස කිසිදු ඉල්ලීමක් සිදු නොකරනු ලබයි. එම වීඩියෝව පහතින්. සම්පූර්ණ වීඩියෝව මෙතනින්.

https://youtu.be/9bFcHHMiMBk?t=206

සමාජ මාධ්‍ය හරහා මෙම ප්‍රකාශය රැගත් වීඩියෝව සහ සටහන් සංසරණය වීමත් සමග ජනතාවගේ ප්‍රශංසාව හිමි වූයේ ප්‍රසිද්ධ සජීවි වැඩසටහනකදී කළ එම සෘජු ප්‍රකාශය හේතුවෙනි.

අප මේ සම්බන්ධයෙන් විමසීමට ගායන ශිල්පී ශිහාන් මිහිරංග සම්බන්ධ කර ගත් අතර ඔහු සඳහන් කළේ, තමන් කිසිදු දේශපාලන පක්ෂයකට හෝ දේශපාලනඥයෙකුට හෝ කිසිදු සහයක් ලබා නොදෙන බවත් පොදුවේ සියලු දේශපාලන පක්ෂ සංගීතමය තරඟයකදී විවේචනය කළ බවයි. හිරු Star තරඟයේදී සියලු දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් තමන් කළ විවේචනය දේශපාලන වාසි හේතුවෙන් නොයෙකුත් පක්ෂ වෙනත් කෝණ වලින් තමුන්ගේ අරමුණු මුදුන්පත්වාලීමට එම ප්‍රකාශය අවභාවිතා කරන බවත්, තමන් කිසිදු අවස්ථාවක අනුර කුමාර දිසානායක මහතාට ඡන්දය ලබා දෙන ලෙස පවසා නොමැති බවත් සඳහන් කළා.

සමාජ මාධ්‍ය ඔස්සේ තමන් එවැනි ප්‍රකාශයක් සිදු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම හේතුවෙන් තමන් එවන් ප්‍රකාශයක් නොකළ බවට සිය නිල ෆේස්බුක් පිටුව මගින් සඳහන් කළ බවත්, කිසිදු අවස්ථාවක තමන් සමාජ මාධ්‍ය ගිණුම් හරහා දේශපාලනය සම්බන්ධයෙන් හෝ තමන්ගේ පෞද්ගලික තොරතුරු සඳහන් නොකරන බැවින් එම සටහනද ඉවත් කළේ, කිසිදු අවස්ථාවක කිසිදු දේශපාලන පක්ෂයක් වෙනුවෙන් තමන් පෙනී නොසිටින නිසාවෙන් බව ඔහු වැඩි දුරටත් පවසා සිටියා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශන වලින් පෙන්වා දෙන්නේ, ජනප්‍රිය ගායන ශිල්පී ශිහාන් මිහිරංග විසින් ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතාට ඡන්දය ලබා දිය යුතු බවට ප්‍රකාශයක් ප්‍රසිද්ධ වේදිකාවක හෝ මාධ්‍යකට හෝ සමාජ මාධ්‍ය ගිණුම් හරහා හෝ ප්‍රකාශ කර නොමැති බවයි. ඒ බවට අප කළ විමර්ශනයේදී හෙළි වූ අතර ඒ බවට ගායන ශිල්පී ශිහාන් මිහිරංග විසින්ද තහවුරු කරනු ලැබීය.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:එළැඹෙන මැතිවරණයේදී ඡන්දය ජවිපෙට ලබා දෙන ලෙසට ශිහාන් මිහිරංගගෙන් ඉල්ලීමක් ?

Fact Check By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News