පසුගියදා කළුතර පැවති උත්සවයකට සහභාගී වෙමින්, “ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය දිය යුතු පුද්ගලයා දැනටත් ජනතාව තීරණය කර අවසන්” යනාදී වශයෙන් අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සිදුකරන ලද ප්‍රකාශයක් සමඟම ඒ සඳහා බොහෝ පාර්ශව වලින් විවිධ අදහස් පළකර තිබුණි.

ඒ හා සමගම රූප රාමු පෙළක් සහිත ව “කාදිනල් යන්නේ රාජපක්ෂ අඩිපාරේ ..කාදිනල්ට  ආරක්ෂාව දෙන්නෙ නාමල්ගේ ආරක්ෂකයා” යන මැයෙන් දීර්ඝ සටහනක් පහත පරිදි වෙබ් අඩවියක ද පළ වී තිබෙනු අපට දැකගන්නට ලැබුණා

Web LinkArchived Link

තවද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔස්සේ ද “නාමල් ළඟ අවුරුදු ගානක් හිටපු ආරක්ෂකයා දැන් ඉන්නේ කාදිනල් ළඟ” යනුවෙන් ප්‍රවෘත්ති කිහිපයක්ම විශාල වශයෙන් හුවමාරු වී තිබුනේ කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙත නාමල් රාජපක්ෂ මහතා ළඟ සිටි ආරක්ෂක නිලධාරියෙක් ලබාදී ඇතැයි යන්න අර්ථ දක්වමිනි.

Facebook LinkArchived Link

Fact Check (සත් තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට අප මුලින්ම කාදිනල්තුමාගේ මාධ්‍ය ඒකකය හරහා එතුමාගේ ලේකම් මඟින් මෙම පුද්ගලයා පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලදී.  එහිදී පැහැදිලි වූයේ මෙම ආරක්ෂක නිලධාරියා යුද හමුදාවේ උසස් නිලධාරියෙක් වන අතර කාදිනල්තුමගේ ආරක්ෂාව තර කිරීම සඳහා සේවයට අනුයුක්ත කර ඇත්තේ වත්මන් රජය විසින්ම බවයි. 

තවදුරටත් කරුණු විමසීමේදී අපට දැනගන්නට ලැබුනේ විශේෂයෙන්ම පසුගිය අප්‍රේල් මස සිදුවූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, කාදිනල්තුමාගේ ආරක්ෂාව ගැන රජය වඩාත් සැළකිලිමත් වූ අතර, ඒ සඳහා විශ්වාසවන්ත පුද්ගලයෙකු යෙදීමට අවශ්‍ය  යැයි සඳහන් කරමින්, මෙම තැනැත්තා සේවයට යොදවා ඇති බවයි. එසේම හමුදාවේ මේජර්වරයකු වන මෙම නිලධාරියා නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ආරක්ෂකයකු නොවන බවත්,  උසස් නිලධාරියෙකු වශයෙන් රජය විසින් අනුයුක්ත කරන ඕනෑම කාර්යයක් සඳහා යොමුවිය යුතු බවත් කාදිනල් තුමාගේ ලේකම්වරයා කරණු දක්වා සිටියා.

එසේම ඉහත වෙබ් අඩවියේ දක්පෙවා තිබු සටහනේ පෙන්න්වා දී ඇති ඡායාරූප කුමන කාලයකදී ලබාගත්තේ දැයි තහවුරු කරගැනීම සඳහා, Google Reverse Image සෙවුමක් මඟින් තොරතුරු නොලැබුණු බැවින්, නාමල් රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේදී එම ඡායාරූප 2014 වසරේ දී ලබාගෙන තිබූ බව පැහැදිලි විය. 

Photo LinkArchived Link

Photo LinkArchived Link

මේ සඳහා යුධ හමුදාවේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අදහස් දැන ගැනීම සඳහා ඔවුන් සම්බන්ධ කර ගත් අවස්ථාවේදී අපට දැනගන්නට ලැබුණේ, ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ පාඨමාලා හදාරා ඇති, හමුදාවේ විශේෂිතම රෙජිමේන්තුවක පළපුරුද්දක් ඇති උසස් නිලධාරියකු වශයෙන්, යුද හමුදාව විසින්, කාදිනල් හිමිපාණන්ගේ ආරක්ෂාව සැපයීම සඳහා වඩාත්ම සුදුසු යෑයි හැඟෙන පුද්ගලයකු ලෙස, මොහු අනුයුක්ත කර ඇත්තේ, ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ ඉල්ලීමකට බවයි.

තවදුරටත් අපට දැනගන්නට ලැබුණේ මීට පෙර නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සැපයීම සඳහාද ඉහත පරිදිම ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීමක් මත යුද හමුදාව විසින් මොහු 2011 සිට 2014 දක්වා කාල පරිච්ඡේදයකදී සේවයට අනුයුක්ත කර ඇති බවත්, ඉන් පසුව වෙනත් හමුදා නිලධාරියකු නාමල් රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි.

මෙසේ ප්‍රභූ ආරක්ෂාව සඳහා හමුදාවේ ප්‍රවීණ නිලධාරීන් යොදා ගැනීම සාමාන්‍ය සිරිතක් බව අප සමඟ වැඩිදුරටත් පවසා සිටිමින් යුධහමුදා නිල මාධ්‍ය ඒකකය සඳහන් කළේ නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රභූ ආරක්ෂක අංශයේ කටයුතු කිරීමෙන් අනතුරුව, යුද හමුදාවේ වෙනත් කාර්යභාර මෙම නිලධාරියාට පැවරී තිබු බවයි. 

එබැවින් මෙකී නිලධාරියාගේ සේවා ස්ථාන අනුයුක්ත කිරීම් සම්පූර්ණයෙන්ම යුද හමුදාව මූලිකත්වයෙන් සිදු වී ඇති බවත් මෙබඳු දේශපාලනික වාසි තකා ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙන් යුධ හමුදාවේ කීර්ති නාමයට කැළලක් ඇතිවන බවත් තවදුරටත් පවසා සිටියා.

අවසාන නිගමනය

අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ “කාදිනල් යන්නේ රාජපක්ෂ අඩිපාරේ … කාදිනල්ට ආරක්ෂාව දෙන්නේ නාමල්ගේ ආරක්ෂකයා..”යනුවෙන් සඳහන් කර ඇති ප්‍රකාශය නොමග යවන සුළු බවයි.  මොහු යුද හමුදාවේ උසස් නිලධාරියෙක් වන අතර ආරක්ෂක අමාත්‍යාංශයයේ අවශ්‍යතාවය පරිදි නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියෙක් ලෙස වර්ෂ 2014 දක්වා ද පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව මේ දක්වාම ද කාදිනල් හිමිපාණන් ප්‍රභූ ආරක්ෂක වශයෙන්  කටයුතු කරයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:Fact-Check: නාමල් ළඟ අවුරුදු ගානක් හිටපු ආරක්ෂකයා දැන් ඉන්නේ කාදිනල් ළඟ?

Fact Check By: Sathyajith Subasinghe

Result: Mixture