Fact Check: නීතිඥ උපුල් කුමාරප්පෙරුම අළලා උපහාසාත්මක කෝණයකින් පළවූ අසත්‍ය සටහන් පෙළක්!

පාස්කු ප්‍රහාරය හමුවේ සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් බොහෝ දෙනා අවධානයෙන් පසුවෙනවා.  මේ අතර පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගනිමින් විමර්ශන සිදුකළ හිජාස් හිස්බුල්ලා නීතිඥවරයා පසුගියදා රිමාන්ඩ් කිරීම පිළිබඳ පුවත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා අපට දැකගන්නට ලැබුණා මේ හා සමගම නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා විසින් මෙසේ පාස්කු විමර්ශන සඳහා අත්අඩංගුවට පත්ව සිටින හිජාස් […]

Continue Reading

Fact Check: ජාතික ජන බලවේග සහ ක්‍රියාකාරීන් අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

කාලීන පුවත් අළලා ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරී සාමාජිකයින් අලලා ව්‍යාජ පුවත් නිරන්තරයෙන්ම නිර්මාණය වෙනු අපට දැකගන්නට ලැබෙනවා. පසුගිය කාලයේ සිදු කළ එවැනි වාර්තා කිහිපයක් මෙතනින් සහ මෙතනින් මේ ආකාරයෙන්ම විවිධ කාලීන තේමා යටතේ පසුගිය සති කිහිපයේ ද ජාතික ජන බලවේගය අළලා ව්‍යාජ පුවත් පෙළක්ම නිර්මාණය වී තිබු අතර ඒ සියල්ලක්ම නොමග යවන සුළු […]

Continue Reading

Fact Check: ප්‍රජා අයිතිය රැකගන්න, හිටපු ජනපතිතුමා අනුරාධපුරේ ඥානක්කා හමුවීමට ගියා ද?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසන් සභාව එහි අවසන් වාර්තාව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගියදා පිරිනැමූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. එම වාර්තාවේ නිර්දේශවල පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරු කිහිප දෙනෙකුගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම වැනි කරුණු ඇතුළත් බවත් […]

Continue Reading

FACT CHECK: “හම්බන්තොට දසදහසකට තවමත් වැසිකිළි නැහැ” යනුවෙන් සඳහන් වී තිබු පුවත් පිටුවක් මහින්ද රාජපක්ෂ මහතා කියවන අවස්ථාවක් ද?

ප්‍රබල දේශපාලන චරිත මුල්කරගනිමින් පලකරන ලද පුවත්පත් සංස්කරණ පිලිබඳ අප පසුගිය මාස කිහිපයේම විටින් විට කරුණු අනාවරණය කර තිබෙනවා. එබඳු වාර්තා කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. මේ අකාරයෙන්ම පලවී තිබු පුවත්පත් සංස්කරණයක් ආශ්‍රිත සටහනකින් පෙන්වීමට උත්සාහ කර තිබුනේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියවමින් සිටි පුවත්පතක “හම්බන්තොට දසදහසකට තවමත් වැසිකිළි නැහැ” යනුවෙන් සඳහන් වී තිබු අයුරක්. […]

Continue Reading

FACT CHECK: 73 වන නිදහස් දින සැමරුම් උත්සවයේ දී ජනපතිඳුන් සිටි වේදිකාවේ පසුබිම සැකසුමේ “උළෙල” වචනයේ අක්ෂර වින්‍යාසය නිවැරදි ද?

ශ්‍රී ලංකාවේ 73 වැනි නිදහස් දින සැමරුම නිදහස් චතුරශ්‍රයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් අභිමාන පූර්වක සමරනු ලැබීය. ජනාධිපතිතුමා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රදානීන් සිටි වේදිකාවේ පසුබිම් සැකසුමේ “73 වන නිදහස් උළෙල” යනුවෙන් දිස්වෙන අයුරු ද නිරීක්ෂණය විය. එම ඡායාරුපය යොදාගනිමින් හුවමාරු වූ සටහනකින් පෙන්වීමට උත්සාහ කර තිබුනේ එහි “උළෙල” නමැති වචනය සඳහා යොදාගෙන තිබු අක්ෂර […]

Continue Reading

FACT CHECK: අලිසබ්‍රිට ඔහුගේ පලමු කසාදය, කාති උසාවි පිහිටෙන් ඉතාමත් පහසුවෙන් කටුගාදමා දැමුවා ද?

ලාංකික මුස්ලිම් ප්‍රජානායකයකු වන අලි සබ්‍රි මහතා වර්තමාන ආණ්ඩුවේ අධිකරණ ඇමති ධුරය හොබවයි. කාති උසාවි පිහිටුවීම පිළිබඳව ඔහු අළලා පසුගිය වකවානුවේ ෆේස්බුක් ජාලයේ විවිධාකාරයේ සටහන් ඉදිරිපත් වී තිබෙණු නිරීක්ෂණය විය.  අලිසබ්‍රි මහතා කති උසාවියේ පිහිටෙන් පළමු බිරිඳ දික්කසාද කර, සුප්‍රසිද්ධ ආභරණ ව්‍යාපාරයක් වන Stone & String හිමිකරුගේ දියණිය විවාහ කරගත බවට ඉදිරිපත්ව ඇති සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: බිමල් රත්නායක මහතාගේ බාල වයස් දියණිය පැදවු සුඛෝපභෝගි රථයක් මෑතකදී අනතුරකට ලක්වුණා ද?

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක ධුරය දරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාය. පසුගිය වකවානුව තුල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන පෙළේ ක්‍රියාකරුවන් අළලා ෆේස්බුක් ජාලය තුළ ඉදිරිපත් වූ බොහෝ සටහන් පිළිබඳව අප සිදුකළ කරණු විමර්ශනයවලදී තහවුරු වූයේ ඒවා සාවද්‍ය හෝ නොමඟ යවන සුළු සටහන් බව අනාවරණය විය. එම වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්  මේ අයුරින්ම […]

Continue Reading

FACT CHECK: ක්‍රීකට් ක්‍රීඩාව සහ මෑත කාලීන සිදුවීම් අළලා ජනතා විමුක්ති පෙරමුණේ සහ එහි ක්‍රියාකරුවන්ගේ අදහස් ලෙස සැකසණු සාවද්‍ය සටහන් පෙළක්!

 ශ්‍රී ලකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරයක නිරතවු අතර පසුගිය මස එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමද දිවයිනේ සංචාරයක නිරත විය. මෙම තරඟාවලි දෙකේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජයකට පත්වු අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පසුබැසීමකට ලක්ව තිබූ බව පැහැදිළිවම දර්ශණය විය. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ආශ්‍රිතව අනුර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ද එම පක්ෂයේම […]

Continue Reading

FACT CHECK: නිදහස් දින ජාතිය අමතන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව මෙවර සමරන්නේ 63 වන නිදහස් උත්සවය යනුවෙන් පැවසුවා ද?

පෙබරවාරි මස 4වැනි දින ශ්‍රී ලංකාව සිය 73වන නිදහස් දිනය මහත් අභිමානයෙන් සැමරීය. නිදහස් සමරු උළෙලේදී සම්ප්‍රදායානුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීය. නිදහස් උළෙල පිලිබඳ කතාබහක් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිවී තිබු අතර ප්‍රධාන උත්සවය පැවැත්වූ නිදහස් චතුරශ්‍රයේ මඟ දෙපස බෞද්ධ කොඩි යොදා ගැනීම පිලිබඳ ව පළවූ අදහස් සම්බන්ධයෙන් අප සිදුකළ විමර්ෂණයක් මෙතනින්. නිදහස් සමරු […]

Continue Reading

FACT CHECK: බහුතර මුස්ලිම් ඡන්ද නොතිබෙන්න මේ ආණ්ඩුවට දිනන්න බෑ යනුවෙන් අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා පැවසුවා ද?

වර්තමාන ආණ්ඩුවේ අධිකරණ ඇමැති ධුරය, මුස්ලම් සම්භවයක් ඇති අලි සබ්‍රි මහතාට හිමිවී ඇත. පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුල අලි සබ්‍රි මහතා පිළිබඳව සටහන් රැසක් ඉදිරිපත් වී තිබූ අතර අප සිදු කළ කරුණු විමර්ශනයේදී ඒවායින් කිහිපයක් ම අසත්‍ය සටහන් බව සනාථ විය. එම වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින් බලන්න. මේ අතර “මේ ආණ්ඩුව තනි සිංහල ආණ්ඩුවක් […]

Continue Reading

FACT CHECK: ඉන්දියාවෙන් ප්‍රදානය කරන ලද බාල කෝවිඩ්-19 එන්නත ප්‍රතික්ෂේප කරන ලෙස ජ.වි.පෙ. නායකයින් පවසා තිබුණා ද?

කෝවිඩ්-19 ආසාදනය පාලනය කිරීම සඳහා ඉන්දියාවේ නිපදවන එනනත් අසල්වැසි රටවලට ප්‍රදානය කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබිණි. එහි පියවරක් වශයෙන් Oxford-AstraZeneca එන්නතේ ඒකක 500,000ක ප්‍රදානයක් රැගත් ගුවන්යානයක් පසුගිය දිනක දිවයිනට ළඟාවු අතර, ජනපති ගෝඨාභය රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපලේදී එන්නත් තොගය බාර ගත් බව මාධ්‍යය වාර්තා කර තිබුණි. පසුදිනම මෙම එන්නත කෝවිඩ්-19 මර්දන ක්‍රියාවලියේ පෙරමුණේ සිටින […]

Continue Reading

FACT CHECK: මෙම ඡායරුපයේ සිටින්නේ අනුර කුමාර දිසානායක මහතාගේ දියණිය ද?

ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගනිමින් බිහි වූ ජාතික ජන බලවේගයේ වත්මන් නායකත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාය. එම පක්ෂයේ ප්‍රධානීන් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලයේ මෑතකදී ඉදිරිපත්වූ සටහන් බොහොමයක්ම සාවද්‍ය බව අපගේ කරුණු විමර්ශනවලදී තහවුරු විය. එම වාර්තා මෙතනින් සහ මෙතනින්. ගුවන්තොටුපොළක දී ලබාගත් ඡායාරුපයක අනුර කුමාර දිසානායක මහතා සමඟ සිටින්නේ ඔහුගේ දියණිය බවට […]

Continue Reading

FACT CHECK: සුනිල් හඳුනෙත්ති සහ බිමල් රත්නායක මහතුන් අළලා ඉදිරිපත්වී ඇති අසත්‍ය සටහන් පෙළක්!

සුනිල් හඳුනෙත්ති සහ බිමල් රත්නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතර ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකරුවන් වේ. මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වීමට අවස්ථාවක්  නොලැබුණද ඔවුන් නගන ප්‍රබල හඬ ද හේතුවෙන් සමාජ මාධ්‍ය ජාලය තුළ ඔවුන් අළලා විවිධාකාරයේ අසත්‍ය සටහන් ද නිර්මාණය වේ. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකරුවන් අළලා ඉදිරිපත්වන  එබඳු අසත්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුල්කරගනිමින් පළවූ අසත්‍ය ප්‍රකාශයක්!

වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දරන්නේ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාය. ඔහු සම්බන්ධයෙන් මීට පෙර ද මෙවැනි ව්‍යාජ සටහන් පළවී තිබු අතර පාඨලී චම්පික රණවක, හරීන් ප්‍රනාන්දු ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අලලා ද කරුණු විමර්ෂණ කිහිපයක් ම අප පසුගිය වකවානුවේ දී සිදුකළා. මේ ආකාරයෙන්ම පළවූ සටනක දක්වා තිබුනේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සංචාරකයින් ගෙන්වන්න […]

Continue Reading

FACT CHECK: නැගෙනහිර ජැටිය සංවර්ධනය කරන්න දැණුමක් ලාංකීය ඉංජිනේරුවන්ට නොමැති බව නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළාද?

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු නැගෙනහිර පර්යන්තය, ආයෝජනය ව්‍යාපෘති සඳහා ඉන්දියාව සහ ජපානයේ සමාගම් වෙත ලබා දීමට සුදානම් වීම මේ දිනවල මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් කතාබහට ලක්වී තිබෙන උණුසුම් මාතෘකාවක්.  වරාය වෘත්තීය සමිති මුල් කරගනිමින් බොහෝ පාර්ශවයන් මේ සම්බන්ධයෙන් විරෝධය නඟා සිටි අතර ආණ්ඩුවේ ප්‍රබල සාමාජිකයින් මේ සම්බන්ධයෙන් විවිධාකාරයේ අදහස් දක්වා තිබුණා. විපක්ෂයේ ප්‍රබලයින් ද මේ සම්බන්ධයෙන් […]

Continue Reading

FACT CHECK: අලුතින් මුස්ලම් කාති උසාවි සීයයක් පිහිටුවන බවට ජනාධිපති පොරොන්දු වු බවට අධිකරණ ඇමති අලි සබ්‍රි පැවසුවා ද?

“එක රටක් එක නීතියක්” සංකල්පය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් වූ ප්‍රධාන කරුණක් විය. නමුත් එක රටක් එක නීතියක් කියා බලයට පත් වූ ආණ්ඩුව එය ක්‍රියාත්මක කරන්නේ නැති බවට චෝදනා විපක්ෂය වෙතින් දිගින් දිගටම එල්ල වන බවක් ද අපට දැක ගන්නට ලැබුණා කාති උසාවි මඟින් සිදුවන අසාධාරණ පිලිබඳ මුස්ලිම් ජනතාව ද ප්‍රශ්න කරන […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය සහ ක්‍රියාකාරීන් අලලා නිර්මාණය වූ ව්‍යාජ සටහන් පෙළක්!

ජාතික ජන බලවේගය විවිධ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම පිටත දීත් ප්‍රබල හඬක් නගයි. මේ හේතු ද මුල් කරගනිමින් එහි ප්‍රබල ක්‍රියාකරුවන් අළලා සමාජ මාධ්‍ය තුල වරින් වර ව්‍යාජ සටහන් නිර්මාණය වෙනු දක්නට ලැබෙනවා. මෑතකදී එසේ පළවූ සටහන් පිළිබඳව අප සිදුකළ විමර්ෂණ කිහිපයක් මෙතනින් සහ මෙතනින් මෑතකාලීන සිදුවීම් කිහිපයක් අළලා ජනතා විමුක්ති පෙරමුණ සහ එහි […]

Continue Reading

FACT CHECK: හරීන් ප්‍රනාන්දු කළු සාටකයක් පැළඳ පාර්ලිමේන්තුවට පැමිණියේ කුමක් සඳහා ද?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත බන්ධනාගාර ගතවූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් එම පක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුළදී මෙන්ම ඉන් පිටතදීත් විරෝධතාවය පළකර සිටියා. මේ අතර ජනවාරි මස විසි වන දින කළු සාටකයක් පැළඳ රන්ජන් රාමනායක මහතාට සාධාරණයක් පතා පාර්ලිමේන්තු සභා වාරයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා එසේ පැමිණියේ පාස්කු […]

Continue Reading

FACT CHECK : මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා අළලා ඉදිරිපත්ව ඇති සංස්කරණය කරන ලද සටහන් පෙළක්!

ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මැති ඇමතිවරුන් සහ සක්‍රීය ක්‍රියාකරුවන් අළලා සමාජ මාධ්‍ය තුල විවිධ සටහන් ඉදිරිපත්වේ. මෙම සටහන් බොහොමයක් සාවද්‍ය බව අප විසින් මීට පෙර සිදුකළ කරුණු විමර්ශන වලදි තහවුරු විය.  මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසු බවට සමාජ මාධ්‍ය තුල සැරිසරන  විවිධ සටහන්, ඔහු විසින් අවුරුදු 18ට වැඩි සියලුදෙනාට හමුදා පුහුණුවක් ලබා […]

Continue Reading

FACT CHECK: දුලීකා මාරපන රංගන ශිල්පිනිය පාස්කු ප්‍රහාරය හා හරීන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් වීඩියෝ පටයකට පෙනී සිටියාද?

පාස්කු ප්‍රහාරය සිදුවී වසර එකහමාරකටත් වැඩි කාලයක් ගතවී තිබුණද, ඒ සඳහා වගකිව යුතු පාර්ශවයන්ට නිසි දඬුවම් නොලැබුණු බව දේශපාලන වේදිකාවේද නිරන්තරයෙන්ම කතාබහට ලක්වන මාතෘකාවක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන සටහන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ නම ද නිරන්තරයෙන් ම දක්නට ලැබෙනවා. මෙලෙසින් නිර්මාණය කරන ලද වීඩියෝවක, හරීන් ප්‍රනාන්දු මහතාගේ මව ලෙස පෙනී සිටින කාන්තාවක් විසින් […]

Continue Reading