ආර්ථික වර්ධන වේගය යනු කිසියම් වර්ෂයක රටක නිෂ්පාදිතය, ඊට පෙර වර්ෂයේ නිෂ්පාදිතයට සාපේක්‍ෂව කෙතරම් ප්‍රතිශතයකින් වර්ධනයවී තිබෙන්නේද යන්නයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණයත් සමගම ආර්ථික වර්ධන වේගය පිලිබඳ පුවත් සහ සටහන් (posts) විශාල ලෙස සමාජ මාධ්‍ය තුල හුවමාරු වේ.

එවැනි සමාජ මාධ්‍ය හරහා පලවන සටහනහි දක්නට ලැබුනේ " 2019 වසරේ ආර්ථික වර්ධන වේගය 1.6 ක් බවත්, පසුගිය වසර 20 තුල අඩුම වර්ධනය මෙය බවත්, දකුණු ආසියාවේ පහලම ආර්ථික වර්ධන වේගය සහිත රට ලංකාව" බවත්ය.

මෙරට ආර්ථික වර්ධන වේගය 1.6% දක්වා පසු බැස ඇති බව මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටි බව දක්වමින් පුවත්පත් ද වාර්තා කර තිබිණ.

ආර්ථික වර්ධනය 1.6% දක්වා පසු බැස ඇති බවට සමාජ මාධ්‍ය හරහා පලවන පුවතක් පහතින්.

Facebook LinkArchived Link

“ආර්ථික වර්ධන වේගය 1.6% වැටෙයි! පසුගිය විසි වසරක අඩුම වර්ධනය මෙයයි!” යනුවෙන්ද ලිපියක් පළවී තිබුනා

Facebook LinkArchived Link

තවත් එක් සටහනක යුග දෙකක ආර්ථික වර්ධන වේගයන් සංසන්දනාත්මකව පෙනිවා දී තිබුනේ මෙලෙසිනි.

Facebook LinkArchived Link

සමාජ මාධ්‍ය හරහා පලවන තවත් එක් සටහනක දක්නට ලැබුනේ 2014 වසරේ ආර්ථික වර්ධන වේගය 7.6 බවත් 2019 වසරේ ආර්ථික වර්ධන වේගය 2.7 වූ බවත්ය.

Facebook LinkArchived Link

“ආර්ථික වර්ධන වේගය දකුණු ආසියානු රටවල ලංකාව පහලටම....” යනුවෙන් තවත් මෙබඳු පළකිරීමක් දක්නට ලැබුණි.

Facebook LinkArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ සම්බන්ධව කරුණු සොයා බැලීමේදී අපට පැහැදිලි වුයේ ආර්ථික වර්ධන වේගය ශ්‍රී ලංකා මහා බැංකුව මගින් කාර්තු සහ වාර්ෂිකව ඉදිරිපත් කරන බවයි. ඊට අමතරව අනාගත කාලයන් සදහා පුරෝකථනයන් ද ඉදිරිපත් කරනු ලැබේ.

ආර්ථික වර්ධන වේගය සම්බන්දයෙන් යම් පුවතක් /සටහනක් පලකරන්නේනම්, එම වර්ධන වේගයට අදාල කාර්තුව හෝ වර්ෂය නිසි අයුරින් පලකර යුතු වේ. එමෙන්ම එය වාර්ශික ආර්ථික වර්ධන වේගයද නැතහොත් පුරෝකථනය කල ආර්ථික වර්ධන වේගයක් ද යන්න පලකල යුතු වේ. එසේ නොකරන්නේ නම් එකී සටහන / පුවත නොමඟ යවන සුළු වේ.

දිවයින පුවත්පත ආර්ථික වර්ධන වේගය සම්බන්දයෙන් පුවත නිසි පරිදි වාර්තා කර ඇති අතර, මව්බිම පුවත්පත එය නිසි පරිදි වාර්තා කර නොමැත. (Claim 1)

“මේ අනුව සියයට 2.5 ත් සියයට 3 ත් අතර ආර්ථික වර්ධනයක් මේ වසරේදී ලැබෙනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. පාස්කු ප‍්‍රහාරයට පෙර මුලින් අපේක්ෂා කළේ මේ වසරේ දී සියයට 4.0 ක ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇති බවයි. මේ වසරේ පළමු කාර්තුවේ වාර්තා කළ සියයට 3.7 ක ආර්ථික වර්ධනයට සාපේක්ෂව දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 1.6 ක් දක්වා පහත වැටී ඇත.” ලෙස දිවයින පුවත්පත අදාල කාලය සමග පැහැදිලිව වාර්තා කර ඇත.

Newspaper LinkArchived Link

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ආර්ථික වර්ධන වේගය වාර්ෂිකව (වම් පසින්) සහ කාර්තු වශයෙන් (දකුණු පසින්) ඉදිරිපත් කර ඇති අයුරු පහතින්.

CBSL LinkArchived Link

එයින් පෙනී යන්නේ 2001 වර්ෂයේදී ආර්ථික වර්ධන වේගය -1.5% ක අගයක් (වාර්ෂිකව) පෙන්නුම් කළ අතර 2014 වර්ෂයේ පළවෙනි කාර්තුවේ ආර්ථික වර්ධනය වේගය 1.3% වූ බවයි.

Lankadeepa LinkArchived Link

එබැවින් පසුගිය අවුරුදු 20 පුරාවටම අඩුම වර්ධන වේගය 1.6% ක් යනුවෙන් සඳහන් කිරීම නොමඟ යවන සුළු, සාවධ්‍ය ප්‍රකාශයකි. (Claim 2)

ශ්‍රී ලංකා මහා බැංකුව මගින් ආර්ථික වර්ධන වේගය වාර්ෂික වශයෙන් ඉදිරිපත් කර ඇති අයුරු පහතින්.

Year 200520062007200820092010201120122013201420152016201720182019
Annual GDP6.27.76.863.588.49.13.45.05.04.53.43.2*

*2019 වසර සදහා තවමත් මහ බැංකුව නිල වශයෙන් ආර්ථික වර්ධන වේගය ප්‍රකාශයට පත්කොට නොමැත. එය නිකුත් කරනු ලබන්නේ 2020 වසරේදීයි. තවද ඉහත දත්තයන් පරීක්ෂා කිරීමේදී පැහැදිලි වන්නේ 2005 සිට 2019 දක්වා කාලය තුළ ආර්ථික වර්ධන වේගය උච්චාවචනය වී ඇති බව පෙනෙයි.

කෙසේ නමුත් 2009 වසරේ යුද්ධ ජයග්‍රහණයත් සමඟ රට තුලට ගලා ආයෝජන වැඩි වීමත් සමගම වර්ධන වේගය 2010 සිට 2012 දක්වා අවුරුදු තුනක කාල පරිච්ඡේදයක ඉහළ අගයක් ගෙන ඇති බව පැහැදිලිය. නමුත් 2013 වසරේ සිට මේ වසර දක්වාම වාර්ෂික ආර්ථික වර්ධන වේගය 3% - 5% ත් අතර අගයක් ගෙන ඇති බව පෙනී යයි. එබැවින් 2005 සිට 2015 දක්වා ආර්ථික වේගය එක දිගටම වර්ධනය වී, ඉන්පසුව කාලය තුළ එක දිගටම වර්ධනය වේගය පහත වැටී ඇති බව පෙන්වමින් දක්වා ඇති සටහන් තරමක් නොමඟ යවන සුළු වන්නේ, 2013 වසරේ සිටම මෙම වර්ධන වේගයේ අඩපණ වීමක් විස්වන බැවිනි. (Claim 3)

Paper by Institute of Policy Studies SLArchived Link

තවද දකුණු ආසියාවේ ආර්ථික සංවර්ධන වේගය පහළම රට ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇතැයි යනුවෙන් සඳහන් කළ ඇති ප්‍රකාශයේ නිරවධ්‍යතාවය නිර්ණය කරගැනීම සඳහා අප විසින් ආසියානු සංවර්ධන බැංකුව මගින් අපේක්ෂිත වර්ධන වේගයන් දක්වමින් පළ කර ඇති සටහනක් අධ්‍යයනයට ලක් කළෙමු

ADB LinkArchived Link

මෙහි දක්වා ඇති අගයන් සමග පස්වැනි ප්‍රකාශයේ දක්වා ඇති අගයන් නොගැලපුනද ඉහත දත්තයන් අනුව දකුණු ආසියාවේ අඩුම අපේක්ෂිත ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවෙන් බව පෙනී යයි. ලෝක මූල්‍ය අරමුදල මඟින් ප්‍රකාශයට පත්කර ඇති 2019 වසර සඳහා එක් එක් රටවල ආර්ථික වර්ධන වේගය පිළිබඳ සටහනේද ශ්‍රී ලංකාවේ අපේක්ෂිත වර්ධන වේගය 2.7% ලෙස පෙන්වා දී තිබේ.

IMF Link

එසේ නමුත් වාර්ෂික වර්ධන වේගය නිල වශයෙන්ම නිර්ණය කළ හැක්කේ 2019 වසරෙන් පසුව බැවින් මෙම ප්‍රකාශයද නොමග යවන සුළු ය (Claim 4 & 5)

අවසාන නිගමනය

අපගේ විමර්ශනයෙන් පැහැදිලි ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පිළිබඳව සමාජ මාධ්‍ය තුල හුවමාරුවන සමහරක් පුවත් සහ සටහන් සාවධ්‍ය බවත් සමහර පුවත් හා සටහන්හි හෙඩිම (Headline) නොමගයන සුළු බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පිළිබඳව සමාජ මාධ්‍ය තුල හුවමාරුවන පුවත් සහ සටහන් නිවැරදි ද ?

Fact Check By: Sathyajith Subasinghe

Result: Mixture