NPP නායකයින් සම්බන්ධයෙන් හුවමාරු වන අසත්‍ය සහ ව්‍යාජ සටහන් පෙළක්!

Update: 2024-01-29 11:47 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

කාලීන මාතෘකා ඔස්සේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන සාමාජිකයන් අළලා පළ වූ සමාජ මාධ්‍ය සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් : Claim-1

“ආවේත් මාලිමාවට බුදු දහමට අවමං කරන අවලංකේතිසර” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් සංසරණය වූයේ අනුර කුමාර දිසානායක, අවලෝකිතේෂ්වර නාමයෙන් තමන්ව හඳුන්වාගත් පුද්ගලයා සමගින් පොල්තෙල් පහනක් දැල්වීමේ උත්සව අවස්ථාවකට සහභාගී වී ඇති බව හඟවන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

Fact Check

ඉහත ඡායාරූපය සත්‍ය ඡායාරූපයක් නොවන බවත්, ඡායාරූප සංස්කරණයක් බවත්, බොහෝ දෙනෙකු හඳුනාගෙන තිබූ අතර Reverse Image සෙවුමක් හරහා මෙම සංස්කරණයට මුල් වූ සේයාරුව සොයා ගැනීමට අපට ද හැකිවුණා. ඒ අනුව මුල් ඡායාරූපයේ අවලෝකිතේෂ්වර ලෙසින් සමාජයේ මහත් ආන්දෝලනයකට භාජනය වූ පුද්ගලයා එම ඡායාරූපයේ නොමැති බව පැහැදිලිවම දැක ගන්නට ලැබුණා.

පසුගිය ජනවාරි 04 වන දා ජාතික ජන බලවේගය විසින් පවත්වා ඇති ජාතික විද්වත් සංවිධානයේ මොණරාගල දිස්ත්‍රික් වෛද්‍යවරුන්ගේ හමුවේ ලබා ගත් ඡායාරූප පෙළකින් ලබා ගත් එක් ඡායාරූපයක් මෙලෙසින් සංස්කරණය කර තිබුණා. එම ඡායාරූප ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ, පෙබරවාරි 07 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළ අතර ඔහු ව මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමු කරන ලෙස නියම කළේය.

ජාතික ජන බලවේගයේ මාධ්‍ය සම්බන්ධීකාරක සඳහන් කරන්නේ, අවලෝකිතේශ්වර ලෙසින් පෙනී සිටින පුද්ගලයා හා ජාතික ජන බලවේගයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවත්, මෙය පක්ෂයට අවමන් කිරීමට අසත්‍ය තොරතුරු පතුරුවන තවත් එක් අවස්ථාවක් බවයි.

සමාජ මාධ්‍ය සටහන් - Claim-2

දැන් මිනී මරන්න පැජරෝ එන්නෙත් පන්සලෙන්, මිත්‍යා දෘශ්ඨිකයො තවමත් පන්සල් නඩත්තු කරනවා” - බිමල් රත්නායක මහතා විසින් ප්‍රකාශ කළ බවට සඳහන් කරමින් සටහනක් සංසරණය වූයේ මේ අයුරින්.

Facebook | Archived Link

Fact Check

පසුගිය ජනවාරි 23 වන දා ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉහත සඳහන් අයුරින් ජාතික ජනබලවේගයේ විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් ප්‍රකාශයක් සිදු කර තිබුණා ද, යන්න පිළිබඳ අප ප්‍රධාන මාධ්‍ය හරහා පරීක්ෂා කළා. නමුත් එවැනි පුවතක් පළ වී නොතිබුණි.

අප බිමල් රත්නායක මහතා සහභාගි වූ ජන හමු වෙත ද, අවධානය යොමු කළ අතර එවැනි ප්‍රකාශයක් සිදු කළ බවට දැක ගන්නට නොලැබුණි. අප මේ පිළිබඳ ව බිමල් රත්නායක මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා ද, තහවුරු කළේ, තමන් එවැනි ප්‍රකාශයක් කිසිදු අවස්ථාවකදී සිදු නොකළ බවයි.

සමාජ මාධ්‍ය සටහන් - Claim-3

“මාලිමාවේ ප්‍රධාන පෙලේ නායක නායිකාවන්ටත් කමාන්ඩෝ ආරක්ෂාව ඕන” යනුවෙන් නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළ බවට ප්‍රකාශයක් රැගත් සටහනක් ෆේස්බුක් ඔස්සේ පළ වුණා.

Facebook | Archived Link

Fact Check

ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඉහත සඳහන් අයුරින් ප්‍රකාශයක් සිදු කර ඇත් ද, යන්න පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කළා. අපට එවැනි පුවතක් දැක ගන්නට නොලැබුණි.

A5 News Sri Lanka ෆේස්බුක් පිටුව හරහා ද, ඉහත සඳහන් ආකාරයේ පුවතක් පළ වී ඇත් ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කළ අතර ඒ ආකාරයේ පුවතක් දැක ගන්නට නොලැබුණි. ඒ අනුව නලින්ද ජයතිස්ස මහතා මෑතකදී සහභාගි වූ මාධ්‍ය සාකච්ඡා මෙන් ම, වැඩසටහන් ඔස්සේ ද, ඒ මහතා විසින් ඉහත සඳහන් ආකාරයේ ප්‍රකාශයක් කර තිබුණා ද, යන්න පරීක්ෂා කළත්, අපට එවැනි පුවතක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය නොවුණි.

මේ හේතුවෙන් මෙය තහවුරු කර ගැනීමට අප නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ ද, මෙය අසත්‍ය තොරතුරක් බවත්, තමන් කිසිදු අවස්ථාවක පක්ෂයේ ප්‍රධාන පෙළේ නායක නායිකාවන්ටත් කමාන්ඩෝ ආරක්ෂාව ලබා දිය යුතු බවට ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

Update 2/1/2024

සමාජ මාධ්‍ය සටහන් - Claim-4

"අද පැරෂුට් පුහුණුවේදී අනතුරට ලක් උනේ යුද්දෙන් පස්සේ හමුදාවට බැඳුදු අයයි. සැබෑ රණ විරුවන් දැන් විශ්‍රාමිකයි. ඔවුන් දැන් ඉන්නේ මාලිමා වේදිකාවේ" යනුවෙන් සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළ බවට දක්විමන් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

Fact Check

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් එවැනි ප්‍රකාශයක් සිදු කළා ද, යන්න අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කළා. එවැනි ප්‍රකාශයක් රැගත් සටහනක් පළ වී නොතිබුණි.

එමෙන් ම ඉහත ඡායාරූපයේ පෙන්වා දෙන පරිදි, Newshub.lk පුවත් වෙබ් අඩවියේ හෝ එම පුවත් නිල ෆේස්බුක් පිටුවේ එවැනි පුවතක් පළ කර ඇත්දැයි යන්න පරීක්ෂා කළත්, එවැනි පුතක් පළ වී නොතිබුණි බවට අපට දැක ගන්නට ලැබුණා.

අප මේ පිළිබඳව තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා එම වෙබ් අඩවියේ පුවත් සංස්කාරකවරයාගෙන් ද, විමසීමක් කළ අතර, ඔවුන් තහවුරු කළේ ද, එවැනි පුවතක් ඔවුන් විසින් පළ කර නොමැති බවයි.

එමෙන් ම, සුනිල් හඳුන්නෙත්ති මහතා ද, අප කළ විමසීමේදී පවසා සිටියේ තමන් විසින් එවැනි ප්‍රකාශයක් සිදු නොකර ඇති බවයි.

පසුගිය නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී රෝහල් ගතකර තිබීම හේතුකොට ගෙන උපහසාත්මක කෝණයෙන් මෙවැනි සටහන් නිර්මාණය කර ඇති බවට පැවසිය හැක.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:NPP සාමාජිකයින් සම්බන්ධයෙන් හුවමාරු වන අසත්‍ය සහ ව්‍යාජ සටහන් පෙළක්!

Written By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News