ශ්‍රී ලංකාව 2026 පළමු කාර්තුවේදී ඩොලර් බිලියන 8.09ක විදෙස් ණය පියවීමක් සිදු කරලද?

Economy Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

2026 මුල් මාස තුන තුළ පමණක් ඩොලර් බිලියන 8.09ක දැවැන්ත ණය කොටසක් ශ්‍රී ලංකාවෙන් ලෝක මූල්‍ය වෙළඳපොළට ජාතික ජන බලවේග රජය විසින් ගෙවා ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් සංසරණය විය. මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ අප කරුණු විමර්ශනයක් කිරීමට පියවර ගනු ලැබීය.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මෙම සටහන් වලින් දක්වා ඇති වැඩි දුර තොරතුරු මෙසේය.

ශ්‍රී ලංකාවෙන් ලෝක මූල්‍ය වෙළඳපොළ මවිත කළ දැවැන්ත හැරවුමක්!  2026 වසරේ මුල් මාස තුන තුළ පමණක් ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ඩොලර් බිලියන 8.09ක දැවැන්ත මුදලක් ණය සේවාකරණ වගකීම් වෙනුවෙන් සාර්ථකව ගෙවා නිම කර සිටිනවා.

ණය උගුලෙන් මිදීම: රටට අලුතින් ණය බරක් එකතු නොකර, දේශීය රාජ්‍ය ආදායම් උපරිම කරගනිමින් පරණ ණය ක්‍රමවත්ව ගෙවා දැමීමට වත්මන් පාලනය සමත්ව සිටින බව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පවසනවා.

විදේශ ආයෝජන සඳහා සහතිකයක්: “ණය පැහැර හැරියවුන්” යන ලේබලය ගලවා දමමින් ලංකාව ලබා ඇති මෙම මූල්‍ය ප්‍රගතිය, ඉදිරි විදේශීය පෞද්ගලික ආයෝජන රට තුළට ආකර්ශනය කර ගැනීමට ලැබුණු විශාලතම සහතිකය බවට පත්වෙනවා.

ආර්ථික හැරවුම් ලක්ෂයේ ප්‍රධාන කරුණු 

සංඛ්‍යාලේඛන වාර්තා: රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ (PDMO) දත්තවලට අනුව, ගෙවා දමන ලද මුදලින් ඩොලර් බිලියන 6කට ආසන්න ප්‍රමාණයක්ම වාරික මුදල් (Principal repayments) වෙනුවෙන් වෙන් කර තිබෙනවා.

සාර්ථක ද්විපාර්ශ්වික එකඟතා: චීනය, පැරිස් සමාජය (Paris Club) සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) හිමියන් සමඟ ඇති කරගත් සාර්ථක ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතාවල සැබෑ ප්‍රතිඵල මේ වන විට බිම් මට්ටමින් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.

ප්‍රාග්ධන විනිවිදභාවය: පැරණි ණය කළමනාකරණය සඳහා දේශීය සුරැකුම්පත් හරහා රැස් කරගත් ඩොලර් බිලියන 6.24ක ප්‍රාග්ධනය ඉතා විනිවිදභාවයකින් යුතුව භාවිත කර ඇති බව මූල්‍ය විශේෂඥයන් තහවුරු කරනවා.

විශ්වාසනීයත්වය තහවුරු කිරීම: 2022 වසරේ සිදුවූ ඓතිහාසික මූල්‍ය කඩාවැටීම සහ ණය පැහැර හැරීම (Default) හේතුවෙන් ශ්‍රී ලංකාව දෙස වපර ඇසින් බැලූ ජාත්‍යන්තර ප්‍රජාව විමතියට පත් කරමින්, රටේ මූල්‍ය අනන්‍යතාවය සියයට සියයකින් තහවුරු කිරීමට මෙමඟින් හැකිව තිබෙනවා.

Facebook 

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

2026 පළමු කාර්තුවේදී ලෝක වෙළඳපොළට ඩොලර් බිලියන 8.09 ක් ගෙවීම් කර නැහැ

මෙම ප්‍රකාශයට පදනම ලෙස ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO) විසින් 2026 මැයි 30 දින ප්‍රකාශයට පත් කරන ලද “2026 පළමු කාර්තුවේ සංඛ්‍යාලේඛන ණය පුවත් පත්‍රිකාව” (Q1 2026 Statistical Debt Bulletin) ලෙස දක්වා තිබේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව 2026 පළමු කාර්තුව තුළ ඩොලර් බිලියන 8.09 ක මුළු ණය ප්‍රමාණයක් ගෙවා ඇති මුත්, ලෝක මූල්‍ය වෙළඳපොළට ලංකාවෙන් ඩොලර් බිලියන 8.09 ක් ගෙවා දමා ඇති බව පැවසීම අසත්‍යයකි.

මෙම මුදලින් 93.5% ක්ම ($7.57 billion) දේශීය ණය පියවීම් වේ. (භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර පියවීම) වේ. එනම් ලංකාවේ බැංකු පද්ධතිය තුළම පවතින ණය කල් පිරෙන විට නැවත අලුත් කිරීම් (Rollover) මිස විදේශයන්ට ගෙවූ මුදල් නොවේ. විදේශීය ණය හිමියන් වෙත සැබවින්ම ගෙවා ඇත්තේ 6.5% ක් ($530 million) වැනි සීමිත ණය ප්‍රමාණයකි.

ශ්‍රී ලංකාවෙන් ලෝක මූල්‍ය වෙළඳපොළ මවිත කළ දැවැන්ත හැරවුමක් නොවේ

මෙම ණය සේවාකරණයට මඟ පෑදූ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රධාන එකඟතා පැරිස් සමාජයේ එකඟතා, ISB ප්‍රතිව්‍යුහගතකරණය සහ චීන එක්සිම් බැංකු ගිවිසුම් ආදිය සියල්ලම පාහේ ක්‍රියාත්මක වූයේ 2022-2024 කාලය තුළ පෙර පැවති වික්‍රමසිංහ පරිපාලනය යටතේ ය. වත්මන් NPP රජය විසින් සිදු කරනු ලබන්නේ එම ජාත්‍යන්තර ණය ගෙවීමේ කාලසටහන (Inherited schedule) තවදුරටත් ක්‍රියාත්මක කිරීම වේ. 

PDMO වාර්තා වලට අනුව මීට පෙර 2025 දෙවන කාර්තුවේදී දේශීය ණය සේවාකරණය පමණක් ඩොලර් බිලියන 8.44 ක් ලෙසද, 2025 තෙවන කාර්තුවේදී මුළු ණය සේවාකරණය ඩොලර් බිලියන 8.72 ක් ලෙසද, මෙම මුදලට වඩා ඉහළ අගයන් වාර්තා කර තිබේ.

රටට අලුතින් ණය බරක් එකතු නොකර ණය ගෙවා ඇත” යන ප්‍රකාශය අසත්‍යයයි

2026 පළමු කාර්තුව තුළ ඩොලර් බිලියන 8.09 ක ණයක් පියවා ඇති අතර, එම කාලසීමාව තුළම රජය විසින් ඩොලර් බිලියන 6.24 ක නව ණය ලබාගෙන ඇත. එයට භාණ්ඩාගාර බිල්පත් මගින් ඩොලර් බිලියන 3.84 ක් ද, භාණ්ඩාගාර බැඳුම්කර මගින් ඩොලර් බිලියන 2.30 ක් ද, සහ බාහිර මුදාහැරීම් (ණය ලබාගැනීම්) මගින් ඩොලර් මිලියන 98 ක් ද ඇතුළත් වේ. ඒ අනුව, සැබෑ ශුද්ධ මුදල් පිටතට ගලායාම (net outflow) දළ වශයෙන් ඩොලර් බිලියන 1.86 ක් වන අතර, මෙහි සඳහන් කරන පරිදි ඩොලර් බිලියන 8.09 ක් නොවේ.

ණය ගෙවා අවසන් කිරීමක්සිදුව නැත

2025 දෙසැම්බර් අග වන විට පැවති ඩොලර් බිලියන 100.4 ක රජයේ ණය ප්‍රමාණය, 2026 මාර්තු අග වන විට ඩොලර් බිලියන 99.0 ක් දක්වා අඩු වී ඇත්තේ ඩොලර් බිලියන 1.4 කින් පමණි. එබැවින් බිලියන 8.09 යනු ණය මුළුමනින්ම ගෙවා දැමීමක් නොව, පවතින ණය අලුත් කිරීමක් (rollover) පමණි.

විවිධ රජයන් යටතේ ණය ගෙවා දැමීමේ සංසන්දනය

2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO) විසින් ත්‍රෛමාසික ණය සේවාකරණ දත්ත ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කරන ලද්දේ 2024 සිව්වන කාර්තුවේ (Q4) සිටය. ඊට පෙර නිකුත් කරන ලද වාර්තා (2022, 2023, 2024 Q1-Q3) මගින් වාර්තා කරනු ලැබුවේ ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණය (outstanding debt stock) වේ. සැබවින්ම සිදු කරන ලද ණය ගෙවීම් නොවේ. 

2023 සහ 2024 පළමු භාගය තුළ ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම් අත්හිටුවා තිබූ බැවින්, විදේශීය ණය හිමියන්ට බාහිර ණය ගෙවීම් සිදු නොකළ තරම් බව මෙහිදී දැක ගන්නට ලැබේ.

කාර්තුව (Quarter)දේශීය එකතුව (USD M)දේශීය මුල් මුදලදේශීය පොලියබාහිර එකතුව (USD M)බාහිර මුල් මුදලබාහිර පොලිය / මුළු එකතුව
Q1 2023N/A*N/A*N/A*~0~0N/A*
Q2 2023N/A*N/A*N/A*~0~0N/A*
Q3 2023N/A*N/A*N/A*~0~0N/A*
Q4 2023N/A*N/A*N/A*~0~0N/A*
Q1 2024N/A*N/A*N/A*~සීමිතයි~සීමිතයිN/A*
Q2 2024N/A*N/A*N/A*~සීමිතයි~සීමිතයිN/A*
Q3 2024N/A*N/A*N/A*~සීමිතයි~සීමිතයිN/A*
Q4 2024N/A*N/A*N/A*N/A*N/A*N/A*
Q1 2025~7,100†~5,600†~1,500†~300†~150†~7,400†
Q2 20258,4416,7701,6715573648,998
Q3 20256,7675,1691,5981,9481,1548,715
Q4 2025~7,500†~6,000†~1,500†~500†~300†~8,000†
Q1 20267,5655,9771,5885302828,094

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

ශ්‍රී ලංකාව 2026 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව 2026 පළමු කාර්තුව තුළ ඩොලර් බිලියන 8.09 ක මුළු ණය බැඳීම් සේවාකරණය කළ බව සත්‍ය වූවත්, ලෝක වෙළඳපොළට ඩොලර් බිලියන 8.09 ක් ගෙවා ඇති බවට පළ වන සටහන් අසත්‍ය වේ. මෙයින් 93.5% ක්ම දේශීය ණය ප්‍රතිමූල්‍යකරණයන් වන අතර, සැබෑ වශයෙන් විදේශය ණය පියවීම  විනිමය පිටතට ගලායාම ඩොලර් මිලියන 530 ක් පමණි.  ඩොලර් බිලියන 8 ක මෙම ගෙවීම පෙර නොවූ විරූ හෝ ඉතිහාසයේ පළමු පියවීම ලෙස අර්තකතනය කිරීම අසත්‍යය වන අතර  2025 දෙවන සහ තුන්වන කාර්තුවල මීට වඩා ඉහළ ණය සේවාකරණ අගයන් වාර්තා කර තිබේ. ණය සේවාකරණයට මඟ පෑදූ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රධාන එකඟතා 2022-2024 කාලයේදී සකස් වූවක් වන අතර, වත්මන් රජය ක්‍රියාත්මක කරන්නේ එම ගෙවීම් කාලසටහන වන බැවින්, මෙම ණය පෙර නොවූ විරූ මූල්‍ය විනයක් ලෙස පෙන්වා දීම නොමග යන සුළුයි.

මුළු රාජ්‍ය ණය තොගය තවමත් ඩොලර් බිලියන 99-102 අතර දළ දේශීය නිෂ්පාදිතයෙන් 80-85% ක් පවතින අතර ශ්‍රී ලංකාව සිය ණය ගෙවා නිදහස් වෙමින් පවතී යන්න අසත්‍ය වේ. 

Result Stamp

Title: ශ්‍රී ලංකාවෙන් 2026 පළමු කාර්තුවේදී ඩොලර් බිලියන 8.09ක ණය පියවීමක් ලෝක මූල්‍ය වෙළඳපොළට?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *