
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු ජන රැළිය, පොදුජන පෙරමුණට සහය පළ කරන දේශපාලන පක්ෂවල නායකයින් සහ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගිය 9 වැනිදා අනුරාධපුර, සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
එදිනම රාත්‍රියේ “විනය ගරුක රට පොඩි මිනිහට සලකන හැටි… ඡන්දෙ දීලම බලපන්” යනුවෙන් සඳහන් වූ සටහනක් සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් පැතිරී තිබුණා. එම සටහනට අදාල ඡායාරූපයේ “ඕක අරන් ඔතනින් පලයං..ගෝඨා සර්ගේ වාහනේ ස්ටේජ් එක ළඟට යන්නේ මෙතැනින්..” කියමින් පිරිසක් මෙම ජංගම වෙළෙන්දාගේ කරත්ත තල්ලු කර දමා පාරෙන් ඉඩ දෙන ලෙස තර්ජනය කළ බව සටහන් කරමින් ප්‍රශ්න කර තිබුනේ “ගෝඨාභය රාජපක්ෂ මහත්තයෝ මේක ද ඔබ ගේන්න දඟලන විනයගරුක සමාජේ” යනුවෙනි

FB Link 1 | Archived Link | FB Link 2 | Archived Link |
බොහෝ දෙනා විසින් මෙම සටහන හුවමාරු කර ගෙන තුබූ අතර කිහිපදෙනෙකුම එය ව්‍යාජ එකක් බවත් වාර්තා කර තිබූණා. බැලූ බැල්මට ලංකාවේ වීථි වල ගැවසෙන ජංගම වෙළඳ සැලකට වඩා තරමක් වෙනස් බවක් හැඟුනු නිසාත් මේ පිළිබඳව කරුණු විමර්ශනයක් සිදු කිරීමට තීරණය කළෙමු.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
ඉහත ප්‍රකාශයට ෆේස්බුක් පරිශීලකයින් අදහස් ගණනාවක් ඉදිරිපත් කර තිබුණා. එහිදී එක් අයෙකු විසින් මෙහි මුල් රූපරාමුව යැයි හැඟෙන ඡායාරූපයක් සමඟ සටහනකුත් පළකර තිබුණා. සම්පූර්ණයෙන්ම දේශපාලන මඩ ප්‍රචාරයක් බව සඳහන් කරමින් “වෙලාවට වාහන වල නම්බර් ප්ලේට් පේන්නෙ නැත්තෙ. නැත්තං අනුරාධපුරේ තියෙන්නෙ මොන රටේද කියල අහුවෙනවා ??” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබුණේ මෙලෙසිනි.

Ishanka Facebook Link | Archived Link |
කෙසේ වෙතත් මෙම ඡායාරූපයට අදාල මුල් ඡායාරූපය සොයා ගැනීම සඳහා අප විසින් සරල google reverse image සෙවුමක් යොදාගත් අතර එහිදී ඉහත ඡායාරූපය Facebook, Instagram ආදී සමාජ ජාලාවල විශාල වශයෙන් මීට ඉහත අවස්ථාවන් හිදී යොදා ගෙන තිබෙන බව පෙනී ගියා.
Google Search Link |

මෙලෙසින් ලැබුණු එක් ඡායාරූපයක් 2018 වසරේ ඔක්තෝබර් මස 18 වැනිදා මෙක්සිකෝවේ ෆේස්බුක් පිටුවක් හරහා පළවී තිබුණු අතර එහි ස්පාඤ්ඤ භාෂාවෙන් සඳහන් කර තිබුනේ “Por si crees que tu dia fue malo” ලෙසයි. එහි සිංහල තේරුම වන්නේ “ ඔබේ දවස නරක යැයි සිතුවානම් මොහුට සිදුව ඇති දෙය බලන්න!” යන්නයි.
Peribán Al Momento Facebook Link | Archived Link |
මේ අනුව පෙනී යන්නේ එම මුල් ඡායාරූපය මීට වසරකට ඉහතදී මෙක්සිකෝවේ ෆේස්බුක් පිටුවක පළව තිබු අවාසනාවන්ත සිද්ධියක රූප රාමු පෙළකින් ලබාගත්තක් බවයි.
එසේම මෙම වාහන ගමන් කරනා දිශාව සහ කැමරා කෝණය අධ්‍යයනය කිරිමේදී පෙනී යන්නේද මෙය ලංකාවේ වීථියක ලබාගත හැකිව තිබු ඡායාරූපයක් නොවන බවයි. මෙය ලංකාවේ වීථියක ලබාගත්තේ නම් වාහන ගමන් කරනා දිශාවන් වෙනස් විය යුතු බවද පෙනී යයි.
එනම් ඡායාරූපය ලබාගෙන ඇත්තේ වාහන පදවීම දකුණින් (සුක්කානම වම් පැත්තේ) ඇති රටකදී බවද පෙනී යයි. මෙක්සිකෝවේ වාහන ගමන් කරන්නේ පාරේ දකුණු පසිනි. ලංකාව ඇතුළු බ්‍රිතාන්‍ය යටත් විජිත බොහොමයක වාහන ගමනාගමනය සිදුවන්නේ පාරේ වම් පසිනි, එනම් සුක්කානම ඇත්තේ වාහනයේ දකුණු පසිනි. මේ පිළිබඳව සිංහලෙන් පළව තිබු සටහනක් මෙලෙසිනි.
Left / Right hand drive explanation (Sinhala) | Archived Link |
අවසාන නිගමනය
මේ අනුව කරුණු විමර්ශනය කිරීමේ දී ඉහත “විනය ගරුක රට පොඩි මිනිහට සලකන හැටි… ඡන්දෙ දීලම බලපන්” යනුවෙන් සඳහන් කර ඇති ප්‍රකාශයට අදාළ ඡායාරූපය සම්පූර්ණයෙන්ම ව්‍යාජ බව පැහැදිලිය. මෙසේ වෙළඳසලකට පහර දුන්නාය පළවෙන පුවතට අදාල ඡායාරූපය 2018 වසරේ ඔක්තෝබර් මස මෙක්සිකෝවේ ෆෙස්බුක් පිටුවටක පළව තිබු සටහනකින් ලබාගත් ඡායාරූපයක් බව පැහැදිලි විය.

Title:ගෝඨාභයගේ ආධාරකරුවෙක් මෙම ජංගම වෙළෙන්දාගේ කරත්තය තල්ලු කර දමා පාරෙන් ඉඩ දෙන ලෙස තර්ජනය කළාද?
Fact Check By: Sahan PereraResult: False

Desha palana mada gasimak