සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිත්වය තුළින් මඟින් නව ඡන්ද පදනම වෙත පමණක් නොව සියලුම පරිශීලකයන්හට බලපෑමක් සිදුවන වන බව පසුගිය ජනාධිපතිවරණ ඡන්දයේදී මුල්වරට ඉස්මතු වී පෙනුණි. නොයෙකුත් සත්‍ය මෙන්ම අසත්‍ය ප්‍රවෘත්ති සඳහා ද සමාජ මාධ්‍ය ජාල යොදාගෙන ඇති අයුරු අපට පසුගිය මාස කිහිපය පුරාම දක්නට ලැබුණි.

මැතිවරණය පැවැත්වෙන දිනය සහ නිලවශයෙන් ප්‍රතිඵල ලැබෙන කාල පරිච්ඡේදය ඇතුළත පසුගිය මැතිවරණවලදී බොහෝ සෙයින් වැරදි පුවත් වාර්තා වූ බැවින් මෙවර එම කාලයේදී සමාජ මාධ්‍ය ජාලා කෙබඳු ආකාරයකට කටයුතු කරයිද පිළිබඳව බොහෝදෙනා විවිධාකාරයේ අදහස් පළකර තිබුණා

“සියලුම සමාජ ජාලා මාධ්‍ය මැතිවරණය පවත්වන තෙදින තුළ අවහිර කරන ලෙස මැතිවරණ කොමසාරිස් පවසා ඇත” යන මැයින් ATV SL MUSIC ෆේස්බුක් ගිණුමක සටහනක් ඉදිරිපත්ව කර තිබුණේ “Are you Ready Guys 😂😠” යනුවෙන් සමාජ මාධ්‍ය ජාල වාරණයක් සඳහා සුදානම්ද යනුවෙනි.

Facebook LinkArchived Link

මහින්ද දේශප්‍රිය මහතා අලලා සැකසුන සටහන් අතර තවත් එක්ක දහනක දක්වා තිබුණේ “ගෝඨාභය දිනුවත් ඔහුට දිවුරුම් දෙන්න බැහැ. ඔහු තවම පුරවැසිභාවය නිසි අයුරින් අයින් කරගෙන නැහැ. රටේ නීතිය අනුව ඉන්පසුව වැඩිම ඡන්ද ගත් පුද්ගලයාට ජනාධිපති ලෙස දිවුරුම් දෙන්න පුළුවන්. මැතිවරණ කොමිසමේ සභාපති ප්‍රකාශකරයි”යන තේමාව යටතේ සුරේන් ලක්ෂ්මන් නමැත්තෙකුද තම ෆේස්බුක් ගිණුමෙහි සටහනක් ඉදිරිපත් කර තිබුණි.

Facebook LinkArchived LinkFacebook Link 2Archived Link 2

මෙම ප්‍රකාශය පාදක කොටගෙන විවිධාකාරයේ පුවත් නිර්මාණය වී ඇති ආකාරය අපට පෙනී ගියා

FB Link 1Archived Link 1FB Link 2 Archived Link 2

මැතිවරණ කොමිසමේ සභාපති තුමා මෙවන් ප්‍රකාශයන් කරා යැයි සිතීම අපහසු බැවින් එම සටහන් පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනය කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

පසුගිය මැතිවරණ කිහිපයේදී මෙන්ම මෙවරද ජනාධිපතිවරණය ලංවෙත්ම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා බොහොමයක් පුවත් අතරට එකතු වී තිබෙනු දක්නට ලැබුණි. එතුමන් එක් අපේක්ෂකයෙකු වෙත ඡන්දය භාවිතා කරන ලෙස සිදුකරන ලද වැරදි ප්‍රකාශයක් මීට පෙර ලිපියක් මඟින් ද අප පළ කර තිබුණි.

ජනාධිපතිවරණ සමයේ දී වගකීමෙන් ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳව, සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීන් වෙත කිහිප අවස්ථාවකදීම, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කර සිටිනු අපට දක්නට ලැබුණා.

මේ පිළිබඳ කරුණු සොයා බැලීමේදී ඊයේ (13) දිනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සිදුකල ප්‍රකාශයක් උපුටා දක්වමින් නෙත් නිවුස් ප්‍රවෘත්ති අඩවිය මගින් ලිපියක පළකර තිබුණේ “සමාජ මාධ්‍ය ජාල තහනම් කරන මෙන් විවිධ පාර්ශව විසින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් සිදුකර ඇති බවත් මේ දක්වා එවැනි තීරණයක් ගෙන නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටිනවා.”

Neth News LinkArchived Link

මෙම මාධ්‍ය සාකච්ඡාවේ සමාජ ජාල වරණය පිළිබඳ කෙරෙන විමසීමකට මහින්ද දේශප්‍රිය මහතා ලබා දෙන පිළිතුර ඇතුළත් වීඩියෝ දර්ශන පහතින්..

https://youtu.be/j-2-c3IT21s?t=42

Ada Derana Video Link

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් බොහෝ පිරිස් විසින් පසුගිය දිනවලදී පෙන්නුම් කර තිබූ බැවින් “ගෝඨාභය දිනුවත් ඔහුට දිවුරුම් දෙන්න බැහැ. ඔහු තවම පුරවැසිභාවය නිසි අයුරින් අයින් කරගෙන නැහැ” යනාදී වශයෙන් පළවන සටහන් කිහිපයක්ම අපට දැකගන්නට ලැබුණා. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටස්ද යොදාගනිමින් පෙන්වා දී තිබූ මෙම සටහන් ඉහත ප්‍රකාශයට ද මුල් වන්නට ඇතැයි සිතිය හැක.

මහින්ද දේශප්‍රිය ඊයේ දිනයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කිසියම් හෝ ජනාධිපති අපේක්ෂකයෙකුට ප්‍රශ්නයක් තිබුණේ නම් නාමයෝජනා බාරදෙන අවස්ථාවේදී එය ඉදිරිපත් කළ හැකිව තිබූ අතර කිසිවෙකුත් එවැන්නක් ඉදිරිපත් කළේද නැති අතර නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම සඳහා පනතෙන් ලබාදී ඇති වගන්ති පිළිබඳ ව පමණක් තමන් උනන්දු වන බවයි.

https://youtu.be/NVftCLX5VGA?t=477

කෙසේ වෙතත් “ගෝඨාභය දිනුවත් ඔහුට දිවුරුම් දෙන්න බැහැ. ඔහු තවම පුරවැසිභාවය නිසි අයුරින් අයින් කරගෙන නැහැ...” යනුවෙන් මැතිවරණය ජයග්‍රහණය කළද දිවුරුම් දීම ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු කළ හැකිද යන්න පිළිබඳව මහින්ද දේශප්‍රිය මහතා කිසියම් ප්‍රකාශයක් නිකුත් කළේ ද යන්න පිළිබඳව නිල වශයෙන් තොරතුරු ලබාගැනීම සඳහා අප මැතිවරණ කාර්යාලයෙන් සිදුකළ විමසීමකදී පවසා සිටියේ එබඳු ප්‍රකාශ සම්බන්ධයෙන් පැමිණිලි කීපයක්ම ලැබී ඇති අතර සභාපතිවරයා හෝ කොමිසම විසින් කිසිවිටෙකත් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

ඉහත මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රකාශය යැයි පළවූ සාවද්‍ය ප්‍රකාශයම යොදාගනිමින් වාසුදේව නානායක්කාර මහතා ද ගෝඨාභය රාජපක්ෂ හැරදමා යන බවට පුවතක් බොහෝ දෙනා අතර හුවමාරු වනු දක්නට ලැබුණා. ප්‍රකාශය සම්බන්ධයෙන් අප වාසුදේව නානායක්කාර මහතා සමග දුරකථනයෙන් සම්බන්ධ වූ අතර ඔහු පවසා සිටියේ සම්පූර්ණයෙන්ම සාවද්‍ය පුවතක් බවත් ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කර ඇති බවත්ය

අවසාන නිගමනය

මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අලලා සිදුවී ඇති ඉහත ප්‍රකාශ සියල්ලක් ම සාවද්‍ය බවයි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අලලා සිදු වූ සාවද්‍ය ප්‍රකාශ

Fact Check By: Sahan Perera

Result: False