
පුරා මාස ගණනක් ඔස්ට්‍රේලියාවේ පුරා පැතිර යන ලැව්ගිනි නිසා, එරටට මහත් ආර්ථික සහ පාරිසරික හානියක් සිදු වී ඇත. එබැවින් මුළු ලෝකයේම අවධානය ඔස්ට්‍රේලියාව දෙසට යොමු වී පවතී. විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ජාලා තුල මේ පිළිබඳව පුවත් රාශියක් පළ විය.
සත්ව ජීවිතයන්ට තද බලපෑමක් ඇති කරමින් විශාල පරිසර හානියක් සිදුවන බවට ඡායාරූප ඇතුළත් සටහන් රැසක් පළ වීම ඇරඹි තිබිණි. තවද ගිනිදැල් නොතකා සතුන් බේරා ගැනීමට ඕස්ට්‍රේලියානු ජාතිකයන් ඉදිරිපත් වී තිබෙන විඩියෝ පට කිහිපයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි.
මෙම පසුබිමෙහි සුදත් ජයසුරිය නමැත්තෙකුගේ ෆේස්බුක් පිටුවෙහි “මිහිපිට කිසිම ජීවියෙකුට මෙවන් දේයක් නොවෙවා… දේවියනේ.. ඕස්ට්‍රේලියා වද..? මේ…” යන තේමාව යටතේ ඡායාරූප රැසක් සමඟ සටහනක් ඉදිරිපත් ව තිබුණේ ය. පිළිස්සී මියගිය සතුන් මෙන්ම ගින්නෙන් බේරීමට දුවන සතුන්ගේ ඡායාරූප මෙහි අන්තර්ගතව තිබුණි.
Facebook Link | Archived Link |

පහත දැක්වෙන්නේ තවත් එවැනිම ඡායාරූප පෙළක් සහිත සටහනකි.
Facebook Link | Archived Link |

Traveler ෆේස්බුක් පිටුවක “ඕස්ට්‍රේලියාවට වැස්ස ලැබුනු වාසනාවන්ත මොහොත” යන තේමාව යටතේ වැසි අවස්ථාවක උඩ පනින කැන්ගරු යුවලකගේ ඡායාරූපය සහිත සටහනක්ද ඉදිරිපත්ව තිබෙනු නිරීක්ෂණය විය. ප්‍රතිචාර රැසක් සමගින් මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර හුවමාරු වෙමින් තිබිණි.
Facebook Link | Archived Link |

“ඕස්ට්‍ර්ලියාවේ මේ වනවිට තත්වය මේ චායරුපය දැක්කම අපට තේරුම් ගන්න පුලුවන්’යනුවෙන් පළවූ කැන්ගරුවන් දෙදෙනෙකු වැළඳ ගෙන සිටිනා දසුනක් සහිත තවත් සටහනක් මෙලෙසිනි.
Facebook Link | Archived Link |

මෙම ඡායාරූප අතුරින් සමහරක් දසුන්මෙවර ලැව් ගිනි ආශ්‍රිතවම ලබාගත් දසුන්ද යන්න සැක සහිත බැවින් මේ පිළිබද කරුණු විමර්ෂණයක් සිදුකිරීමට අදහස් කළෙමු.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
ප්‍රථමයෙන් Traveler ඡායාරූපය සහිත සටහන වෙත අපගේ අවධානය යොමු කළෙමු. අප මව් ආයතනය Fact Crescendo India මෙම රූපරාමුව සහිත මලයාලි භාෂාවෙන්වු කරුණු විමර්ශනය කර තිබුණේය.
ගුගල් (Google Reverse Image Search) මගින් එම ඡයාරුපය පරික්ෂාවකට ලක් කරන ලදී. එවිට ඒහා සමාන තවත් ඡයාරුප වසර 2014 දී පළකර ඇති බව පැහැදිලිවිය.

South Australian Museum විසින් වාර්ෂිකව පවත්වන ANZANG Nature Photographer of the Year ඡායාරූප තරඟය 2014 වර්ෂයේ ඒක වර්ණ (සුදු/ කළු) අංශයේ ජයග්‍රහණය හිමිව තිබුණේ, Praise to the rain තේමාව යටතේ Charles H Davis ඡායාරූප ශිල්පියා විසින් ඡායාරූපගත කරන ලද මෙම සේයාරුවටය.
මෙම කරුණු විමර්ශණයෙන් අනාවරණය වූයේ Traveler ෆේස්බුක් පිටුවේවූ ඡායාරූපය මෑතකදී ගත් ඡායාරූපයක් නොව 2014 වර්ෂයේදී ගත් ඡායාරූපයක් බවයි.
Link1 | Link2 |
Archived Link1 | Archived Link2 |

අනතුරු අනතුරුව සුදත් ජයසූරියගේ ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර තිබූ සටහනේ අන්තර්ගත ඡායාරූප සියල්ලම Google Reverse Image සෙවීමකට භාජනය කළෙමු.
ඡායාරූප අංක 1

ඡායාරූප අංක 2

ඡායාරූප අංක 3

ඉහත පෙන්වා ඇති ඡායාරූපයන් Google Reverse Image සෙවීමකට භාජනය කළ පසු ලැබුණු ප්‍රතිඵල පහත දැක්වේ.
ඡායාරූප අංක 1

ඡායාරූප අංක 2

ඡායාරූප අංක 3

Archived Link1 | Archived Link2 | Archived Link3 |
ඡායාරූප අංක 1 සහ 2 හි දක්වන්නේ 2016 වර්ෂයේ ජූනි මස ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝර්නියා ප්‍රාන්තයේ හටගත් ගින්නක් හමුවේ පළා යෑමට තැත් කරන එමූ පක්ෂියෙකි. අංක 3 ඡායාරූපයෙන් දැක්වෙන්නේ ද කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගත් ගින්නකින් ගොවිබිමක සිටි අශ්වයන් ඉවත් කර ගන්නා ආකාරයයි
මේ අනුව අපට අනාවරණය වූයේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ 2016 වර්ෂයේ හටගත් ගින්නකදි ලබාගත් ඡායාරූප බවයි.
සුදත් ජයසූරියගේ ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර තිබූ සටහනේ අන්තර්ගත අනෙක් ඡායාරූප කිහිපයද Google Reverse Image සෙවීමකට භාජනය කළෙමු.
ඡායාරූප අංක 4

ඡායාරූප අංක 5

ඡායාරූප අංක 6

Google reverse image සෙවීමේදී ඉහත සඳහන් ඡායාරූප සඳහා ලැබුණු ප්‍රතිඵල පහත දැක්වේ.
ඡායාරූප අංක 4

ඡායාරූප අංක 5

ඡායාරූප අංක 6

Archived Link1 | Archived Link2 | Archived Link3 |
ඡායාරූප අංක 4 සහ 6 වර්ෂ 2013 ජනවාරි මාසයේදී ඔස්ට්‍රේලියාවේ හටගත් ලැව්ගින්නක් නිසා සත්ත්ව ගොවිපොළට වූ හානිය දක්වන ඡායාරූප බව එම පරීක්ෂණයෙන් තහවුරු විය. ඡායාරූප අංක 5, 2014 වර්ෂයේ ජනවාරි මාසයේ දී ඔස්ට්‍රේලියාවේ හටගත් ලැව්ගින්නක් නිසා සත්ත්ව ගොවිපොළට වූ හානිය දක්වන ඡායාරූපයක් බව සනාථ විය. මෙම ඡායාරූපයන්ද වර්තමාන ලැව් ගින්නට අදාළ නොවන ඡායාරූප බව තහවුරු විය.
Google reverse image සෙවීමේදී ඉතිරි ඡායාරූප දෙක සඳහා ලද ප්‍රතිඵල පහත දැක්වේ.
ජායාරූප අංක 7

Google Reserves Results

ජායාරූප අංක 8

Google Reserves Results

මෙම ඡායාරූපයන් දෙකම වර්තමාන ලැව්ගිනි තත්ත්වය අලලා ගත් ඡායාරූප බවට සනාථ විය. එය තහවුරු කරගැනීම සඳහා අප තවත් වාර්තා අධ්‍යනය කළෙමු.

Instagram Link (Original Photo)

එසේම ඉහත එක සටහනක් කොටියකු ගිනිගන්නා දසුනද අප මව් ආයතනය ඇතුළු ලොව පුරා විමර්ශන කණ්ඩායම් කිහිපයක්ම මඟින් සිදුකරන ලද අතර එක ඉන්දුනීසියාවේ 2012 වසරේ ලබාගත් ඡායාරූපයක් බව පැහැදිලි විය.

කැන්ගරුවන් දෙදෙනා වැළඳගෙන සිටිනා දසුන ඇතුලත් සටහනද 2009 වසරේ ඕස්ට්‍ර්ලියාවේ ලැව්ගිනි ආශ්‍රිතව ලබාගන්නා ලද ඡායාරූපයක් බව පැහැදිලි විය

අවසාන නිගමනය
අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ වත්මන් ලැව්ගිනි නිසා ඕස්ට්‍රේලියාවට සිදුවී ඇති පාරසරික සහ සත්ත්ව විනාශය දක්වන ඡායාරූප ලෙස පළකර ඇති සටහන් රැසක් සඳහා පැරණි ඡායාරූප පෙළක් යොදාගෙන සිදුකරන ලද නොමඟ යවන සුළු සටහන් බවයි.

Title:ලැව්ගිනි නිසා ඕස්ට්‍රේලියාවට සිදුවී ඇති පාරසරික විනාශය දක්වන ඡායාරූප, සැබෑ ලෙසම මෙවර ඕස්ට්‍රේලියානු ලැව්ගිනි ආශ්‍රිතව ලබාගත් ඡායාරූප ද ?
Fact Check By: Sahan PereraResult: Partly False

Speechless 😭😭😭😭😭😭