Fact Check: අමාත්‍යංශයේ අභ්‍යන්තර ලිපියක් වැරදි අර්ථකතනයක් ලබාදෙමින් සමාජගත වූ අවස්ථාවක්!

විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය නව රජයේ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන,  පර්යේෂණ සහ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවයි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේද ඇය අලලා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සාවද්‍ය සටහන් කිහිපයක්ම පලවී තිබුණි. රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මියගේ පෞද්ගලික ලේකම් විසින් ඇයට අවශ්‍ය භාණ්ඩ කිහිපයක්  ලබා ගැනීමට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන,  පර්යේෂණ සහ නව […]

Continue Reading

Fact Check: තමාට ඡන්දය දුන් අයට බඩු මිල ප්‍රශ්නයක් නොවේය යනුවෙන් ජනපති ප්‍රකාශයක් සිදුකර නැත!

ජනාධිපතිතුමාගේ ප්‍රකාශයන් බව පවසමින් පසුගිය වසරේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව සමාජ මාධ්‍ය ජාල හරහා විශාල වශයෙන් ඉදිරිපත් වූ සටන් කිහිපයක කරුණු විමර්ශනය කිරීමේ දී අනාවරණය වූයේ ඔහු විසින් ප්‍රකාශ නොකළ සාවද්‍ය ප්‍රකාශයන් බවය. එවැනි ව්‍යාජ ප්‍රකාශ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල සමාජ මාධ්‍ය හරහාද පලවී තිබුණි. ජනාධිපතිතුමාගේ ඡායාරූපයක “මට ඡන්දය දීපු අයට බඩු […]

Continue Reading

අනුර කුමාර, බිමල් රත්නායක සහ නාමල් කරුණාරත්න අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

ජාතික ජන බලවේගය සහ ජාතික ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරින් අළලා සමාජ මාධ්‍ය තුළ පසුගිය දින කිහිපයේ ඉදිරිපත් වී තිබු තවත් සටහන් පෙළක් පරීක්ෂා කිරීමේදී ඒවාද ව්‍යාජ සහ අසත්‍ය සටහන් බව අපට දැකගනන්ට ලැබුණි. එම සටහන් කිහිපයක් පහතින් Yasith Dilshan විසින් ඉදිරිපත් කර තිබු ෆේස්බුක් සටහනකින් පසුගිය මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා […]

Continue Reading

Fact Check : අතුරුදහන් වූ දැරියක් සොයාගෙනීමට ඡායාරුපයක් හුවමාරු කරන ලෙස ඉල්ලමින් පළවූ ව්‍යාජ සටනක්!

අතුරුදහන් වූ අය පිලිබඳව තොරතුරු සොයා ගැනීමට සහය පතමින් නොයෙක් විට සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වෙනු අපට දැකගන්නට පුලුවන්. විශේෂයන්ම ෆේස්බුක් හරහා මෙසේ අතුරුදහන් වූ අය පිලිබඳව විස්තර ලබාදෙමින් ඒ අය දු‍ටුවොත් දැනුවත් කරන ලෙසට සටහන් හුවමාරු වෙන්නේ ප්‍රතිචාර ද රැසක් ලබාගනිමින්. ඇතැම් අවස්ථාවල මෙවැනි සංවේදී කරුණු මුවාවෙන් ව්‍යාජ සටහන් ද හුවමාරු වන අතර මෙයද […]

Continue Reading

Fact Check: චෛත්‍යක අනුරුවක් කපා උත්සවයක් සැමරූ අවස්ථාවක් ද?

ලාංකිකයන් තුළ පවතින ආගමික සහජීවනය බිඳ දැමීමට විවිධ පාර්ශවයන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නොයෙකුත් ප්‍රවෘත්ති පතුරවමින්, තැත් කළ අවස්ථා පසුගිය දිනවල දක්නට ලැබුණි. මින් පෙර බොහෝ අවස්ථාවලදී මෙන්ම මෙම අවස්ථාවද නොමඟ යවන සුළු සාවද්‍ය සටහනක් බව අපට අනාවරණය වුණා “චෛත්‍යක් කේක් එකට.. මේ උත්සව සැමරීම කතෝලික ඔබ පිළිගන්නවාද” සහ “චෛත්‍ය කපා එදත් අදත් උත්සව සැමරීම” […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් අලලා පළවූ ව්‍යාජ සටහන්!

ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ක්‍රියාකාරී සාමාජිකයින් අළලා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් බොහෝවිට උපහාසාත්මක කෝණයකින් ඉදිරිපත් වෙනු නිරීක්ෂණය වී ඇත. පහත දැක්වෙන්නේ එලෙස ඉදිරිපත් වූ ව්‍යාජ සංස්කරණ සහ අසත්‍ය සටහන් පෙළකි. Dulip Di නමින් JVP සමග නව ගමනක් 2025 ෆේස්බුක් පිටුවක ජාතික ජන බලවේගයේ ජාතික […]

Continue Reading

Fact Check : ස්වරූපය වෙනස් වූ අලුත් 1000 නෝට්‍ටුවක් මුද්‍රනය කර ඇති බවට පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

විවිධ කාල වලදී මහ බැංකුව විසින් අලුතින් මුදල් මුද්‍රණය කරන අතර යම් යම් අවස්තාවලදී පවතින මුදල් කාසි සහ නෝට්ටු වල වෙනස් කම් සිදු කරනුද අපට දැකගනන්ට පුළුවන්. කලකට ඉහත පැවති රුපියල් දහයේ නෝට්‍ටුව වෙනුවට පසුකාලීනව හඳුන්වා දුන් දහයේ කාසියද පෙර පැවති රුපියල් දහසේ නෝට්ටුව වෙනුවට නව ප්‍රමාණයෙන් කුඩා වර්තමානයේ පවතින රුපියල් දහසේ නෝට්ටුව හඳුන්වාදීමද එසේ […]

Continue Reading

Fact Check : ඉහල තලාවවැව ප්‍රතිසංස්කරණය මුවාවෙන් ගස් කපා දමා සිදුකල විනාශයක් යනුවෙන් පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

මහා පරිමාණයේ ගස් කැපීම් වැනි පරිසර විනාශයන් පසුගිය මාස කිහිපය තුළ සීඝ්‍රයෙන් ඉහළ ගිය බව ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වාර්තා තුළින් ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණි. මෙවන් පසුබිමක “ඉහල තලාවවැව ප්‍රතිසංස්කරණය මුවාවෙන් අවුරුදු සිය ගණනක් පැරණි ගස් කපා දමා ඇති අයුරු මේ..වැවේ තැනින් තැන හාරා දාල විතරයි..මොනාද බං මේ රටට වෙන්නේ මුන් […]

Continue Reading

Fact Check : වර්තමාන 20 වන සංශෝධනයට විරුද්ධව ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් ප්‍රකාශ කරන බවට හැඟවෙන වීඩියෝවක්!

විසිවන ව්‍යවස්ථා සංශෝදනය මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ. මෙම යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදන කෙ‍ටුම්පත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ අතර එය සැප්තැම්බර් මස 3 වන දින ගැසට් කරන ලදී. විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි බලවේගය ඇතුළු කිහිපදෙනෙකුම මෙයට විරුද්ධව අදහස් දක්වමින් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේද දැඩි විරෝධතාවයක් එල්ල කල අතර […]

Continue Reading

Fact Check : පිලිකාවක් වැලදී ඇතැයි පවසමින් එම පුවත මුහුනුපොතේ හුවමාරු වන තරමට මුදල් ලැබෙන බවට අසත්‍ය සටහනක්

ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය හරහා යම්  යම් රෝගී තත්වයන් වෙනුවෙන් ඇතැම් අය  මුදල් එකතු කරන අවස්ථා අපට බොහෝ විට දැක ගන්නට පුලුවන්. පුද්ගල අවධානය යොමුවන පරිදි විස්තර සහිතව එකතු කරන මෙම සටහන් කෙරෙහි බොහෝ දෙනෙකු සංවේදී වන අතර රෝගී තත්වයන් සුව කර ගැනීම වෙනුවෙන් මුදල් එකතු කර ගැනිමට බොහෝ දෙනෙකු මෙසේ සමාජ මාධ්‍ය ජාලා හරහා […]

Continue Reading

Fact Check: නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇතිවූ ගින්න මැඩලීම පිලිබඳ පළවූ උපහාසාත්මක සටහන්

කුවේටයේ සිට ඉන්දියාව බලා යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් නමැති තෙල් ප්‍රවාහන නෞකාවක ලංකාවේ නැගෙනහිර වෙරළට ආසන්නයේදී එහි ඇතිවූ පිපිරීමක් හේතුවෙන් ගින්නක් ඇතිවිය. නෞකාවේ තිබූ තෙල් බොරතෙල් සාගරයට මුසු වුවහොත් ඇතිවන පරිසරය විනාශය වටහා ගත් ශ්‍රී ලංකා සහ ඉන්දීය බලධාරීහු ගින්න නිවා දැමීමට වහා ක්‍රියාත්මක වූහ. මේ සඳහා ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවුක හමුදාවන්, වෙරළාරක්ෂක […]

Continue Reading

ලංකාවේ ගව ඝාතන තහනම මෙතෙක් ක්‍රියාත්මක වී නැත

මස් පිණිස ගවයින් ඝාතනය කිරීම ගැන රට තුළ විශාල විරෝධතාවයක් ගොඩනැගෙමින් පවතින අවධියක ලංකාව තුල ගව ඝාතනය තහනම් කිරීමේ යෝජනාවක් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ඒකමතිකව සම්මත කළ බවට වාර්තා පළ විය. ඒ හා සමඟම ගව ඝාතනය ලංකාවේ තහනම් කල බවට සටහන් රැසක්ද පසුගිය කාලයේ මෙසේ හුවමාරු වී තිබුණි S O U L නැමැති ෆේස්බුක් […]

Continue Reading

මාධ්‍යවේදී ෂැකී ජබාර්ගේ මරණය ඇතුළු කරුණු පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ අලලා පළවූ සාවද්‍ය සටහන්!

ලාංකීය දේශපාලන ප්‍රවාහයේ වාමාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය ජාලාවන්හි විවිධ සටහන් ඉදිරිපත් වන බව නිරීක්ෂණය වී තිබුණි. “කොරෝනා වෛරසයට ප්‍රතිකාර සොයමු. ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය කණ්ඩායමක් ප්‍රතිජීවක ඖෂධ සොයා පරීක්ෂණ අරඹා ඇත. ආදරණීය ජනතාව කොරෝනා වෛරසයෙන් ගලවා ගැනීමට ඔබේ නොමසුරු සහය පතමු” තේමාවෙන් ලංකා බැංකුවේ නුගේගොඩ ශාඛාවේ ගිණුම් […]

Continue Reading

කෘතිම ප්ලාස්ටික් බිත්තර යොදා වව්නියාව හෝටලයක් ආහාර පිළියෙළ කර නැත!

කෘතිමව නිපදවන ආහාර පිළිබඳව සමාජ මාධ්‍ය ජාලයේ නොයෙකුත් අවස්ථාවන්හිදී සටහන් ඉදිරිපත් වී තිබෙන බව පසුගිය කාලයේ දකින්නට ලැබුණි. පසුගිය දිනක Saubagya ෆේස්බුක් පිටුවක කෘතිමව නිපදවන ලද ප්ලාස්ටික් බිත්තර පිළිබඳව පහත ඇති සටහන ඉදිරිපත් කර තිබුණා “ප්ලාස්ටික්වලින් නිපදවන ලද කෘතීම බිත්තර යොදා කෙටි කෑම පිළියෙල කළ වවුනියාව නගරයේ පිහිටි හෝටලයක් නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් […]

Continue Reading

Tillykke ලෙස කමෙන්ට් කර ජංගම දුරකථනය Original එකක්දැයි බැලීමට ක්‍රමයක් නොමැත

මේ වන විට බොහොමයක් දෙනා ස්මාර්ට් ජංගම දුරකතන භාවිතා කරන අතර විවිධ වර්ගයේ ජංගම දුරකතන මෙරට අලෙවි වෙනවා.මේ අතරින් ඇතැම් දුරකතන නියම තත්වයේ පවතින අතර අනුකරන සහිත ජංගම දුරකතනද අඩු මිලට වෙලඳපලේ අලෙවි වන අතර ඒවා අනුකරණ බව තහවුරු කර ගැනීමට අපහසු වන තරමටම නිපදවා ඇති අවස්ථාද දැකගනන්ට පුළුවන්. මේ අතර පසුගිය දිනෙක හොඳම යාලුවෝ […]

Continue Reading

ගල්ගමුවේ කාවන්තිස්ස හස්තියා හොරොව්පතාන වෙත ගෙන යාමේ සුදානමක් නොමැත!

ලංකාවේ දළ ඇතුන් සිටින්නේ සීමිත ප්‍රමාණයකි. මිනිස් ක්‍රියාකාරකම් නිසා අලි ඇතුන් කිහිපදෙනෙකුම පසුගිය කාලයේ දී මරණයට පත්වූ බවට වාර්තා විය. වනජීවී දෙපාර්තමේන්තුව සහ බලයේ පවතී ආණ්ඩු කිසිවක් අලි ඇතුන් සුරැකීමට නිසි පියවර නොගැනීම පිලිබඳ කතාබහක් සමාජ මාධ්‍ය ජාල වලද විශාල වශයෙන් දැකගන්නට ලැබුණි  දැනට ලංකාවේ ජීවත් වන විශාලතම ඇතා ලෙස සැලකෙන “ගල්ගමුවේ කාවන්තිස්ස” නම් ඇතෙකු […]

Continue Reading

මොහොමඩ් නවාස් මහතාට අභියාචනාධිකරනයේ සභාපති ධූරය මෑතකදී ලබා දුන් බවට හැඟවෙන ව්‍යාජ පුවතක්!

ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම පසුගිය දිනවල විශාල වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්වුනා.පක්ශ විපක්ශ බොහෝ දෙනෙක් මෙම සිදුවීම පිලිබඳව අදහස් දක්වා තිබුනු අතර ඇතැම් අවස්ථාවල අධිකරණ තීන්දු තීරන පවා විවේචනයට ලක්වන අයුරු අපට දකින්න ලැබුනා.  පාර්ලිමේන්තු සභා වාරයන්ට සහභාගී වීම සඳහා අවසර දෙන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ප්‍රේමලාල් […]

Continue Reading

වේග පන්දු යවන්නෙක් කඩුලු 600 ලබා ගත් පළමු අවස්තාවට කිහිකම් කීවේ ජේම්ස් ඇන්ඩර්සන්!

වේග පන්දු යවන්නෙක් ටෙස්ට් කඩුලු 600 කඩයිම පසුකිරීමේ සමත්කම අලලා පළවූ සටහනක පෙන්වා දී තිබුනේ “වේග පන්දු යවන්නෙක් කඩුලු 600 ලබා ගත පළමු අවස්තාව! ඔබට සුභ පැතුම් Stuart Broad!” යනුවෙනි.  Link Archived Link මෙම සටහනට උපහාසාත්මක ප්‍රතිචාර රැසක් ලැබී තිබු අතර ඇත්ත වශයෙන්ම බොහෝ දෙනා සඳහන් කර තිබුනේද මෙම සමත්කම දැක්වුයේ ස්ටුවර්ට් බ්‍රෝඩ් නොවන බවයි. […]

Continue Reading

අටලුගම මෑතකදී සිදුවූ සිද්ධියක් ලෙස හුවමාරු වූ 2018 වසරේ ඡායාරුපයක්!

අටලුගම යනු කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි මුස්ලිම් ජනයා බහුලව වෙසෙන ගම්මානයකි. පසුගිය දිනක බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේ වාසය කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සහයක පිරිසක් පහර දුන් සිද්ධියක් ප්‍රධාන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් වාර්තා කර තිබුණි.  එසේ පහරදුන් පිරිස සොයා මෙහෙයුම් සිදුවූ අතර එම සිද්ධියට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගත් බවටද මෙසේ […]

Continue Reading

ගව ඝාතනය සම්බන්ධයෙන් ජවිපෙ නායකයින් අළලා සිදුකල සාවද්‍ය ප්‍රකාශ රැල්ලක්!

ගව ඝාතනය තහනම් කිරීමට අගමැති ගෙනා යෝජනාව ආණ්ඩු පක්ෂය මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව සම්මත කළ බවට පසුගිය දා වාර්තා විය. මේ හා සමගම ජාතික ජන බලවේගයෙ සහ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් ගව ඝාතනයට විරුද්ධ බව හඟවන සටහන් ෆේස්බුක් ජාලය තුළ ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණේය. බිමල් රත්නායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස, අනුර කුමාර දිසානායක සහ දීපානි සිල්වා […]

Continue Reading