ලොව විවිධ ජාතීන් නොයෙකුත් සත්වයනගේ මාංස අනුභව කරති. ගව,එළු, බැටළු, පක්ෂි වර්ග මෙන්ම මීයන්, කඳ පණුවන්, සර්පයන් මෙන්ම සුනඛයින් පවා මෙම කාණ්ඩයන්ට අයත් වේ. එක් ජන කොට්ඨාශයකගේ ප්‍රියතම මාංශය, තව ජන කොට්ඨාශයකට ඉතා පිළිකුල්වේ. බටහිර ආසියාතික රටවල් වල ජන කොට්ඨාසයන් බොහෝවිට අනෙකුත් ජන කොට්ඨාසයන්ට පිළිකුල් වන උරගයන් සහ කෘමීන් ආහාරයට ගන්නා බව මතයක් පවතී
සංවර්ධනයේ හිණි පෙත්තටම නැඟි ආසියාතික රටක් ලෙස ජපානය සලකනු ලැබේ. දෙවන ලෝක මහා යුද සමයේ ජපන් සොල්දාදුවන් යම් කෲරත්වය දැක්වූවද, ජපන් ජාතිකයන් ඉතා නිහතමානි, සුහදශීලී, මිත්‍රශීලී ජන කොට්ඨාශයක් ලෙස විශ්වාසයක් පවතියි. ජපන් ජාතිකයන් ගේ ප්‍රියතම ආහාරයක් වනුයේ මත්ස්‍යයන්ය. බටහිර ආසියාතික රටවල් දෙකක් වන චීනය මෙන්ම දකුණු කොරියාවද සූකර මාංශ ප්‍රියතම ආහාරයක් ලෙස සලකනු ලැබේ
පසුගිය දිනක Likee Sri Lanka නැමැති ෆේස්බුක් පිටුවක “අපි අපේ රට ගැන නිහතමානීව ආඩම්බර වෙන්න ඕනි බන්.චීනය, ජපානය, දකුණු කොරියාව වගේ රටවල් වල මිනී මස් වලටත් හොද මාකට් එකක් තියෙනවාලු.” කෙටි කථාංශය සහිතව මිනිස් අවයව සහිත මාංශ ප්‍රදර්ශණ කුටි මෙන්ම පිසු මාංශ දක්වන ජායාරූපයන් රැසක් සමඟ සටහනක් ඉදිරිපත් කර තිබුණි.

Link | Archived Link |
ප්‍රතිචාර සටහන් විශාල සංඛ්‍යාවක් සමඟ මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර හුවමාරු වීම ආරම්භ කර තිබුණේය. ප්‍රතිචාර දක්වන්නන් මෙම සටහනට බලවත් විරෝධය පලකර තිබූ අතර මෙම සටහන අසත්‍ය සටහනක් ලෙස වාර්තා කරන ලෙස ද අයැද තිබුණි. එම තේමාව යටතේම “මිනීමස් කනව දැකල නෑ නේද? ජපානයේ ටෝකියෝ නගරයේ පිහිටි මිනීමස් ආපන ශාලාව” යනුවෙන් ෆේස්බුක් හරහා පළමු සටහනක් පහතින්.

FB Post | Archived Link |
මිනිස් මාංශ අනුභව කිරීම සහ මෙලෙසින් අලෙවි කිරීම විශ්වාස කළ නොහැකි නිසා මෙම සටහන් පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.
Fact Check (සත්‍යය කරුණු විමර්ශනය)
මෙම සටහනේ වූ ඡායාරූපයන් සියල්ල ඉතා සරල Yandex reverse image සෙවීමකට යොමු කළෙමු. ප්‍රථමයෙන්ම පොලිතින් දැවටුමක වු මාංශය දක්වන රූප රාමුව එම පරීක්ෂණයට යොමු කළෙමු. එම සේයා රුව සහිත වාර්තා රැසක්ම නිරීක්ෂණය විය.
සෑම වාර්තාවකින් ම පැවසූයේ සත්ව අයිතීන් සුරැකීමට කැපවූ ක්‍රියාකාරී සංවිධානයක් වන “AnimaNaturalis” විසින් 2016 වසරේ මැයි 22 වැනිදා ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකට අවධානය දිනා ගැනීම පිණිස “carne humana,” හෙවත් මිනිස් මාංශ යනුවෙන් ලේබලයක් සහිතව නිර්මාණයක් ඉදිරිපත් කර තිබුණ බවයි.

Link | Archived Link |
අනතුරුව අප එහි වූ ඉතිරි ඡායාරූපද වෙන වෙනම පරීක්ෂාවට ලක් කෙළෙමු.

Resident Evil නැමැති වීඩියෝ ක්‍රීඩා මාලාවේ Resident Evil 6 ලොවට හඳුන්වා දීම සඳහා The Dots නමැති නිර්මාණශීලී සමුහයේ නිර්මාණ අධ්‍යක්ෂක Emma Thomas විසින් නිර්මාණය කරන ලද The Human Butchery Shop නමැති ප්‍රචාරන ව්‍යාපාරය සඳහා නිර්මාණය කළ අන්දම සහ එහි අරමුණ එම වාර්තාවේ සදහන් කර තිබුණි.

මෙය අළලා වු වීඩියෝ පටයක් පහතින්.
අනෙකුත් ඡායාරූපද reverse image සෙවුමට ලක් කිරීමේදී අපට බොහෝ අවස්ථාවල දී සත්ව ඝාතනයට සහ ඔවුන්ගේ මස් අනුභව කිරීමට එරෙහිව කටයුතු කරන සංවිධාන මගින් විවිධ රටවල පවත්වන ලද විරෝධතා ව්‍යාපාරවලදී ඔවුන්ගේ පණිවුඩය ජනතාව වෙත වඩාත් තීව්‍ර ලෙස ගෙන යෑම සඳහා පහත සඳහන් පරිදි නිරූපණ යොදාගෙන තිබෙන බව අපට දැකගන්නට ලැබුණා
Link | Archived Link |

මෙම සටහනේ තැබූ තවත් ඡායාරූපයක් පරීක්ෂා කිරීමේ දී අපට පෙනී ගියේ එය බල්ගේරියාවේ තිබූ සත්ව මාංශ අනුභවයට එරෙහිව සිදු කරන ලද විරෝධතා ව්‍යාපාරයක දී ලබාගන්නා ලද ඡායාරූපයක් බවයි.
එසේම ඉහත Likee Sri Lanka ෆෙස්බුක් පිටුව මගින් පළ කර ඇති සටහනේ තවත් ඡායාරූප කීපයක් මීට පෙර ආන්දෝලනාත්මක ලෙස ජපානයේ අවන්හල්වලින් මිනිස් මස් පිළියෙල කොට ආහාර වේලක් ලෙස ලබාදුන් බවට පුවත් පළ වී තිබෙනු දැකගන්නට ලැබුණා.

නමුත් මෙම පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මීට පෙර ගවේෂණ කණ්ඩායම් කීපයක් මඟින් ම පෙන්වා දී තිබුණේ ද පහත අයුරිනි
India Today Fact Check | Snopes Fact Check | AFP Fact Check

ඉහත ඡායාරූප පෙළ අතර තවත් එක් ඡායාරූපයක බැලු බැල්මටම මිනිස් කකුලක කොටසකට සමාන ඡායාරූපයක් සහිත පළ කිරීමක් දක්නට ලැබුණි. එම ඡායාරූපය ද පරික්ෂා කිරීමේදී අපට දැනගන්නට ලැබුණේ මෙය ඉතාලියේ පවත්වාගෙන යන ලද චීන අවන්හලක වේටර් වරයකු විසින් චීන ජාතිකයින් ප්‍රිය කරන ආහාර වේලක් වන වලසකුගේ පාදයේ යටි පතුලේ පිළියෙළ කිරීමට පෙර ලබාගත් ඡායාරූපයක් ලෙසයි. එසේ වෙතත් ඒ පිළිබඳ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමේ දී එම අවන්හලේ වෙනත් වලසෙකුගේ පාද කොටස් හමු වී නැති බවද වාර්තා වී තිබුණද ඇත්ත වශයෙන්ම වලසාගෙ පාදයේ යටි කොටස චීනයේ අවන්හල් වල දී පිළියෙල කෙරෙන ආහාර වේලක් බවද කරුණු විමර්ශනය කිරීම අපට දැකගන්නට ලැබුණා.

Mirror.co.uk Link | FB Post |
එසේම චීනය විසින් වෙනත් රටවලට විශේෂයෙන් ම අප්‍රිකානු රටවලට මිනිස් මස් අපනයනය කොට ඇති බවටද විවිධ ඡායාරූප යොදාගනිමින් වාර්තා පළ වී තිබුණ ද චීන රජය විසින් එම වාර්තා සියල්ලක් ම ප්‍රතික්ෂේප කර ඇති බවද අපට දැකගන්නට ලැබුණා
එම ඉහත දෙවන සටහන පරීක්ෂාකිරීමේදී ද ඇති ඡායාරූප සියල්ලක්ම වාගේ ඉහත සඳහන් අවස්ථාවලදී සහ විශේෂයෙන් ම මුලින් සඳහන් කරන ලද Resident Evil 6 ප්‍රචාරණ කටයුතු සඳහා නිර්මාණය කරන ලද ” The Human Butchery Shop” ආශ්‍රිතව ලබාගෙන ඇති බව පැහැදිලි වුණි .
Conclusion (අවසාන නිගමනය)
අපගේ කරුණු විමර්ශනයෙන් තහවුරු වුයේ “අපි අපේ රට ගැන නිහතමානීව ආඩම්බර වෙන්න ඕනි බන්.චීනය, ජපානය, දකුණු කොරියාව වගේ රටවල් වල මිනී මස් වලටත් හොද මාකට් එකක් තියෙනවාලු.” යනුවෙන් පළ කර ඇති ෆේස්බුක් සටහන සහ ඊට සමාන අනෙකුත් පළකිරීම් නොමග යවන සුළු සාවද්‍ය ප්‍රකාශ බවයි. ඉහත ඡායාරූප පරීක්ෂා කිරීමේදී අපට පෙනී ගියේ ලෝකයේ විවිධ රටවල් විසින් සත්ව ඝාතනයට එරෙහිව සිදුකරන ලද විරෝධතා ව්‍යාපාර වලදී ලබාගත් ඡායාරූප සහ Resident Evil 6 ලොවට හඳුන්වා දීම සඳහා නිර්මාණය කරන ලද The Human Butchery Shop නමැති ප්‍රචාරන ව්‍යාපාරය සඳහා යොදාගෙන තිබුණු මිනිස් අවයව කොටස් වලට සමාන නිර්මාණ යොදා ගනිමින් මෙම නොමඟ යවන සුළු ප්‍රකාශ සිදු කොට ඇති බවයි
.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Title:Fact Check :බටහිර ආසියාතික රටවල් අතර මිනිස් මාංස සඳහා ඉහළ ඉල්ලුමක් තිබේ ද?
Fact Check By: Sahan PereraResult: False
