FACT CHECK: මෑතකදී සිදු වූ පැළ ලක්ෂයක රුක් රෝපණයක්ද?

රක්ෂිත වනාන්තර හෙළි කිරීම සම්බන්ධයෙන් ජනතාව මේ දිනවල දැඩි අවධානය යොමු කර තිබෙනවා අපට දැකගන්නට පුළුවන්. බොහෝ පිරිස් වත්මන් රජයට මේ සම්බන්ධයෙන් චෝදනා කරද්දි ඇතමුන් වන විනාශයන් සම්බන්ධ අසත්‍ය ඡායාරූප, සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබෙනු දැක ගන්නට ලැබුණා. ඒ සම්බන්ධයේන අප කළ කරුණු අනාවරණ මෙතනින්, මෙතනින් සහ මෙතනින්. තවත් පිරිසක් වත්මන් රජයට එල්ල […]

Continue Reading

FACT CHECK: මෑතකදී විශාල ගසක කඳන් ප්‍රවාහනය කල අවස්ථාවක් ද?

රක්ෂිත වනාන්තර ආශ්‍රිතව සිදුවන වන සංහාරයන් මෙන්ම රටේ විවිධ ප්‍රදේශයන්හි සිදු වන ගස් කැපීම් සම්බන්ධයෙන්ද මේ දිනවල වඩිපුර ජනතා අවධානය යොමු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු මෙන්ම අසත්‍ය තොරතුරුද සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් පැතිරෙනවා අපට සුලබව දැකගන්නට ලැබෙන කරුණක්. වන සංහාරය පිළිබද පසුගිය කාලයේ පළවූ ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් පිලිබඳ අප සිදුකළ විමර්ශණ […]

Continue Reading

FACT CHECK: මේ වසරේ වන විනාශයන් හෙක්ටයාර 43000ක් ඉක්මුවාද?

වන විනාශ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී ඇති මේ කාලවකවාණුව තුළ විශේෂ කාර්ය බලකාය විසින්ද, පසුගිය වසරේ  ජනවාරි  1 වන දා සිට මේ වසරේ මාර්තු 11 වන දා තෙක් රක්ෂිත හෙළිකරන්නන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාලේඛන ඇතුලත් සම්පූර්ණ වාර්තාවක් නිකුත් කළා. මෙම වාර්තාවේ දත්ත උපයෝගී කරගනිමින් පුවත් වාර්තාද පළ වුණා. ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වෙබ් අඩවියක් වන […]

Continue Reading

FACT CHECK: සිංහරාජ රක්ෂිතයේ වන විනාශයක් බව දැක්වීමට උපහාසාත්මක කෝණයකින් පළකරන ලද ව්‍යාජ සටහන් පෙළක්!

සිංහරාජයේ වන විනාශය මේ දිනවල උණුසුම් මාතෘකාවක් ද වනවා. දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ලොව විවිධ ස්ථානවල ඡායාරූප යොදාගෙන සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ නොයෙකුත් අසත්‍ය සටහන් පිළිබඳව අප මෙවැනි සත්‍ය කරුණු විමර්ශන සිදුකළා. සිංහරාජ රක්ෂිතයේ ප්‍රදේශයක් යයි සඳහන් කරන තවත් ඡායාරූපයක් පිළිබඳ විමර්ශනයක් කරන ලෙස කළ ඉල්ලීම් රැසක් අප වෙත ලැබුණු අතර ඒ පිලිබඳ විමර්ෂණයේදී පෙනී ගියේ එම […]

Continue Reading

Fact Check: දෙගල්ල කඳු වැටියේ මේ දිනවල සිදුවන වන විනාශයක්ද?

වනාන්තර හෙළි කිරීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල නොයෙකුත් පුවත්, ඡායාරූප, වීඩියෝ දසුන් ඉතාමත් සීඝ්‍රයෙන් හුවමාරු වනවා දැක ගන්නට පුළුවන්. මේ අතර පැරණි පුවත් සහ සටහන් ද නැවත නැවතත් පළ වෙනවා දැක ගන්නට පුළුවන්. පසුගිය වසරක සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුන සිංහරාජ, නෙළුව,දෙගල්ල කඳු වැටියේ යැයි හැඟවෙන ඡායාරූපයක් රැගත් සටහනක් මේ දිනවල නැවතත් ජනතාව […]

Continue Reading

Fact Check: රම්මලේ රක්ෂිතයේ සිදුවූ වන සංහාරයේ සිතියමක් ද?

ලොව විවිධ ප්‍රදේශවල වන විනාශයන් පිලිබඳ ඡායාරූප යොදා ගනිමින් ලංකාවේ සිදුවන වන සංහාරයන් බව පෙන්වීමට සටහන් රැසක්ම පසුගිය දින කිහිපයේ දී ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වන බව අපට දැකගනන්ට ලැබුණා. මෙවැනි සටහන් පිළිබඳව අප සිදුකළ විමර්ශනයක් මෙතනින් මේ ආකාරයෙන්ම හුවමාරු වූ තවත් සටහන් පෙළක ගූගල් සිතියම් සන්සන්දනය කරමින් පෙන්වීමට උත්සාහ ගෙන තිබුනේ දකුණු […]

Continue Reading

FACT CHECK: ලංකාවේ විවිධ ප්‍රදේශ වල සිදුවන වන සංහාරයන්ගේ ඡායාරූප පෙළක් ද?

මේ වන විට නැවතත් වන විනාශ සම්බන්ධයෙන් දැඩි ලෙස කතා බහට ලක් වෙනවා. ඒ සිරස ලක්ෂපති වැඩසටහනට පැමිණි තරුණියක් විසින් සිංහරාජ රක්ෂිතයේ මායිමේ සිදු වන විනාශයක් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ද සමඟින්. ඒ සම්බන්ධයෙන් අප කළ සවිස්තරාත්මක විමර්ශනය මෙතනින්.  එම උණුසුම පහව යන්නටත් පෙර තවත් වනාන්තර කිහිපයක් හෙළි පෙහෙළි කිරීම් සම්බන්ධයෙන් ඡායාරූප සහිත සටහන් සමාජ මාධ්‍ය […]

Continue Reading

Explained: සිංහරාජ රක්ෂිතයේ සිදුවන වන විනාශය පිළිබඳ හුවමාරු වන සටහන් පිලිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

පසුගිය දා රූපවාහිනී වැඩසටහනකට පැමිණි තරුණියක විසින් එම වැඩසටහන අතර තුළ සිංහරාජ රක්ෂිතය මායිමේ රක්වාන ප්‍රදේශයේ හෝටලක් ඉදිවන බවට කළ ප්‍රකාශය ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද, මහත් ආන්දොලනයකට තුඩුදුන් මාතෘකාවක් බවට පත්වුණා. එම සිද්ධිය මුල් කරගනිමින් නොයෙකුත් ආකාරයේ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනු දක්නට ලැබුණා. තවද එම ප්‍රකාශයෙන් පසුව අදාළ […]

Continue Reading

FACT CHECK: ඡායරූප පෙළින් දැක්වෙන්නේ පසුගිය දා පොළොන්නරුව ප්‍රදේශයේ සිදුවූ වන විනාශයක් ද?

වන විනාශයන් හා ඒ ආශ්‍රිත තේමා යටතේ පසුගිය දින කිහිපයේම විශාල කතාබහක් ඇතිවී තිබෙන අතර නොයකුත් ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් ද වාර්තා වෙනවා. අප පසුගිය දා පිදුරුතලාගල වන විනාශයක් සම්බන්ධයෙන් පළවූ සටහන් පිලිබඳ අප සිදුකළ විමර්ෂණයක් මෙතනින්. පොළොන්නරුව ජල ගැලුම් නිම්න ප්‍රදේශය ආශ්‍රිතව සිදුවන වන විනාශයන් ඇතුළු විවිධාකාරයේ නීති විරෝධී කටයුතු පිළිබඳව පසුගිය […]

Continue Reading

Fact Check: පරිසර විනාශය සහ කුරු අලියෙකුගේ මරණයක් පිලිබඳ පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

ස්වාභාවික සෞන්දර්යයෙන් අනූන රටක් වූ ලංකාවේ වූ,  සිදුවන විශාල පරසර විනාශයන් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලය මෙන්ම ප්‍රධාන මුද්‍රිත සහ විද්යුත් මාධ්‍ය තුලද වාර්තා පසුගිය දනවල දක්නට ලැබුණි. මෙවන් පසුබිමක Yasith Dilshan නම්වු ෆේස්බුක් ගිණුකම “පුත්තලම ගල්බමුණාගම වැසි වනාන්තරයේ වර්ග කිලෝමීටර් 65,000 ඩෝසර් කරලා බං. අවුලක් නෑ මචං හැට නම ලක්ෂයක කැමැත්ත” සහ “මන්දාරම් නුවර තියෙන […]

Continue Reading