Fact Check: ප්‍රජා අයිතිය රැකගන්න, හිටපු ජනපතිතුමා අනුරාධපුරේ ඥානක්කා හමුවීමට ගියා ද?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසන් සභාව එහි අවසන් වාර්තාව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගියදා පිරිනැමූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. එම වාර්තාවේ නිර්දේශවල පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරු කිහිප දෙනෙකුගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම වැනි කරුණු ඇතුළත් බවත් […]

Continue Reading

TITLE : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරිහරණය කරන බෙන්ස් රථයක් පිළිබඳව ඉදිරිපත්ව සටහන් පිලිබඳ කරුණු අනාවරණයක්!

ජනපති, අගමැති, අමාත්‍යවරුන් සහ විවිධ දේශපාල​නඥයින් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලය තුළ නොයෙකුත් සටහන් ඉදිරිපත් වේ. කාලීන සිදුවීම් හෝ උපහාසාත්මක කෝණයකින් ඇතැම් අවස්ථාවල මෙම සටහන් ඉදිරිපත් වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිහරණය කරන බෙන්ස් මෝටර් රථයක් පිළිබඳව ඉදිරිපත් වී තිබූ සටහනක් පිළිබඳව සිදු කළ කරුණු විමර්ශනයේදී අනාවරණය වූයේ, ඔහු වර්තමානයේ භාවිතා කරන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන […]

Continue Reading

ගල්කිස්ස වෙරළ ප්‍රතිපෝෂණ ව්‍යාපෘතිය හිටපු ඇමති පාඨලී යටතේ සිදුවූ බවට පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

සුන්දර වෙරළ තීරයක් සහිත දිවයිනක් ලෙස සැලකෙන ශ්‍රී ලංකාව, මිනිස් ක්‍රියාකාරකම් මෙන්ම පාරිසරික විපර්යාසයන් කරණකොටගෙන, අධික ලෙස  වෙරළ ඛාදනයට ලක්වූ බව පසුගිය වසර කිහිපය තුලදී වාර්තා විය. කළුතර සිට දෙහිවල දක්වාත්, මීගමුව සහ මාරවිල සිට උඩප්පුව දක්වාත්වු බටහිර වෙරළ තීරයේ ඛාදනයෙහි සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබිණි.  ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ වගකීම පැවැරී ඇත්තේ පරිසර සහ වනජීවී […]

Continue Reading

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නිදහස් උත්සවයට නොපැමිණියේ ජනාධිපති, අගමැති ආරක්ෂක අංශ තමා අපහසුතාවයට පත් කරයි යැයි සිතාද?

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් සමරු උළෙල පසුගිය පෙබරවාරි මස 4 වැනිදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ‘සුරක්‍ෂිත ජාතියක් – සමෘද්ධිමත් රටක්’ යන තේමාව යටතේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් නිදහස් දින සමරු උළෙලට සහභාගී විය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  නිදහස් උත්සවයට සහභගී වී […]

Continue Reading

ජනපති මාධ්‍ය අංශයේ තිබූ ජංගම පටිගත කිරීමේ බස් රථය සහ තාක්ෂණ උපකරණ අතුරුදන්වුවාද?

පැවති රජය ඉවත් වී අලුත් රජයක් බලයට පත් වූ පසු, පෙර පැවති රජය කාලයේ භාවිතා කළ වටිනා රාජ්‍ය දේපල අස්ථානගත වීම පිළිබඳව වාර්තා පසුගිය දශකය තුල වූ ආණ්ඩු පෙරලී වලදී නිතරම වාර්තා විය. මෙවැනි අස්ථාන ගතවීම් වලට වගකිවයුතු වන්නේ හිටපු ජනාධිපතිවරු ඇමතිවරු සහ සමහර රාජ්‍ය නිලධාරීන් බව එබඳු වාර්තාවලින් පෙන්නුම් කර තිබෙනු දක්නට ලැබුණි. මෙවැනි […]

Continue Reading

රාජ්‍ය බුද්ධි අංශය විසින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති බවට පැවසෙන ව්‍යාජ ලිපියක් ?

“අතිගරු ජනාධිපතිතුමන්ට පිළිගන්වන විශේෂ රාජ්‍ය බුද්ධි වාර්තාව (“ඉතා රහසිගතයි” ) යන ශීර්ෂයෙන් යුත් ලිපියක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවති.  මෙහි අපේක්ෂකයන් ලබාගන්න ඡන්ද ප්‍රතිශතයන් සහ ප්‍රමාණයන් දැක්වේ. මෙම ලිපිය නොමැතිවද මෙහි ඇති ප්‍රතිශතයන් සමහර ෆේස්බුක් ගිණුම් ඔස්සේ විශාල වශයෙන්  අපේක්ෂකයින් දෙදෙනාම අලලා හුවමාරු වෙනු දක්නට ලැබුණි “අවසන් බුද්ධි වාර්තාවෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට අති […]

Continue Reading

පසුගිය ජනාධිපතිවරණයන්හි, ජයග්‍රාහී අපේක්ෂකයන්ගේ ඡන්ද ප්‍රතිශත ලෙස සමාජගත වී තිබෙන සටහන නිවැරදිද?

ජනාධිපතිවරණය සම්බන්ධව සමාජ මාධ්‍ය සටහන් බොහොමයක් මේ දිනවල හුවමාරුවේ. පසුගිය ජනාධිපතිවරණයන්හි ප්‍රතිඵල ඇතුලත් සටහනක් ෆේස් බුක් සහ ට්විටර් හි විශාල වශයෙන් පසුගිය දිනයන්හි හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි.  එම සටහනේ  1982 සිට 2015 දක්වා ජනාධිපතිවරණය ජයගත් අපේක්ෂකයාගේ ඡයාරුපය, පැවැත්වූ දිනය සහ ලබාගත් ඡන්ද ප්‍රතිශතය ඇතුලත් කර තිබිණි. එලෙස හුවමාරු වූ ෆේස් බුක් සටහනක් පහතින් දැක්වේ.  Facebook […]

Continue Reading

රුවන් විජේවර්ධන ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූයේ නැත

රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා යටතේ මෙතෙක් පැවති ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විශේෂ ගැසට් පත්‍රයක් මගින් තමන් යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශ විෂය පථය යටතට පවරා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා තීරණය කරනු ලැබුවා. මෙම පවරා ගැනීම සම්බන්ධයෙන් තමාට කිසිදු දැනුම්දීමක් නොකිරීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරමින් කරුණු දක්වමින් ලිපියක් ජනාධිපතිතුමා වෙත යැවීමටද රුවන් විජේවර්ධන […]

Continue Reading