ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිකාරයක් සොයා ගනී?

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කර ඇති කොරෝනා වෛරස් ආසාදනයට නිශ්චිත ප්‍රතිකාරයක් සෙවීම පිණිස ලොව පුරා ඇති ඖෂධ පර්යේෂණ මධ්‍යස්ථාන මෙන්ම වෛද්‍ය පර්යේෂණ ආයතනද දැඩි පරිශ්‍රමයක් දරයි. 2019 දෙසැම්බර් මස මුලින්ම වාර්තාවූ මෙම රෝගයට ප්‍රතිකාර සඳහා නිශ්චිත ඖෂධයක් සොයා ගැනීමට මේ වනතෙක් අපොහොසත් ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි. චීනයේ […]

Continue Reading

කෙසෙල් ගෙඩි වලට HIV/AIDs ආසාදිත රුධිරය එන්නත් කර තිබුනාද?

මේ දිනවල සීග්‍රයෙන් පැතිර යන  කොරෝනා වෛරස් ආසාදනය  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කර ඇත. එමෙන්ම අදටත් ගෝලීය තර්ජනයක් වන, මානව ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩපන කරන වෛරස් ආසාදනය, නැතහොත් (HIV/AIDS) යනුවෙන් ප්‍රචලිත ආසාදනය හේතුකොටගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට ලොව පුරා මිලියන 32ක් පමණ (1920 පමණ සිට මේ දක්වා) ජීවිතක්ෂයට පත්වී ඇත. ලෝක […]

Continue Reading

කොරෝනා වෛරස් රෝගය ආසාදනය වූ රෝගීන්ගෙන් පිරී ඉතිරී ගිය චීනයේ රෝහලක දර්ශනයක්ද ?

නව කොරෝනා වෛරස ආසාදනය (COVD-19) මේ වන විට වසංගතයක් ලෙස ලොව රටවල් විසිපහකට පැතිර ගොස් ඇති අතර 1800ට අධික සංඛ්‍යාවකට (පෙබරවාරි 18) මරු කැඳවා ඇත. මෙම රෝගය පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නොයෙකුත් ප්‍රවෘත්ති ඉදිරිපත් වීමට පටන් ගෙන ඇති අතර අප කළ කරුණු විමර්ශනවලදී අනාවරණය වූයේ බොහොමයක් අසත්‍ය හෝ නොමඟ යවන සුළු ප්‍රවෘත්තීන් බවය.  මෙවන් […]

Continue Reading

එල්ලා මැරීමට සුළු මොහොතකට පෙර පියෙකු, තම දියණියට අතවනන ඡායාරූපක්ද?

මරණීය දණ්ඩනය  ශ්‍රී ලංකාව තුළ යලි ක්‍රියාත්කම කල යුතුද  නැත්ද යන්න සම්බන්ධයෙන් කතිකාවතක් පසුගිය දිනවල දක්නට ලැබුණි. එමෙන්ම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් විභාග වෙමින් පවතී. මෙවන් වාතාවරණයක් තුල “මෙහෙමත්.ආදරයක් කටද දෙන්න පුලුවන්” – තමා එල්ලා මැරීමට නියමිතවී ඇති අවස්ථාවේ ඒ බව නොදත් තම දියණියගේ මුවගට සිනහවක් ගෙන ඒමට […]

Continue Reading

අගමැතිතුමාගේ ඉන්දීය සංචාරය පිළිබඳ පළවෙන සටහන්

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත්වීමෙන් පසු ඔහුගේ ප්‍රථම නිල සංචාරය සඳහා තෝරා ගත්තේ ඉන්දියාවය. මෙම සංචාරය සඳහා කටුනායක ගුවන්තොටුපලේ සාමාන්‍ය මගී පර්යන්ත පර්යන්තය භාවිතා කරමින් රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකු පමණක් රැගෙන යාම කැපී පෙනෙන ලක්ෂණයක් විය. නව අගමැති ලෙස පත් වූ මහින්ද රාජපක්ෂ මහතාද පෙබරවාරි මස 7 දින තම ප්‍රථම නිල සංචාරය ලෙස ඉන්දියාව […]

Continue Reading

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නිදහස් උත්සවයට නොපැමිණියේ ජනාධිපති, අගමැති ආරක්ෂක අංශ තමා අපහසුතාවයට පත් කරයි යැයි සිතාද?

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් සමරු උළෙල පසුගිය පෙබරවාරි මස 4 වැනිදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ‘සුරක්‍ෂිත ජාතියක් – සමෘද්ධිමත් රටක්’ යන තේමාව යටතේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් නිදහස් දින සමරු උළෙලට සහභාගී විය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  නිදහස් උත්සවයට සහභගී වී […]

Continue Reading

ස්වාමි පුතා ගින්නකින් බේරා ගැනීමට තැත් කිරීමේදි සුනඛයා විරූපි වූවාද?

සත්වලෝකයේ මිනිසාට ඉතාම හිතවත් සහ ලැදියාවක් ඇති සතකු ලෙස සුනඛයා සලකනු ලැබේ. සුනඛයා කොතරම් හිතැති සතෙකු වුවද අසනීපයක් වූ විට අතහැර දමා යාම, එසේත් නොමැතිනම් පැටවුන් මඟ දමා යාම වැනි දෑ මිනිසුන් විසින් සිදුකරන බව නිරීක්ෂණය වී ඇති අතර පසුගියදා සුනඛයන් වෙත නොයෙක් ආකාරයේ හිංසන සිදු කෙරෙන වීඩියෝ පටයක්ද සමාජගත වීමත් සමඟ මේ පිළිබඳ විශාල […]

Continue Reading

Fact Check : රනිල් වික්‍රමසිංහ ඇමරිකානු හා ඉන්දියානු ගැත්තෙක් නොවේ – අනුර කුමාර දිසානායක

ජනතා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වන අනුර කුමාර දිසානායක මහතාට පසුගිය ජනාධිපතිවරණ මැතිවරණයේදී අපේක්ෂිත ප්‍රතිඵලයට වඩා දැඩි පසුබෑමකට ලක්වෙමින් ලබාගත හැකි වූයේ සියයට හතරකටත් වඩා අඩු (3.6%) ඡන්ද ප්‍රතිශතයකි. මෙම පරාජයත් සමගම ඔහු ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කරගෙන විවිධාකාරයේ උපහාසාත්මක මෙන්ම සාවද්‍ය සටහන් රැසක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වනු දක්නට ලැබුණි.  ජනතා විමුක්ති […]

Continue Reading

වෘක ධේනුව පිරිමි වෘකයාගේ ගෙල යට සැඟව සිටින්නේ ඔහුගේ උගුරු දණ්ඩ සතුරාගෙන් ආරක්ෂා කර ගැනීම පිණිසද?

සත්ව ලෝකයේ සතුන්ගේ හැසිරීම විවිධාකාරය. සමහර සත්ව විශේෂයන් තනිවම ජීවත්වීමට ප්‍රිය කරන අතර සමහර සත්ව විශේෂයන්ට සමූහයක් ලෙස ජීවත් වීමට ප්‍රිය කරයි. සත්වයින්ගේ මෙම හැසිරීම් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා තුල නොයෙකුත් ප්‍රවෘත්ති ඉදිරිපත් වේ. මෙම සත්වයින්ගේ හැසිරීම් රටාව මිනිස් සමාජය සමඟ සංසන්දනය කිරීමට බොහෝ සමාජ මාධ්‍ය ජාලයන් ප්‍රයත්නයක් දරන බවට නිරීක්ෂණය වී ඇත.  මෙවන් පසුබිමක […]

Continue Reading

නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මැලේසියාවේ මරණයක්?

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සපයන ලද නවතම තත්වයට අනුව (පෙබරවාරි 6 උදැසන), මාරාන්තික කොරොන වයිරස් තත්වය (2019-nCov) තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 28,000 ඉක්මවා ඇති අතර එමඟින් සිදුව ඇති මරණ සංඛ්‍යාව 565 ක් පමණ විය. එසේම රටවල් 25කින් පමණ මේ වනවිට කොරෝනා වෛරස් තත්ත්වය අසාදිත රෝගීන් හඳුනාගෙන ඇති බවද වාර්තා වූ  අතර ලෝකයේ විවිධ රටවල පුද්ගල […]

Continue Reading

වයඹ ඩිස්ටිලරීස් සමාගමට නැවත නිෂ්පාදනය ආරම්භ කිරීමට අවසර ලැබුණේද?

ශ්‍රී ලංකා රජයට ආදායම් ලැබෙන එක් මාර්ගයක් වී ඇත්තේ මත්පැන් විකිණීම සහ නිෂ්පාදනය උදෙසා අය කරන  බදුය. ලංකාවේ මත්පැන් ව්‍යාපාරය නියාමනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින්ය.  වයඹ ඩිස්ටිලරීස් සමාගම ද ලංකාවේ මත්පැන් නිෂ්පාදනය හා සම්බන්ධව සිටි ආයතනයකි. බදු ගෙවීම් පැහැරහැරීම ඇතුළු චෝදනා කිහිපයක් මත මෙම ආයතනයේ නිෂ්පාදනාගාරය සහ ගබඩාවට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා […]

Continue Reading

කොරෝනා වෛරස් ආසාදනයට ලාංකික කාන්තාවක් ප්‍රතිකාර සොයාගත් බවට පළවන අසත්‍ය පුවතක්

චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ කොරෝනා වෛරස් ආසාදනය මේ වන විට වසංගත තත්ත්වයක් බවට පත්වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව මේ වන විට චීනයට අමතරව ලෝකයේ රටවල් 23ක පමණ රෝගීන් සොයාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 400 ඉක්මවා ඇත. දැනට ලොව නිපදවා ඇති කිසිදු ප්‍රතිජීවක ඖෂධ මෙම රෝග කාරක වෛරසය පාලනය කරගත නොහැකි […]

Continue Reading

මේ වීඩියෝ පටයේ දැක්වෙන තරුණිය මිය යන්නේ කොරොනා වෛරස් රෝගය වැළඳමෙන්ද?

මුලින්ම චීනයෙන් වාර්තා වුණු කොරෝනා වෛරස් රෝගීන්, මේ වන විට ලෝකයේ රටවල් කිහිපයකින්ම වාර්තා වී ඇති අතර ගෝලීය වසංගත රෝග තත්වයක් උදාවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණි. මෙම රෝගය පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා මෙන්ම ප්‍රවෘත්ති වෙබ් අඩවි තුළ ද නොයෙකුත් ප්‍රවෘත්ති ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. වීඩියෝ පටවල […]

Continue Reading

මෙම වීඩියෝ පටයේ දැක්වෙන්නේ වුහාන් නගරයේ මාංශ වෙළඳපොළද?

කොරොනා 2019-nCoV  නමැති   වෛරසය ආසාදනය වූ රෝගීන් මුලින්ම සොයාගනු ලැබුවේ මධ්‍යම මධ්‍යම චීනයේ වූහාන් නගරයෙන්ය. මේ වන විට චීනය පුරා මෙම වෛරසය හේතුවෙන් දෙසීයකට අධික මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර රෝගී තත්වය වෙනත් රටවල් කරා ව්‍යාප්ත වීමත් සමඟම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි තත්ත්ව ලෙස පසුගිය දා ප්‍රකාශ කර තිබුණි.  මෙම රෝග කාරක […]

Continue Reading

කොරොනා ආසාදනය වෛරසය පැතිර යාමත් සමග සමාජ මාධ්‍යන්හි ඉදිරිපත්වු මෙම වීඩියෝ පට සත්‍යය ප්‍රවෘත්තිද?

නව කොරොනා වෛරස රෝගය සීග්‍ර ලෙස ව්‍යාප්ත වීමත් සමගම විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය මාධ්‍යයන්හි මෙම රෝගය පිළිබඳ ප්‍රවෘත්ති විශාල ලෙස පළ වන්නට පටන් ගත්තේය. සමාජ මාධ්‍ය ඉදිරිපත්වූ ප්‍රවෘත්ති සහ සටහන් පිළිබඳව කළ කරුණු විමර්ශනයේදී අනාවරණය වුයේ එම ප්‍රවෘත්ති අතර අසත්‍ය හෝ නොමඟ යවන සුළු සටහන්ද රැසක්ම පැවති බවයි. Arm Rayiz නමැති ෆේස්බුක් පිටුවක Corona […]

Continue Reading

වුහාන්හි හුදකලා වූ සිසුන් වෙනුවට ෂිෂුවාන්හි සිසුන් ගෙන්වා ගන්නේ විමල් වීරවංශගේ පුතා එහි අධ්‍යාපනය ලබන නිසාද?

මධ්‍යම චීනයේ වුහාන් නගරය කේන්ද්‍ර කොටගනිමින් කොරෝනා වෛරස් ආසාදනය අද වන විට වසංගතයක් බවට පත්වී ඇත. තත්ත්වය පාලනය කර ගැනීමට ඉමහත් වෑයමක් දරන චීන බලධාරීහු වුහාන් නගරය  හුදකලා කිරීමට පියවර ගත්හ. කිසිවෙකුටත් නගරයෙන් පිට වීමට හෝ ඇතුල් වීමට නොහැකි වන සේ ගුවන් සහ ගොඩබිම් ප්‍රවාහන පහසුකම් සියල්ල ම නවතා දැමූහ.  මෙසේ නගරය සිර වූ ජනතාව […]

Continue Reading

Fact Check : කොරොනා ආසාදනයට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට වැටුප් වැඩි කරන ලෙස රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ඉල්ලීමක් ඉදිරිපත් කළාද?

චීනයේ වුහාන් නගරය ආශ්‍රිතව පැතිරීමට ගත් කොරොනා වෛරස් රෝගය දැන් වසංගත තත්වයකට පත්ව ඇත. මෙම රෝග පැතිරීම පාලනය කිරීම සඳහා චීන බලධාරින් කඩිනම් පියවර ගත්හ. රෝගය තදින් පැතිර ඇති වූහාන් නගර ආශ්‍රිත ප්‍රදේශය හුදකලා කළ ඔව්හු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇඳන් 1000ක රෝහලක් දින සයකින් නිම කිරීමට පියවර ගත්හ. ලාංකිකයන් බොහෝ දෙනෙකු චීනයේ අධ්‍යාපන කටයුතු […]

Continue Reading

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අලලා පළවන අසත්‍ය ප්‍රවෘත්ති.

ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ ප්‍රධාන දේශපාලන ප්‍රවහයෙහි ක්‍රියාකාරී පක්ෂයකි.  පසුගිය දින කිහිපයේදීම ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම එහි ප්‍රධාන ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලය තුල නොයෙකුත් පුවත් සහ සටහන් ඉදිරිපත් වීමට පටන් ගෙන ඇත.  මෙම සටහන් රැසක් පිළිබඳව කළ කරුණු විමර්ශනයන්ගෙන් තහවුරු වුයේ එම සටහන් බොහොමයක්ම අසත්‍ය  හෝ නොමග යවන සුළු සටහන් බවයි. චීනයේ […]

Continue Reading

ආරක්ෂක මුඛ ආවරණ පැළදිය යුතු ආකාරය පිලිබඳ පැතිරෙන සටහන් වල ඇත්ත තතු!

වායු ගෝලය තුළ සැරිසරන විවිධ රෝගකාරක නිසා ඇතිවන ආසාදනයන් ගෙන් ආරක්ෂාකාරී වීමට මෙන්ම, මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන පාරිසරික විපර්යාස වලින් ඇතිවන වායු දූෂණය වැනි තත්ත්වයන්ගෙන් ආරක්ෂාකාරී වීම පිණිස ලෝකයේ නොයෙකුත් රටවල වාසය කරන ජනයා ආරක්ෂිත මුඛ ආවරණයක් පැළඳීමට හුරුපුරුදුව සිටිති. විශාල නගරයන්හි ජීවත් වන බටහිර ආසියාතික ජනතාව විශේෂයෙන් ම මෙම මුඛ ආවරණය පැළඳීමටත් හුරුපුරුදුව සිටිති. […]

Continue Reading

Fact Check : මෙල්බර්න් නගරයේ පික්පොකට් ගැසූ ජවිපෙ මන්ත්රී පුතු කොටුවේ?

පාර්ලිමේන්තු  මැතිවරණය ආසන්නවනාවත් සමගම එක් එක් දේශපාලන පක්ෂ ඉලක්ක කරගනිමින් සිදුවන මඩ ප්‍රහාර සමාජ මාධ්‍ය ඔස්සේ නැවතත් ආරම්භවී තිබෙනු දැකිය හැක. මෙවන් වාතාවරණයක් තුල ජනවාරි 16 වනදා ඕස්ට්‍රේලියාවේ මුදල් පසුම්බි සොරකම් කිරීමේ  සිද්ධි සඳහා එරට වෙසෙන ඉන්දියනුවත් සහ ශ්‍රී ලාංකිකයින් පිරිසක් වෙසෙන ලාංකිකයන් අත්අඩංගුවට ගත් බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබිණ. පසුව ශ්‍රී ලංකාවේ මාධ්‍යද […]

Continue Reading