ගෝඨාභය-රනිල් ප්‍රමුඛ ආණ්ඩුව පිළිබඳ නාමල් රාජපක්ෂ සිදු කළ විවේචනය?

Update: 2022-07-06 17:04 GMT

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මත, ජනතාව විසින් වත්මන් ආණ්ඩුව වෙත ජනතාවගෙන් එල්ල වන විරෝධතාව හමුවේ, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් වත්මන් ආණ්ඩුව විවේචනය කරනු ලබන බවට හඟවන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා.

මෙහි නිරවද්‍යතාවය සොයා අප සිදු කරනු ලැබූ කරුණු පරීක්ෂාවක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

අභ්‍යන්තර පළමු වෙඩි මුරය නාමල් කුමරුගෙන් 2025 අපේ දියසෙන් ” යනුවෙන් සඳහන් කරමින් නාමල් රාජපක්ෂ මාධ්‍ය වෙත අදහස් දක්වන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

එහිදී ඔහු පවසා සිටින්නේ, ආණ්ඩුවට රටේ ජනතාව පණිවිඩයක් දී ඇති බවත්, ආණ්ඩුව කරගෙන යනු ලබන අදූරදර්ශි වැඩපිළිවෙළ රටේ ජනතාව අද ප්‍රතික්ෂේප කර ඇති බවත්, රට බෙදීම, ජීවන වියදම, රටේ ජාතික සම්පත් විකිණීම, මේ රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීම, යනාදී සියල්ලටම විරුද්ධව අද රටේ ජනතමය අති දැවැන්ත ලෙස ඒකරාශි වී ඇති බවයි.

එමෙන්ම, මෙම ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ, දැන්වත් ජනමතයට හිස නමලා, පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට යන ලෙසත්, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඉල්ලා අස්විය යුතු බවත් එහි පැවසෙනවා. ජනතා ඡන්දයනේ ජනතාවාදී ආණ්ඩුවක් පිහිටවන්න අවස්ථාව ලබාදෙන ලෙසත්, ජනාධිපති තුමන් ඇතුළු අග්‍රාමාත්‍යයවරයාටත් පවසන බවට එහි දැක්වුණේ, මෙලෙසින්.

Full View

Facebook | Archived Link

සත්‍ය වශයෙන්ම මෙවන් ප්‍රකාශයක්, වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මෑතක දී සිදු කළාද යන්න පිළිබඳ අප විමසා බැලීමක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

හිටපු අමාත්‍යවරයා විසින් ඉහත සඳහන් ලෙස ජනාධිපති, අගමැති ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් මෙවන් ප්‍රකාශයක් සිදු කළ බවට ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණාද යන්න පිළිබඳ අප ප්‍රථමයෙන් පරීක්ෂා කළ අතර නාමල් රාජපක්ෂ මහතා විසින් මෑතකදී එවන් ප්‍රකාශයක් සිදු කළ බවට අපට දැක ගන්නට නොලැබුණි.

වැඩිදුර නිරීක්ෂණයේදී අපට දැක ගන්නට ලැබුණේ, මෙම වීඩියෝව 2018 වර්ෂයේ නාමල් රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ පළ කර තිබු වීඩියෝවක් ඇසුරෙන් සැකසු වීඩියෝවක් බවයි.

පළාත් පාලන මැතිවරණයේ ලද බහුතර ජයග්‍රහණය ත් සමග ම, එවකට පැවති යහපාලන ආණ්ඩුව වහා විසුරුවන ලෙසත්, ජනමතයට හිසනමා පාර්ලිමේන්තු මැතිවරණයකට වහා යන ලෙසත්, එවකට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් අගමැති රනිල් වික්‍රමසිංහ මතතාට පවසමින් , නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත 2018 පෙබරවාරි මස 11 වැනිදා අදහස් දැක්වූ එම අවස්ථාවේ මුල් වීඩියෝව පහතින්.

Full View

Facebook | Archived Link

එම වීඩියෝව නිරීක්ෂණයේදී, එහි සඳහන් ඇතැම් ප්‍රකාශයන් කපා ඉවත් කර සංස්කරණය කරමින් ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණේ, වර්තමාන ආණ්ඩුව සම්බන්ධයෙන් අදහස් දක්වන ලෙසට සංස්කරණ කරමිනුයි.

මුල් වීඩියෝව සහ සංස්කරණය කරමින් දැන් හුවමාරු වන වීඩියෝ කොටසේ සංසන්දනයක් පහතින්.

අප මෙම වීඩියෝව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු තහවුරු කළේ ද, මෙය 2018 වසරේ පළ වූ පැරණි වීඩියෝවක් බවයි.

වත්මන් ආණ්ඩුව පෙරළා දමා නව ආණ්ඩුවක් බිහි කිරීම සඳහා සහයෝගය ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ දේශපාලන පක්ෂ දහයකින් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර දැඩි විරෝධය පළ කර ඇති බවට පුවත් වාර්තාවක් මෙලෙසින්( Archived Link) පෙන්වා දුන්නද, මේ පිළිබඳව අප කළ විමර්ශනයේදී මෙවැනි ආකාරයේ නිල පුවතක් ප්‍රධාන මාධ්‍ය වාර්තා වල දක්වා නොතිබුණි.

එමෙන්ම වර්තමාන ආණ්ඩුව විසුරුවා හැරීම යනාදි කරුණු සම්බන්ධයෙන් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අදහස පිළිබඳව ද, අප විමසා සිටි අතර ඔහු ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දුන්නේ නැහැ.

කෙසේනමුත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට අනුකූලව බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස් වුවද පවතින ගැටලුවට විසඳුමක් නොලැබෙන බවද නාමල් රාජපක්ෂ මහතා පසුගිය අප්‍රේල් මස පාර්ලිමේන්තුවේදී පවසා තිබුණේ මෙලෙසින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති, අගමැති ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව විවේචනය කරමින් මාධ්‍ය වෙත සිදු කළ අදහස් දැක්වීමක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ දැක්වෙන්නේ, 2018 වසරේ පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී ලද ජයග්‍රහණයෙන් පසුව, නාමල් රාජපක්ෂ මහතා විසින් යහපාලන ආණ්ඩුව සම්බන්ධයෙන් සිදු කළ විවේචනයකි. එම වීඩියෝවේ අඩංගු ඇතැම් කොටස් සංස්කරණය කරමින් වර්තමානයේ සිදුකළ ප්‍රකාශයක් බව හඟවමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව පළ කර තිබුණි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ගෝඨාභය-රනිල් ප්‍රමුඛ ආණ්ඩුව පිළිබඳ නාමල් රාජපක්ෂ සිදු කළ විවේචනය?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News