නාමල් රාජපක්ෂ සහ ලිමිනි වීරසිංහගේ විවාහ මංගල උත්සවය සැප්තැම්බර් 12 වැනිදා සිදු වූ අතර එම උත්සවය සම්බන්ධයෙන් බොහොමයක් ෆේස්බුක් සටහන් හුවමාරු වන බව අපට දක්නට ලැබුණි. මෙම විවාහ මංගල උත්සවය සම්බන්ධයෙන් පළවූ ව්‍යාජ ෆේස්බුක් සටහනක් මීට පෙර අනාවරණය කරගැනීමට මෙලෙසින් අපට හැකිවිය.
එබඳුම සැක සහිත ෆේස්බුක් සටහන් කිහිපයක් පහත පරිදි සමාජ ජාල තුළ විශාල වශයෙන් හුවමාරුවන අයුරු අපට දැකගන්නට ලැබුණි.
සමාජ මාධ්‍ය සටහන්
“මේ වගේ පවුලකට යළි බලය දිය යුතුද ?” යන වදන් පෙළත් සමඟ “නාමල් රාජපක්ෂ බිරිඳට මංගල ත්‍යාගය ලෙස මිලියන පනස් දහසක් වටිනා ප්‍රාර්ථනා දියමන්තිය ලබාදෙයි” යනුවෙන් සටහන් බොහෝ දෙනා අතර හුවමාරු වුනේ මෙලෙසින්.

බැලූ බැල්මටම මෙය විශ්වාස කිරීමට අපහසු කාරණයක් සේ පෙනී ගිය බැවින් මේ පිළිබඳව පළ වී ඇති වාර්තා සොයා බැලීමට සහ විමර්ශනයක් කිරීමට තීරණය කළෙමු.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මේ පිළිබඳව කරුණු විමර්ශනය කිරීමේදී ෆේස්බුක් පරිශීලකයින් කිහිප දෙනෙක් විසින්ම ඉහත සටහන සංස්කරණය (Edited) කරන ලද්දක් බව සඳහන් කරමින් සටහන් බොහොමයක් කරුණු දක්වා තිබෙනු අපට දක්නට ලැබුණා.
“අහවල් Fun / ahawal fun” , යන ෆේස්බුක් පිටුව මගින් ඡායාරූප දෙකක් සංසන්දනය කරමින් පවසා සිටියේ “එකාතකට මෙහෙම එඩිට් කරන උන් ගැන පවු කියලත් හිතෙනවා” යනුවෙනි.

තවද ඉහත ෆේස්බුක් සටහන උපහාසාත්මක ලෙස කරන ලද සටහනක් බව පෙන්නුම් කරමින්බො හොමයක් පිරිස් විසින් තම අදහස් පළකර තිබුණේ මෙලෙසිනි.

නාමල් සහ ලිමිනි සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ පළ වී ඇති ඡායාරූප සරල ගූගල් සෙවුමක් (Google Search) ඔස්සේ සොයා බැලීමේදී අපට පහත කරුණු අනාවරණය විය.

මෙහිදී තවදුරටත් පෙනී ගියේ එම ඡායාරූපය නාමල් සහ ලිමිනි සම්බන්ධයෙන් පළ වී තිබෙන ලිපි බොහොමයක් සඳහා යොදාගෙන තිබූ බවත් නාමල් සහ ලිමිනි ගේ ට්විටර් ගිණුමේ එය මෙසේ පළවී තිබෙනුද දක්නට ලැබුණා.

Sri Lanka Tweet, asianmirror.lk මගින්ද මෙම ඡායාරූපය යොදා ගනිමින් වාර්තා පළ කර තිබෙනු අපට දක්නට ලැබුණි
Former President Mahinda Rajapaksa’s son MP Namal Rajapaksa and Limini’s Wedding ?will be held on September 17th in Colombo.
— Sri Lanka Tweet ?? (@SriLankaTweet) August 10, 2019
We Wish both a Lifetime of Happiness ?!@RajapaksaNamal#LKA #SriLanka pic.twitter.com/W7HwcOx5Sj
තවදුරටත් මෙහි සඳහන් වන ප්‍රාර්ථනාවේ දියමන්තිය (Hope Diamond) පිළිබඳ විස්තර සෙවීමේදී ලෝකයෙන් මිල අධිකතම ස්වර්ණාභරණ පිළිබඳ ගූගල් සෙවීමක් කිරීමේදී පහත කරුණු අනාවරණය විය


ඉහත ලබාගන්නා ලද ඡායාරූපය සහ දත්තයන් මත මෙම සංස්කරණය සිදු කරන්නට ඇතැයි ද අනුමාන කළ හැක
අවසාන නිගමනය
අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ “නාමල් රාජපක්ෂ විසින් ප්‍රාර්ථනාවේ දියමන්තිය ලිමිනිට ත්‍යාග කරයි” යන ප්‍රකාශය කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් මෙය බොහෝදුරට උපහාසාත්මක කෝණයකින් සිදුකරන ලද්දක් බවත්ය.

Title:නාමල් රාජපක්ෂ විසින් ප්‍රාර්ථනාවේ දියමන්තිය ලිමිනිට ත්‍යාග කළේ නැත
Fact Check By: Sathyajith SubasingheResult: False
