මේ දිනවල පවතින වර්ෂාව සමග දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි නාය යෑම් ඇතිවි තිබේ. ප්‍රදේශ කිහිපයක්ම සදහා නාය යෑම් අනතුරු නිවේදනද නිකුත්කර තිබේ. පස්සර ප්‍රදේශයේ සිදුවූ නාය යාමකින් පසුව  නිධානයක් පහල වූ බව නිවේදනය කරමින්, සිද්ධියට අදාළ ඡයරුප පෙළක් මේ දිනවල සමාජ ජාල හරහා විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතියි.

"පස්සර නාය යෑමේදී මතු වූ මේ මොනවාද?? පස්සරින් මතු වූ නිධානය. වැඩි විස්තර සදහා බලාපොරොත්තු වෙන් සිටින්න😁😋” යනුවෙන් පළවී තිබු එබඳු සටහනක් පහතින්.

Facebook LinkArchived Link

මෙවැනි සටහන් රාශියක් බොහෝ පිරිස් අතර හුවමාරු වී තිබෙනු අපට දක්නට ලැබුණු අතර බොහොමයක් දෙනා විසින් මේවා ව්‍යාජ සටහන් ලෙස සඳහන් කර තිබූ බැවින් ඒ පිළිබද වැඩිදුර විමර්ශනයක් සිදු කළෙමු

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

තොරතුරු සෙවීම සදහා අපි මුලින්ම ගූගල් නිව්ස් (Google News) යොදාගනු ලැබුවා. එහිදී අපට පැහැදිලිවුයේ පස්සර ප්‍රදේශයේදී නාය යාමක් සිදුව ඇති බව පෙනී ගියද නිධානයක් හෝ එවැනි කිසිවක් පිලිබඳ වාර්තාවක් සටහන්ව තිබුනේ නැති බවයි.

Google Search Link

Google Reverse Image Search මඟින් මෙම ඡයාරුප සෙවීමකට ලක් කළෙමු. එහිදී අපට දැකගන්නට ලැබුණේ ඡායාරූප පෙළේ පළමු ඡායාරූපය ඇත්ත වශයෙන්ම පසුගියදා පස්සර ප්‍රදේශයේ සිදුවූ නාය යෑම සම්බන්ධයෙන් වාර්තා වී තිබූ ඡායාරූපයක් බවයි.

Reverse Image Search Link

හිරු ප්‍රවෘත්ති සේවය මගින් එම නාය යෑමට අදාල ප්‍රවෘත්තිය වාර්තා කර තිබුනේ මෙලෙසිනි.

https://youtu.be/raEdZNCMWA8?t=6

නමුත් අනෙකුත් ඡායාරූප සියල්ලක්ම පාහේ මීට පෙර අන්තර්ජාලයේ විවිධ අවස්ථාවන් වල දී වාර්තා වී තිබු ඡායාරූප පෙලක් බව Google Reverse Image සෙවුම් මඟින් අපට පැහැදිලි විය.

Reverse Image Search Link

Reverse Image Search Link

Reverse Image Search Link

ඉතිරි ඡායාරූප ද මෙලෙස google reverse image මගින් පරීක්ෂා කිරීමේ දී ලොව විවිධ ප්‍රදේශවල සිදු කරන ලද කැණීම් වලට සම්බන්ධ ඡායාරූප බව පැහැදිලි විය.

තවද අප විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජේෂ්ඨ නිලධාරියෙකු සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ අතර එහිදී එතුමා ද පවසා සිටියේ එබඳු ආකාරයේ සොයාගැනීමක් පිලිබඳ කිසිදු වාර්තාවක් සිදුවී නැති බවයි.

අවසාන නිගමනය

මේ අනුව අපට පෙනී යන්නේ බදුල්ල පස්සර ප්‍රදේශයේ සිදුවු නායයාමකදී ලැබුණු නිධානයක් යනුවෙන් සිදු කර ඇති ප්‍රකාශ සියල්ලක්ම සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:Fact Check : පස්සර නාය යෑමේදී මතු වූ නිධානය ?

Fact Check By: Sahan Perera

Result: False