පසුගිය දිනවල House of Fashions ව්‍යාපාරයේ හිමිකරු අත්අඩංගුවට පත්වීමත් සමඟ නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් විසින් මුස්ලිම් ව්‍යාපාරිකයන්ට එරෙහිව හවුස් ඔෆ් ෆැෂන් හිමිකරුගෙන් තර්ජන එල්ල වූ බවට ප්‍රකාශයක් සිදු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සීඝ්‍රයෙන් සංසරණය විය. මෙහි සත්‍ය අසත්‍යතාවය සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
මෙවැනි ප්‍රකාශයක් බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්විසින් සිදු කළ බවට කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක ලිපියක් දැක ගන්නට නොලැබුණි.
එමෙන් ම අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් කළ අවස්ථාවක් ද, අප කළ නිරීක්ෂණයේදී දැක ගන්නට නොලැබුණි.
ඉහත සමාජ මාධ්‍ය සටහන “Headline News.lk” ෆේස්බුක් පිටුවේ පළ කරන ලද සටහනක් ලෙසට දක්වා තිබූ බැවින් අප එම පිටුව හරහා කළ පරීක්ෂාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කළ බවට දක්වා තිබූ සටහන දැක ගන්නට නොලැබුණි.
මෙවැනි සටහනක් එම ෆේස්බුක් පිටුව විසින් පළ නොකළ බවට දක්වා තිබුණේ මෙලෙසින්.

නි.අමාත්‍ය අර්කම් ඉල්යාස්
අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්ගෙන් අප කළ විමසීමේදී ඔහු තහවුරු කළේ ද, මෙම සටහන් අසත්‍ය බවයි. නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කිසිදු අවස්ථාවක House of Fashions ව්‍යාපාරයේ හිමිකරුගේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. අමාත්‍යවරයා මුස්ලිම් ජාතිකයෙකු බැවින් ජාතිවාදය ඇවිස්සීම සඳහා දේශපාලන පටු අරමුණු වෙනුවෙන් මෙවැනි ව්‍යාජ තොරතුරු හුවමාරු කරන බවයි.
එමෙන් ම මෙම සමාජ මාධ්‍ය සටහන සඳහා යොදාගෙන තිබුණු ඡායාරූපය පසුගිය මාර්තු 11 වන දා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ෆේස්බුක් පිටුවේ පළ කරන ලද, විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් මුලිනුපුටා දැමීම වෙනුවෙන් ක්‍රියාත්මක වන “රටම එකට” ජාතික මෙහෙයුමේ වැලිපිටිය ප්‍රාදේශීය වැඩසටහනේ සමාරම්භක අවස්ථාවේ ගනු ලැබූ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඡායාරූපයක් වේ.

හවුස් ඔෆ් ෆැෂන් (House of Fashions) ව්‍යාපාරයේ හිමිකරු අත්අඩංගුවට ගැනීම
හවුස් ඔෆ් ෆැෂන් ව්‍යාපාරයේ හිමිකරු වන ප්‍රීති ජයවර්ධන මහතා ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආනයනික භාණ්ඩවල රේගු තක්සේරු වටිනාකම් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළවයි.
අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ මහතා හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රෝහල වෙත ගොස් නිරීක්ෂණය කිරීමෙන් පසු ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත. මෙම නීතිමය ක්‍රියාවලිය රේගු රෙගුලාසි උල්ලංඝනය කිරීමක් වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
Conclusion (අවසාන නිගමනය) :
නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා විසින් “මුස්ලිම් ව්‍යාපාරිකයන් සතු රෙදිපිළි ව්‍යාපාරයට හවුස් ෆැෂන් හිමිකරුගෙන් ලොකු තර්ජනයක් තිබුණු” බවට ප්‍රකාශ කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ව්‍යාජ ලෙස සකස් කරන සටහනක් වේ. අමාත්‍යරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැත. හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ශ්‍රී ලංකා රේගුව විසින් සිදු කරන ලද බදු සහ තක්සේරු වටිනාකම් පිළිබඳ විමර්ශනයක් හේතුවෙනි.


