ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ඡන්ද විමසීම් සිදුවන අවස්ථාවේදී අනීතික ක්‍රියා පිළිබඳ වාර්තා කිරීම සඳහා මෙම දුරකථන අංක හඳුන්වාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව විසින් මාධ්‍ය නිවේදනයක් (PRE/2024/83) නිකුත් කරමින් සඳහන් කර සිටී.
ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකය වෙත අදාළ සිදුවීම් නොපමාව වාර්තා කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
නිවේදනයේ සඳහන් දුරකථන අංක පහතින්…
ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකය
දුරකථන අංක : 0112 796546
0112 796549
0112 796586
0112 868153
ෆැක්ස් අංක : 0112 796533
0112 796535
0112 796537
WhatsApp : 070-5396999
E-mail : [email protected]
පොලිස් ඒකකය
දුරකථන අංක : 0112 796536
ෆැක්ස් අංක : 0112 796540
0112 796544