ජනාධිපතිතුමා කාර්යාලය විසින් විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දත්ත ඉල්ලීමක් කර නැත

Coronavirus False Social

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යත්ම බස්නාහිර පළාත දැඩි අවධානම් කලාපයක් වශයෙන් නම් කොට යළි දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ මහ ජනතාවගේ දෛනික අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂ කාර්ය සාධක බලකාය පිහිටුවා ආහාර, බෙහෙත් යනාදී අත්‍යවශ්‍ය පහසුකම් සැලසීමට පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් දැනුම් දෙන ලදී.

මෙවන් පසුබිමක් යටතේ විදෙස්ගතව සිටින සේවකයින් සඳහාද ජනාධිපතිතුමා විසින් සහන රැසක් ලබාදීමට තීරණය කර ඇතැයි යන අරුත් ගන්වමින් සටහනක් හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි

Dubai Kolla – ඩුබායි කොල්ලා, පිටරට අපි – Pitarata Api යන ෆේස්බුක් පිටුවල “විදේශගත අපි වෙනුවෙන් ජනාධිපතිතුමා ගත්ත වැදගත් තීරණයක් 🙏 ලංකාවේ අයට විතරක් නෙමේ රටවිරු අපටත් සහන දෙන්න පටන් අරගෙන, රට මිතුරන් දැනුවත් කරන්න Share කරන්න. ☑️” යනුවෙන් හුවමාරු වී තිබු එම සටහන මෙසේය.

LinkArchived LinkLink 2Archived 2

ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා ඇතුළු රජය විසින් මෙවැනි තීරණයක් ගෙන ඇත්ද යන්න කිහිප දෙනෙකුම ප්‍රශ්න කර තිබු අතර මෙම සටහන සැලකිය යුතු පිරිසක් අතර හුවමාරු වීමට පටන් ගෙන තිබූ බැවින් මේ පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමට අදහස් කළෙමු

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම

එම මුල් සටහන මත ක්ලික් කිරීමෙ දී ගූගල් පෝරමයක් වෙත සම්බන්ධ කර තිබූ මෙසේ දැකගන්නට හැකිවිය.

කොරෝනා වයිරසය නිසා නොයෙකුත් අපහසුතාවයට පත් වී ඇති විදේශගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් දියත් කිරීමට නියමිත සහන සේවා වෙනුවෙන් ඔබේ තොරතුරු ලබා දෙන්න, යනුවෙන් සඳහන් වී තිබූ එහි ඊළඟ පියවරට යෑමේ දී පුද්ගල දත්ත එකතු කිරීමේ පෝරමයක් වෙත යොමු වන අයුරු අපට මෙසේ දැක ගන්නට හැකි විය

Link | Archived 

නම, පදිංචි ලිපිනය, දුරකථන අංකය, ගුවන් ගමන් බලපත්‍ර අංකය ඇතුළු පෞද්ගලික විස්තර රැසක් මෙහිදී ඇතුළත් කිරීමට අතර මෙබඳු කිසිදු නිල දැන්වීමක් ප්‍රධාන ධාරාවේ මාධ්‍යය ඔස්සේ පළ වී නොතිබූ අතර ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන නිල වෙබ් අඩවියේ ද මේ පිළිබඳ කිසිදු සඳහනක් දක්නට ලැබුණේ නැත.

මේ පිළිබඳ කරුණු විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය ඒකකය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වීමු. එහිදී පවසා සිටියේ එබඳු කිසිදු තොරතුරක් ලබා ගැනීමක් පිළිබඳ නිවේදනයක් හෝ ගූගල් පෝරමයක් ජනාධිපති මාධ්‍ය ඒකකය හරහා නිකුත් කර නැති බවයි. දැනට විදේශගත ශ්‍රමිකයන් පිළිබඳ විස්තර විදේශ සබඳතා අමාත්‍යාංශය හරහා ලබාගත හැකි බවද අපට දැනගන්නට ලැබුණා.

කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන සමග ද දුරකථනයෙන් සම්බන්ධ වීමේදී අපට දැනගන්නට ලැබුණේ විදෙස් ගත ශ්‍රමිකයන් පිළිබඳව එබඳු කිසිදු තීරණයක් ලබා ගෙන නැති බවයි

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ විමර්ශනයන් පැහැදිලි වන්නේ “විදේශගත අපි වෙනුවෙන් ජනාධිපතිතුමා ගත්ත වැදගත් තීරණයක්”යන මාතෘකාව යටතේ ගූගල් පෝරමයක් හරහා විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දත්ත ලබා ගැනීම සඳහා සකස් වූ සටහන සම්පූර්ණයෙන්ම සාවද්‍ය හා නීති විරෝධී සටහනක් බවයි

Avatar

Title:ජනාධිපතිතුමා කාර්යාලය විසින් විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දත්ත ඉල්ලීමක් කර නැත

Fact Check By: Sahan Perera 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *