රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා යටතේ මෙතෙක් පැවති ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විශේෂ ගැසට් පත්‍රයක් මගින් තමන් යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශ විෂය පථය යටතට පවරා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා තීරණය කරනු ලැබුවා. මෙම පවරා ගැනීම සම්බන්ධයෙන් තමාට කිසිදු දැනුම්දීමක් නොකිරීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරමින් කරුණු දක්වමින් ලිපියක් ජනාධිපතිතුමා වෙත යැවීමටද රුවන් විජේවර්ධන අමාත්‍යවරයා කටයුතු කර තිබුණා. මෙම පසුබිම මත විවිධ පාර්ශව විසින් රුවන් විජේවර්ධන අමාත්‍යවරයා ජනමාධ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව දන්වමින් පුවත් කිහිපයක් පළ කර තිබුණා.

ඒකාබද්ධ පොදුජන පෙරමුණ ෆේස්බුක් පිටුව මගින් රුවන් විජේවර්ධන අමාත්‍යවරයා ජනමාධ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව දන්වමින් ෆේස්බුක් සටහනක් පහත සඳහන් පරිදි පත්කර තිබුණි

Facebook LinkArchived Link

මෙම ප්‍රවෘත්තිය ම තවත් ස්ථාන කිහිපයකම හුවමාරු වී තිබෙනවා මෙසේ දක්නට ලැබුණි

Facebook PostArchived Link

ට්විටර් ගිණුමක් ඔස්සේ ද මෙම ප්‍රවෘත්තිය දක්වා තිබුනේ මෙලෙසිනි

Twitter PostArchived Link

Fact Check (සත් තොරතුරු විමර්ශනය කිරීම)

සප්තැම්බර් මස 9 වැනිදා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තමන් යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථයට පවරා ගැනීමට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තීරණය කරන ලදී.  ඊට සම්බන්ධ අති විශේෂ ගැසට් පත්‍රය පහත සඳහන් පරිදි වේ.

මෙම තීරණය පිලිබඳ කනස්සල්ල පළ කරමින්  සැප්තැම්බර් මස11 වන දින ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කරුණු දක්වමින් රුවන් විජේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ මෙබඳු තීරණයක් ගැනීමට පෙර තමා සමග සාකච්ඡා කළ හැකිව තිබූ බවත් එබඳු තීරණ ගැනීමේදී ප්‍රතිපත්තිමය ගැටළු මතුවන බවත්ය. එහිදී තවදුරටත් කරුණු දක්වන විජේවර්ධන අමාත්‍යවරයා පවසා සිටියේ තමා තවදුරටත් ජනමාධ්‍ය  රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බවත්,  ඉල්ලා අස්වීමෙන් කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු නොලැබෙන බවත්ය.

Interview Video Link 

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා තම අදහස් දක්වමින් පවසා සිටින්නේ ජනමාධ්‍ය අමාත්‍යංශය රාජ්‍ය අමාත්‍යංශයට පවරා ගැනීමේ බලතල සම්පූර්ණයෙන් ම ජනාධිපතිතුමා වෙත තිබෙන බවත් ජනාධිපතිතුමා ක්‍රියා කර තිබෙන්නේ නිත්‍යානුකූලව එතුමාට පැවරී තිබෙන බලතල ප්‍රකාරව නීතියට අනුකූලව බවත්ය. 

Dinamina News ArticleArchived Link

අවසාන නිගමනය

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ විජේවර්ධන අමාත්‍යවරයා ජනමාධ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර නොමැති බවයි. ජනමාධ්‍ය අමාත්‍ය ධුර විෂය පථය, පෙර දැන්වීමකින් තොරව, ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර ගැනීම සම්බන්ධයෙන් රුවන් විජේවර්ධන අමාත්‍යවරයා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපිය පාදක කර ගනිමින් මෙම අසත්‍ය ප්‍රකාශය පළ කිරීමට කටයුතු කර ඇතැයි ද අනුමාන කළ හැක.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:රුවන් විජේවර්ධන ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Fact Check By: Sathyajith Subasinghe

Result: False