සමාජ මාධ්‍ය නිර්මාණකරුවන්, මියගිය බවට පළ වන අසත්‍ය සටහන් පෙළක්! 

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියක් දිනා ඇති ඇතැම් පුද්ගලයන්  මිය ගිය බවට දක්වමින් විවිධ අවස්ථාවලදී සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වන ආකාරය නිරීක්‍ෂණය කළ හැකියි. එවැනි අසත්‍ය සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු පරීක්ෂාවන් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

දිලේකා වීණාවි නම්, සමාජ මාධ්‍ය අන්තර්ගත නිර්මාණකාරිණියක් ලෙස ප්‍රසිද්ධියට පත් කාන්තාවක් රිය අනතුරක් හේතුවෙන් මියගොස් ඇති බවට සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link Facebook Facebook 

මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

සමාජ මාධ්‍ය අන්තර්ගත නිර්මාණකරණයෙහි යෙදෙන දිලේකා වීණාවි නම් කාන්තාව රිය අනතුරක් හේතුවෙන් මියගොස් ඇත්නම් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් සක්‍රීයව තිබිය නොහැකි අතර එවැන්නක් සැබෑ ලෙසම සිදුව ඇත්නම් එම ගිණුම් තුළ ඒ සම්බන්ධයෙන් තහවුරු කිරීමක් හෝ තිබිය හැකිය. ඒ හේතුවෙන් අප විසින් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කළා. එහිදී හඳුනාගත හැකි වූයේ ඇය සමාජ මාධ්‍ය තුළ ඉතාම සක්‍රීයව වීඩියෝ සහ ඡායාරූප පළ කරමින් සිටින බවයි. එම බොහෝ වීඩියෝ තුළ ඇයද පෙනී සිටී. 

ඉහත සමාජ මාධ්‍ය සටහන් පළ වූ දිනයන් පරීක්ෂා කිරීමේදී ඒවා මීට දින කිහිපයකට පෙර නිර්මාණය කරන ලද ඒවා ලෙස හදුනාගත හැකි අතර, මෙම කරුණු පරීක්ෂාව සිදු කරන දින එනම් 2026.07.21 දින පස්වරු 3. 30 ට පමණද ඇය විසින් ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් වෙත අන්තර්ගත මුදා හැර තිබුණේ මෙලෙසින්. 

Facebook

ඇයගේ ටික්ටොක් ගිණුම තුළ ද ඇය සක්‍රීයව අන්තර්ගත නිර්මාණකරණයේ යෙදෙන ආකාරය දැකිය හැකියි. ටික්ටොක් ගිණුම මෙතනින්

2019 දී සිදුවූ රිය අනතුරු සිදුවීමකට අදාළ ඡායාරූපයක්

ඉහත ඇතැම් සමාජ මාධ්‍ය සටහන්හි රිය අනතුරක ඡායාරූපයක්ද දක්වා ඇති අතර, සැබෑ ලෙසම එම රිය අනතුර කුමක්ද යන්න සොයා බැලීමටද අප කටයුතු කළා. එම ඡායාරූපයේ දැක්වෙන රිය අනතුර 2019 අගෝස්තු 25 වන දිනයේ සිදුවූවකි. මෙම සිදුවීමෙන් දඹුල්ල – හබරණ මාර්ගයේදී කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ ලංගම (SLTB) බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මගීන් 22 දෙනෙකු තුවාල ලබා ඇත. 

Sundaytimes

මේ ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියක් දිනා ඇති ඇතැම් පුද්ගලයින්, ජිවිතක්ෂයට පත්වූ බව දක්වමින් පළවී තිබු ව්‍යාජ සටහන් පිළිබඳව අප මීට පෙර සිදුකළ කරුණු විමර්ශනයක් පහතින්.

ත්‍රිපෝෂ ෆැමිලි නිර්මාණකරු මියගිය බවට හුවමාරු වන නොමග යවන සුළු වීඩියෝවක්!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ගත නිර්මාණකාරිණියක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති දිලේකා වීණාවි නම් කාන්තාව රිය අනතුරක් හේතුවෙන් මියගොස් ඇති බවට වන සටහන් අසත්‍ය බවයි. ඇය සක්‍රීයව සමාජ මාධ්‍ය තුළ අන්තර්ගත නිර්මාණයකරණයේ යෙදෙමින් සිටී. අදාළ රිය අනතුරේ ඡායාරූපයක් ලෙස දක්වා ඇති ඡායාරූපය මීට වසර කිහිපයකට පෙර 2019 දී සිදුවූ රිය අනතුරකට අදාළ වීඩියෝවකි.

Result Stamp

Title: සමාජ මාධ්‍ය නිර්මාණකරුවන්, මියගිය බවට පළ වන අසත්‍ය සටහන් පෙළක්!  

Fact Check By: B.P Hansani

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *