
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය මැඩලීමේ ජාතික ක්‍රියාන්විතය මුල් කරගත් රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයද වෛරසය ව්‍යාප්ත වීම අවම කිරීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින සිටින අවධියක මීට වඩා වගකීමකින් ජනතාව හැසිරිය යුතුබව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙන්ම නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද සහ කිහිපවිටකම අවධාරණය කර සිටින දර්ශන පසුගිය සතියේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ සුලභ දසුනක් විය. එම ප්‍රකාශ වලට මුල් වුයේ ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවලදී නිවෙස් තුළ රැඳී සිටීමට ලබාදී ඇති උපදෙස් පිලිනොපදිමින් ඇතැම් පිරිස් හැසිරීම හේතුවෙනි.
එවන් පසුබිමක ද බස්නාහිර පළාතම දැඩි අවදානම් කලාපයක් ලෙස නම්කර තිබියදීද පසුගියදා බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශවලින් ඇඳිරි නීති තත්ත්වය නොතකා විවිධ පුද්ගලයින් ක්‍රියාකාරකම්වල යෙදෙනු දක්නට ලැබීම හේතුවෙනි. එවන් එක් සිද්ධියක් ලෙස බේරුවල ප්‍රදේශයේ මුස්ලිම් බැතිමතුන් විශාල පිරිසක් මාර්ගයක ගමන් කරන දර්ශන සහිත ඡායාරූපයක් ලෙසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල වශයෙන් කතාබහට ලක්වී හුවමාරු වී තිබුනේ මෙලෙසිනි.
Link | Archived Link | Link 2 | Archived |

“ජාතිවාදයක් නෑ. කෝ යකෝ පුරවැසියෝ විදියට සමාජ වගකීම..බැරිවෙලා එකෙක් හිටියොත් ඇති රටම අවදානමට දාන්න..” යන තේමාව යටතේ Mahesh Rathnayaka විසින් පළකර තිබු එම ඡායාරූපයේ “CCTV බලලා මුන්ව වහාම කන්දකාඩු දාලා නිරොදානය කරන්න. මුන් හැමොටම බොකරයි” යන සිරස්තල සහිතව රෝපණය වී තිබු අතර ෆේස්බුක් සංවාදයක් දක්වමින් පෙන්වා දීමට අදහස් කර තිබුණේ මෙය බේරුවල ප්‍රදේශයේ පසුගියදා සිදු වූ සිද්ධියට අදාළ ඡායාරූපයක් බවත් පොලිසිය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්ය.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
බේරුවල සිදු වූ සිද්ධියට අදාළ වීඩියෝ සහ ප්‍රවෘත්ති සටහන් පරික්ෂා කිරීම සඳහා ප්‍රධාන මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ පලකිරීම් නිරීක්ෂණය කිරීමේදී මාර්තු 27 වන දින රාත්‍රී 06:55 හිරු ප්‍රධාන ප්‍රවෘත්තිය විකාශය ඔස්සේ පළවූ දර්ශන පෙළක බේරුවල ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ඇඳිරිනීතිය නොතකමින් මහා මාර්ග වල ගමන් ගත් අයුරු දක්වා තිබුණේ පහත අයුරින්
මෙම දර්ශන පෙළම කිහිප දෙනෙකු විසින්ම YouTube ඔස්සේ මුස්ලිම් ජාතික පිරිසක් කිසිදු වගකීමකින් තොරව ගමන් ගත් ආකාරය යනුවෙන් පළකර තිබෙනු ද අපට දැක ගන්නට ලැබුණේ මෙලෙසිනි
YouTube Link 1 | YouTube Link 2 |
එම දර්ශන පෙළ පරීක්ෂා කිරීමේදී සැලකිය යුතු මුස්ලිම් ජාතිකයන් පිරිසක් බේරුවල මාර්ගයක ගමන් ගන්නා අයුරු පෙනෙන්නට තිබුණද ඉහත ඡායාරූපයේ දක්වා තිබූ ආකාරයේ විශාල ජන ගඟක් එහිදී දැකගන්නට ලැබුණේ නැත. එබැවින් මෙම ඡායාරූපය යොදාගනිමින් සිදුකර ඇති වෙනත් පලකිරීම් පරීක්ෂා කිරීමේදී 2019 වසරේ මාර්තු මස පළ වී තිබූ මෙම ඡායාරූප සටහන අපට දැකගන්නට ලැබුණි.
Link | Archived Link |

තවදුරටත් කරුණු පරීක්ෂාකිරීමේදී අපිට 2019 වසරේ මාර්තු මාසයේ සිදු වී ඇති එම සිද්ධිය සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන කීපයක් ද පළ වී තිබෙනු දැකගන්නට ලැබුණි. “10th Day of The Blessed Saheeh Ul Bukhari Majlis – 2019” යනුවෙන් නම් කර තිබූ එම එක් වීඩියෝවක් පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ මාර්තු මාසයේ බේරුවල නගරයේ පැවති මුස්ලිම් බැතිමතුන්ගේ උත්සවයකට අදාල සිදුවීමක් බව ය
Mohamed Irshad Video Post | Muhammad Faadhil Video Post |
2019 වසරේ මාර්තු මස බේරුවල නගරයේ සිදුවී ඇති මෙම මුස්ලිම් උත්සවයට අදාළ ව පළ වී තිබූ තවත් වීඩියෝ දර්ශන පරීක්ෂාකිරීමේදී AN NABAVIYYAH MAWLID ENSEMBLE නම් බේරුවල මුස්ලිම් සංවිධානය විසින් පලකර තිබූ 140වන වාර්ෂික බුහාරි උත්සවය හා සබැඳි පහත වීඩියෝව දැකගන්නට ලැබුණි.
ඉහතින් දක්වා ඇති ඩ්‍රෝන කැමරාවක් මගින් ලබාගෙන ඇති විශාල ජන ගඟක් ගමන් ගන්නා දර්ශනය ඉහත ඡායාරූපවල තිබෙන දර්ශනයවලද පෙන්වා ඇත්තේ 2019 වසරේ පැවති උත්සවයකට අදාළ එකම ස්ථානයක් බවද අපට එම දර්ශන සංසන්දනය කිරීමේදී පහත පරිදි පෙනී ගියා.

තවදුරටත් කරුණු පරීක්ෂා කිරීමේදී එම සංවිධානයේ Twitter පණිවුඩයක් හරහා මාර්තු මස 3 වෙනිදා මෙවරද දිවයිනේ නන් දෙසින් මුස්ලිම් බැතිමතුන් සහභාගී වන 141 වාර්ෂික බුහාරි උත්සවය වන උත්සව කාල සටහන හුවමාරු කරගෙන තිබුණද, මාර්තු මස 16 වෙනිදා මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබු එම උත්වස සම්බන්ධ සියලු කටයුතු කොරෝනා ව්‍යාප්තියත් සමඟ අත්හිටුවන අතර එම උත්සවය හේතුවෙන් වීදි සංචාරය වෙළඳාම ආදී කටයුතුවල නිරතවීම සම්පූර්ණයෙන් ම නවතා ඇති බවද දන්වා තිබෙනු දැකගන්නට ලැබුණේ මෙලෙසිනි
FB Post | Tweet |
කෙසේ වෙතත් මේ පිළිබඳව කරුණු දැන ගැනීම සඳහා අප බේරුවල පොලිස් ස්ථානාධිපතිතුමා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වුවා. එහිදී එතුමා පවසා සිටියේ පසුගිය වසරේ ඡායාරූපක් මෙසේ හුවමාරු වීම සම්බන්ධයෙන් තමාට දුරකතන ඇමතුම් රැසක් ලැබී තිබූ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස්පති තුමා පවසා සිටියේ එසේ ගමන්ගත් සියළුදෙනාට දැඩි ලෙස අවවාද කිරීමෙන් පසු ඔවුන් සියල්ලන්ම ක්ෂණිකව නිවෙස් කරා ගිය බවයි.
Conclusion (අවසාන නිගමනය)
මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ ඇදිරිනීති කාලය තුළ ඇත්ත වශයෙන්ම බේරුවල නගරයේ වීථියක මුස්ලිම් ජාතිකයන් පිරිසක් ගමනේ යෙදී තිබුණද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපයේ පෙන්වා ඇති පරිදි විශාල ජන ගඟක් එහි දක්නට ලැබුනේ නැත. සමාජ මාධ්‍ය ජාල හරහා බේරුවල නගරයේ ජනතාව ලෙස හුවමාරුවන ඡායාරූපය 2019 මාර්තු මාසයේ බේරුවල ප්‍රදේශයේ පැවති මුස්ලිම් උත්සවයකදී ලබාගත් ඡායාරූපයකි

Title:වසරකට පෙර ඡායාරූපයක් බේරුවල නගරයේ ජනතාව වීථි බැස සිටි ආකාරය යනුවෙන් සිදුකරන ලද පළ කිරීමක්!
Fact Check By: Sahan PereraResult: False

Okay lm sorry for that
Extremely sorry. Thank you for correcting it.
Im sorry …for that