කොරෝනා වෛරස් ආසාදනය පිළිබඳව ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය කරන්නන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගත් බවට පසුගිය දින කිහිපය පුරාම වාර්තා වී තිබෙනු දක්නට ලැබුණි. මෙම රෝගය අසාදනය වී ඇති බව සඳහන් කරමින් විවිධ දේශපාලන චරිතයන් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලයන්හි සටහත් ඉදිරිපත්වීමටද පටන් ගෙන ඇත.

මෙවන් පසුබිමක පන්නරය නැමැති ෆේස්බුක් පිටුවකගොටාභයට කොරෝනා යන තේමාවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූපය සහිත සටහනක් RAW OTHTHU SEWAYA නැමැති ෆේස්බුක් පිටුවක පළ වී තිබෙනු දැකගන්නට ලැබුණි. එහි තවදුරටත් සඳහන් වී තිබුණේ “වෛරසයෙන් පීඩා විඳින ජනතාවට වැඩි වැඩියෙන් සහන සලසා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා” යනුවෙනි

LinkArchived Link

එම සටහනෙහි අඩංගු සේයාරුවම තවත් ෆේස්කිබුක් සමුහ (FB Groups) විසින් මෙසේ හුවමරුකරගෙන තිබෙනුද දැකගනන්ට ලැබුණි.

මීට පෙරද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කොරෝනා වෛරසය වැළඳී ඇති බව අරුත් ගන්වන වාර්තා පලව තිබු අතර පහත දැක්වෙන්නේ එවැනි වාර්තාවකි.

FB LinkArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිළිබඳව කිසිදු පුවතක් ප්‍රධාන මාධ්‍යය ඔස්සේ පළ වී තිබේ දැයි නිරීක්ෂණය කර ද එබඳු කිසිඳු පුවතක් වාර්ථා වී තිබෙනු අපට දැකගැනීමට හැකිවූයේ නැත.

මේ පිළිබඳව නිල වශයෙන් කරුණු දැන ගැනීම සඳහා අප ජනාධිපති මාධ්‍ය ඒකකය සමඟ සම්බන්ධ වූ අතර එහිදී ඔවුන් අප සමඟ පවසා සිටියේ මීට පෙරද ඇතැමෙකු විසින් පළකර තිබු පරිදි මෙය ද සම්පූර්ණයෙන්ම සාවද්‍ය පුවතක් බවත් එතුමා සම්පුර්ණයෙන්ම නිරෝගී සුවයෙන් සිටින අතර COVID-19 උවදුරෙන් බේරා ගැනීමට දිවා රෑ නොතකා වෙහෙසෙන සියලුම පාර්ශව සමග නිරන්තරයෙන්ම සම්බන්ධ වී කටයුතු කරන බවත්ය

ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පළ වී තිබෙන ප්‍රවෘත්ති පරීක්ෂාකිරීමේදී COVID-19 සමාජ ආරක්ෂණ අරමුදලට මේ දක්වා තැන්පත් වී ඇති මුදල අග්‍රාමාත්‍ය තුමා වෙත ප්‍රදානය කරන අවස්ථාව ඡායාරූපයක් සහිතව පල කර තිබුනේ මෙලෙසිනි.

“COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල පිහිටුවීමෙන් පසු විවිධ පාර්ශ්වයන් යුහුසුළුව තම දායකත්වය ලබාදුනි. මෙම ගිණුමේ ශේෂය අද වන විට රු. මිලියන 420 ඉක්මවා ඇත. මූල්‍ය ආයතන, පෞද්ගලික ව්‍යාපාරික ආයතන, රාජ්‍ය සංස්ථා සහ වෙනත් පුද්ගලයින් ජනාධිපති කාර්යාලයට පැමිණ මෙම මුදල් ලබාදුන් අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ලැබුණු චෙක්පත් ඊයේ(06) දිනයේදී මා වෙත භාරදෙන ලදී.”

https://www.facebook.com/gotabayar/photos/a.458960397602614/1565339303631379/?type=3&__xts__%5B0%5D=68.ARCKmBz7tWMyAtFsjNdcByxhVOBLlGGxZVhV7QDrUf4PkEO6k344xNuEv6mX22f_8B1V0sx_errWGwSCG7HLCzj9UNEim1GGbi6gX3idRz0nycKf0fWNDIKwmraR1pBjOyw0UtSg3uEJNyf7PlgaXsThBHFQgV9BXlL90D7Y_S4_VPlIz_alH0seT_IPpWkXjqK2y2FrrjClP3DhI8z-L0h15i9OG_7j5xQnkR5-aXtgDEILDt4wZeyEBObMiqXoGgdjQLjkw1r_z0UZjnk_RxR4Q-XWCwMe2N6a8eb-wsYG7kCIbcBdCAoKqWwE33dmQe7jfXRrGV2UcMhodMF93LRnnQ&__tn__=-R

එසේම එතුමා පිලිබඳපසුගිය දිනය තුළ පළ වී ඇති ප්‍රවෘත්ති වාර්තා පරීක්ෂාකිරීමේදී COVID19 රෝගී තත්ත්වය හේතුවෙන් දැනට දැඩි සත්කාර ඒකකයට ඇතුළත් ව ප්‍රතිකාර ලබන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් පළ කරන ලද සටහනක් පිළිබඳව විස්තරක් ඇතුළත් ප්‍රවෘත්ති වාර්තා කිහිපයක්ම පහත පරිදි දැකගන්නට ලැබුණි

Google News

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ වන විට කොරෝනා වෛරස් රෝගය ආසාදනය වී නොමැති බවත් ඔහු නිරෝගීව සිටින බවත්ය.

එබැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කොරෝනා වෛරස් රෝගය ආසාදනය වී ඇති බවට ෆේස්බුක් මධ්‍ය ජාලයෙහි ඉදිරිපත්වී ඇති සටහන් සම්පූර්ණයෙන් අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට COVID-19 වැළඳී ඇති බවට පළවූ සාවද්‍ය ප්‍රකාශයක්!

Fact Check By: Sahan Perera

Result: False