Fact Check: නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇතිවූ ගින්න මැඩලීම පිලිබඳ පළවූ උපහාසාත්මක සටහන්

Satire Social

කුවේටයේ සිට ඉන්දියාව බලා යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් නමැති තෙල් ප්‍රවාහන නෞකාවක ලංකාවේ නැගෙනහිර වෙරළට ආසන්නයේදී එහි ඇතිවූ පිපිරීමක් හේතුවෙන් ගින්නක් ඇතිවිය. නෞකාවේ තිබූ තෙල් බොරතෙල් සාගරයට මුසු වුවහොත් ඇතිවන පරිසරය විනාශය වටහා ගත් ශ්‍රී ලංකා සහ ඉන්දීය බලධාරීහු ගින්න නිවා දැමීමට වහා ක්‍රියාත්මක වූහ. මේ සඳහා ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවුක හමුදාවන්, වෙරළාරක්ෂක සේනාවන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ වරාය අධිකාරිය සතු නාවුක යාත්‍රා, ටග් යාත්‍රා මෙන්ම ගුවන් යනාද යොදා ගැනිණි. දැවැන්ත මෙහෙයුමක් වූ මෙම කාර්යය කරන අන්දම පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ නාවික හමුදාව දෛනිකව වීඩියෝ පට සහ පුවත්පත් නිවේදන නිකුත් කරන ලදී. සමාජ මාධ්‍ය ජාල ඔස්සේද මේ පිළිබඳව විවිධ සටහන් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. විශේෂයෙන්ම නැව ගිනි නොගන්නා බඳ ප්‍රදේශයටද ටග් යාත්‍රා මගින් වතුර විදින දර්ශන ඔවුන්ගේ සටහන් වලට පාදක වී තිබුණි.

LinkArchived LinkLinkArchived

තවත් එසේ හුවමාරු වූ සටහන් පෙළක් මෙසේය

LinkArchivedLinkArchived
C:\Users\Prabuddha Athukorala\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\screenshot-www.facebook.com-2020.09.23-12_02_09.png
LinkArchived

බොහෝ දෙන මෙම සටහන් උපහාසාත්මක සටහනක් බව හඳුනාගෙන තිබු අතර කිහිප දෙනෙකුම මේ පිලිබඳ වැඩිදුර විස්තර විමසා තිබුණි. එමෙන්ම තෙල් ප්‍රවාහනය කරන නෞකාවක ගින්නක් පාලනය කරන අයුරු දැක්වෙන සටහන් කිහිපයක් ද නිරීක්ෂණය විය. 

ෆේස්බුක් පරිශීලනය කරන්නන් මෙම ගින්න පාලනය කිරීම පිළිබඳව දැක්වූ උනන්දුව නිසා මෙම මෙවැනි ගින්නක් පාලනය කරන අන්දම පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය

Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය)

මේ පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස අප ශ්‍රී ලංකා නාවික හමුදාවේ  විශේෂඥයන් කිහිප දෙනකු සමඟ සාකච්ජා කළෙමු. ඔවුන් පලකළ අඩස්ස් පහතින්

1992 වසරේදී එක්සත් ජාතීන්ගේ නාවික අධිකාරිය වන ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය විසින් ඇති කරගත් සම්මුතියක් අනුව තෙල් ප්‍රවාහන කළ හැකි වන්නේ ද්විත්ව බඳක් ඇති නෞකා මගින් පමණි. නිව් ඩයමන්ඩ් නෞකාව ද්විත්ව බඳක් ඇති තෙල් ප්‍රවාහනය කරන විශාල ප්‍රමාණයේ නෞකාවකි. බොයිලේරුවක පිපිරීමක් නිසා ඇතිවී යයි සැක කෙරෙන ගින්න හටගෙන ඇත්තේ එන්ජින් කාමරය තුලය. එය නැව ධාවනය කිරීම සඳහා ගබඩා කර තිබූ ඩීසල් හෝ ප්‍රවාහනය කිරීම කරමින් තිබූ බොර තෙල් නිසා වූ ඇතිවූ ගින්නක් නොවේ. 

ගින්නක් නිවීමේ දී ප්‍රධාන කාර්යය වන්නේ දහනය විය හැකි ද්‍රව්‍ය ඉවත් කරගැනීම, වීමට දහනය වීමට අවශ්‍ය අම්ලකර වායුව සැපයීම අඩාල කිරීම සහ උෂ්ණත්වය අඩු අඩුකර ගැනීමය. තාපය සංසරණය වන බැවින් නැව ගිනිගත් කොටසෙන් සංසරණය වන තාපය තෙල් ගබඩා කර තිබූ ප්‍රදේශය වෙත ගමන් කිරීම වලක්වා ලීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී ඇත. ඒ අනුව ටග් යාත්‍රා කිහිපයක් නිව් ඩයමන්ඩ් නැවේ ගිනිගත් ප්‍රදේශයට ජලය විසුරවමින් ගින්න පාලනය කිරීමට උත්සාහ කරන අතර, අනෙක් ටග් යාත්‍රා සහ නෞකා නැවේ තෙල් ගබඩා කර තිබූ බඳ ප්‍රදේශයට නිරන්තරයෙන්ම ජලය  විසි කරමින් එහි උෂ්ණත්වය පාලනය කිරීමට උත්සාහ කරයි. මෙයට සීමා සිසිලනය (Boundary Cooling) ලෙස හඳුන්වන අතර නෞකාවක හෝ ටග් යාත්‍රාවක ජල පොම්පය ක්‍රියාත්මක කළවිට, එය නොනවත්වාම ක්‍රියාත්මක වේ

Link

එසේම නිව් ඩයමන්ඩ් නැව ස්ථානගත වී තිබුණු ගැඹුරු මුහුද අවට ප්‍රදේශයේ තිබුණු දියවැල් සහ සුලඟ අනුව නැවෙහි දිශාවන් වෙනස්වන අතර එය ගසා ගෙන යන තත්වයක් හමුවේ මෙම ගින්න මැඩලීමේ කටයුතු සිදු කළ යුතුව පැවතුණි. නැවෙහි දිශාව වෙනස් වන විට, ගින්න මැඩලීමට උත්සාහ කරමින් සිටින ටග් යාත්‍රා සහ අනිකුත් නෞකා ද ඒ අනුව සිය දිශාවන් වෙනස් කරගත යුතුය. එසේම නැවේ පිපිරීමක අවදානමක් තිබු බැවින් මෙම ටග් යාත්‍රා සහ අනිකුත් නෞකා ගිනිගන්නා නැවට වඩාත්ම ලං නොකර මෙම මෙහෙයුම සිදුකිරීමටද කටයුතු කල බව අපට දැනගනන්ට ලැබුණි. එසේම මෙම ජල පොම්පය ක්‍රියාවිරහිත නොකරන අතර, ඒවා දිගින් දිගටම ක්‍රියාත්මකව පවත්වන බවත් පවසා සිටියා. එබැවින් මෙසේ දියවැල් සහ සුලඟ අනුව දිශාව වෙනස් වූ අවස්ථාවක ගිනි ගන්නා නැවට මඳක් ඈතට සේන්දු වූ නැවක ඡායාරූපයක් ගැනීමේදී ගිනි ගන්නා නැවට නොව මුහුදට වතුර විසුරුවන ආකාරයක් ලෙස දිස් වීමට ඉඩ ඇති බවත් පවසා සිටියා. 

ගිනි ගන්නා  නැවෙහි ගින්න පාලනය කිරීම සඳහා, ඒ ගින්න පතිරීමට අවශ්‍ය වන අම්ලකර වායුව සැපයීම නතර කළ යුතුය. ඒ සඳහා ප්‍රධාන වශයෙන් රසායන ද්‍රව්‍ය භාවිතා කරනු ලැබේ. නිව් ඩයමන්ඩ් නැවේ ගින්න නිවීමටද Dry Chemical Powder නමැති රසායනික ද්‍රව්‍යයක් භාවිතා කරන ලදි. මෙවැනි ගින්නකදී ඉතා සිහින් ද්‍රාවමය ස්ඵටික (foam) සහිත මොනෝසෝඩියම් ෆොස්ෆේට් සහ ඇමෝනියම් සල්ෆේට් සංයෝගයක් භාවිතා කරනු ලැබේ. මේ රසායනික සංයෝගය යෙදීම නිසා ගින්න ආසන්නයේ කාබන් ඩයොක්සයිඩ් (අංගාරිකාම්ල වායුව) සංයුතිය වැඩිවී, ඔක්සිජන් (අම්ලකර වායුව) අඩුවෙන නිසා ගිනිගන්න එක පාලනය වෙනව.  අංගාරිකාම්ල වායුව  වියෝජනය වන විට පිටකරන ජලය නිසා මඳක් තාපය සමනය වීම මගින් සිසිල් වීමක්ද සිදුවේ. එමෙන්ම අතුරුඵල ගින්න අවට තැන්පත් වීම නිසා ගිනිගන්න අමුද්‍රව්‍ය නැතිවීමක්ද සිදුවේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා විසින් මෙම රසායනික සංයෝගය නෙවෙයි ගිනි ගන්නා ස්ථානය වෙත හෙලන ලදි.ඒ පිලිබඳ වීඩියෝවක් මෙසේය

මුහුදේදී ඇතිවන ගිනි නිවීමේ මුලික සිද්ධාන්තයන් පිලිබඳ වීඩියෝවක් පහතින්

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ නිව් ඩයමන්ඩ් නැවෙහි ගින්න පාලනය කිරීම සඳහා, නාවික යාත්‍රා සහ ටග් යාත්‍රා ගිනි ගන්නා ස්ථානයට නොකඩවාම ජලය ඉසිනු ලැබූ අතර, ගබඩා කර තිබූ බොරතෙල් ගබඩාවන් වෙත තාපය සංසරණය වීම වැළැක්වීම සඳහා සීමා සිසිලන ක්‍රමය (Boundary Cooling) අනුගමනය කරමින් එම ප්‍රදේශය වෙතද නොකඩවාම මුහුදු ජලය ඉසීනු ලැබු බවයි. එමෙන්ම දියවැල් සහ  තද සුළං නිසා නැවේ දිශාව සහ ස්ථානය වෙනස් වන වන විට ගිනි නිවීමේ කාර්යයේ නියැලී සිටි ටග් යාත්‍රා සහ නාවික යාත්‍රාද ඔවුන්ගේ දිශාව සහ ස්ථානයන් වෙනස් කරමින් ගින්න මර්දනය කිරීමට කටයුතු කළ බව අනාවරණය විය.

Avatar

Title:නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇතිවූ ගින්න මැඩලීම පිලිබඳ පළවූ උපහාසාත්මක සටහන්

Fact Check By: Sahan Perera 

Result: Satire


Leave a Reply